කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාක විද්‍යා අංශයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශෂිපබා රන්මාලි ගුණවර්ධන සිසුවිය අද (17) පෙරවරු 11.30 ට පමණ විශ්ව විද්‍යාලයයේ පස්මහල් ගොඩ නැඟිල්ලෙන් බිමට වැටී අසාද්‍ය තත්ත්වයෙන් ජාත්ක රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ඇයට ශල්‍ය කර්මයක් සිදු කළ අතර හිස අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වන බව ජාතික රෝහලේ වෛද්‍යවරු කියති.
මේ දිනවල විභාග පැවැත්වෙන අතර විභාග අමාරු බව හා හිසරදයෙන් පෙළෙන බව ඇය මීට පෙර මිතුරියන්ට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් නීරෝගි සුව ලැබේවා!(නදී)
මේ වගේ අය ඉන්නවට වඩා යන එක හෝදයි. (අ)
මෙයාලට නායකත්ව පුහුණුව දීලා නැද්ද? ඒ පුහුණුව නිසා ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාව ඇතිවෙනවා කියන එකයි මගේ අදහස. (නි)
අද තියෙන අධ්‍යාපන ක්‍රමය තුල මේවා අරුමයක් නොවේ. එක සෙමෙස්ටර් එකක් මාස 4ක් වත් නැහැ. ඒකේ තමයි දේශනා, විභාග, ව්‍යාපෘති ඔක්කොම. (නි)
සරත් කොහොමද කියන්නේ මෙයා පැන්න කියල? වැටෙන්න පුළුවන්, වට්ටවන්න පුළුවන්. බොරු කතා කියන්නේ නැතුව ඉන්න.(අ)
මේක වෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
හැමෝගෙම දරාගැනීමේ ශක්තිය එක වගේ නැහැනේ.මෙයාගේ සිත ශක්තිමත් කරගන්න මානසිකව ආධාර දෙනවනම් කොපමණ අගෙයිද? ඉගෙනගන්න ලමයි අතර මානසික ආතතිය එන්න එන්න වැඩි වෙනවා. මේ ගැන අපේ රටේ අවදානය හරිම අඩුයි.(නදී)
වැටිලද නැත්නම් පැනලද? කොහොම වුනත් ඔබට ඉක්මන් සුවය පතමි (නි)
දුව,මේ කරුණු දෙමව්පියන්ට කියන්න තිබුනනේ ඔබට දළදා සමිදු පිහිටයි.(නදී)
ඔබට තෙරුවන් බලයෙන් ඉක්මන් සුවය ලැබේවා !! (නි)
සත්‍ය වශයෙන්ම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රියාවලිය වේගවත් වැඩි නිසා සිසු දරුවන් පීඩාවට පත්වෙනවා. මෙයත් එහි ප්‍රතිපලයක්. එම සිසුවියට ඉක්මන් සුවය පතමු. (නදී)
ඉදල හිටලා ඔහොම දේවල් වෙනවා.නිර්බිතව,ශක්තිමත්ව හා උත්සාහයෙන් ප්‍රශ්න වලට මුහුණ දීමට, තරුණ ජනතාව ඉගන ගත යුතයි.විභාගයකින් සමාර්ථ හෝ අසමර්ථ වීම ජීව්තයේ ලොකුම දෙය නොවේ. (අ)
විභාග අමාරුවෙන එක ඇත්ත! එක එහෙමනම් ඔක්කොම ළමයිට බලපානවා! එත් අමාරුම උන තරමටම පේල් වෙන්නේ නෑ! එවිට වෙන්නේ පාස් කරන ලකුණු මට්ටම අඩුකරනවා! කොහොමුනත් මේ සිසුවිය ගත්ත තීරණය වැරදී දෙයක්! සිදුවන්නේ තවත් වසරක් ප්‍රමාද වීමයි, බැච් මිස් වෙන එකයි ,ඔබට ඉක්මන් නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා නැගණියනි (අ)
මෙයට හේතුවඉංග්‍රිසි භෂාවෙන් පමණක් විශ්ව විද්‍යාලය තුල ඉගැන්විමයි.තවත් මෙවැනි අය බොහෝ පිරිසක් සිටිති . (අ)
අපගේ ආදරණීය සොයුරියට ඉක්මන් සුවය ආදරණීය සියලුම යහළු යෙහෙලියන් ප්‍රර්ථනා කරමු...(අ)
ඔබට ඉක්මන් නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා නැගණියනි (අ)
වැටිලද එහෙම නැත්නම් මේ....මේ...අර මොකක්ද නවක වදේද? (දී)
අනේ අපෝයි! කොච්චර අවාසනාවන්ත සිද්ධියක්ද..? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)