IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘සෙල්ලම් නිරිඳු’ සමඟ කරළියට එන මනෝ

 

 

දශක හතරකට වැඩි කාලයක් වේදිකාවේ ඇලී ගැලෙමින් නාට්‍ය කලාව ප‍්‍රාණ හා සරිකොට ගත් ජයලත් මනෝරත්න නම් වූ නාට්‍යවේදියා සිය නවතම නාට්‍ය නිර්මාණය ”සෙල්ලම් නිරිඳු” නමින් මෙම 11 වැනි දා බදාදා සවස කොළඹ බිෂොප් විද්‍යාලයේ රංගශාලාවේදී රංගගත කිරීමට සැදීපැහැදී සිටී.

 

මහගිරිදඹෙන් ආරම්භ වූ මනෝගේ නාට්‍ය චාරිකාවට මේ වන විට නාට්‍ය එකොළහක් එකතු වී ඇති අතර ”සෙල්ලම් නිරිඳු” මනෝගේ 12 වැනි නාට්‍යයයි. ජනකතා, ජනනාට්‍ය ඇතුළු විවිධ ජනශ‍්‍රැතීන් ඇසුරු කරගත් මනෝගේ නාට්‍ය වාර්තා රංග රීතිය ඔස්සේ  නිර්මාණය වී ඇත. ”සෙල්ලම් නිරිඳු” නාට්‍යය ද එම රීතිය ඔස්සේම නිර්මාණය වූ  නාට්‍යයක් වන අතර මෙය මනෝ භාවිතකරන්නේ ඉතාමත් සූර අන්දමින්ය. මනෝගේ ආත්මය හා බැඳුණු වාර්තා රංග රීතිය හා සෙල්ලම් නිරිඳු පිළිබඳව මනෝ පවසන්නේ මෙවැන්නකි.

”මම සෙල්ලම් නිරිඳු සඳහා පාදක කරගත්තේ ඓතිහාසික පුරාවෘත්තයක්.  හෙළ රාජ වංශයේ අවසාන සිංහල රජු ලෙස සැලකෙන ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ රාජ්‍ය කාලසීමාව තුළ දේශපාලනික වශයෙන් උද්ගත වූ යම් යම් සිද්ධීන් සහ ඔහුගේ මානව සම්බන්ධතා. විශේෂයෙන්ම ඔහුගේ පෞද්ගලික ජීවිතය හා බැඳුණු ආදරය වැනි සංවේදාත්මක සිද්ධීන්, ජීවන චර්යාවන්, මිතුරු ඇසුර  ඔස්සේ ඔහු විඳි අත්දැකීම් මෙම නාට්‍යය ඔස්සේ විවරණය කෙරෙනවා”.
”එක්තරා සනාතන දහමක් මෙම නාට්‍යය ඔස්සේ මා ගෙනහැර දක්වනවා. ඒ කුමන කාලයක වුවත් ආදරය, සෙනෙහස, අවංකත්වය හා පරාර්ථකාමිත්වය වැනි සංසිද්ධීන්ගේ යථාර්ථය ය. මේවා 18 වැනි සියවසේ මුල්භාගයේ සිදුවුවත් 21වැනි සියවසේ සිදුවුවත් එක හා සමානයි. එම සංවේදනා විශ්ව සාධාරණයි.”
එසේ කියන මනෝ සෙල්ලම් නිරිඳුහි රංග විලාශය පිළිබඳව පවසන්නේ මෙවැනි අදහසක්.

 සෙල්ලම් නිරිඳු පිටපතෙහි නාට්‍ය ආකෘතිය රංගනය මත දිගහැරි ඇත්තේ අතිශය ස්වාධීන විලාශයකින්. කවියකු ඉතිහාසකරුවකු එක්වී ගොඩනංවන නාඩගම් පිටපතක විලාශයෙන් මෙහි නාට්‍ය සංදර්භය සැකසී තිබෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන් ගෙනහැර දැක්වූ විදග්ධ නාට්‍ය ස්වරූපය මෙයට ද ආදේශ කරගෙන තිබෙනවා. ජනශ‍්‍රැති, ජනනාද රටා, ජන නැටුම් මෙහි නාට්‍ය ආකෘතිය සැකසීමේදි උපයෝගී කරගත්තා. එමෙන්ම පොතේ ගුරු භූමිකාව නවීකරණය  කර තිබෙනවා. නර්තන රටා සහ ගායනා විලාශය සංයෝග කර ගනිමින් රංගානුභූතිය සකස්කරගෙන තිබෙනවා.

 

 

 


 වාර්තා රංගනය මෙන්ම එවැනි නාට්‍ය පිටපතක් නිර්මාණය කිරීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ පිළිබඳව බොහෝ දෑ එකතු කරගත යුතු නිසා මෙම දුෂ්කර කාර්යයට අද බොහෝ දෙනෙක් අතනොගසති. ඒ අද විප‍්‍රකාර දේ නිර්මාණයෙන් අතමිට ලෙහෙසියෙන් සරුකරගත හැකි හෙයිනි. මෙම දුෂ්කර කාර්යය පිළිබඳව විස්තර කරන මනෝ:

”මෙහි පිටපත රචනා කරන්න මට වසර දෙකක පමණ කාලයක් ගියා. ඒ ඉතිහාසය හා ජනප‍්‍රවාදය යන අංශ දෙකම යහමින් පරිශීලනය කිරීමට අවශ්‍ය වූ නිසා. මෙහිදී ග‍්‍රන්ථ රාශියක් ඇසුරු කළා. ඉතිහාසය හා සාහිත්‍ය නිර්මාණයන්ට අමතරව ජනකවිය, ජනකතා ඇතුළු ප‍්‍රවාද කිහිපයක්ම ගවේෂණය කළා. එක පැත්තකින් ඓතිහාසික සැබෑ සිදුවීම්, සැබෑ චරිත, සැබෑ පරිසරය මෙන්ම අප සංස්කෘතියට බද්ධ වී ඇති කාල්පනික ප‍්‍රවාහයන් ද නිර්මාණකරණයෙහි ලා උපයෝගී කර ගැනීමට වෙහෙස දැරුවා.

 



ශ්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ ඉතිහාස කතාව කියවද්දි අපට කියවන්න ලැබුණු දස්කොන් චරිතය ඉතිහාසයේ නොමැකෙන චරිතයක්. සෙල්ලම් නිරිඳු නාට්‍යයේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරමින් මනෝරත්නයන් රඟන්නේ එම දස්කොන් චරිතයයි. මනෝ මේ චරිතය දකින්නේ කෙසේද? එයට ප‍්‍රතිචාර දක්වන මනෝ:


 ”මා රඟපාන්නෙ පෙඞ්රෝ ගැස්කොයින් නම් වූ අධිකාරම් දස්කොන්ගේ චරිතයයි. දස්කොන් යනු නරෙන්ද්‍රසිංහ රජුගේ බිසවු සුමිත‍්‍රා සමග ආදර සම්බන්ධතා පැවැත්වූ අධිකාරම් කෙනෙක්. මෙය සංකීර්ණවූත් අතිශයින් සූක්‍ෂ්මවූත් මනෝභාවයක්. මෙයින් මතුවන නාට්‍යමය අවස්ථාවෙන්ම නාට්‍යමය ආතතිය පේ‍්‍රක්‍ෂකයා සුන්දර ලොවකට කැඳවාගෙන යන්නක්. එය ලෝකය අපූර්ව ආකාරයෙන් අලූතින් දැකීමට මං විවර කරන්නක්.”

”මෙහි ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නේ නාට්‍ය රැසකට ඇඳුම් නිර්මාණය කර අත්දැකීම් රැසක් ඇති සුවිනීතා පෙරේරායි. 18 වැනි සියවසට ගොස් එවකට පැවති ඇඳුම් ආකෘති නිර්මාණය කරමින් මේ සඳහා දායකවීමට සුවිනීතා සැදීපැහැදි සිටිනවා. මනෝ පවසයි.

මනෝගේ  නාට්‍යවල බහුලව දකින්ට ලැබෙන ලක්‍ෂණයක් වන්නේ ඒවායේ පවත්නා නිර්ව්‍යාජ භාවයයි. දෙහිපේ පිටිසර ගම්මානයේ සුන්දරත්වය තවමත් මනසින් විඳින මනෝ ස්වකීය නාට්‍යය ඔස්සේ මෙම නිර්ව්‍යාජ ගැමිකම මුදාහරියි. එමෙන්ම මහා නාට්‍යකරුවන්ගේ නාට්‍යවල රඟපෑමෙන් ඔහු ලත් ආවේශය ද මනෝගේ නාට්‍යයන් තුළ මැනවින් දක්නට ලැබෙයි. කෘතිම නොවූ එහෙත් මස් ලේ ඇති අපූරු චරිත වේදිකාව ඔස්සේ මවන මනෝ සෙල්ලම් නිරිඳු ඔස්සේ ද පේ‍්‍රක්‍ෂකයාට සමීප වන්නේ නිර්ව්‍යාජ ගැමියකු ලෙස හා ප‍්‍රබුද්ධ රසිකයකු ලෙසයි.

 



 සෙල්ලම් නිරිඳු හා ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ චරිතයට පණදෙන්නේ නලින් ප‍්‍රදීප් උඩවෙල නම්වූ නිර්ව්‍යාජ නළුවායි. රජුගේ බිසව ලෙස රඟපාන්නේ වේදිකාව දිග්විජය කළ නිළියක වන මාදනි මල්වත්තගේයි. මොනරවිල බිසව ගංගා පරණවිතානයි. යාලේගොඩ අධිකාරම ප‍්‍රසන්න  ෆොන්සේකායි. ඒ දඬුවාවේ අධිකාරම ජගත් බෙනරගමයි. කිරිවවුලේ අධිකාරම සංජීව දිසානායකයි, ලෙව්කේ අධිකාරම ජයන්ත මුතුතන්ති‍්‍රයි, බෙරගමුවේ අධිකාරම දේවින්ද වික‍්‍රමසිංහයි. ජාකෝවේ  ගොන්සල්වේස් පියනම සුනෙත් ශාන්තයි.

සරත් කරුණාරත්න, නිමල් යටිවැල්ල, නිමල් ජයසිංහ, අකංලක සුභාෂ්වර, සෝමපාල පතිරගේ, වික‍්‍රම අත්තනගම සෙසු චරිත රඟපාති.
 සෙල්ලම් නිරිඳුහි සංගීත නිර්මාණය හා අධ්‍යක්‍ෂණය ජානක ෆොන්සේකාගෙනි. නැටුම් නිර්මාණය කර ඇත්තේ රවිබන්දු විද්‍යාපතියි. ඉදිරිපත් කරන්නේ 80 කණ්ඩායමයි. සෙල්ලම් නිරිඳු අප වෙත ගෙන ඒමට  අර්ථපතිත්වය දක්වා ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයීය 78x82 ආදි විද්‍යාර්ථින්ගේ සංසදය සහ කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයයි.

 


 



අදහස් (0)

‘සෙල්ලම් නිරිඳු’ සමඟ කරළියට එන මනෝ

ලාල් ද සොයිසා Tuesday, 10 December 2013 07:59 PM

ඔබ විශිෂ්ට කලාකරුවෙක් (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 08 December 2013 11:58 PM

අනේ අපිට ඔය නාට්ටිය බලන්න හැටියක් නැනේ. (ස)

:       0       0

මීෂා Monday, 09 December 2013 11:07 AM

කාලෙකට පස්සේ හොඳ නාට්‍යයක් බලන්න පුළුවන්. (ස)

:       0       0

රුවන්තක මිලානෝ Wednesday, 11 December 2013 08:35 PM

මනෝරත්නයන් අනෙකුත් නළුවන් අතර සිංහ රාජයෙකි. (නි)

:       0       0

කීවාටින් Monday, 09 December 2013 12:31 AM

ලංකාදීප ලිපි පළ කරන්න දිගටම මේ වගේ අග්‍ර ගණයේ කලාකරුවෝ ගැන (නි)

:       0       0

ධම්ම Sunday, 08 December 2013 05:54 PM

කාලෙකට පස්සේ හොඳ නාට්‍යයක් බලන්න පුළුවන්. මනෝ හැබෑම දක්ෂයෙක්. (නි)

:       1       0

සම්පත් Sunday, 08 December 2013 06:10 PM

පේරාදෙණිය සරසවියෙන් බිහිවුණ විශිෂ්ට කලාකරුවෙක් වන මනෝරත්නයන් කවදත් අති විශිෂ්ට නිර්මාණ බිහිකළා (නි)

:       0       0

ප්‍රදීප් Monday, 09 December 2013 06:48 PM

මා ඉතාමත්ම ප්‍රිය කරන,දක්ෂ කලාකරුවෙක්.ඔබගේ නිර්මාණය සාර්ථක වේවා කියා සුභ පතනවා...!!!! (නි)

:       0       0

නලින් Monday, 09 December 2013 07:06 PM

ඉතා දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම ඉතා හොඳ නිර්මාණ බිහිකළා. දැන් රට යන විදියට ඉදිරි පරම්පරාවට මෙවැනි නිරමාණකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ දැකීමට ලැබෙයි කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

සමන් Monday, 09 December 2013 04:39 AM

ඉතා හොද නිර්මාණ ශෛලියකින් යුතු හොද පෞරුෂයක් සහිත කලාකරුවෙක් (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 13 December 2013 11:47 PM

ඔහු අපේ ගම් පළාතේ. ඔබට ජයවේවා. දළඳා සමිඳුගේ ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 09 December 2013 08:39 PM

ඔබ කඩේ ගියේ නම් අද ඉතිහාසයද වෙනස් කරමින් කඩේ යන හනුමන්තලාට යන එන මං නැති වන්නට ද ඉඩ තිබුණි. රසිකයන්ට ආදරය කරන්නට ඔබ වැනි හැකියාවෙන් පිරුණ ගුණගරුක කෙනෙක් තවත් ඉඳීමම මහත් භාග්‍යයකි. රඟහලේදී ඔටුන්න දාගෙන කඩුව ගෙන කරන හරඹ වලට වඩා ඔබ වැනි ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙකුගේ සත්‍ය ජීවන රටාව අපට බොහෝ දේ උගන්වනවා. (නි)

:       0       0

කුමාරි Tuesday, 10 December 2013 11:44 AM

ඇත්තටම දක්ෂ කලා කරුවෙක්.ඔබතුමාට ජයෙන් ජය වේවා.... (ස)

:       0       0

නුගදූව Monday, 09 December 2013 02:17 PM

මා කැමතිම කලාකරුවෙක්. ඉතාම දක්ෂයෙක්. (ස)

:       0       0

මනෝ Friday, 13 December 2013 08:38 AM

නියම නාට්‍යය ශිල්පියෙක්.සුභ පැතුම්! (නි)

:       0       0

දිනුක Sunday, 08 December 2013 07:48 PM

ටිකට් ගාණ කීයද? (නි)

:       0       0

කෝනාර රාජපක්‍ෂ-කථිකාචාර්ය, ෆිජි විශ්වවිද්‍යාලය -ෆිජි. Saturday, 14 December 2013 06:02 AM

ඔබේ විශිෂ්ට නිර්මාණ අතරට මෙයද එක්වනු ඇත. (නදී)

:       0       0

කෝනාර රාජපක්ෂ Saturday, 14 December 2013 06:22 AM

ඔබේ විශිෂ්ට නිර්මාණ අතරට මෙයද එක්වනු ඇත. (නදී)

:       0       0

ගාමිණී රොහාන්. Friday, 27 December 2013 01:27 AM

ඔබ තුමා ඉතා හොද ගුණ යහපත් ඉතාමත් දක්ස කලාකරුවෙක් . පතමි ඔබට ජයෙන් ජය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 0 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 266 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 278 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 412 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 433 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 411 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site