IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සංවර්ධන වැඩ මට ඕනෑ විදියටයි

‘ටයි පටියක් දාගෙන හිටියට කමක් නෑ  මෙතැන  වැඩ කෙරෙන්න ඕනෑ මට ඕනෑ විදිහට.එහෙම නැත්තම්  ගුටි කන්න තමයි වෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය නෙවෙයි  මොකේ වැඩ කළත්  රජයේ නිලධාරීන් වැඩකරන්න ඕනෑ දේශපාලකයින්ට ඕනෑ විදියටයි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා මහරගමදි  පැවසීය.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේදී පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අමතමින්  අමාත්‍යවරයා එසේ පැවසීය.

කොට්ටාව නගරයේ බස් නැවතුම්පළ  ඉදිකිරීමේ  ප්‍රගතිය ගැන කොඩිකාර මහතා  නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගෙන්  විමසීය.   ඊට පිළිතුරු දුන්  නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර  පළාත් සහකාර අධ්‍යක්ෂ  බී කේ ජී සෝමසිරි මහතා පැවැසුයේ කොට්ටාව නගරයේ  බස් නැවතුම ඉදිකිරීමේ දී  නාගරික සංවර්ධන අධිකාරි පනතේ 38 ඒ වගන්තිය ප්‍රකාර පළමුව ඉඩම් මැනීම සිදු කැර පිඹූරුපත් සකසන බවයි.  එයට අනතුරුව තක්සේරු වාර්තා සකසා  වන්දි ගෙවන්නේ ඔහු කීවේය.  කොඩිකාර මහතා  මෙම ප්‍රකාශය කෙළේ ඉන් අනතුරුවය.

 නාගරික සංවර්ධන අධිකාරියෙන් කරන වැඩ පළාතේ දේශපාලනඥයින්ටත් දැනුම් දිය යුතුයි ඔබලා රජයේ වැටුප් ලබන පිරිසක් අපට අවශ්‍ය විදියට හැර ඔබට අවශ්‍ය  විදියට මේ සංවර්ධන කටයුතු සිදු වන්නේ නෑ. අතැන වළක් හාරනවා මෙතැන වලක් හාරනවා නාගරික සංවර්ධන අධිකාරිය  මොනවද මේ කරන වැඩ?. ඇමැතිවරයා එසේ ද ප්‍රශ්න කෙළේය.



අදහස් (0)

සංවර්ධන වැඩ මට ඕනෑ විදියටයි

කුමාර Thursday, 01 August 2013 08:35 PM

යමෙක් ඔබට පහර දෙන්නේ නම් ආත්මාරක්ෂාවට පෙරළා පහර දීමට නීතියෙන් තහනමක් නැත (නි)

:       0       0

දිසානායක Friday, 02 August 2013 09:01 AM

මේවා බරපතල ප්‍රකාශ මධ්‍යම ආණ්ඩුවක් මොකටද එතකොට (දී)

:       0       0

අජන්ත Friday, 02 August 2013 09:07 AM

මෙච්චර හයියක්

:       0       0

සමන් Friday, 02 August 2013 08:42 PM

කාටවත් එහෙම කියන්න බැහැ

:       0       0

ගුණේ Thursday, 01 August 2013 08:50 PM

දැන් දැන් පුරවැසියනුත් ගහන්න පටන් ගන්නා කාලය ළං වෙමින් පවතින බව මතකයේ තබාගෙන සිටියොත් හොදයි. (නි)

:       0       0

මුණසිංහ Thursday, 01 August 2013 08:59 PM

එසේය ස්වාමීනි, වයඹ චණ්ඩින්ට වුණ දේත් සිහි කරගනු මැනවි. එසේම එජාපයේ තවත් අය පෝලිමේ බලා සිටින බවත් සිතට ගනු මැනවි. (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 01 August 2013 08:57 PM

රාජ්‍ය සේවය දේශපාලනයෙන් තොර කළ යුතුයි (නි)

:       0       0

මාටින් Friday, 02 August 2013 02:08 PM

සියල්ලටම වඩා හොද නිශ්ශබ්දව සිටීමයි (නි)

:       0       0

ලක්මාල් Thursday, 01 August 2013 09:16 PM

දැන් උගත් මිනිස්සු ඕන නැහැ

:       0       0

රසික Thursday, 01 August 2013 09:31 PM

එතකොට කවුරු කියන විදිහටද වැඩ කරන්න ඕනෑ? (නි)

:       0       0

වසන්ත Friday, 02 August 2013 10:21 AM

නියමයිනේ ජනතා නියෝජිතයන්ගේ කතා, ඊ ළඟ පාරත් මේ අයටම ඡන්දය දීලා ගුටි කන්න. (ස)

:       0       0

චමීර Friday, 02 August 2013 11:03 AM

කොඩිකාර මහත්තයො ඔයා වැඩ කරන්න ඕනෙ ජනතාවට ඕන විදියටයි. මොකද ඔයාට පඩියක් ගෙවන්නේ මේ රටේ මනිස්සු. ඔයාලා හිතන්නෙ ඔයාලා හරි මිනිස්සු කියලා නේද. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල ඔයා දන්නවද. මේ රටේ පත්වෙලා ඉන්න ගොඩක් දේශපාලුවන්ව පෙරපාසල් ඉදන් ආයෙ උගන්නල ගන්න ඕනෙ. (ස)

:       0       0

නිහාල් Friday, 02 August 2013 03:50 PM

මමත් මහරගම ඉන්නේ. මමත් දන්නවා සමහර දේවල් ගැන (නි)

:       0       0

නසාර් . Friday, 02 August 2013 11:11 AM

අනේ .....බලාගමු

:       0       0

දිරාම් Thursday, 01 August 2013 06:20 PM

දැන් යන ගමනනන් වැඩි කලක් යන එකක් නැහැ. (ස)

:       0       0

සරත් Friday, 02 August 2013 03:10 AM

ලංකාවේ ඉන්න අයට මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

මාටින් Thursday, 01 August 2013 06:41 PM

මේක සම්පූර්නයෙන්ම මේ ඇමතිතුමාව අපහසුතාවයට පත්කරන්න කරපු උත්සාහයක් වගෙයි පෙනෙන්නේ (ස)

:       0       0

බන්දුල Friday, 02 August 2013 11:53 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

අශාන් Friday, 02 August 2013 11:56 AM

මහත්තයා මහත්තයට ඕන විදිහට කර ගන්න (දී)

:       0       0

එමිල් Thursday, 01 August 2013 06:58 PM

ඇමතිතුමා හරි (නි)

:       0       0

කුමාර Thursday, 01 August 2013 10:19 PM

මෙය දේශපාලන ගමනේ සන්ධිස්ථානයක් වෙයි වගේ. (නි)

:       0       0

අප්පුහාමි Friday, 02 August 2013 05:59 AM

මුල අමතක කළොත් වැඩි කල් පවතින්නේ නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 02 August 2013 12:04 PM

මේ වගේ අධ්‍යාපනයක් නැති මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට දැම්මහම වෙන්නේ ඕව තමා. දැන්වත් මොලේ කල්පනා කරලා චන්දෙ දෙන්න. නගර සැලසුම් කරන්න දන්නේ ඒගැන ඉගෙන ගත්ත අත්දැකීම් තියෙන නිලදාරීන්. ගොඩනැගිලි හදන්න දන්නේ ඒ ගැන උගත් ඒ විෂය ගැන පළපුරුද්දක් තියෙන අය. එහෙම නැතිව දේශපල්ක්නයන්ට ඕන විදියට ඒවා කරන්න බැහැ. නුගත්කම හොදින්ම ප්‍රදර්ශනය කරලා තියෙනවා. රජයේ නිලදාරීන් පඩි ගන්නේ වැඩ කරලා සුදුකම් ඇතිව.. මේ වගේ නූගත් දේශපාලකයෝ පඩි ගන්නේ ජාතියේ අවාසනාවට. (ස)

:       0       0

ප්‍රසන්න Friday, 02 August 2013 12:05 PM

චන්දෙ දෙද්දී දැන්වත් උගත් වැදගත් මිනිහෙකුට චන්දෙ දෙන්න.

:       0       0

පෙරේරා Friday, 02 August 2013 12:05 PM

කාට ඕන විදිහට උනත් කමක් නැහැ සන්වර්දනයයි වැදගත් (දී)

:       0       0

ගාමිණී Thursday, 01 August 2013 07:20 PM

දේශපාලකයන් කියන හැම දෙයකටම හරි හරි කියන මේ වගේ මිනිස්සු ඉන්න කල් මේ රට වල පල්ලේම තමා (ස)

:       0       0

කැමරන් ලන්ඩන් Thursday, 01 August 2013 07:25 PM

මේ වගේ පලා බබාලා දැන් රටේ හැමතැනකම ලැජ්ජාවේ බැහැ දේශපාලනය කරන අයට මේ වගේ අයව ඒ වට පත්කරන අයටත් පාඩමක් කියාදෙන්න නම් අමතක කරන්න එපා.හරිද?...........හරිද?............... (ස)

:       0       0

ගයාන් Friday, 02 August 2013 07:25 AM

ඔන්න... ප්‍රවේශම් වෙන්න. (නි)

:       0       0

නිමල් Friday, 02 August 2013 08:24 AM

මෙම නිළධාරියා වැඩ කලයුත්තේ දැනට පවත්නා නීති වලට අනුවයි. (නි)

:       0       0

වංගු Friday, 02 August 2013 12:59 PM

හැබැයි වළවල් හාරනවා කිව්ව කතාව නම් ඇත්ත. පාර හැදුවට පස්සේ කොහෙන් හරි ඇවිල්ලා වළවල් හාරලා පාර කඩනවා. හදන්නේ නැහැ. යන්න බැහැ ගොඩැලි. හදන පාරවලුත් සතියක් තියෙන්නේ නැහැ. කැඩෙනවා. සමහර පාරවල් වල පයින්වත් යන්න බැහැ. මේවා දේශපාලකයෝ බලන්නේ නැහැ.අනේ මන්දා මට නම් තේරෙන්නේ මහජනතාවගේ අතිවිශාල ධනයක් නාස්ති වෙන එක.මේවා ප්‍රමිතියට නොකළොත් රජය ගැන මහජනතාවට ඇති වන අප්‍රසාදය ඈතක නොවේ. මේ හැම දෙයක්ම එකම කොන්ත්‍රාත්කාරයෙක්ටවත් නොදී ආමි එකට දුන්නා නම් හොඳට කරයි. එතකොට කාටවත් වංචා කරන්න බැහැ. (නි)

:       0       0

ඇසළ Thursday, 01 August 2013 07:57 PM

එතුමා රජයේ සේවකයාට කියනවා ඔබ රජයේ වැටුප් ලබන පිරිසක්. එතකොට එතුමා ලබන්නේ?? අපේ ඇමතිවරුත් මේවා අහගෙන ඉන්නවනේ (නි)

:       0       0

උදාර Friday, 02 August 2013 06:52 PM

ඇත්තටම කණගාටු හිතෙනවා මගේ රට ගැන.. මම දන්නා විදියට නම් රජයේ සේවකයා ස්වාධීන පුද්ගලයෙක්. ඔහුට දේශපාලකයන් කියන දේ කරන්න නීතියෙන් බැදීමක් නැහැ. ඔහු රජයේ සේවකයෙක් නම් ඔහු බැදී සිටින්නේ පවතින රජය විසින් ගනු ලබන තීන්දු තීරණ (ප්‍රතිපත්තිමය තීරණ) ආයතන සංග්‍රයහ හා රජයේ මුදල් රෙගුලාසි අනුව හා පවතින නීති රීති යටතේ ඉටුකිරීමට පමණයි. දේශපාලකයා යනු, රටක්/ ප්‍රදේශයක් පාලනය කිරීම සදහා මහජනයා විසින් පත් කරන්නෙකි. ඔහුට යම් කිසි කටයුත්තක් කිරීම සදහා වූ ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි නමුත්, එය නීත්‍යානුකූල ලෙස ඉටු කළ හැක්කේ රජයේ සේවකයන් මාර්ගයෙනි. (නි)

:       0       0

පියල් Friday, 02 August 2013 01:00 PM

අනේ ලංකාව

:       0       0

කුමාරිහාමි Friday, 02 August 2013 08:35 AM

බලමුකෝ හෙට අනිද්දාට මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

චන්දු Friday, 02 August 2013 01:04 PM

ප්‍රසන්න කියන දේ ඇත්ත. ඡන්දෙ දෙනකොට ජනතාව මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ (නි)

:       0       0

චන්දා Thursday, 01 August 2013 08:09 PM

යාළුවො දෙගොල්ල අදනම් පැටලිලා (දී)

:       0       0

රුෂාන් Friday, 02 August 2013 08:41 AM

ඔහොම යමු. ඔහොම යමු (නි)

:       0       0

පොඩි මල්ලි Thursday, 01 August 2013 08:18 PM

දැක්කනෙය් මේ වගේ අය තමයි රට පාලනය කරන්නේ .(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 8 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 138 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 158 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1890 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2773 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2061 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36871 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site