IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සුව සැරිය තවත් පුළුල් කරයි

(අංජුල මහික වීරරත්න)

1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක  “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

අමාත්‍යවරයා මේ බව කීවේ රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ  “සුවසැරිය” ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලබයි. 

මෙහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුළු අංශ කිහිපයක් මෙන්ම “සුවසැරිය” ගිලන් රථයක් ද අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය. 



අදහස් (2)

සුව සැරිය තවත් පුළුල් කරයි

R. P. Indika Thursday, 30 January 2025 03:38 PM

පුදුමයි මේක අපේ වැඩක් කියලා කිව්වේ නැහැ තවම. නැත්නම් අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන කට්ටියක්නේ මේ.

:       2       2

Shelton Friday, 31 January 2025 06:08 AM

රනිල් මහත්තයා ඕක හදුන්වා දුන් කාලයේ විපක්ෂයේ හිටපු රාජපක්ෂ ගැත්තෝ බොරු කෝල් දීලා ගෙන්වා ගෙන හූ කියලා ගල් ගහලා එලවා ගත්තා. ඉන්දීය රහස් ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් යැයි ජෙවිපිය ප්‍රචාරය කළා. දොස්තර පාදෙණිය දැවැන්ත වැඩවර්ජනයක් කරන බවට තර්ජන කළා. අද පෙනෙනවානේ රනිල් මහත්තයා කලොත් දෙයක් හොඳට දුර බලලා රටේ යහපතටමයි කියලා. ඒ දුර දැක්ම මේ කිසිම කෙනෙකුට නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site