පරිසර උවදුරක් වී ඇති ජපන් ජබර හා සැල්වීනියා වලින් කැබිතිගොල්ලෑව ඌරාවැව කාබනික පොහොර නිෂ්පාදනයට සිවිල් ආරක්ෂක බලකාය යොමුවී සිටියි.
රසායනික පොහොර භාවිතය වැඩි වීමත් සමග වකුගඩු රෝගය වසංගත තත්ත්වයට පත්වීමත් සමග කාබනික පොහොර භාවිතය හුරු කිරීමෙන් එම රෝගය මැඩීමට යම් මෙහෙයක් ඉටු කිරීම එක් අරමුණකියි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැබිතිගොල්ලෑව කලාපයේ අණදෙන නිලධාරි වයි එම් පුංචි බණ්ඩා මහතා කියයි.
ගොම, වවුලන්ගේ, කුකුලන්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ බහිශ්‍රාව්‍ය කොටස්වලට පිදුරු, ඇල්බීසියා, පොස්පේට් ස්වල්පයක් ද සැල්වීනියා හා ජපන් ජබර ද යොදා නිෂ්පාදනය කැරෙන මෙම පොහොර එම පළාතේ අලෙවි කැරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි බණ්ඩා මහතාණෙනි, ඔබ මෙහි නියමුවා නම් ඔබට ජාතියේ උපහාරය හිමිවිය යුතුය. මේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! (අ)
හොද වැඩක්. වගකිව යුත්තෝ මේ වැඩේට 100% ක් උදව් කරයි කියලා බලාපොරුත්තු වෙනවා.(නදී)
මේවට රජය උදවු කරන්න ඕනේ කොච්චර හොද වැඩක්ද උත්සහය අපතේ නොහරින්න (අ)
ඇත්තටම මේ වැඩේ හරියට කලොත් දන උල්පතක් පරිසරයට සම්පතක් ජීවිතයට අත් වැලක්.(නදී)
පමාවී හෝ කරන දේ ගැන අගයමු. මහා ආණ්ඩුව මේ දෙයට සම්පුර්ණයෙන්ම උපකාරී විය යුතුමය.(අ)
ඉතාම හොඳ ව්‍යාපෘතියක්. මේ වගේම අපේ රටේ සරුවට වැවෙන කොස්, කිතුල් හා කංසා ආදියෙන් ප්‍රයෝජන ගන්න ව්‍යාපෘති හදනවානම් කොච්චර හොඳද.(නදී)
කොයි ඔය හමුදාව ඔය වගේ වැඩ වලට යොදනාවට අකමැතිය. කීප දෙනෙක්ක්ගේ වැරදි වලට ඔක්කොටම බනින්න එපා. ඒ අය කරන ගොඩක් වැඩ අපේ අය කරන්න කම්මැලියි. හරියට කරන්නේ නැහැ. බේරේ වැව හොඳම උදාහරණයක්. කොන්ත්‍රාත් දුන්නත් බාගෙට කරන වැඩ. ලස්සනට කරන්නේ මේ අය විතරයි ඒකත් මාසේ පඩියට.(නදී)
ඔබලාගෙන් රටට වෙන සේවය අප අගය කළයුතුයි. සියලු දේ ඉදිරියට ගෙන යාමට ධෛර්යය හා ශක්තිය ලැබේවා! (නි)
පුංචි බණ්ඩා මහතා ඇතුලු සියලුම දෙනාට අපගේ ප්‍රණාමය. (නි)
තරුණ ශ්‍රමය ගම්වල ගොඩක් අපතේ යනවා,ගම්වල් ඉන්න සියලු රැකිය විරහිත තරුණ තරුණියන් සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන මෙවැනි ව්‍යාපෘති රට පුරා ව්‍යාප්ත කරන්න.මෙය අපි ඉතා ඉහලින් අගය කරන්නෙමු (අ)
රටට හොඳ වැඩක් (නි)
ආරක්ෂක අංශ වලට සම්බන්ධ අය මේ වගේ වැඩ කරනවට සමහර දේශපාලුවෝ විරුද්ධ මත පළකරාවී.මොකද නගර අලංකාර කිරීමට හමුදාවේ විරුවන් යොදාගන්න එකටත් දොස් කිව්වනේ. (නි)
පරිසරය වනසන මේ උවදුරෙන් මිදෙන්න මහඟු අවස්ථාවක්. (නි)
තව තවත් ව්‍යාප්ත වෙන වැඩක්ද දන්නෙ නැහැ. අදාල ශිල්පීන්ගෙන් උපදෙස් ගත්තොත් හොදයි. (නි)
ඉතාම හොඳ වැඩක්. කාලයට ඔබින රටට වැඩ දැයි වැඩක්. හැමොම අගය කරන්න ඕන මෙවන් වූ වැඩ කොයි තරම් විශිෂ්ට වැඩක් ද දිගටම මේ වැඩේ කරගෙන යන්න !!! (ස)
කාලයට ඔබින හොද වැඩක්. අගය කරනවා (නි)