IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ස්විස් ඇමැති හොරෙන් දුම්රියේ යයි

ටිකට්ටුවක් නොමැතිව දුම්රියේ ගමන් කරමින් සිටි ස්විට්සර්ලන්ත ප්‍රාන්ත කැබිනට් ඇමැතිවරයකුට දුම්රිය ටිකට් පරීක්ෂකයෙන් විසින් ස්විස් ප්‍රැන්ක් 100ක (රුපියල් 13635) දඩ නියම කළේය.

දඩය නියම කිරීමෙන් පසුව ඇමැතිවරයා වහාම එම දඩ මුදල ගෙවීය.

ඇමැති අත තිබුනේ දෙපැයකට වලංගු ටිකට් පතකි. පරීක්ෂකවරුන් බලන විට එය අවලංගු ටිකට්පතකි.

 ටිකට්ටුවක් ළඟ තිබියදී දඩ ගැසීම අසාධාරණ බවත්, බලධාරීන්ට පැමිණිලි කරන බවත් ඇමැති කීවේය.  

තමන් කටයුතු කරන්නේ රජය පනවා ඇති නීතියට අනුව බව ටිකට් පරීක්ෂක කීය.

 



අදහස් (0)

ස්විස් ඇමැති හොරෙන් දුම්රියේ යයි

ලීල් Friday, 03 May 2013 01:24 AM

මොනවද මේ කියන්නේ? අ‍පේ අය යයිද කෝච්චි වල? (නි)

:       0       0

වසන්ත Friday, 03 May 2013 02:07 AM

බුදු අම්මේ! ලංකාවේ ඔහොම වංචා වැඩ වෙන්නේ නැහැ. (නි)

:       0       0

උපරතන හිමි-ස්වීඩන් Friday, 03 May 2013 02:12 AM

අපිට නම් ඕවා සුලබ සිදුවීම් (නි)

:       0       0

සෑම් Friday, 03 May 2013 04:35 AM

ලංකාවේ නම් ටිකට් පරික්ෂකට හොඳටම ගහලා අදම ඉතාම දුර පළාතකට මාරු කරලා දාල කියයි සේවා අවශ්‍යතාවයකට මාරුකළා කියලා. ඇමතියා හෙන බින්නයක් ඇද බාලා වීරයෙක් වේවී. මේක තමයි අපි ආශ්චර්යයට යනවා කියන්නේ. (නි)

:       0       0

ශිරෝමි Friday, 03 May 2013 02:00 PM

එහෙ මන්ත්‍රිලත් අපේ අය කරන වැඩ කරනවනේ (නි)

:       0       0

ලක්මාල් Friday, 03 May 2013 02:14 PM

අපේ අයගේ නුවන එයාටත් පහලවෙලා වගෙයි (නි)

:       0       0

රකිත් Friday, 03 May 2013 07:28 AM

දඩය ගෙව්වාට මොකද? ඒ ඇමැතිතුමාත් කියන්නේ ටිකට් පතක් ළඟ තිබුන නිසා එය අසාධාරණයි කියලා. මේ ඇමැතිතුමාටත් උගන්වන්න වෙනවා කල් ඉකුත් වූ ටිකට් පතක් කියන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

රුවිනි Friday, 03 May 2013 02:28 PM

එතකොට සුදු වෑන් එකක් පහුවෙනිදා ඇවිත් නැද්ද පරීක්ෂකගේ ගෙදරට? (නි)

:       0       0

ඉෂාර Friday, 03 May 2013 08:18 AM

ඒ රට වල එහෙම තමයි. අයි ඩෝන්ට් නෝ(ව්) වයි? (නි)

:       0       0

සරත් Friday, 03 May 2013 08:36 AM

මෙවැනි පුවත් අදාල දේශපාලුවන්ට නොතේරීම අපේම අවාසනාව. (නි)

:       0       0

සමීර Friday, 03 May 2013 08:57 AM

අපේ රටේ ඇමතිවරයෙක් ජිනීවා ගිය වෙලාවෙවත් හම්බ වුනාද? (නි)

:       0       0

උපුල් Thursday, 02 May 2013 05:45 PM

මට නම් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

කැනඩා දිසා Friday, 03 May 2013 09:21 AM

මේ ඕවා ස්විස්. මේ ලංකාව. ඒක නිසා අපේ අයව ඕවට ගාවගන්න එපා හොදේ. මේක ශ්‍රී ලංකාව. ලෝකෙන් උතුම් රට. ඒක අමතක කරන්න එපා. (නි)

:       0       0

සනත් Thursday, 02 May 2013 05:48 PM

ලංකාවේ නම් පරික්ෂකතුමාට දෙවි පිහිටයි! (නි)

:       0       0

රෝහිත Thursday, 02 May 2013 05:50 PM

මේකට තමයි කියන්නේ නීතිය ක්‍රියාත්ම කරන විදිය... මේ වගේ දෙයක් බැරිවෙලාවත් ලංකාවෙ සිදුවුනානම් එයාට දඩ ගහයිද?( නු)

:       0       0

ලලිත් Friday, 03 May 2013 09:25 AM

අපේ මැති ඇමතිලාට නම් ඔය ප්‍රශ්නය නැහැ. මොකද ඒ අය කවදාවත් කොච්චි වල යන්නේ නැහැනේ. ගියත් පිරිවර සමග සෝබනේටනේ. (නි)

:       0       0

ගාමිණී සිරි Thursday, 02 May 2013 05:54 PM

"ලෝකයේ පාරාදීසය" නමින් විරුදාවලිය ලත් ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත කැබිනට් ඇමතිවරයෙකු දුම්රියේ ටිකට් නැතුව ගිහින් දඩ කෑමට වඩා , ලාංකික අපි ඉතාමත් ආදර්ශයට හා අගය කල යුතුයි ඇමතිවරයෙක් වශයෙන් එතුමා රටේ මහජන සම්පත් කාබාසිනියා නොකර දුම්රියෙන් ගමන් කිරීම ගැන! (නි)

:       0       0

ජ.හේරත් Thursday, 02 May 2013 05:56 PM

ඉගෙන ගනිල්ලා දේශපාලකයිනේ රටක නීතියකට ගරු කරන හැටි (නි)

:       0       0

ශාන්ත Friday, 03 May 2013 09:41 AM

ලංකාවෙ නම් ටිකට් පරීක්ෂක මෙලහට දැඩි සත්කාර ඒකකයේ ඉඳිවි (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 02 May 2013 05:57 PM

මෙවැනි දේවල් අපේ රටේ සිදු නොවේ. එයට හේතුව අපේ මැති ඇමතිවරු දුම්රියෙන් ගමන් නොයන නිසා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 02 May 2013 06:00 PM

අපේ ඇමතිතුමෙක් නම් අධිවේගේ 180 ට ගිහිල්ලත් ඇල්ලුවෙත් නැහැ, දඩගැහුවෙත් නැහැ,දන්නවද?අපි එහෙමයි. (නි)

:       0       0

යොහාන් Thursday, 02 May 2013 06:02 PM

ඒ අයත් අපේ කට්ටිය වගේමයි. (නි)

:       0       0

සේනක Thursday, 02 May 2013 06:02 PM

බලන්නකෝ ...ඒ රටේ ඇමතිලා ගමන් යන්නෙත් පොදු වාහන වලනේ. පව් අනේ.... ලංකාවේ ඉපදුනා නම් කියලා එයාට හිතෙන්න ඇති. එහෙම වුණා නම් ටිකට් පරීක්ෂකගේ ඇටකටු හොයන්න වෙන්නේ කොහේහරි වලකින් තමයි. (නි)

:       0       0

සුනිල් Thursday, 02 May 2013 06:06 PM

ස්විස්ටර්ලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 02 May 2013 06:07 PM

ඒ රටවල එහෙමයි... කාටත් නීතිය පොදුයි..!( නු)

:       0       0

සරත් Friday, 03 May 2013 10:14 AM

එහේ තියන්නේ පැය දෙකකට වලංගු ටිකට් පත්ද. ඒ කියන්නේ ටිකට් එක අරගෙන පැය දෙකකට පෙර ගමනාන්තයට අනිවාර්යෙන්ම යන්න පුලුවන්. ටිකත් එකත් අරගෙන දුම්රිය පොලේ රස්තියාදු ගහන්න බැහැ. හොද ක්‍රමයක්. හැබැයි ඉතින් ප්‍රවාහන සේවයත් හොදට තියෙන්න ඕනෑ ප්‍රමාද නැතිව (නි)

:       0       0

සුසන්ත-ඉතාලිය Thursday, 02 May 2013 06:22 PM

මෙන්න මෙච්චර දියුණු රටවලත් කැබිනට් අමාත්‍යවරු පොදු ප්‍රවාහණ සේවය භාවිතා කරන අපූරුව. ඒකට ලංකාව.. කාට කියන්නද...? (නි)

:       0       0

අජිත් Friday, 03 May 2013 10:41 AM

මේවා කාට කියන්නද?(දී)

:       0       0

මහින්ද වික්‍රමරත්න Friday, 03 May 2013 10:44 AM

ස්විස් වල එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෙහැ .(ස)

:       0       0

විජිත් වෙලිකල Thursday, 02 May 2013 06:33 PM

ඒකට මෙහෙ වුණා නම් ටිකට් පරීක්ෂකගේ කන පලලා, නැත්තන් සුදු වෑන් එකකින් උස්සලා. හැබැයි මේක ලංකාවේ කවදාවත් වෙන්නේ නැහැ, මොකද අපේ ඇමතිලා කවදද පොදු ප්‍රවාහන සේවයෙන් ගමන් කෙරුවේ? (නි)

:       0       0

ගයන් Thursday, 02 May 2013 06:34 PM

ලංකාවේ වුණා නම් ටිකට් පරීක්ෂකගේ ජීවිතෙත් ෂුවර් නැහැ. (නි)

:       0       0

පියල් Friday, 03 May 2013 10:46 AM

අපේ අය සැලියුට් ගහලා අතේ තියන සල්ලිත් දීලා යයි. මේවා අපේ අයට කියලා වැඩක් නැහැ. ඒ වගේ තත්වෙට එන්න කාලාන්තරයක් යයි. (නි)

:       0       0

ඇන්ටන් Thursday, 02 May 2013 06:39 PM

අපේ ලංකාවෙ නම් අල්ලපු කෙනා ගෙදර (නි)

:       0       0

දේශික Thursday, 02 May 2013 06:39 PM

අන්න නීතිය. ඇමතිවරු සහ නිලධාරීන් ආදර්ශයට ගනිමු. අපේ රටත් ස්විස්ටර්ලන්තය වගේ හදමු. (නි)

:       0       0

රූපවතී Friday, 03 May 2013 10:54 AM

අපේ ජාතික රගහළේ මාමලත් මේ වගේ වටිනා ප්‍රවෘත්ති කියවනවා නම් ...? එයාලටත් පුලුවනි වෙනස් විදියේ ෂෝ එකක් අපිට පෙන්වන්න (නි)

:       0       0

හේරත් Friday, 03 May 2013 11:07 AM

කවුරු මොනවා කිවුවත් මේ මාතියා පිස්සු මාමෙක් ද කොහෙද? (නි)

:       0       0

හේරත් Thursday, 02 May 2013 06:46 PM

අපේ රටේ ඇමතිතුමෙක්ගෙන් අහමු දුම්රියේ යන්න ඇමතිතුමා ටිකට් ගන්නවද කියලා. "මම මොන බම්බුවට ද රාලෝ කෝච්චියේ යන්නේ. මගේ නිල වාහනය තියෙද්දී. අනික කෝච්චියේ යන්නේ රස්සාවල් කොරන අය පමණයි" නොකිව්වොත් මෙන්න මගේ කන ඔට්ටුවට? (නි)

:       0       0

සනත් Friday, 03 May 2013 11:08 AM

මේ පුවතට ලැබෙන ප්‍රතිචාර වලින් ගොඩක් දේ කියැවෙනවා. සරත් හරි. දුම්රිය,බස් මේ පොදු ප්‍රවාහන සේවා යුරෝපෙ ඉතා හොඳයි.ඉතාම කලාතුරකින් විනාඩියක් හරි පමාවෙන්නෙ. මේ ඇමති නඩුදානවා නම් ඒ පැය දෙකට එයාව අවශ්‍ය තැනට රැගෙන නොගිය නිසා, ප්‍රමාද වූ නිසා තමන් නිවැරදියි කියලා වෙන්න ඇති සමහරවිට. ළඟදි බ්‍රිතාන්‍ය අගමැතිට දුම්රියේ සීට් නොතිබුණු නිසා හිටගෙන යමක් කියවමින් යන පොටෝ එකක් පුවත්පත්වල පලවුනා. කෝච්චියේ යනකොට එයා අගමැති නෙමෙයි තවත් මගියෙක් විතරයි, ඒ නිසා කවුරුවත් නැගිටලා ඉඩ නොදෙන්න ඇති, නැත්නම් දුන්නත් එපා කියන්ඩ ඇති. අපේ රටේ දේශපාලකයින්ට තියා උපකුලපති කෙනෙකුටවත් එළිමහනෙ යන්න බැහැ. යන්නෙත් නැහැ. දේශපාලනය කරන පිළිවෙලට එහෙම යන්ඩත් බැහැනෙ හතුරොනෙ. ඇරත් යුරෝපෙ මට්ටමට අපේ ප්‍රවාහන පහසුකම් දියුණු වෙලත් නැහැ, දියුණුවෙන පාටකුත් නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 02 May 2013 06:49 PM

කොහොමද ලංකාවේ ඇමති කෙනෙකුට වුණා නම්? පරීක්ෂකගේ ජොබ් එකට දෙවි පිහිට තමා. (නි)

:       0       0

යොහාන් Friday, 03 May 2013 11:12 AM

අපෝ හොර වැඩක් කරලා බේරෙන්න බැරි ඇමතිවරයෙක්. අපේ ලංකාවේ නම් මිනි මරලත් බේරිලා ඉන්නවා. කොහොමද රටවල් දෙකේ වෙනස. අපිට ඇඩෙනවා. (නි)

:       0       0

නයනා Thursday, 02 May 2013 06:52 PM

ලංකාවෙත් ඔහොම තමයි. ඇමතිලට දඩගහනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා (නි)

:       0       0

රත්න Thursday, 02 May 2013 06:54 PM

මේකේ යන්න තිබුනේ අපේ අර කට සැර ඇමතිතුමා. (නි)

:       0       0

කින් බෙනට් Thursday, 02 May 2013 06:54 PM

ගඩාෆි මහත්තයත් කිවුවේ ඔහොම තමයි. අන්තිමේට කොහේ හැංගිලත් බේරෙන්න බැරි වුණා. (නි)

:       0       0

ඇසළ Thursday, 02 May 2013 06:59 PM

අපේ රටේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් ඇල්ලුවා නම් නම් ටිකට් පරීක්ෂකගේ ඔලුව නැතුව තමයි යන්න වෙන්නේ. (නි)

:       0       0

හේරත් Friday, 03 May 2013 11:26 AM

ඇයි මාමේ අපි කළුද. ....අපෙත් දත් වත් සුදු අය නැත්තේම නැහැ. (නි)

:       0       0

මහේෂ් Friday, 03 May 2013 11:33 AM

කව්රු කලත් වැඩේ වැරදි (දී)

:       0       0

සදුනි Thursday, 02 May 2013 07:21 PM

අපේ දේශපාලකයෝ කෝච්චිවල යන්නේ නැති නිසා හොදයි. නැත්නම් පරීක්ෂකවරු දෙන්නා හෙට සිට වව්නියාවේ (නි)

:       0       0

සනත් Friday, 03 May 2013 11:47 AM

නිකමට දැනගන්න ලියන්නෙ. යුරෝපෙ බස් දුම්රිය ටිකට් වර්ග මූලික වශයෙන් දෙකක් තියෙනවා. එකක් ඒ වෙලාවට මැෂින් එකට සල්ලි දාලා හරි කවුන්ටරෙන් හරි එහෙමත් නැතිනම් රියැදුරාගෙන් හරි තමන් වාහනේ ගතකරන කාලයට අදාලව ටිකට් එකක් ගන්න එක. වාහනේට නැගපු හැටියෙ ටිකට් එක වාහනේ ඇතුලෙ තියෙන මැෂින් එකට එන්ටර් කරලා අවලංගු කරගන්ඩ ඕනෑ. කොන්දොස්තරල නැහැ. දොර ඇරගෙන ගමන් බැහැ. හෝල්ට් එකේ පමණයි ස්වයංක්‍රීය දොර ඇරෙන්නෙ. අනෙක අපේ සීසන් ක්‍රමය වගේ එකක් හැබැයි තමන් කැමති ඕනෑම කාලෙකට ඒ කියන්නෙ මාසෙකට හෝ ඊට වැඩි කාලෙකට පාස් එකක් ගන්න එක. හැම ස්ටොප් එකකම ප්‍රදර්ශනය කරලා තියෙනව ඒ ඒ තැනට ළඟාවෙන වෙලාව. ඉතිං හරිම සරලයි. බොහෝවිට රජයේ ප්‍රවාහන සේවා 24 පැයේම, බොහෝවිට විදුලියෙන් නිසා වියදම අඩුයි, ඒ නිසා වාහන ප්‍රමාණය වැඩියි, සෙනග අඩුයි, පහසුකම් වැඩියි, හිරවෙලා යන්න වෙන්නෙම නැහැ. ලංකාවෙ වගේමයි නේද? (නි)

:       0       0

පෙ‍රේරා Thursday, 02 May 2013 07:37 PM

දෙකට තුනට නැමෙන්නේ නැති නිලධාරීන්... අපේ රටේ නම් දෙයියන්ගේ පිහිටයි. (නි)

:       0       0

සම්පත් Thursday, 02 May 2013 07:43 PM

මැති ඇමතිලා හොර කරන්නේ මොන රටේ ද? ස්විට්සර්ලන්තෙ ස්විට්සර්ලන්තෙ ස්විට්සර්ලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... ආපෝ! ස්විස් ඇමතිලා එච්චර දුප්පත් ද? අපේ නම් ප්‍රා.සභාපතිලා යන්නෙත් ප්‍රාඩෝ වල (නි)

:       0       0

උපාලි Thursday, 02 May 2013 07:48 PM

අපෙත් හිටිය වැදගත් මැති ඇමතිවරු. විජයානන්ද දහනායක, විමලසිරි ද මෙල් වගේ නියම මහජන සේවකයෝ. ඒ මහත්වරු කෝච්චියේ ගියේ දැන් සමහරු වගේ සෝබනේට නෙමෙයි (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 May 2013 08:01 PM

පරික්ෂකයාව අල්ලලා ගහක බදින්න තිබුනෙ (නි)

:       0       0

සමන්තා පෙරමුණ Thursday, 02 May 2013 08:15 PM

අපේ ඇමතිලා ඔය වාගේ හොර වැඩ දන්නෙ නැහැනේ.හතර පෝයටම සිල් ගන්න අයනේ. (නි)

:       0       0

සුපුල් Thursday, 02 May 2013 08:29 PM

නීතිය පොඩි මිනිහට විතරද? (දී)

:       0       0

අනුර Thursday, 02 May 2013 08:41 PM

මේ මේ... ඔයාලා මොනවා කිවුවත් ඇමති කෙනෙකුට යන්න පුළුවන් හොද දුම්රියක් තියෙනවද ලංකාවේ? ඒකයි ඒගොල්ලෝ ප්‍රාඩෝ වල යන්නේ (නි)

:       0       0

චන්ද්‍රා යූ.එස්.ඒ Thursday, 02 May 2013 08:49 PM

වෙන රටවල ලංකාවේ වගේ හැමදෙයම නොමිලයේ නැද්ද?..( නු)

:       0       0

විරාජ් Thursday, 02 May 2013 09:45 PM

ජේ වී පි පාලිමේන්තු මන්තිලා නම් යන්නේ පොදු ප්‍රවාහන සේවා වල... (නි)

:       0       0

මුරුගන් Thursday, 02 May 2013 11:12 PM

සදරුවන්... ද සිල්වා... මෙන්න ලෝකේ අනෙක් රටවල්වල නිතිය අපට වඩා උතුම් කියා පෙන්වන එක උදාහරණයක්.( නු)

:       0       0

මහේෂ් Thursday, 02 May 2013 11:13 PM

මෙන්න ඊනියා බටහිර විරෝදී සදරුවන්ට ඉරිසියාවේ පුපුරන්න පුළුවන් අවස්ථාවක් (නි)

:       0       0

ජෝයි Thursday, 02 May 2013 11:16 PM

යොහාන්, මේවා වෙන රටවලට සාමාන්‍ය දේවල්. යොහාන්ට කලන්තේ වගේ දැනෙනවද මේවා දකිද්දී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 9 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 21 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 43 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 89 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 105 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site