IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


’’සේවකයන් රැකගනිමින් අභියෝගයට මුහුණ දෙන්න’’

(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලුම කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝග ජයගත යුත්තේ සේවකයන් ආරක්‍ෂා කරගනිමින් බව ද අගමැතිවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය සමඟ ඔවුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (30) පැවති සාකච්ඡාවකදීය.

බැංකු ණය සහන ලබාගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳාගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මහතා මෙහි දී අදහස් දක්වමින් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන සම්බන්ධව වෙනම අමාත්‍යාංශයක් හඳුන්වාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සිය සංගමයේ ප්‍රණාමය පළකළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පැවසූ මෙම නියෝජිත පිරිස තම ව්‍යාපාර හා වෙළඳාම් පවත්වාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ඔස්සේ හදිසි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ව්‍යාපාර නඩත්තු කරමින් තවදුරටත් සේවකයන් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇතැයි කී එම නියෝජිතයෝ ඔවුන් සේවයෙන් ඉවත් කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව ද කීහ. එසේ සේවකයන් ඉවත්කිරීම ද දුෂ්කර බව ඔවුහු පෙන්වා දුන්හ.

 



අදහස් (5)

’’සේවකයන් රැකගනිමින් අභියෝගයට මුහුණ දෙන්න’’

Chris Thursday, 01 July 2021 02:03 PM

රජය බලයට පැමිණි සැනෙකින්ම ඔවුහු 20 වැනි සංශෝධනය සම්මත කර ගත්හ. ක්‍රියාකාරී වන්නට අවශ්‍ය සියලු බලතල එයින් ඔවුන්ට ලැබිණි. කෙසේවුවද හඳුනාගත් යම් ප්‍රමුඛතා ඇති බවක් හෝ අපගේ ආර්ථික අභියෝගවලට මුහුණ දෙනු පිණිස කිසියම් සැලැස්මක් ඇති බවක් නොපෙනේ.

:       0       192

NuwanThursday, 01 July 2021 02:28 PM

ලොරි ටෝක් දිදී බංගලියන්ගෙනුත් හිඟාකාපු ආණ්ඩුවක් මේක...!!! 

:       0       88

Nuwan Thursday, 01 July 2021 02:27 PM

සේවකයෝ නෙමෙයි ඉස්සරහට රැකගන්න වෙන්නේ... ආයතන රටට ගලාගෙන එන චීන්නුන්ගෙන්. ලෝකෙ කොහේවත් කළේ නැතිවිදිහට චීනාගේ කොමියුනිස්ට් පක්ෂයට මුදල්, කාසි හදපු ආණ්ඩුවක් මේක...

:       0       115

ඉඳුනිල් ප්‍රියන්ත Thursday, 01 July 2021 04:10 PM

එන්න අපි ජවිපෙට සාපකර්මු... අනුරගේ මූනේ ලපේට බනිමු.. දැන්වත් සත්‍යය තේරුම් ගන්න නැත්නම් රට වලපල්ලේ...!!!

:       0       1

sami Thursday, 01 July 2021 04:36 PM

අගමැතිතුමනි, අත්‍යාවශ්‍ය සේවා වල සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අඩුගාණේ මේ වසංගතය නිමා වනතුරු වැඩි කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 857 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1958 1

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1410 1

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 491 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1417 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 481 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site