IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ස්වෝන් ඕස්ටේ‍්‍රලියාව අමාරුවේ දමයි

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන ‘අළු බ`දුන’ තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (19 වැනිදා) තේ පානයට මඳ වේලාවකට පසුව  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 128 කට දැවී ගියේය. ලන්ඩන් නුවර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 361 ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් පිට පිටම දෙවැනි වර පන්දුවට පහර දීමට  ඕස්ටේ‍්‍රලියානුවන්ට ආරාධනා නොකළ එංගලන්ත නායකයා දෙවැනි ඉනිම ඇරඹීය. අද සවස තරගය නතර කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටියේය.
එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ල ලකුණු 313 දී බිඳ වැටුණ නමුත් 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක් එක් කළ ස්ටුවර්ට් බ්‍රෝඞ් (33) සහ ගේ‍්‍රඒම් ස්වෝන් (නොදැවී 28) එංගලන්ත පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව 361 ක් දක්වා ඉහළ දැමූහ. එතැනින් නොනැවතුණු ස්වෝන්  ඕස්ටේ‍්‍රලියානු පිතිහරඹයේ කොඳුනාරටිය බිඳ දමමින් ලකුණු 44 කට කඩුලූ 5 ක් දවාගත්තේ කි‍්‍රස් රොජර්ස් (15), ස්ටීව් ස්මිත් (2) සහ උස්මන් කවාජා (14) පිටියෙන් ඉවත් කරමිනි.

පළමු දිනයේදී ඉයන් බෙල් හතරේ පහර 16ක් සමගින් ලකුණු 109ක් රැස් කර ගැනීමට සමත් වූ අතර මෙය බෙල් පිට පිටම ලබාගත් දෙවැනි ශතකයයි. ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 67ක් ලබාගත් අතර ජොනතන් ට්‍රොට් හතරේ පහර 11ක් සමගින් ලකුණු 58ක් රැස් කර ගත්තේය. බෙල් සහ බෙයාර්ස්ටෝ අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 144 කි.

වේග පන්දු යවන රයාන් හැරිස් ලකුණු 72 ට කඩුලූ 5 ක් දවා ගත්තේය.

 

එංගලන්තය - පළමු ඉනිම සියලූ දෙනා දැවී 361 යි
(ඇලිස්ටෙයාර් කුක් 12, ජොනතන් ට්‍රොට් 58, ඉයන් බෙල් 109, ජොනී බෙයාර්ස්ටෝ 67, ජේම්ස් ඇන්ඩසන් 12, කි‍්‍රස් බ්‍රෝඞ් 33, ගේ‍්‍රඒම් ස්වෝන් නොදැවී 28, රයාන් හැරිස් 72/5, ස්ටීව් ස්මිත් 18/3)

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම සියලූ දෙනා දැවී 128 යි
(ෂේන් වොට්සන් 30, කි‍්‍රස් රොජර්ස් 15, උස්මන් කවාජා 14, මයිකල් ක්ලාක් 28, ජේම්ස් පැටින්සන් 10, රයාන් හැරිස් 10, ටිම් බ්‍රෙස්නන් 28/2, ගේ‍්‍රඒම් ස්වෝන් 44/5)

එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 31 යි
(ජෝ රූට් 18, පීටර් සිඞ්ල් 4/3)

 

 

 

 



අදහස් (0)

ස්වෝන් ඕස්ටේ‍්‍රලියාව අමාරුවේ දමයි

ශනිත් Saturday, 20 July 2013 12:45 PM

ස්වෝන්ට ජයවේවා! මම කැමති ක්‍රීඩාකයෙක්.(නදී)

:       0       0

පද්මසිරි Saturday, 20 July 2013 06:33 AM

ඔස්ට්‍රේලියාව පරදීවි මේ ගමනත්. (නි)

:       0       0

චතුර Friday, 19 July 2013 08:54 PM

ග්රීම් සුවාන් මම කැමති හොඳ ක්‍රීඩකයෙක්(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2305 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1510 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2297 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3201 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site