IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සේවක වර්ජනයෙන් රෝහල් රැසක සේවා අඩාලයි

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසකම රෝගී සත්කාර සේවා අද මුළුමනින්ම බිඳ වැටී තිබිණි.

ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් හා හෙද සේවයට සමාන්තර අනෙකුත් සේවාවන් නොසලකා හැරීම හේතුවෙන් එම සෞඛ්‍ය වෘත්තිකයින් හා සෞඛ්‍ය සේවකයින් අද වැඩ වර්ජනයක නිරත වූහ.

ඔවුන්ගේ වැඩවර්ජනය නිසා රටපුරා රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පී.සී.ආර්.  සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරීම, එම්.ආර්. ස්කෑන්, සිදු කිරීම ආදී සේවාවන් කිසිවක් සිදු නොවූ බව ද වාර්තා විය.

මීට අමතරව රෝහල්වල චිකිත්සක සේවාවන්, දත්ත චිකිත්සක කටයුතු ආක්ෂි තාක්ෂණ සේවා මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ සේවාවන් සහ පවුල් සෞඛ්‍ය සේවාවේ කටයුතු ද දවසපුරා ඇනහිට තිබිණි.

මේ අතර කොළඹ ජාතික රෝහල සහ දිවයිනේ ප්‍රධාන රෝහල් ද  පළාත් සභා  රෝහල් හා සෞඛ්‍ය ආයතනවලද රෝගී සත්කාර සේවා අඩාලවීම නිසා බාහිර ප්‍රතිකාර ගැනීමට පැමිණි දහස් ගණන් රෝගීහු දැඩි අපහසුතාවයට පත් වූහ.

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින  රෝගීන්ට අද දිනය තුළ අවශ්‍ය සත්කාර නොලැබුණු  අතර ඔවුන්ගේ පරික්ෂණ කිසිවක් සිදු නොවීය.

(ඡායාරූප - තිලකරත්න දිසානායක)



අදහස් (5)

සේවක වර්ජනයෙන් රෝහල් රැසක සේවා අඩාලයි

සමන් කුමාර Monday, 05 July 2021 07:19 PM

මේ ගොල්ලන් මහලොකු සුදුසුකම් කිව්වට ඔයාට වඩා සුදුසුකම් තියෙන මිනිස්සු රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒ උපාධිධාරින් කිසිම සහනයක් නෑ. ගුරුවරු වැඩ කරන්නේ හිඟන පඩියකට. පඩිත් නෑ. ඉස්පිරිතාලේ නම් ලෙඩ්ඩු බිල්ලට දීලා ඔක්කොම ගන්නවා. අනික් රජයේ සේවකයින් මොනවත් කරන්නේම නෑ වගේ...

:       0       15

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 July 2021 07:29 PM

මේ ප්‍රශ්නය මුලින්ම ඇතිකළේ වෛද්‍යවරුන්... ඊටපසු එහි හෙද සේවය එල්ලුණා. ඊටත් පසුව අනෙක් අය එල්ලුණා. මේ රටේ තරම්, ඉල්ලීම් වලට කෑදර මිනිසුන් ලොව වෙනත් රටවල නැතුව ඇති කියලා හිතෙනවා. ඒක සත්‍යයක් වගේ තමයි පේන්නේ. නැතිනම්, මේ තරම් වසංගතයක් බෝවී රටේ මිනිසුන් මියයන අවස්ථාවක, තවත් දුක්පීඩා වලින් ජනතාව බැටකන අවස්ථාවක, මෙසේ ඉල්ලීම් සඳහා ස්ට්‍රයික් කිරීම මනුෂ්‍යයින්ගේ අමනුෂ්‍යකම ප්‍රදර්ශනය කිරීමක් නොවන්නේද?

:       249       321

මනී Monday, 05 July 2021 07:30 PM

වෛද්‍යවරුන්ට විරුද්ධව අනිත් ඔක්කොම සංගම් ටික එකතු වෙලා පළමු වතාවට ඒකාබද්ධ වැඩ වර්ජනයක් කළා හරි උජාරුවෙන්... හරියට රටටම පේන්න මගුල් කෑවා වගේ නිකන්... තියන තරමක් කුහකකම් ඉරිසියාකම් ඔක්කෝම තියෙන්නෙත් ඒ අය අතරේමයි කියලත් අමතක වෙන තරමටම චූන් වෙලා හිටියේ... පස්සේ ඔක්කෝටම දීමනාවක් දුන්නා. හැමෝටම එකම ගාන. ඕන්න දැං මතුවෙනවා අර පරණ මජර ගති ටික. නර්ස්ලාට අවුල්.. ඇටෙන්ඩත් අපේ දීමනාවමයි කියලා. මගුල අහවර කරලා ඕං මිස්ලා විතරක් ස්ට්‍රයික් තමන්ටම ආවේනික, වෙන්න දොස්තර ඉල්ලීම් ටිකකුත් ඉස්සරහට දාගෙන. ඕනෑම කුණු ගොඩක් සහ කෙබරයක් දෙපාරක් හිතන්නේ නැතුව කනට දාගන්න ස' කිව්ව ඉල්ලීම් දෙන්නම් කියලා. වෙලාවට ස්ට්‍රයික් නැවැත්තුවා. තව ටික දවසක් ස්ට්‍රයික් කළා නම් මේ අය වාට්ටු වල හිටියේ නැතැයි කියලා ගානක් නැති වෙන්නත් ඉඩ තිබුණා. ඉතිං නර්ස්ලාට විතරක් සලකන්නේ මොකද කියලා අතුරුවෛද්‍ය සේවා සංගම් ටික දැං ස්ට්‍රයික්... හෙට අනිද්ද සුලු සේවකයොත් ස්ට්‍රයික් පටං ගනී...

:       129       168

Tharanga Monday, 05 July 2021 08:38 PM

සමිත සේනක, වෛද්‍යවරුන් මොනවගේ ප්‍රශ්නයක්ද ඇතිකළේ කියලා දැනගන්නට කැමතියි.

:       68       70

chandima Tuesday, 06 July 2021 06:18 AM

මෙවැනි ආර්ථික හා ජාතික ආපදා අවස්ථාවක රටේ සියලුම රෝහල් සහ වෛද්‍ය, සෞඛ්‍ය සේවාවන්... ආරක්ෂක හමුදා මගින් කරගෙන යා යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 113 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 150 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 412 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 586 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 488 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 721 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site