IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සල්ලි දෙන්න බැරිනම් යාළුවෙන්නලු

ඇමැති ආරක්ෂක අංශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයකුට සැපැයුණු හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් රසංත ගොඩවෙල මහතා විසින් සිකුරාදා (9 ) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ප්‍රදීප් ක්‍රිෂාන්ත කස්තුරිආරච්චි නම් එම සැකකරු ව්‍යාපාරික කාන්තාවට තර්ජනය කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරු එම ව්‍යාපාරික කතට රුපියල් හැත්තෑ ලක්ෂයක් ණය දී ඒ වෙනුවට රුපියල් කෝටියක් පොළිය ද සමග ලබාගෙන ඇතැයි ද, ඔහු ඇගෙන් තවත් මුදල් ගැනීමට යතියි ද, එසේ කරනුයේ ඇගෙන් හිස් කොලවලට ලබා ගත්  අත්සන උපයෝගී කර ගැනීමෙන් යැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

මුදල් ගෙවීමට නොහැකි නම් තමා සමග සම්බන්ධයක් ඇති කර ගන්නැයි ඔහු යෝජනා කළ බවත්, ඊට අකමැති වූ තමා එම තොරතුරු මාධ්‍යයට හෙළි කිරීම සඳහා මාධ්‍ය ආයතනයකට ගොස් ඇති බවත් ඊට එරෙහිව ඔහු තමාට මරණ තර්ජන කර ඇති බවත් ඇය පවසා ඇත.



අදහස් (0)

සල්ලි දෙන්න බැරිනම් යාළුවෙන්නලු

ලංකා Wednesday, 07 May 2014 10:03 PM

පේනවා නේද ජරාව කාල තියෙන තරම.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 07 May 2014 10:21 PM

ඇමතිලා යටතේ ඉන්න මිනිස්සුන්ගේ ගනු දෙනු ඔහොම නම් ඇමතිලා කොහොම හම්බ කරනවා ඇද්ද? ව්‍යාපාරික කතකට එකතුවෙලා එක පොලිස් පරීක්ෂකයෙක් අන්තිම ගමන් ගිය හැටි මොනර කොලේට වැහුණු ඇහැට පෙනිලා නැහැ.(නදී)

:       0       0

සේන Saturday, 10 May 2014 01:51 PM

රටක ආරක්ෂාවට ඉන්න අය මෙහෙමනං අහිංසක ජනතාවට කගේ පිහිටක්ද අල්ලස් දුෂණ කොමසාරිස් තුමනි ඔබගේ සේවය ලබාදෙන්න ඔන්න අවස්ථාවක් . (අ)

:       0       0

සත්‍යපාල Thursday, 08 May 2014 11:34 AM

මේවා දැක්කම මටත් නිකන් පිස්සු වගේ(දී)

:       0       0

බිංදු Wednesday, 07 May 2014 11:13 PM

වැරදි දෙකයි (දී)

:       0       0

හේවා Wednesday, 14 May 2014 03:39 AM

ලංකාවේ ඉන්න ඔක්කොටම පිස්සු හැදී ගෙන යනවා වගේ .(නදී)

:       0       0

ගාමිණි Thursday, 08 May 2014 12:31 AM

අනවශ්‍ය ඉල්ලීමක් (දී)

:       0       0

ගුණේ Thursday, 08 May 2014 12:45 AM

බිංදු අන්තිමට බිංදුවම තමයි. (දී)

:       0       0

සාලිය ප්‍රභාත් Thursday, 08 May 2014 12:59 AM

කගේ සල්ලිද මෙව්වා. (දී)

:       0       0

සරත් උඩුගම Friday, 09 May 2014 03:29 PM

මේ මනුස්සයට මෙතරම් වත්කමක් තියෙනවද කියල වගකිව යුතු අංශ සොයා බැලිය යුතුයි. කොහොමද මේ මුදල් ලැබුනෙ කියන එක හෙළිකල ගත යුතුයි. (ස)

:       0       0

විජේබා Thursday, 08 May 2014 01:12 PM

මුදල් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ සර්පයෙක් එක්ක ගනුදෙනු කරන විදියට. දෙපැත්තටම වුණේ ඒක නොදැන හිටපු එකයි. (නි)

:       0       0

රාජේෂ් Monday, 12 May 2014 08:20 AM

පොලිසියේ අය බොහෝ දෙනෙක් කොහොමත් මෙහෙම තමයි. අල්ලස් කොමිසමේ නිළධාරීන්ගේ අවධානය පිණිසයි! (නි)

:       0       0

ද සිල්වා Thursday, 08 May 2014 02:45 AM

මෙයා සේවය කළ ඇමතිගේ වත්කම් බැලුවොත් හොදයි නේද ? ආරක්ෂකයා මෙතරම් පොහොසත් නම්. ස්වාමියා කොතරම් පොහොසත් ඇත්ද ? (ස)

:       0       0

ලාල් Thursday, 08 May 2014 01:31 PM

යුතු යෝජනා කරන්නත් පටන් අරන් (දී)

:       0       0

තරිඳු Friday, 09 May 2014 04:15 PM

මෙතන හැමෝම නොදකින පැත්තක් තියෙනවා මට හිතෙන්නේ. (ස)

:       0       0

ජෝන් Thursday, 08 May 2014 01:37 PM

පොලිසියටත් නිගාවක්.. (දී)

:       0       0

මාලා Thursday, 08 May 2014 04:52 AM

මෙයාට මෙතරම් මුදල් ලැබුනා නම් ඇමති කෙනෙකුට ලැබෙන ගණන හිතලා බලන්නකො. අනේ වාසනාවන්! (නි)

:       0       0

ඩීසීඩී Thursday, 08 May 2014 07:13 AM

ඇමතියෙක් වෙන්නෙ රටට ආදරේටද? ජනතාව තමයි මෝඩයො (නි)

:       0       0

සංක Thursday, 08 May 2014 02:14 PM

ඉතින් යාළු වුණා නම් හරිනෙ.

:       0       0

කුමාර් Thursday, 08 May 2014 08:37 AM

මෙම පුවත ගැන දිගටම කරුණු එළිකළ ජාතික පුවත් පතට අපගේ ආචාරය.(නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 08 May 2014 09:12 AM

ලිංගික අල්ලස් හැමතැනම .(නදී)

:       0       0

සිරිබිරිස් Wednesday, 07 May 2014 07:35 PM

70 ලක්ෂයක් ණය දෙන්න පොලිස් පරීක්ෂකට ලොකු පඩියක් ලැබුනද අප්පේ? අාදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පරික්ෂා කරන්න වෙනවා මුලින්ම. ආසියාවේ ආශ්චර්ය වෙන්නේ කොහොමද මෙහෙම අය ඉන්නකන්. මට නං පිස්සු වගේ...... (නි)

:       0       0

රවීන් Thursday, 08 May 2014 04:46 PM

කෝටියක් මුදල් ආපසු අරගෙන තවත් මොනවද ඉල්ලන්නේ.(නදී)

:       0       0

පාරා Wednesday, 07 May 2014 07:51 PM

ජරාව කාපු තරමක මහිමය.(නදී)

:       0       0

සමන්ත වඩුගේ Wednesday, 07 May 2014 08:00 PM

නි ඇමති කෙනෙක් ලඟනේ ඉන්නේ.(නදී)

:       0       0

සපුමල් Wednesday, 07 May 2014 08:07 PM

සිරිබිරිස්, ඔයාට විතරක් නොවෙයි අප්පා, මට හොදටම පිස්සු මේවා අහලා.(නදී)

:       0       0

දිල්හාන් Thursday, 08 May 2014 10:18 AM

පොලිසියටත් නිගාවක්. මොවුන්ව එල්ලලා මරන්න ඕනේ. (නදී)

:       0       0

ලලිත් - එස්එල් Thursday, 08 May 2014 10:29 AM

ඒකනේ මම කියන්නේ පාලකයන් ලඟ ඉන්න කාටත් රජ සැපම තමා. (ස)

:       0       0

සෝමසිරි Thursday, 08 May 2014 10:37 AM

ඉතාලියේ වෙරෝනා නගරයේත් ඔය වගේ බැංකු නිලධාරියෙක් හිටියා. එයත් ණයක් ගන්න අවශ්‍ය නම් ලිංගික අල්ලසක් දෙන්න ඕනේ. හැබැයි මේ සම්බන්ධයෙන් නොයෙක් පැමිණිලි ගිය නිසා ඔහුව බැංකු ශාඛාවෙන් වෙනත් අංශයකට මාරු කර යවා මේ ප්‍රශ්නයට විසදුම් ලබා දෙන්න කටයුතු කළා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 279 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1333 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1598 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2297 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2941 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35253 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24058 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site