සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා අනුරාධපුර නව බස් නැවතුම්පොළ පෙදෙසේ සූර්ය කෝෂ පැනල අලෙවි ආයතනයක සේප්පුව කොල්ල කන්නට සැරසුණු සිව්දෙනකුගෙන් එක් අයකු මහජනයාගේ සහායෙන් අල්ලා පොලිසියට බාරදීමට එහි කළමනාකරු සමත්විය.
හෙල්මට් පැළඳ අවියක්ද අමෝරාගෙන එම ආයතනයට සිව්දෙනකු එනු දුටු බව එහි කළමනාකරු තිලංග ජයතිලක කියයි. එක් අයකු අත සෙල්ලම් පිස්තෝලයක් තිබියදි කළමනාකරු ඔහු සමඟ පොර බදද්දි එය කැඞී ඇත.
ඉන්පසු සිව්දෙනා එක්ව කළමනාකරු බැඳ දමද්දි ඔහුගේ කෑ ගැසීම ඇසි අසල්වැසියන් එද්දි තිදෙනකු පලාගිය බවත් එක් අයකු අල්ලා ගත් බව පොලිසිය කියයි.
අල්ලා ගත් පුද්ගලයා මහව මාඒළියේ විසිඑක් හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුනේ කියපු කතාව ඇත්ත. මෙයාල ඊලග මැතිවරනයට ඉදිරි පත් කරන්න ඉන්නේ. ඔය ප්‍රැක්ට්‍රිස් කරනවා.(නදී)
ගුණරත්න හරි. ඒක තමයි ඇත්ත. (නි)
සෙල්ලම් පිස්තෝල වලින් සෙල්ලම් කරන්න පුළුවන් බලය තියන අයට විතරයි (නි)
කොල්ලය කළා නම් එහෙම? (නි)
අත පය කඩන්න තිබුණේ.නැත්නම් අැප දිල ආවහම ආයෙත් මේකම කරයි. (නි)
දැන් ඉතිං පැනලා ගිය අය ගැනත් විස්තරය දිග අරින්න වේවී. හෙල්මට් සහ මූහුණ වසාගෙන යන සුලු පිරිසද තහනම් නොකළොත් මෙවැනි අපරාධ තව තවත් වැඩිවීම වැළැක්විය නොහැක. (නි)
ඇමති, මන්ත්‍රී අයට සෙල්ලම් පිස්තෝල හොඳ නම් අනිත් කට්ටියට තහනම් මොකද? (නි)
සෙල්ලම් තමයි තව පොඩ්ඩෙන්... (නි)
තරුණවියට පාතබන ළමයෙක් මෙම තත්ත්වයට ඔහු පත් වූයේ කාගෙ වරදින්ද? තරුණයන් නිසිමඟට යොමුකිරිම සමාජයේ වගකීමයි. මුලසිටම ආගම ධර්මයට යොමුකිරීම දෙමව්පියන්ගෙ වගකීමක් (නි)
වයස 21යි.මේ වරදට හිරේ විලංගුවේ වැටුනම එළියට එන්නේ හොදට පදම් වූ අපරාධකාරයෙක්. මෙහෙම සෙල්ලම් පිස්තෝල වලින් වරදින සෙල්ලම් කරන තරුණයෙක් නෙමෙයි.බන්ධනාගාරය කියන්නේ දඩුවම් විදින තැනක් නෙමෙයි.අපරාධකරුවන්ගේ විශ්ව විද්‍යාලය. මෙයා දැන් විශ්ව විද්‍යාලයට තේරිලා තියෙන්නේ.එළියට එන්නේ උපාධියක් අරගෙන.මේ ක්‍රියාවලිය නතර කරවිය යුතුයි.ලාබාල අපරාධකරුවන් සදහා යම් ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඔවුන්ගේ දඩුවමත් සමග යම් ප්‍රතිශෝදනයක් මානසිකවත් කායිකවත් සිදුවෙන විදියට ක්‍රියාත්මක කරන්න බලධාරීන් කටයුතු කළ යුතුයි. (නි)
කොල්ලකාරයා ලොක්කෙක් වුණා නම් ඔය විදියට යන්නේ නැහැ. පවු! (නි)
ඇස් වසා පින්තූරේ දමන්නේ මේ අපරාධකරු නිසා ඔහුගේ පවුලේ අයට විය හැකි අපහසුතාවය නිසයි.මොහු වරදක් කළාට අනෙක් අය අපහාස නොවිඳිය යුතුයි.කෙසේ වුවත් වරදට උපරිම දඬුවම් දිය යුතුයි. (නි)
පවුලේ අයගේ පහසුව අපහසුව බලන්න කියලා නෙවෙයි. අල්ලා ගත්ත කෙනාව දකින්න සැලස්සුවොත් සමහරවිට තවත් අපරාධ හොයාගන්න පුළුවන් මහජන උදව් මත. උදා.මේ පුද්ගලයා එක්ක තැනින් තැන ගමන් බිමන් ගිය ආශ්‍රය කල උදවිය කවුද කියලා කලින් දැක පුරුදු අයගෙන් වැදගත් ඔත්තු ලැබෙන්න පුළුවන්.(නදී)
එයාටත් හිතෙන්න ඇති සෙල්ලමක් දාල නම උසස් කරගන්න.(නදී)
අපි මෙහෙම කරමු. මේ අපරාධකාරයා බන්දුල මහතාගේ ගෙදෙර නවත්තමු. සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝදනය කරලා සමාජයට භාර දෙවි.(නදී)
දැන් මෙතන උජාරුවට හොර පිස්තෝල කාරයව අරන් ගියාට. මේ ගොල්ලෝ අච්චර දෙයක් වෙනකම්, හම්බන්තොට නම් බලා ගෙන හිටියේ, මොනවද ගිලපු සත්තු වගේ. ලැජ්ජයි ඇත්තටම.(නදී)
හොරෙක් ,මංකොල්ල කරුවෙක්, ළමා දූෂකයෙක් වගේ ජරා වැඩක් කල එකෙක් අල්ල ගත්තම ඇසින් දුටු සාක්කි අනුව ඔහුට දඬුවම් කිරීම අල්ල ගත අය විසින් කල යුතුයි. පොලිසියට භාර දුන්නම මූණත් වහලා රටට පෙන්නන්නෙත් නැතුව අරන් ගිහින් ආරක්ෂා කරලා දවස් ගණනකින් ගෙදර එවනවා. ඒ නිසානේ මංකොල්ල කෑම් 20ක් කල එකෙක් 25 ක් කල එකෙක් කියන්නේ. ජනතාව දුන්නා නම් මතක හිටින දඬුවමක් දෙනවා අායෙත් නම් ඒ වැඩේ කරන්නේ නැහැ. එතකොට ඌ දන්නවා ජනතාවට අහු උනොත් නම් පොලිසියට අහු උනා වගේ නෙවෙයි කියලා, නඩු දැම්මට වැඩක් නැහැ. පොඩි දඩයක් ගලා එලියට දැම්මම ආයෙත් කරන්නේ එකමයි. ඒ නිසා අහු වෙච්ච ගමන්............. (ස)
ඔය පොලිස් නිළධාරින් දෙන්නා නම් රාජකාරිය හරියටම ඉටු කරනවා හම්බන්තොට අය වගේ නෙමෙයි නේද? (නදී)
සෙල්ලම් පිස්තෝලයක් නිසාද මුහුණ වහල තියෙන්නේ. පිස්තොලේ සෙල්ලම් උනත් කරපු වැඩේ නම් බරපතලයි. (ස)
ගොඩක් හොරුන්ගේ ගෙදර අය දන්නවා ගෙදර කෙනා හොරෙක් කියල .රස්සාවක් කරන්නේ නැතුව ගෙදරට සල්ලි ගේනකොට කොහෙන්ද කියල අහහන්න නැද්ද? කරුණාකරලා මෙයාලගේ මුණ පෙන්නන්න .අඩු ගනේ මේවා දකින අනිත් අයවත් පත්තරේ මුණ දානවා බයට නොකර ඉදී .(ස)
බය වෙන්න දෙයක් නැහැ සෙල්ලම් පිස්තෝල අල්ලන්න පොලිසියට බලය නැහැ. එහෙනම් කඩවල තියන සෙල්ලම් පිස්තෝලත් අල්ලන්න එපාය. හම්බන්තොට පිස්තොලේ ගෙනා කෙනත් අල්ලන්න ඕනේ. (ස)
මුහුණ පෙන්නුවානම් මේ සැකකාරයාට සම්බන්ධ අනිත් අපරාධකාරයෝ ගැන මිනිස්සු හොයලා දේවි. අපේ දෙමව්පියෝ අපිට කියලා දුන්නේ බඩගින්නේ මැරුණත් අනුන් ගේ දෙයක් කඩා වඩා ගන්න එපා කියලා. ඒකට දැන් රස්සාවක් නැති තමන්ගේ අවුරුදු 21 ළමයාගේ අතේ සල්ලි ගැවසෙන්නේ කොහොමද කියලා හොයන්න අම්මලට උවමනාවක් නැහැ. (ස)
මේ වගේ අයට ආයි මේ වගේ දේවල් නොකරන්න වැඩක් කරන්න ඕනේ (දී)
කළමනාකරු එඩිතර පුද්ගලයෙක් (නි)
ඇයි මෙයාලා වගේ හොරුන්ගේ ඇස් වහලා දාන්නේ? පෙන්වන්න හොරුන්ව ලෝකෙටම (නි)
හොරුන්ට කිසිම ඉඩක් සමාජයේ නොදිය යුතුයි. (නි)
පවු අහිංසකයෙක්! (නි)
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල අයියාගේ යාළුවෙක්ද දන්නෙ නැහැ මෙයත්. (නි)
හොරාගේ මුහුණ ඇයි වැහුවේ? (නි)
පොලිස් සැරයන් තුමාගේ නම මොකක්ද? (ස)
උසාවි ගියාම කියාවි සෙල්ලම් පිස්තෝලයක් මගේ සේවාදායකයා භාවිතා කළා කියලා. නඩුව එතරම ඉවරයි. (ස)
හොරා ලංකාදීපේ වැඩ කරන එක්කෙනක් වෙන්න ඇති එක්කෙනෙක් ද මූණ වහන්නේ. අපිට මෙයාව බලාගන්න මූණ වහන්නේ නැතිව දාන්න බැරිද ? (ස)
පිස්තොලේ සෙල්ලම් එකක්නේ. නිතිය සමානයි නම් මෙයාට තියෙන්නේ ප්‍රසිද්දියේ හොරකම් කිරීමට උත්සහ කිරීමේ චෝදනාව විතරයි. එත් ඉතින් හොරු ඔක්කොම උසාවි ගෙනාවොත් රට පාලනය කරන්නේ කවුද? (දී)
අර හම්බන්තොට තිබුණ සෙල්ලම් පිස්තෝලයද? (නි)
මේ පොඩි කොල්ලෝ මේවාගේ දේවල් වලට පෙලබුනේ කොහොමද? (දී)
ඇත්ත එකක් ගෙනාවනම් දෙතුන් දෙනෙක් ඉවරයි (දී)
මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා දැනගන්නේ කොහොමද? (දී)
ගුණරත්න, ඔබගේ අදහසෙහි දෙවැනි වාක්‍යය කලකින් දුටු නොඳ කියමනක්. (නි)
චාමි,හම්බන්තොට අයියාගේ මල්ලිද දන්නෙ නැහැ මෙයා? (නි)
ඒත් ඉතින් හොරු ඔක්කොම උසාවි ගෙනාවොත් ඉතුරු වෙන්නේ කවුද? (නි)
හම්බන්තොට සෙල්ලම් පිස්තෝලයෙන් වැඩදාපු එක්කෙනත් අල්ලන්න පුලුවන් නම්... ඔට්ටුයි බැහැ. එයා ඇල්ලූවෙ නැහැ කියන්නෙ මෙයාට කරන අසාධාරනයක් වගෙයිනෙ. දෙන්නම සෙල්ලම් පිස්තෝල වලින්නෙ වැඩ දැම්මෙ. (නි)
ඔක්කොටම වඩා නිර්භීතයි මංකොල්ලකන්න ආපු සැකකරුව අල්ලාගෙන යන දෙන්නා. බලන්නකෝ යන හැටි. (නි)
ෂුවර් එකටම මේ නම් ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් වෙන්න ඕනෑ.පාවිච්චි කරන්නේ සෙල්ලම් පිස්තෝල ! (නි)
ගුණරත්න, ඔබගේ අදහස නියමයි (නි)