IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සෝලියස් මැන්දිස් චිත්‍ර කලාවට සිංගාර් පරපුර

2016-03-07-ent-23
 

2016-03-07-ent-22අදටත් සෝලියස් මැන්දිස්ගේ චිත්‍ර කලාව ඉදිරියට ගෙන යන මාවනැල්ලේ සිංගාර් පරපුර ජීවත් වන මාවනැල්ලේ, රැකුලගම, මැදගොඩට අපි පසුගිය දිනෙක පිවිසුණෙමු.

එම පරපුරේ වත්මන් භාරකරු ඒ.එම්. මෛත්‍රීපාල මහතා එහිදී අපට හමුවූ අතර,ඔහු අදටත් සිට පුතුන් තිදෙනා සමග කැලණියේ හා දළදා මාළිගාවේ චිත්‍ර අලුත්වැඩියා කරමින් සිටියි. එදා දළදා මාළිගාවට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශ වූ චිත්‍රද අලුත්වැඩියා කර සිවිලිමේ අලුත් චිත්‍ර නැවත ඇන්දේ මෛත්‍රීපාල මහතා සහ ඔහුගේ පුතනුවන් තිදෙනා විසිනි.

මෛත්‍රීපාල මහතා පවසන ආකාරයට ආකාරයට සෝලියස් මැන්දිස්ගෙන් මාවනැල්ලේ සිංගාර් පරපුරට චිත්‍ර කලාව ලැබී ඇත්තේ මෙසේය.1952 කොළඹ ක්‍රමය ලක්දිවට ප්‍රදර්ශනය කිරීමට එක්වූ ලක්දිව සුප්‍රකට මූර්ති ශිල්පීන් හා චිත්‍ර ශිල්පීන් අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල මැදගොඩ ඒ.ඇම්. සිංගාර් චිත්‍ර ගුරුනාන්සේද වෙයි. මධ්‍යකාලීන චිත්‍ර හා මූර්තිකරණයට ඒ.ඇම්. සිංගාර් ගුරුන්නාන්සේ දක්ෂයෙකි. මෙම දක්ෂතා නිසාම එවකට වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ අධ්‍යක්ෂවරයෙකු වන එච්.ආර්. ප්‍රේමරත්න මහතාගේ මාර්ගයෙන් සෝලියස් මැන්දිස් මහතා සිංගාර් කලාකරුවා හඳුනාගෙන ඇත.

සෝලියස් මැන්දිස් හා ඔහුගේ ගෝලයා වන සෝමපාල පසුකාලයක බ්‍රහ්මචාරී ක්‍රමයක් අනුගමනය කිරීම හේතුවෙන් එම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යාමට මාවනැල්ලේ, මැදගොඩ සිංගාර් පරපුරට පැවරිණි.

1966 වසරේ කැලණි විහාරයේ තලේවෙල විජිත ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ වැඩ සිටි කාලයේ සෝලියස් මැන්දිස් මහතාගේ උපදෙස් අනුව බිතුසිතුවම් අලුත්වැඩියා කරදී ඇත්තේ මාවනැල්ලේ ජීවත් වූ අර්නෝලිස් චිත්‍ර ශිල්පියා විසින් බවද සඳහන් වේ.

ශ්‍රී දළදා මාලිගාවේ දොරටුවේ සහ උඩ පිරිත් මණ්ඩපයේ බිතු සිතුවම්ද, කොළඹ ඇස්වාට්ටුවේ ඇති පිළිමයද, කොටිකාවත්ත කුඩා බුත්ගමුව පන්සලේ හා දේවාලයේද, රත්නපුර ගොඩකවෙල ඇලපාත දිසාපතිවරයා කරවූ විහාරස්ථානයේ හත්රියන් ඔත් පිළිමයද, රඹුක්කන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ බුදු මැදුරේ ඔත් පිළිමයද, අධිකාරිගම ගල්ඉහ ආරණ්‍යයේ එකළොස් රියන් සැතපෙන පිළිමයද, කැලණි චිත්‍ර සම්ප්‍රදායට අනුව අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ අසල කීර්ති ශ්‍රී රජමහා විහාරයේ බිතු සිතුවම්ද, හලාවත මාදම්පේ තනිවැල්ලේ දේවාලයේ බිතු සිතුවම්ද, හලාවත මාදම්පේ දේවාලයේ දේව රූප ඇතුළු බිතුසිතුවම්ද මොහු අතින් නිමවූ ලංකාවේ වෙහෙර විහාර කිහිපයකි.

ඔහු වරක් පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.

“මං පොටෝ සාප්පුවක් පටන්ගත්තා. මේ පොටෝ සාප්පුව කරගෙන යනකොට ලෝක යුද්ධය පටන්ගත්තා. පෑන්, පැන්සල් කොළ යනාදිය ගෙන්වීම හිටිහැටියේ නැවතුණා. අමුද්‍රව්‍ය නැති නිසා සාප්පුව වහන්න සිද්ධ වුණා. තීන්ත යනාදියෙත් අඩුපාඩුකම් දිගින් දිගටම දැනෙන්න වුණා. ඊටපස්සෙ මම තාත්තාගෙන් ඉගෙනගත් පන්සල් චිත්‍ර ඇඳීම දිගින් දිගටම කරගෙන යමින් පිළිම නෙළීමේ කටයුතුත් දිගින් දිගටම කළා.

ඒ දවස්වල අපි පන්සල් චිත්‍රවලට සායම් වැනි දෑ සකස් කරගත්තේ පරිසරයේ තියන දේ උපයෝගී කරගෙන. කහපාට හදාගත්තේ ගෙකටු ගහේ කිරි අරගෙන. යබර සාදිලිංගම් අඹරලා ඒවා මිශ්‍ර කරලා රතුපාට හදාගත්තා. ගුරුගල් හොඳට අඹරලා කුඩු කරලා දුඹුරු පාට හැදුවා. ඉවුරුවල තිබුණු බූවැලි අතර තියෙන සියුම් සුදුපාට ගල් වර්ගයක් අරන් සුදු පාට හදාගත්තා. කොහොල්ලෑයි දුම්මලයි යොදාගෙන කළු පාටත්, නිල් ඇවරියා කොටා එහි යුෂ අරන් කොළ පාටත් හැදුවා. මේවා උපයෝගී කරගෙන තමයි විහාර චිත්‍ර කළේ. ඒවා අදත් නොමැකී තියනවා."

අර්නෝලිස්ගේ මෙම දක්ෂතා නිසාම එම චිත්‍රවලට පැහැදී ඒවා නැරඹීමට එවකට ලංකා ආණ්ඩුවේ සිටි සොල්බරි සාමිවරයා 1952 වසරේ මාවනැල්ල මැදගොඩ පිහිටි නිවසට පැමිණ ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එහිදී සොල්බරිසාමිවරයා සමග තම පියා ගත් ඡායාරූපයක්ද පවතින බවද මෛත්‍රීපාල මහතා සඳහන් කරයි.

තම පියා වන අර්නෝලිස්ගේ අඩිපාරේ ගිය පුතණුවන් වන ඒ.ඇම්. මෛත්‍රීපාල මහතා උසස් අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනයටද පා තැබීය. තමන්ට නිවාඩු අවස්ථාවල මෛත්‍රීපාල මහතා තම පියා සමග පන්සල් චිත්‍ර ඇඳීමට ගිය අතර, ඔහු පියාගේ උපදෙස් මත එම කටයුතු මනාලෙස කරගෙන ගියේය.

දිනක් කැලණි විහාරයේ බිතු සිතුවම් අලුත්වැඩියා කරනු නැරඹීමට පැමිණි සෝලියස් මැන්දිස් මහතා මෛත්‍රීගේ දක්ෂතා දැක අර්නෝලිස්ට උපදෙස් දී ඇත්තේ මෛත්‍රී දරුවාගේ කලා කුසලතාව ඉතා ඉහළ මට්ටමක තිබෙන බවත්, ඔහුගේ අනාගතයට අවශ්‍ය දැනුම ලබාදෙන ලෙසත්ය. ඒ අනුව චිත්‍ර හා මූර්ති ශිල්පය මනා ලෙස තවදුරටත් හැදෑරීමට මෛත්‍රීපාල මහතාට හැකිවී ඇත.

අර්නෝලිස්ගේ පුතණුවන් වන මෛත්‍රී විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු "දවස" පුවත්පතේ චිත්‍ර කාටුන් ශිල්පියෙකු ලෙසද දක්ෂතා පෙන්වීය.

 

සටහන හා ඡායාරූප - මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර

 

ada

2016-03-07-ent-24
2016-03-07-ent-25
2016-03-07-ent-26



අදහස් (0)

සෝලියස් මැන්දිස් චිත්‍ර කලාවට සිංගාර් පරපුර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1084 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2112 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1016 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2462 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1716 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site