ඇමැති ආරක්ෂක අංශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයකුට සැපැයුණු හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් රසංත ගොඩවෙල මහතා විසින් සිකුරාදා (9 ) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ප්‍රදීප් ක්‍රිෂාන්ත කස්තුරිආරච්චි නම් එම සැකකරු ව්‍යාපාරික කාන්තාවට තර්ජනය කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරු එම ව්‍යාපාරික කතට රුපියල් හැත්තෑ ලක්ෂයක් ණය දී ඒ වෙනුවට රුපියල් කෝටියක් පොළිය ද සමග ලබාගෙන ඇතැයි ද, ඔහු ඇගෙන් තවත් මුදල් ගැනීමට යතියි ද, එසේ කරනුයේ ඇගෙන් හිස් කොලවලට ලබා ගත් අත්සන උපයෝගී කර ගැනීමෙන් යැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
මුදල් ගෙවීමට නොහැකි නම් තමා සමග සම්බන්ධයක් ඇති කර ගන්නැයි ඔහු යෝජනා කළ බවත්, ඊට අකමැති වූ තමා එම තොරතුරු මාධ්‍යයට හෙළි කිරීම සඳහා මාධ්‍ය ආයතනයකට ගොස් ඇති බවත් ඊට එරෙහිව ඔහු තමාට මරණ තර්ජන කර ඇති බවත් ඇය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිංගික අල්ලස් හැමතැනම .(නදී)
ලංකාවේ ඉන්න ඔක්කොටම පිස්සු හැදී ගෙන යනවා වගේ .(නදී)
පොලිසියේ අය බොහෝ දෙනෙක් කොහොමත් මෙහෙම තමයි. අල්ලස් කොමිසමේ නිළධාරීන්ගේ අවධානය පිණිසයි! (නි)
රටක ආරක්ෂාවට ඉන්න අය මෙහෙමනං අහිංසක ජනතාවට කගේ පිහිටක්ද අල්ලස් දුෂණ කොමසාරිස් තුමනි ඔබගේ සේවය ලබාදෙන්න ඔන්න අවස්ථාවක් . (අ)
මෙතන හැමෝම නොදකින පැත්තක් තියෙනවා මට හිතෙන්නේ. (ස)
මේ මනුස්සයට මෙතරම් වත්කමක් තියෙනවද කියල වගකිව යුතු අංශ සොයා බැලිය යුතුයි. කොහොමද මේ මුදල් ලැබුනෙ කියන එක හෙළිකල ගත යුතුයි. (ස)
කෝටියක් මුදල් ආපසු අරගෙන තවත් මොනවද ඉල්ලන්නේ.(නදී)
ඉතින් යාළු වුණා නම් හරිනෙ.
පොලිසියටත් නිගාවක්.. (දී)
යුතු යෝජනා කරන්නත් පටන් අරන් (දී)
මුදල් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ සර්පයෙක් එක්ක ගනුදෙනු කරන විදියට. දෙපැත්තටම වුණේ ඒක නොදැන හිටපු එකයි. (නි)
මේවා දැක්කම මටත් නිකන් පිස්සු වගේ(දී)
ඉතාලියේ වෙරෝනා නගරයේත් ඔය වගේ බැංකු නිලධාරියෙක් හිටියා. එයත් ණයක් ගන්න අවශ්‍ය නම් ලිංගික අල්ලසක් දෙන්න ඕනේ. හැබැයි මේ සම්බන්ධයෙන් නොයෙක් පැමිණිලි ගිය නිසා ඔහුව බැංකු ශාඛාවෙන් වෙනත් අංශයකට මාරු කර යවා මේ ප්‍රශ්නයට විසදුම් ලබා දෙන්න කටයුතු කළා. (ස)
ඒකනේ මම කියන්නේ පාලකයන් ලඟ ඉන්න කාටත් රජ සැපම තමා. (ස)
පොලිසියටත් නිගාවක්. මොවුන්ව එල්ලලා මරන්න ඕනේ. (නදී)
70 ලක්ෂයක් ණය දෙන්න පොලිස් පරීක්ෂකට ලොකු පඩියක් ලැබුනද අප්පේ? අාදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පරික්ෂා කරන්න වෙනවා මුලින්ම. ආසියාවේ ආශ්චර්ය වෙන්නේ කොහොමද මෙහෙම අය ඉන්නකන්. මට නං පිස්සු වගේ...... (නි)
මෙම පුවත ගැන දිගටම කරුණු එළිකළ ජාතික පුවත් පතට අපගේ ආචාරය.(නදී)
ඇමතියෙක් වෙන්නෙ රටට ආදරේටද? ජනතාව තමයි මෝඩයො (නි)
මෙයාට මෙතරම් මුදල් ලැබුනා නම් ඇමති කෙනෙකුට ලැබෙන ගණන හිතලා බලන්නකො. අනේ වාසනාවන්! (නි)
මෙයා සේවය කළ ඇමතිගේ වත්කම් බැලුවොත් හොදයි නේද ? ආරක්ෂකයා මෙතරම් පොහොසත් නම්. ස්වාමියා කොතරම් පොහොසත් ඇත්ද ? (ස)
කගේ සල්ලිද මෙව්වා. (දී)
බිංදු අන්තිමට බිංදුවම තමයි. (දී)
අනවශ්‍ය ඉල්ලීමක් (දී)
වැරදි දෙකයි (දී)
ඇමතිලා යටතේ ඉන්න මිනිස්සුන්ගේ ගනු දෙනු ඔහොම නම් ඇමතිලා කොහොම හම්බ කරනවා ඇද්ද? ව්‍යාපාරික කතකට එකතුවෙලා එක පොලිස් පරීක්ෂකයෙක් අන්තිම ගමන් ගිය හැටි මොනර කොලේට වැහුණු ඇහැට පෙනිලා නැහැ.(නදී)
පේනවා නේද ජරාව කාල තියෙන තරම.(නදී)
සිරිබිරිස්, ඔයාට විතරක් නොවෙයි අප්පා, මට හොදටම පිස්සු මේවා අහලා.(නදී)
නි ඇමති කෙනෙක් ලඟනේ ඉන්නේ.(නදී)
ජරාව කාපු තරමක මහිමය.(නදී)