IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සොලිඩ් ප‍්‍රහාරයෙන් පොලිසිය ඇද වැටෙයි

අන්තර් සමාජ ”ඩයලොග්” ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේදී අනුරාධපුරය ”සොලිඞ්” කණ්ඩායම් ප‍්‍රහාරයෙන් පොලිස් කණ්ඩායම ඇද වැටෙද්දී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය පරාජයෙන්  තොරව අවසන් කිරීමට මීගමුව යූත් කී‍්‍රඩකයෝ සමත් වූහ.

තරග 187 කින් සමන්විත ශූරයන්ගේ තරගාවලියේ තියුණුතම තරග කීපයක් පසුගිය සතිඅන්තයේදී පැවැත්වුණි. එහිදී කී‍්‍රඩකයන් තිදෙනකු විනිසුරුවන් විසින්  රතුකාඞ්පත් පෙන්වා පිටියෙන් පිටමං කරන ලද්දේ නීති විරෝධි ලෙස තරග කිරීමට දඬුවම් වශයෙනි.

රත්නම් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කළුතර කණ්ඩායම් කී‍්‍රඩක එම්. ෆර්ෂාන්,  මීගමුව යූත් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ කී‍්‍රඩක නිපුන බණ්ඩාර හා කළුතර පාත් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී අප්කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායමේ පැට්ටි‍්‍රක්ද විනිසුරුවන් විසින් රතු කාඞ්පත් පෙන්වා පිටියෙන් පිටමං කරන ලදී.

එම තත්ත්වය අනුව මෙම කී‍්‍රඩකයන්ට ඊළඟ සතිඅන්තයේ තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි වනු ඇත.

කී‍්‍රඩා සමාජ 20 ක් තරග වදින  ශූරයන්ගේ ලීග්  පාපන්දු තරගාවලිය පැවැති ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය අලූත් ආරකින් පැවැත්වීමට පාපන්දු සම්මේලනය දරන උත්සාහයකි.

පාපන්දු සම්මේලනය සංවිධාන කරන ප‍්‍රධානතම පාපන්දු තරගාවලියට නවකයකු වන අනුරාධපුරය පොලිස් කණ්ඩායම තරගාවලි ආරම්භයේදීම ප‍්‍රබල පොලිස් කණ්ඩායමට එරෙහිව ලද ජයග‍්‍රහණය කැපී පෙනේ.

තරග ප‍්‍රතිඵල
* අනුරාධපුරය: ”සොලිඞ්” කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම පරාජය කරන ලදී (1-0).
* රත්නම් කණ්ඩායම විසින් කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම පරාජය කරන ලදී (2-1).
* රිනවුන් කණ්ඩායම විසින් වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම පරාජය කරන ලදී (2-1).
* නාවික හමුදා කණ්ඩායම විසින් ජාවා ලේන් කණ්ඩායම පරාජය කරන ලදී.
* කොළඹ ලීග් කණ්ඩායම විසින් බේරුවල සුපර් සන් කණ්ඩායම පරාජය කරන ලදී (4-1).
* මාතර සිටි කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0).
* ගුවන් හමුදා කණ්ඩායම හා මීගමුව යූත් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි.
* මීගමුව දොන් බොස්කෝ කණ්ඩායම හා සිවිල් සේවා කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1).
* අප්්කන්ටි‍්‍ර කණ්ඩායම හා කළුතර ෆාත් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (2-2).



අදහස් (0)

සොලිඩ් ප‍්‍රහාරයෙන් පොලිසිය ඇද වැටෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 6 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 132 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 365 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 458 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 275 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 159 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site