ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමට සහ සෙලින්කෝ ශ්‍රීරාම් කැපිටල් සමාගමට එරෙහි අයිතිවාසිකම් පෙත්සම් දෙකද එම සමාගම් දෙකට එරෙහිව ගොනුකර ඇති තවත් අයිතිවාසිකම් පෙත්සම් දෙකක්ද ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සඳහා හදිසියේම ලැයිස්තු ගත කර තිබේ. ගෝල්ඩන් කී ක්‍රෙඩිට්කාඞ් සමාගමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබූ මුලික විරෝධතාවක් පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම මීට ඉහතදී අධිකරණය විසින් කල්තබා තිබිණි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයේ මුල් චෝදනාව වනුයේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කීපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් සිටියදී එම නඩුවල විෂය වස්තුවක් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ආයතනයකට අයත් නාරාහේන්පිට ”ටි‍්‍රලියම්” නිවෙසක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීම යන්නයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සෙලින්කෝ" ව්‍යාපාරයේ වත්මන් අයිතිකරුවන් කවුද කියලා හොයලා බලමුද? (නි)
දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ. (නි)
මේ මිනිස්සුන්ට කවදාද සහනයක් දෙන්නේ
ජයවේවා
අනාගත බලාපොරොත්තු සහිතව තැන්පත් කළ මුදල් ගසාකෑවා නම්, එහෙම අයට හොදක් වෙන්න නම් එපා. (නි)
ෆොන්සේකා මහත්තයෝ, ඉක්මනින් ඔබතුමාගේ පෙත්සමත් දාන්න, සුබදායක තීන්දුවක් ඕනෑ නම්. (නි)
”ටි‍්‍රලියම්” නිවෙසක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීම - ඉතින් ඒ මිලදී ගත්තු කෙනාට එපායැ නඩු දාන්න, මේ මනුස්සයා ඒකෙ අයිතිය පවරගෙන නම් ඒකට වෙනම නඩුවක් ගොනු කරන්න. ඕකට දොශාභියෝග දාලා හරියන්නෙ නෑ නෙ...(ස)
ගෝල්ඩන් කි වංචාවට සාධාරණයක් කරන්න
අපිත් බලං ඉන්නවා එච්චරයි
නින්දෙන් නැගිටලද කොහෙද (ස)
කට්ටියක් එහේ සවාරි යනවා.සෙලින්කෝ විශ්වාස කළ අයගේ ඉරණම කෙසේ විසදේද? (නි)