තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බව පොලිසිය කියයි.
මේ සංවිධාන තුන කොළඹ කොටුවේ උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඒ ගැන අධිකරණයට දැනුම් දී මේ නියෝගය ලබා ගත් බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක් (නි)
මම මේ ගැන සතුටුවෙනවා.මක්නිසාද මෙම සමහර සන්විධාන කතාකරන වචන බොහෝමයක් අසංවරශීලියි. (නි)
ඔබගේ සතුරා ප්‍රේමයෙන් දිනාගන්න (නි)
ඉතාම හොඳ තීරණයක්. මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම අධිකරණය නිසි පිළිතුර ලබා දී ඇත. (නි)
අධිකරණයේ නියෝගය ප්‍රශංශනීයයි. (නි)
හොඳ වැඩක් (නි)
ඉතා සතුටුයි (නි)
ඇමෙරිකා ඇතුළු සියලුම දියුණු රටවල පෙළපාලි වලට සහ උද්ඝෝෂණ වලට වෙනම පළාත් වෙන්කර ඇත (නි)
බොහොම කාලෝචිත තීරණයක් (නි)
සමාජයටම කරදරයක් වන සියල්ල තහනම් කළොත් නරකද? (නි)
උද්ඝෝෂණ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතිවාසිකමක්. එහෙත් එය සාමකාමී වීම අවශ්‍ය දෙයක්. අපේ අය සීමාව ඉක්මවා යන නිසා තමා මෙහෙම නියෝග ගන්න වෙන්නේ. එමඟින් වෙන්නේ අපේ අයිතීන් අපිම කප්පාදු කරගැනීමක්. (නි)
අන්න වැදගත් වටිනා තීරණයක්. ජය වේවා! (නි)
උද්ඝෝෂණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලකුණක්. (නි)
උද්ඝෝෂණ කියන්නේ හරි හෝ වැරදි හෝ වේවා , තමන්ගේ අදහස් පළකිරීමේ පිළිවෙතක්. සමහර උද්ඝෝෂණ දාමරික ඒවා, සමහර උද්ඝෝෂණ සාමකාමී ඒවා. නීතියෙන් නැවැත්වුයේ ඒවා රටට අහිතකර වෙන්න පුළුවන් නිසයි (නි)
සිංහල වේවා දමිල වේවා මුස්ලිම්වෙවා මොන ජතිවාදයකටවත් රටේ ජනතාවගේ සමගිය නැතිකරන්න ඉඩ නොදිය යුතුයි. ඒවා තහනම් කිරීම ජාතික සමගියට ඉතා හොඳයි...මෙවැනි සංවිධාන රටට ගෙන දෙන්නේ විනාශයක්මයි...සඳහටම තහනම් කළ යුතුයි. (අ)
හරිම සතුටුදායක පුවතක් (නි)
ලංකාවේ උද්ඝෝෂණ බොහෝවිට අවසන් වන්නේ ජාතික දේපළ වලට හානි කරලා. පොලිසියට ගල් සහ බෝතල වලින් ගහලා. කිහිප දෙනෙක් රෝහල්ගත කරලා. (නි)
ඔය සංවිධාන පිටුපස ඉන්නේ කව්ද කියන එක අපි දන්නවා (නි)
හරිම සතුටුදායක පුවතක් (නදී)
ලංකාවේ ප්‍රසිද්ධ ටී.වී. චැනල් එකක මම දැක්කා පොලිසියේ ලොක්කෙක් හාමුදුරුවරු ටික බලෙන්ම වගේ වෑන් එකකට දාලා යවනවා. අර කියපු අනික් සංවිධානේ කට්ටිය ශබ්ද වාහිනී යොදාගෙන වහසි බස් කියනවා පොලිසිය බලාගෙන ඉද්දි. ඒ වෙලාවේ මටත් දුක හිතුනා අපේම රටේ සිංහල අපි අසරණ උනා නේද කියලා. හැබැයි ඒ වෙලාවේ නම් පොලිසියේ නීති දෙකක් පැහැදිලිවම මම දැක්කා. (නදී)
ඒක නම් බොහොම හොඳයි (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
බොහොම හොඳයි (නි)
සාකච්ඡා මඟින් ප්‍රශ්න විසඳාගන්නේ නැතුව, හිටි අඩියේ උද්ඝෝෂණ කිරීම නම් රටේ සාමාන්‍ය ජනතාවට කරනු ලබන අවහිරකම්මය. දුප්පත්කමින් මිරිකෙන ජනතාව වෙනුවෙන් රට ගොඩගැනීමට හැම සංවිධානයක්ම එකමුතුවන්නේ නම් ඒකයි නියම උද්ඝෝෂණය ! (නි)
තහනම් දාපු එකනම් බොහොම හොඳ වැඩක්. (නි)
රටම හිනස්සන උද්ඝෝෂණ සියල්ල සම්පුර්ණයෙන්ම තහනම් කළයුතුයි. අප්‍රසන්නයි සමහර අය ගැන කියන්න. (නි)
කොහොමත් අනවශ්‍ය දේවල් ඕනෑම නැහැ තමයි (නි)
මේ කවුරුත් මේ වැඩ නිසා රටේ ආර්ථිකයට, කීර්තියට වන පාඩුව හිතන්නේ නැහැ. ගාමිණී කියන කතාව හරි. (නි)
කවුරු වුණත් එළිපිට වෛරය වපුරනවා නම් ඒවා තහනම් කළ යුතුයි (නි)
සංවිධාන නීතිවිරෝධී නම් සදහටම තහනම් කරන්න බැරිද? (නි)
සදහටම තහනම් කරන්න.ඔය සංවිධාන එකකින්වත් රටට ආගමට යහපතක් වෙන්නෙ නැහැ, මම හිතන හැටියට (නි)
මේ උද්ඝෝෂණ ඇත්ත වශයෙන්ම මහජනයාට කරදරයක්. මේවාට සහභාගි වෙන අය තමන් කරන්නේ මොකක්ද එයින් ලැබුණු ප්‍රතිඵලය මොකක්ද කියලාවත් දන්නේ නැහැ. (නි)
මිනිස්සු කරන දේවල් වලට ආගම් හෝ ධර්මය පළි නැහැ. තමුන් තමුන්ගේ ආගම අදහන්න. එතකොට තේරෙයි සත්‍ය මොකද්ද කියලා. එතකොට පුළුවන් අපිට සමගියෙන් ජීවත්වෙන්න. (නි)
ඒක නම් හොඳ වැඩක් (නි)
මේ ගොල්ලන්ගේ උද්ඝෝෂණ නිසා දෛනිකව කොළඹට එන යන මහජනතාවට මොනතරම් හිරිහැරයක්ද? (නි)
මෙවන් සමාජයක ඉපදීම ගැන බොහෝ දුක්වෙමි (නි)
උද්ඝෝෂණයක් තුළින් බොරුවක් ඉදිරිපත් කරන්නේ නැහැ. (නි)
මමත් බොහොම සතුටුයි මේ තීරණයට නම් (නි)