ටිකට්ටුවක් නොමැතිව දුම්රියේ ගමන් කරමින් සිටි ස්විට්සර්ලන්ත ප්‍රාන්ත කැබිනට් ඇමැතිවරයකුට දුම්රිය ටිකට් පරීක්ෂකයෙන් විසින් ස්විස් ප්‍රැන්ක් 100ක (රුපියල් 13635) දඩ නියම කළේය.
දඩය නියම කිරීමෙන් පසුව ඇමැතිවරයා වහාම එම දඩ මුදල ගෙවීය.
ඇමැති අත තිබුනේ දෙපැයකට වලංගු ටිකට් පතකි. පරීක්ෂකවරුන් බලන විට එය අවලංගු ටිකට්පතකි.
ටිකට්ටුවක් ළඟ තිබියදී දඩ ගැසීම අසාධාරණ බවත්, බලධාරීන්ට පැමිණිලි කරන බවත් ඇමැති කීවේය.
තමන් කටයුතු කරන්නේ රජය පනවා ඇති නීතියට අනුව බව ටිකට් පරීක්ෂක කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ නම් ටිකට් පරීක්ෂක මෙලහට දැඩි සත්කාර ඒකකයේ ඉඳිවි (නි)
ජේ වී පි පාලිමේන්තු මන්තිලා නම් යන්නේ පොදු ප්‍රවාහන සේවා වල... (නි)
සදරුවන්... ද සිල්වා... මෙන්න ලෝකේ අනෙක් රටවල්වල නිතිය අපට වඩා උතුම් කියා පෙන්වන එක උදාහරණයක්.( නු)
මෙන්න ඊනියා බටහිර විරෝදී සදරුවන්ට ඉරිසියාවේ පුපුරන්න පුළුවන් අවස්ථාවක් (නි)
යොහාන්, මේවා වෙන රටවලට සාමාන්‍ය දේවල්. යොහාන්ට කලන්තේ වගේ දැනෙනවද මේවා දකිද්දී. (නි)
මොනවද මේ කියන්නේ? අපේ අය යයිද කෝච්චි වල? (නි)
බුදු අම්මේ! ලංකාවේ ඔහොම වංචා වැඩ වෙන්නේ නැහැ. (නි)
අපිට නම් ඕවා සුලබ සිදුවීම් (නි)
ලංකාවේ නම් ටිකට් පරික්ෂකට හොඳටම ගහලා අදම ඉතාම දුර පළාතකට මාරු කරලා දාල කියයි සේවා අවශ්‍යතාවයකට මාරුකළා කියලා. ඇමතියා හෙන බින්නයක් ඇද බාලා වීරයෙක් වේවී. මේක තමයි අපි ආශ්චර්යයට යනවා කියන්නේ. (නි)
දඩය ගෙව්වාට මොකද? ඒ ඇමැතිතුමාත් කියන්නේ ටිකට් පතක් ළඟ තිබුන නිසා එය අසාධාරණයි කියලා. මේ ඇමැතිතුමාටත් උගන්වන්න වෙනවා කල් ඉකුත් වූ ටිකට් පතක් කියන්නේ මොකක්ද කියලා (නි)
ඒ රට වල එහෙම තමයි. අයි ඩෝන්ට් නෝ(ව්) වයි? (නි)
මෙවැනි පුවත් අදාල දේශපාලුවන්ට නොතේරීම අපේම අවාසනාව. (නි)
අපේ රටේ ඇමතිවරයෙක් ජිනීවා ගිය වෙලාවෙවත් හම්බ වුනාද? (නි)
මේ ඕවා ස්විස්. මේ ලංකාව. ඒක නිසා අපේ අයව ඕවට ගාවගන්න එපා හොදේ. මේක ශ්‍රී ලංකාව. ලෝකෙන් උතුම් රට. ඒක අමතක කරන්න එපා. (නි)
අපේ මැති ඇමතිලාට නම් ඔය ප්‍රශ්නය නැහැ. මොකද ඒ අය කවදාවත් කොච්චි වල යන්නේ නැහැනේ. ගියත් පිරිවර සමග සෝබනේටනේ. (නි)
වෙන රටවල ලංකාවේ වගේ හැමදෙයම නොමිලයේ නැද්ද?..( නු)
එහේ තියන්නේ පැය දෙකකට වලංගු ටිකට් පත්ද. ඒ කියන්නේ ටිකට් එක අරගෙන පැය දෙකකට පෙර ගමනාන්තයට අනිවාර්යෙන්ම යන්න පුලුවන්. ටිකත් එකත් අරගෙන දුම්රිය පොලේ රස්තියාදු ගහන්න බැහැ. හොද ක්‍රමයක්. හැබැයි ඉතින් ප්‍රවාහන සේවයත් හොදට තියෙන්න ඕනෑ ප්‍රමාද නැතිව (නි)
මේවා කාට කියන්නද?(දී)
ස්විස් වල එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෙහැ .(ස)
අපේ අය සැලියුට් ගහලා අතේ තියන සල්ලිත් දීලා යයි. මේවා අපේ අයට කියලා වැඩක් නැහැ. ඒ වගේ තත්වෙට එන්න කාලාන්තරයක් යයි. (නි)
අපේ ජාතික රගහළේ මාමලත් මේ වගේ වටිනා ප්‍රවෘත්ති කියවනවා නම් ...? එයාලටත් පුලුවනි වෙනස් විදියේ ෂෝ එකක් අපිට පෙන්වන්න (නි)
කවුරු මොනවා කිවුවත් මේ මාතියා පිස්සු මාමෙක් ද කොහෙද? (නි)
මේ පුවතට ලැබෙන ප්‍රතිචාර වලින් ගොඩක් දේ කියැවෙනවා. සරත් හරි. දුම්රිය,බස් මේ පොදු ප්‍රවාහන සේවා යුරෝපෙ ඉතා හොඳයි.ඉතාම කලාතුරකින් විනාඩියක් හරි පමාවෙන්නෙ. මේ ඇමති නඩුදානවා නම් ඒ පැය දෙකට එයාව අවශ්‍ය තැනට රැගෙන නොගිය නිසා, ප්‍රමාද වූ නිසා තමන් නිවැරදියි කියලා වෙන්න ඇති සමහරවිට. ළඟදි බ්‍රිතාන්‍ය අගමැතිට දුම්රියේ සීට් නොතිබුණු නිසා හිටගෙන යමක් කියවමින් යන පොටෝ එකක් පුවත්පත්වල පලවුනා. කෝච්චියේ යනකොට එයා අගමැති නෙමෙයි තවත් මගියෙක් විතරයි, ඒ නිසා කවුරුවත් නැගිටලා ඉඩ නොදෙන්න ඇති, නැත්නම් දුන්නත් එපා කියන්ඩ ඇති. අපේ රටේ දේශපාලකයින්ට තියා උපකුලපති කෙනෙකුටවත් එළිමහනෙ යන්න බැහැ. යන්නෙත් නැහැ. දේශපාලනය කරන පිළිවෙලට එහෙම යන්ඩත් බැහැනෙ හතුරොනෙ. ඇරත් යුරෝපෙ මට්ටමට අපේ ප්‍රවාහන පහසුකම් දියුණු වෙලත් නැහැ, දියුණුවෙන පාටකුත් නැහැ. (නි)
අපෝ හොර වැඩක් කරලා බේරෙන්න බැරි ඇමතිවරයෙක්. අපේ ලංකාවේ නම් මිනි මරලත් බේරිලා ඉන්නවා. කොහොමද රටවල් දෙකේ වෙනස. අපිට ඇඩෙනවා. (නි)
ඇයි මාමේ අපි කළුද. ....අපෙත් දත් වත් සුදු අය නැත්තේම නැහැ. (නි)
කව්රු කලත් වැඩේ වැරදි (දී)
නිකමට දැනගන්න ලියන්නෙ. යුරෝපෙ බස් දුම්රිය ටිකට් වර්ග මූලික වශයෙන් දෙකක් තියෙනවා. එකක් ඒ වෙලාවට මැෂින් එකට සල්ලි දාලා හරි කවුන්ටරෙන් හරි එහෙමත් නැතිනම් රියැදුරාගෙන් හරි තමන් වාහනේ ගතකරන කාලයට අදාලව ටිකට් එකක් ගන්න එක. වාහනේට නැගපු හැටියෙ ටිකට් එක වාහනේ ඇතුලෙ තියෙන මැෂින් එකට එන්ටර් කරලා අවලංගු කරගන්ඩ ඕනෑ. කොන්දොස්තරල නැහැ. දොර ඇරගෙන ගමන් බැහැ. හෝල්ට් එකේ පමණයි ස්වයංක්‍රීය දොර ඇරෙන්නෙ. අනෙක අපේ සීසන් ක්‍රමය වගේ එකක් හැබැයි තමන් කැමති ඕනෑම කාලෙකට ඒ කියන්නෙ මාසෙකට හෝ ඊට වැඩි කාලෙකට පාස් එකක් ගන්න එක. හැම ස්ටොප් එකකම ප්‍රදර්ශනය කරලා තියෙනව ඒ ඒ තැනට ළඟාවෙන වෙලාව. ඉතිං හරිම සරලයි. බොහෝවිට රජයේ ප්‍රවාහන සේවා 24 පැයේම, බොහෝවිට විදුලියෙන් නිසා වියදම අඩුයි, ඒ නිසා වාහන ප්‍රමාණය වැඩියි, සෙනග අඩුයි, පහසුකම් වැඩියි, හිරවෙලා යන්න වෙන්නෙම නැහැ. ලංකාවෙ වගේමයි නේද? (නි)
එහෙ මන්ත්‍රිලත් අපේ අය කරන වැඩ කරනවනේ (නි)
අපේ අයගේ නුවන එයාටත් පහලවෙලා වගෙයි (නි)
එතකොට සුදු වෑන් එකක් පහුවෙනිදා ඇවිත් නැද්ද පරීක්ෂකගේ ගෙදරට? (නි)
අන්න නීතිය. ඇමතිවරු සහ නිලධාරීන් ආදර්ශයට ගනිමු. අපේ රටත් ස්විස්ටර්ලන්තය වගේ හදමු. (නි)
ලංකාවේ නම් පරික්ෂකතුමාට දෙවි පිහිටයි! (නි)
මේකට තමයි කියන්නේ නීතිය ක්‍රියාත්ම කරන විදිය... මේ වගේ දෙයක් බැරිවෙලාවත් ලංකාවෙ සිදුවුනානම් එයාට දඩ ගහයිද?( නු)
"ලෝකයේ පාරාදීසය" නමින් විරුදාවලිය ලත් ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත කැබිනට් ඇමතිවරයෙකු දුම්රියේ ටිකට් නැතුව ගිහින් දඩ කෑමට වඩා , ලාංකික අපි ඉතාමත් ආදර්ශයට හා අගය කල යුතුයි ඇමතිවරයෙක් වශයෙන් එතුමා රටේ මහජන සම්පත් කාබාසිනියා නොකර දුම්රියෙන් ගමන් කිරීම ගැන! (නි)
ඉගෙන ගනිල්ලා දේශපාලකයිනේ රටක නීතියකට ගරු කරන හැටි (නි)
මෙවැනි දේවල් අපේ රටේ සිදු නොවේ. එයට හේතුව අපේ මැති ඇමතිවරු දුම්රියෙන් ගමන් නොයන නිසා. (නි)
අපේ ඇමතිතුමෙක් නම් අධිවේගේ 180 ට ගිහිල්ලත් ඇල්ලුවෙත් නැහැ, දඩගැහුවෙත් නැහැ,දන්නවද?අපි එහෙමයි. (නි)
ඒ අයත් අපේ කට්ටිය වගේමයි. (නි)
බලන්නකෝ ...ඒ රටේ ඇමතිලා ගමන් යන්නෙත් පොදු වාහන වලනේ. පව් අනේ.... ලංකාවේ ඉපදුනා නම් කියලා එයාට හිතෙන්න ඇති. එහෙම වුණා නම් ටිකට් පරීක්ෂකගේ ඇටකටු හොයන්න වෙන්නේ කොහේහරි වලකින් තමයි. (නි)
ස්විස්ටර්ලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.... (නි)
ඒ රටවල එහෙමයි... කාටත් නීතිය පොදුයි..!( නු)
මෙන්න මෙච්චර දියුණු රටවලත් කැබිනට් අමාත්‍යවරු පොදු ප්‍රවාහණ සේවය භාවිතා කරන අපූරුව. ඒකට ලංකාව.. කාට කියන්නද...? (නි)
ඒකට මෙහෙ වුණා නම් ටිකට් පරීක්ෂකගේ කන පලලා, නැත්තන් සුදු වෑන් එකකින් උස්සලා. හැබැයි මේක ලංකාවේ කවදාවත් වෙන්නේ නැහැ, මොකද අපේ ඇමතිලා කවදද පොදු ප්‍රවාහන සේවයෙන් ගමන් කෙරුවේ? (නි)
ලංකාවේ වුණා නම් ටිකට් පරීක්ෂකගේ ජීවිතෙත් ෂුවර් නැහැ. (නි)
අපේ ලංකාවෙ නම් අල්ලපු කෙනා ගෙදර (නි)
මට නම් හිතාගන්න අමාරුයි (නි)
අපේ රටේ ඇමතිතුමෙක්ගෙන් අහමු දුම්රියේ යන්න ඇමතිතුමා ටිකට් ගන්නවද කියලා. "මම මොන බම්බුවට ද රාලෝ කෝච්චියේ යන්නේ. මගේ නිල වාහනය තියෙද්දී. අනික කෝච්චියේ යන්නේ රස්සාවල් කොරන අය පමණයි" නොකිව්වොත් මෙන්න මගේ කන ඔට්ටුවට? (නි)
කොහොමද ලංකාවේ ඇමති කෙනෙකුට වුණා නම්? පරීක්ෂකගේ ජොබ් එකට දෙවි පිහිට තමා. (නි)
ලංකාවෙත් ඔහොම තමයි. ඇමතිලට දඩගහනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා (නි)
මේකේ යන්න තිබුනේ අපේ අර කට සැර ඇමතිතුමා. (නි)
ගඩාෆි මහත්තයත් කිවුවේ ඔහොම තමයි. අන්තිමේට කොහේ හැංගිලත් බේරෙන්න බැරි වුණා. (නි)
අපේ රටේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් ඇල්ලුවා නම් නම් ටිකට් පරීක්ෂකගේ ඔලුව නැතුව තමයි යන්න වෙන්නේ. (නි)
අපේ දේශපාලකයෝ කෝච්චිවල යන්නේ නැති නිසා හොදයි. නැත්නම් පරීක්ෂකවරු දෙන්නා හෙට සිට වව්නියාවේ (නි)
දෙකට තුනට නැමෙන්නේ නැති නිලධාරීන්... අපේ රටේ නම් දෙයියන්ගේ පිහිටයි. (නි)
මැති ඇමතිලා හොර කරන්නේ මොන රටේ ද? ස්විට්සර්ලන්තෙ ස්විට්සර්ලන්තෙ ස්විට්සර්ලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... ආපෝ! ස්විස් ඇමතිලා එච්චර දුප්පත් ද? අපේ නම් ප්‍රා.සභාපතිලා යන්නෙත් ප්‍රාඩෝ වල (නි)
අපෙත් හිටිය වැදගත් මැති ඇමතිවරු. විජයානන්ද දහනායක, විමලසිරි ද මෙල් වගේ නියම මහජන සේවකයෝ. ඒ මහත්වරු කෝච්චියේ ගියේ දැන් සමහරු වගේ සෝබනේට නෙමෙයි (නි)
පරික්ෂකයාව අල්ලලා ගහක බදින්න තිබුනෙ (නි)
අපේ ඇමතිලා ඔය වාගේ හොර වැඩ දන්නෙ නැහැනේ.හතර පෝයටම සිල් ගන්න අයනේ. (නි)
නීතිය පොඩි මිනිහට විතරද? (දී)
මේ මේ... ඔයාලා මොනවා කිවුවත් ඇමති කෙනෙකුට යන්න පුළුවන් හොද දුම්රියක් තියෙනවද ලංකාවේ? ඒකයි ඒගොල්ලෝ ප්‍රාඩෝ වල යන්නේ (නි)