IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සංවර්ධන සල්ලි හංගන තැන් හර්ෂ පෙන්වයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ වල දී වංචා කරන මුදල් කළු සල්ලි ලෙස ශාන්ත කිට්ස් හා නෙවිස් (බටහිර ඉන්දියා කොදෙව් දූපත් දෙකක්)  සීෂෙල්ස් හා ඩුබායි ආදී රටවල ඇදී යන බවත්, එම රටවල බදු සහන ඇති බවත්  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් වරදාන වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයට නීත්‍යනුකූල නොවන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරන බව ද , ජනවාරි නම වැනිදායින් පසු එලෙස වංචා කළ පිරිස් ජනතා අධිකරණයක් හමුවට ගෙන බන බව ද, ඔහු ප්‍රකාශ කළේය.

‘අපි දිගින් දිගටම කිව්වා මේ ආණ්ඩුවෙන් කරන වංචා දූෂණ ගැන. නමුත් සමහරුන් විශ්වාස කළේ නෑ. ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් එළියට ඇවිත් දැන් ඒ ගැන හෙළි කරනවා. චම්පික රණවක හිටපු ඇමැතිතුමා කියනවා ඇතැම් අවස්ථාවල කොමිස් ගහන්නේ සියයට දහය නොව සියයට දෙදහසක් පමණ බව.

යාපනය දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන හැටක් යන බවට ඇස්තමේන්තු කර තිබුණා. හම්බන්තොටට දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන එක් දහස් ගණනක් යන බව කියනවා. සියයට කීයට වැඩිවීමක්ද? මේ සල්ලිවලට මොකද වුණේ කියා අපි හෙළි කරනවා.

මේ කළු සල්ලි වැඩි වශයෙන් යන්නේ සෙන්කෙට්සන් නොවිස් කියන රාජ්‍යයට. ඒ වගේම සීෂෙල්ස් සහ ඩුබායි වලටත් යනවා. ජනවාරි නම වැනි දා අපි මේ ෆයිල් ජනතා අධිකරණයට ඉදිරිපත් කරනවා.

මේ මුදල් නැවත ණය වශයෙන් අපේ රටටම එනවා. ණය ගන්නෙත් සියයට හතේ පොලියට. 

අද අපේ රටේ ආයෝජනය කරන්න එන්නේ කැසිනෝ කාරයෝ, කුඩුකාරයො සහ ජාවාරම් කරයොයි. ‘

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා -

‘මෛත්‍රී පාලනය කියන්නේ යහ පාලනයේ රාමුවක්. ආණ්ඩුව දැන් දැන්වීමක් ප්‍රචාරය කරනවා මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වසර ගණනාවකට පෙර කළ ප්‍රකාශයක්. එය ඒ කාලයට වලංගු වුවත් අදට වලංගු වෙන්නේ නෑ. එවැනි දෑ ප්‍රචාරය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධීයි.

යටිතල පහසුකම් සංවර්ධනය කරනවට අපි විරුද්ධ නෑ. නමුත් ඒවා සිදුවන ආකාරය ගැනයි ගැටළුව තිබෙන්නේ.

හම්බන්තොට ගුවන්තොටුපොළ අපි දේශිය ගුවන් තොටුපළක් ලෙසට පත් කර ලබා ඉපයීමට බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට වරාය තියෙන්නේ කොළඹට එන නැව් ගෙන්වා ගන්න නොවෙයි. අපි එය ඵලදායී ලෙස යොදා ගන්නවා.

2014 පමණක් රුපියල් බිලියන 330ක් පමණ මාර්ග ඉදිකරන්න කොන්ත්‍රාත්කරුවන්ට දී තිබෙනවා. නමුත් ඒ සඳහා වැය වන මුදළ රුපියල් මිලියන 130යි.

අපි මේ රටේ අපනයන වැඩි කරනවා. චීනය දියුණු වුණෙත් අපනයන වැඩි කරලයි. අපනයන වැඩි කරන්නේ නැතිව දියුණු වෙන්න බෑ. ‘

IMG_20141217_110738



අදහස් (0)

සංවර්ධන සල්ලි හංගන තැන් හර්ෂ පෙන්වයි

සබිත් Wednesday, 17 December 2014 11:39 AM

ඒ කාලේ මහවැලියෙන් ගහපුවා, රජයේ ආයතන කුනු කොල්ලෙට තමන්ගේ හිතවතුන්ට දීපුවා, සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ල සුරතල් කරපුවා අමතකද ? හැට දහසක් සිංහල කෙල්ලෝ කොල්ලෝ අමානුෂික ලෙස ඝාතනය උනේ යහපාලනයෙන්ද ? (නදී)

:       0       0

රුපාවතී Wednesday, 17 December 2014 07:22 PM

හාරදහස් පන්සිය ගානක පාඨකයින්ගෙන්, එකම දැක්මෙන් බුධිමත් අදහස් 13 ක් මා කියෙවුවේ හරිම ආඩම්බරෙන්. ඒ වගේම ඝමබරව ඒ සියල්ල පලකරලා. ආඩම්බරයි. (ර)

:       0       0

රාජු Wednesday, 17 December 2014 01:00 PM

මේ කියන දේවල් වලට අපි කලබල විය යුතු නැහැ.(හේ)

:       0       0

ඇන්ටන් Wednesday, 17 December 2014 01:54 PM

මේක තමයි ඒ ගොල්ලෝ කොහොමහරි දිනනවා කියන්නේ (අ)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 02:05 PM

මේවා කියල මිනිස්සු රවටන්න නම් බැහැ. දැන් යහපාලනය සහ දුෂණය පොත් පැත්තකට දාල වෙන මොනවා හරි රසවත් කතාවක් කියන්න. (නදී)

:       0       0

සමන් Wednesday, 17 December 2014 09:06 AM

කරලා පෙන්වන්න එතකොට බලමු.(හේ)

:       0       0

කස්තුරි Wednesday, 17 December 2014 09:13 AM

මොකටද 9 වැනිදා වෙනකම් ඉන්නේ, දැම්මම මේ අයගේ නම් ටික එලියට දාන්නකෝ, අපිත් කැමතියි මේ අය කවුද කියලා දැනගන්න. (හේ)

:       0       0

පාලිත Wednesday, 17 December 2014 09:17 AM

දැන් බලයේ ඉන්න අයත් එදා කිව්වේ ඔහොමම තමයි "වංචා කළ පිරිස් ජනතා අධිකරණයක් හමුවට ගෙන බව". කෝ ගෙනාවද?. දැන් ඔය එලියට ඇවිල්ල කෑ ගහන අයියලා ඇතුලේ ඉඳන් කොච්චර හොරකන් කරලා ඇත්ද?. හොරා කෑම අඩුවෙනකොට හරි, අහුවෙන්න යනකොට හරි, අනිත් පැත්තට පැනලා කෑ ගහනවා. කොයි අයියත් එකයි. අපේ ජනතාවට ඕක තේරෙන්නේ නැ.(හේ)

:       0       0

නුවන් Saturday, 20 December 2014 05:24 AM

හර්ෂ ද සිල්වා මහතා බුද්ධිමත් දැක්මක් ඇති කෙනෙක්.මේ කියන දේවල් බොරුනම් ආණ්ඩුවෙන් මේ තර්ක බිදින්න ඕනේ.(හේ)

:       0       0

සමිදු සහන් Wednesday, 17 December 2014 10:29 AM

ජනතා අධිකරණය කියල කියන්නේ මහා ඡන්දයට මිස වෙනත් උසාවියකට නොවෙයි. උසාවියකට යන්න නම් නිවැරදි සහ සත්‍ය ශාක්ෂි තිබිය යුතුයිනේ. ජනතා අධිකරණයට නම් මේ වගේ වේදිකාවක කීවාම ඇති. කොහොමටත් මේ කතා වැඩිදුර යන එකක් නැතිවෙයි. හේතුව මේ ආකාරයෙන්ම මේ කට්ටියගේ සමහරු තම කළු සල්ලි පිටරට තැන්පත් කරලා තියෙනවා. (නදී)

:       0       0

සහන් Wednesday, 17 December 2014 10:38 AM

සත්‍ය කවදා හෝ ජයගනී. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 17 December 2014 10:41 AM

කවුද හොරු කියලා රටම දන්නවා. (නදී)

:       0       0

කුමාර Wednesday, 17 December 2014 10:48 AM

ඔබලාගේ කාලයේ සතොසට මොකද උනේ කියල කියන්නකෝ. (නදී)

:       0       0

අසිත Wednesday, 17 December 2014 10:57 AM

ඇයි 9 වෙනකන් ඉන්නේ . දැන්මම එළියට දාන්නකෝ. (හේ)

:       0       0

කුමාර Wednesday, 17 December 2014 11:05 AM

මේ ඔක්කොම කියන්නේ ජනතාවගේ ඡන්දෙ ගන්න. අඩුම ගානේ නමක්වත් කියන්නේ නැහැ මොකද මේවට පදනමක් නෑ. අනික මේ අයත් දගලන්නේ ඕක කරන්න මිසක් ජනතාව ගැන හිතලද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 6 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 535 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 610 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 251 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 695 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1942 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site