‘ටයි පටියක් දාගෙන හිටියට කමක් නෑ මෙතැන වැඩ කෙරෙන්න ඕනෑ මට ඕනෑ විදිහට.එහෙම නැත්තම් ගුටි කන්න තමයි වෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය නෙවෙයි මොකේ වැඩ කළත් රජයේ නිලධාරීන් වැඩකරන්න ඕනෑ දේශපාලකයින්ට ඕනෑ විදියටයි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා මහරගමදි පැවසීය.
ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේදී පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අමතමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
කොට්ටාව නගරයේ බස් නැවතුම්පළ ඉදිකිරීමේ ප්‍රගතිය ගැන කොඩිකාර මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ බී කේ ජී සෝමසිරි මහතා පැවැසුයේ කොට්ටාව නගරයේ බස් නැවතුම ඉදිකිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරි පනතේ 38 ඒ වගන්තිය ප්‍රකාර පළමුව ඉඩම් මැනීම සිදු කැර පිඹූරුපත් සකසන බවයි. එයට අනතුරුව තක්සේරු වාර්තා සකසා වන්දි ගෙවන්නේ ඔහු කීවේය. කොඩිකාර මහතා මෙම ප්‍රකාශය කෙළේ ඉන් අනතුරුවය.
නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන වැඩ පළාතේ දේශපාලනඥයින්ටත් දැනුම් දිය යුතුයි ඔබලා රජයේ වැටුප් ලබන පිරිසක් අපට අවශ්‍ය විදියට හැර ඔබට අවශ්‍ය විදියට මේ සංවර්ධන කටයුතු සිදු වන්නේ නෑ. අතැන වළක් හාරනවා මෙතැන වලක් හාරනවා නාගරික සංවර්ධන අධිකාරිය මොනවද මේ කරන වැඩ?. ඇමැතිවරයා එසේ ද ප්‍රශ්න කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ දෙද්දී දැන්වත් උගත් වැදගත් මිනිහෙකුට චන්දෙ දෙන්න.
ඔහොම යමු. ඔහොම යමු (නි)
මේවා බරපතල ප්‍රකාශ මධ්‍යම ආණ්ඩුවක් මොකටද එතකොට (දී)
මෙච්චර හයියක්
නියමයිනේ ජනතා නියෝජිතයන්ගේ කතා, ඊ ළඟ පාරත් මේ අයටම ඡන්දය දීලා ගුටි කන්න. (ස)
කොඩිකාර මහත්තයො ඔයා වැඩ කරන්න ඕනෙ ජනතාවට ඕන විදියටයි. මොකද ඔයාට පඩියක් ගෙවන්නේ මේ රටේ මනිස්සු. ඔයාලා හිතන්නෙ ඔයාලා හරි මිනිස්සු කියලා නේද. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල ඔයා දන්නවද. මේ රටේ පත්වෙලා ඉන්න ගොඩක් දේශපාලුවන්ව පෙරපාසල් ඉදන් ආයෙ උගන්නල ගන්න ඕනෙ. (ස)
අනේ .....බලාගමු
අනේ කාලේ වනේ වාසේ (දී)
මහත්තයා මහත්තයට ඕන විදිහට කර ගන්න (දී)
මේ වගේ අධ්‍යාපනයක් නැති මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට දැම්මහම වෙන්නේ ඕව තමා. දැන්වත් මොලේ කල්පනා කරලා චන්දෙ දෙන්න. නගර සැලසුම් කරන්න දන්නේ ඒගැන ඉගෙන ගත්ත අත්දැකීම් තියෙන නිලදාරීන්. ගොඩනැගිලි හදන්න දන්නේ ඒ ගැන උගත් ඒ විෂය ගැන පළපුරුද්දක් තියෙන අය. එහෙම නැතිව දේශපල්ක්නයන්ට ඕන විදියට ඒවා කරන්න බැහැ. නුගත්කම හොදින්ම ප්‍රදර්ශනය කරලා තියෙනවා. රජයේ නිලදාරීන් පඩි ගන්නේ වැඩ කරලා සුදුකම් ඇතිව.. මේ වගේ නූගත් දේශපාලකයෝ පඩි ගන්නේ ජාතියේ අවාසනාවට. (ස)
බලමුකෝ හෙට අනිද්දාට මොකද වෙන්නෙ කියලා (නි)
කාට ඕන විදිහට උනත් කමක් නැහැ සන්වර්දනයයි වැදගත් (දී)
හැබැයි වළවල් හාරනවා කිව්ව කතාව නම් ඇත්ත. පාර හැදුවට පස්සේ කොහෙන් හරි ඇවිල්ලා වළවල් හාරලා පාර කඩනවා. හදන්නේ නැහැ. යන්න බැහැ ගොඩැලි. හදන පාරවලුත් සතියක් තියෙන්නේ නැහැ. කැඩෙනවා. සමහර පාරවල් වල පයින්වත් යන්න බැහැ. මේවා දේශපාලකයෝ බලන්නේ නැහැ.අනේ මන්දා මට නම් තේරෙන්නේ මහජනතාවගේ අතිවිශාල ධනයක් නාස්ති වෙන එක.මේවා ප්‍රමිතියට නොකළොත් රජය ගැන මහජනතාවට ඇති වන අප්‍රසාදය ඈතක නොවේ. මේ හැම දෙයක්ම එකම කොන්ත්‍රාත්කාරයෙක්ටවත් නොදී ආමි එකට දුන්නා නම් හොඳට කරයි. එතකොට කාටවත් වංචා කරන්න බැහැ. (නි)
අනේ ලංකාව
ප්‍රසන්න කියන දේ ඇත්ත. ඡන්දෙ දෙනකොට ජනතාව මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ (නි)
සියල්ලටම වඩා හොද නිශ්ශබ්දව සිටීමයි (නි)
මමත් මහරගම ඉන්නේ. මමත් දන්නවා සමහර දේවල් ගැන (නි)
ඇත්තටම කණගාටු හිතෙනවා මගේ රට ගැන.. මම දන්නා විදියට නම් රජයේ සේවකයා ස්වාධීන පුද්ගලයෙක්. ඔහුට දේශපාලකයන් කියන දේ කරන්න නීතියෙන් බැදීමක් නැහැ. ඔහු රජයේ සේවකයෙක් නම් ඔහු බැදී සිටින්නේ පවතින රජය විසින් ගනු ලබන තීන්දු තීරණ (ප්‍රතිපත්තිමය තීරණ) ආයතන සංග්‍රයහ හා රජයේ මුදල් රෙගුලාසි අනුව හා පවතින නීති රීති යටතේ ඉටුකිරීමට පමණයි. දේශපාලකයා යනු, රටක්/ ප්‍රදේශයක් පාලනය කිරීම සදහා මහජනයා විසින් පත් කරන්නෙකි. ඔහුට යම් කිසි කටයුත්තක් කිරීම සදහා වූ ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි නමුත්, එය නීත්‍යානුකූල ලෙස ඉටු කළ හැක්කේ රජයේ සේවකයන් මාර්ගයෙනි. (නි)
කාටවත් එහෙම කියන්න බැහැ
එසේය ස්වාමීනි, වයඹ චණ්ඩින්ට වුණ දේත් සිහි කරගනු මැනවි. එසේම එජාපයේ තවත් අය පෝලිමේ බලා සිටින බවත් සිතට ගනු මැනවි. (නි)
මේක සම්පූර්නයෙන්ම මේ ඇමතිතුමාව අපහසුතාවයට පත්කරන්න කරපු උත්සාහයක් වගෙයි පෙනෙන්නේ (ස)
ඇමතිතුමා හරි (නි)
දේශපාලකයන් කියන හැම දෙයකටම හරි හරි කියන මේ වගේ මිනිස්සු ඉන්න කල් මේ රට වල පල්ලේම තමා (ස)
මේ වගේ පලා බබාලා දැන් රටේ හැමතැනකම ලැජ්ජාවේ බැහැ දේශපාලනය කරන අයට මේ වගේ අයව ඒ වට පත්කරන අයටත් පාඩමක් කියාදෙන්න නම් අමතක කරන්න එපා.හරිද?...........හරිද?............... (ස)
එතුමා රජයේ සේවකයාට කියනවා ඔබ රජයේ වැටුප් ලබන පිරිසක්. එතකොට එතුමා ලබන්නේ?? අපේ ඇමතිවරුත් මේවා අහගෙන ඉන්නවනේ (නි)
යාළුවො දෙගොල්ල අදනම් පැටලිලා (දී)
දැක්කනෙය් මේ වගේ අය තමයි රට පාලනය කරන්නේ .(දී)
යමෙක් ඔබට පහර දෙන්නේ නම් ආත්මාරක්ෂාවට පෙරළා පහර දීමට නීතියෙන් තහනමක් නැත (නි)
දැන් දැන් පුරවැසියනුත් ගහන්න පටන් ගන්නා කාලය ළං වෙමින් පවතින බව මතකයේ තබාගෙන සිටියොත් හොදයි. (නි)
දැන් යන ගමනනන් වැඩි කලක් යන එකක් නැහැ. (ස)
රාජ්‍ය සේවය දේශපාලනයෙන් තොර කළ යුතුයි (නි)
දැන් උගත් මිනිස්සු ඕන නැහැ
එතකොට කවුරු කියන විදිහටද වැඩ කරන්න ඕනෑ? (නි)
මෙය දේශපාලන ගමනේ සන්ධිස්ථානයක් වෙයි වගේ. (නි)
ලංකාවේ ඉන්න අයට මේවා තේරෙන්නේ නැහැ (නි)
මුල අමතක කළොත් වැඩි කල් පවතින්නේ නැහැ (නි)
ඔන්න... ප්‍රවේශම් වෙන්න. (නි)
මෙම නිළධාරියා වැඩ කලයුත්තේ දැනට පවත්නා නීති වලට අනුවයි. (නි)