රජරට ,කොළඹ, ජයවර්ධනපුර හා සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුහු 600ක් පමණ අනුරාධපුර නව බස් නැවතුම්පොළේ අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
යාපන හන්දියේ සිට පෙළපාළියේ ආ සිසුහු බස් නැවතුම්පොළේ මහ පාරේ වාඩි වී සිටියහ.
රජරට සිසුන් 27 දෙනකුගේ පන්ති තහනම ඉවත් කැර සුභ සාධන ගැටළු ඉවත් කැර දෙන්නැයි ඔවුහු කියති.
අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ උද්ඝෝෂණය මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනෙන් ඉගනගෙන ඉහලට ආපු කෙනෙකුටත් හරියට ඉගෙන නොගෙන පිස්සු නටපු කෙනෙකුටත් අධ්‍යාපනට එක හා සමාන අවස්ථාවක් තිබුනා. මේ මිනිසුන්ගේ අදහස් දැක්කම නොමිලේ සේවේ කරන්න නෙමෙයි තියෙන්නේ. එ්ක නිසා මම කියන්නේ මෙවැනි කුහක අදහස් ඇති මිනිස්සුන්ට හා එයාල කැමති පාලකයන්ට ඕන දෙයක් මේ රටේ කරගන්න කියල උගතුන්ට තියෙන්නේ හොඳ උනත් නරක උනත් මේ රට හැර යාම තමා. මට දුක මේ රටේ සිටින සුලුතරයක් ඌ අහිංසක ජනතාව ගැන පමණි. දිවා රාත්‍රී දුෂිත දේශපාලකයන්ට කඩේ යන මිනිසුනි ඔබට මෙය තේරුම් ගැනීමට බුද්දිය පහල වන විට විය යුතු සියල්ල සිදු වී තිබේවි.(නදී)
අපේ රටේ විශ්ව විද්‍යාල දරුවන් ට නිදහස් අධ්‍යාපනයේ වටිනා කමක් නැහැ. පිටරටවල් වල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කම්කරු රැකියා කරමින් තමා ඉගෙන ගන්න සල්ලි සොයා ගන්නේ. අපේ රටේ අම්ම ල වගේ මෙහෙ අම්ම ල උදේට බත් එක උයලා අතට දෙන්නේ නැහැ . දිස්නලා වගේ තමන් ගැන නොසිතා ඉගෙන ගන්න උදව් කරන අක්ක ල නැහැ. ලංකාවේ ඉපදිලා මෙහෙම අධ්‍යාපන වාසනාවක් ලැබෙන එක තේරෙන්න පිටරටකට ගිහින් ඉගෙන ගන්න ඕන. (නදී)
විමුක්ති, ජිලෝ දිස්නගේ අදහස් දැක්කම මට මතක් වුනා මෑතකදී ගෙල වැලලාගෙන මියගිය නිශාන්ත සිසුවා ගැනත්. ඔයාල ජයග්‍රහණය කරවන්න හදන්නේ එහෙම නිදහස් අධ්‍යාපනයක්ද? මෙහෙ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වෙන්න නිකන් ඉගෙනගෙන. වැඩි සල්ලි හම්බ කරන්න රට හැර යනවා කියන්නේ උගතුන්ට තැනක් නෑ කියල. එච්චර අවංක නම් මෙහෙ ඉඳගෙන රටට සේවය කරන්න එපාය. (ස)
විමුක්ති, කේන්ති ගන්න එපා අමාලි කියන කතාව හරි, අපි අනුරාධපුරේට ගොඩාක් ඈත ගමක. මගේ නංගියි මල්ලියි (නිවුන්නු) දෙන්නම විශ්වවිද්‍යාලෙ, මගේ තාත්ත දැනට අවුරුදු 5 කට කලින් මියගියා හෘදයා ආබාදයකින්. ඔහු වේදනාවෙන් කෑගහද්දී කිසිම දොස්තර මහතෙක් වත්, හෙදියක්වත් බලල නෑ බොරුවට කෑගහනවා කියලා. මගේ අම්ම පොලේ පලතුරු විකුනනවා. ඇයත් ඇදුම රෝගෙන් පෙලනවා. මමත් කොළඹ කාර්යාලයක සුළු රැකියාවක් කරනවා. නංගිටයි මල්ලිටයි වියදම් කරන්නේ මම. මට විවාහයක් ගැන හිතන්න බයයි ඒ දෙන්නට වියදම් කරන්න ඉඩක් නොලැබෙයි කියලා. ඒ දෙන්නට ඉක්මනට කැම්පස් එකෙන් එලියට ඇවිදින් රැකියාවක් කරන්න ඕනේ මමයි අම්මයි විදින දුක බලාගන ඉන්න බැරුව. මගේ මල්ලි කිසිම දේශපාලනයකට නෑ. එත් අන්තරෙන් කරදරයිලු උඹ ගමේ ඉදල ආපු එකෙක් නේද අයි අපිට එකතු වෙන්නේ නැත්තේ කියලා. මල්ලිට දවසක් ගහලත් තියෙනවා. ඉතින් විමුක්ති ඕකද ඔයා බලාපොරොත්තු වෙන නිදහස් අධ්‍යාපනේ. මල්ලි නම් කියනව නිදහසේ ඉගනගන ඉක්මනට කැම්පස් එකෙන් එලියට ඇවිත් රස්සාවක් හොයාගන්න පුළුවන් එකට බාධා කරන්නේ අන්තරේ තමයි කියලා.(නදී)
හා හා ඇයි මේ අමාලි කුඩු කාරයෙකුගේ ගොඩට දාන්නේ. මම ඔය දෙන්නම වෙනුවෙන් හීනෙන් වත් පෙනී ඉන්නේ නෑ. මම කතා කලේ මේ අහිංසක ළමයි ගැන විතරයි.(නදී)
විමුක්ති නිදහස් අධ්‍යාපනය ගැන විතරක් නෙවේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන ඉහලට යන අයගෙන් ඉටුවිය යුතු යුතුකම් ගැනත් හෘද ශාක්ෂියට එකගව කතා කරන්න. බොරුවට නිදහස් අධ්‍යාපනය ගැන විතරක් ලොකු කතා කියන්නේ නැතුව. මමත් විශ්ව විද්‍යාලේ ගිය කෙනෙක් තමා. එ්කයි බය නැතුව අන්තරේ ගැන කතා කරන්නේ මම හොදටම දන්නා නිසා. උසස් අධ්‍යාපන ඇමැතිතුමාත් අන්තරේ හිටපු කෙනෙක් තමා. තවත් අන්තරේ ඉදල ගිය කෙනෙක් නීතීඤ මහත්තයෙක් වෙලා පොලිසිය මත්කුඩුවලට සම්බන්ද පිරිසක් අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඒ අයව නිදහස් කරගන්න පොලිසියට විරුද්ධව සටන් කළා. ලොකු අරගලයක් කළා එයා. එයත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉහල ගිය කෙනෙක් තමා. (නදී)
ප්‍රතිලාබ බලාගෙන කඩේ යාමට අන්තරය පලක් නැති බව ඔබට තේරෙන්නේ නැද්ද අමාලි ප්‍රතිලාබ බලාගෙන කතාකරනවන්ම් අතේ සතේ නැතිව පාරට වැටිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් ගැන කතා කරලා වැඩක් නෑ මේ කතා කරන්නේ අපිටත් වඩා මේ රටේ නිදහස් අද්‍යාපනය ගැන දුක්වෙන අපගේ හෘද සාක්ෂිය මිස අන් කිසිවක් නොවේ. (දී)
විමුක්ති ඔයා අන්තරේට කඩේ ගියාට කමක් නෑ එකෙන් ඔයාට මොනවහරි ප්‍රතිලාබ ඇතිනේ. එක ඔයාගේ කැමැත්ත අපිට කියන්න ඕනේ ඔය පාරවල් වල සටන් පාඨ කියමින් කගගහ ගිය අයම තමා නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගනගන ඉහලට ගියාම අහිංසක මිනිස්සුන්වම හුරගන කන්නේ කියල. එතකොට මතක නෑ නිදහස් අධ්‍යාපනේට සල්ලි ගෙවුවේ කාගේ බදු වලින්ද කියල. (අ)
සිසුන්ට වගේම පාරේ යන මහජනතාවටත් අයිතියක් තියෙනවා කරදරයක් නැතුව පාරේ යන්න. (නදී)
දිස්නා, ඔබේ කතාව හරිම සංවේදියි. මට නම් කියන්න තියෙන්නේ පවුලට උදව් කරන ගමන් ඔබත් ඔබේ දියුණුව සළසා ගන්න. කුමක් හෝ වෘත්තීය අධ්‍යාපනයක් වැඩිදුර හදාරා ඔබේ රැකියාව දියුණු කර ගන්න. කාන්තාවක් වන ඔබ කාගේ හෝ රැකවරණය ලබා යහතින් මෙන්ම සතුටින් ජීවත් විය යුතුයි (නි)
වෛද්‍ය උපාදියක මිල රුපියල් ලක්ෂ 65 ක් විතර වෙනවා. ඒ කියන්නේ ඇමෙරිකානු ඩොලර් 50000 ක් ලක්ෂ 65 ක් වියදම් කරන්න මට නම් ඇත්තටම පුළුවන් ජය වේවා. හැබැයි මට දුකක් තියෙන්නේ ඒ ශක්තිය මට ලැබුනේ නිදහස් අධ්‍යාපනෙන් කියල මතක් වෙන කොට තමා. (නදී)
අපි හැමෝම තමතමන්ගේ වැරදි අවබෝද කර ගෙන වැරදි හදාගත්තොත් අපේ රටට යහපතක් වෙයි. අපේ රටේ අනාගතය තිබෙන්නේ මහා ජනතාවගේ අතේ බව අමතක නොකරන්න. අපි වැරදී කරලා දේසපාලනය පටලවාගෙන හරියන්නෙත් නැ රටේ ඉන්න බලවතුන් වැරදි කරලා මහා ජනතාව මත පටෝල හරියන්නෙත් නැහැ. මම වැඩ කරන්නේ පිට රටක අපේ රටේ තිබෙන නිදහස වෙන කිසිම රටක නැ මම හිතන්නේ මේවට මුලික හේතුව අපේ රටේ තිබෙන නිදහස වැඩිකම. හොද නීති පද්දතියක් ගෙනල්ල මේ තිබෙන නිදහස අඩු කොරොත් අපට හොද ගමනක් යන්න පුලුවන් වෙයි.(නදී)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන අය කැම්පස් එකෙන් එලියට ඇවිල්ල එක්කෝ දේශපාලනය කරනවා, සමහරු ආණ්ඩුවේ ඉහල නිල තල ලබා ගන්නවා. දේශපාලනය කරන එවුන් මහජනතාවගේ මුදල් හුරගන කනවා. අනිත් අයත් එක්කෝ කොමිස් ගහනවා වගේ දේවල් කරනවා. (හැමෝම නෙවේ බහුතරයක්). එක්කෝ වැඩ වර්ජන කරලා අහිංසක රෝගීන් මරාගන්නවා. දැන් නොමිලේ නිදහස් අධ්‍යාපනය කියල කෑගහන අය මින්ස්සුන්ට නොමිලේ සේවය කරනවද අවංකව. එහෙනම් මොකටද පුද්ගලික රෝහල් , ටියුෂන් ...! (අ)
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට ජය වේවා .! (ස)
දොස්තරලා ජීවිත එක්කයි වැඩකරන්නේ. මට මෙඩිකල් කොලේජ් යන්න බැරිවුනේ ලකුනු 3 ක් මදි වු නිසයි. මා ලංකාවේ විශ්වවිද්‍යාලයට ගොස් දැන් පිටරට වැඩ කරනවා. නමුත් වැඩ තුන සමත් වු මගේ සමහර මිතුරන් අද වෛද්‍යවරුන් වී සිටිනවාත මගේ දෙමව්පියන්ට මා පිටරට විශ්ව විද්‍යාලයකට යවන්න මුදල් තිබුනේ නැහැ නමුත් ඔවුන්ට එසේ කළා. මට තම් සු නමුත් මම පෞද්ගලිකවම දන්නවා ඔවුන් එම වෘත්තිය හොඳින් කරන්නේ නැහැ. නමුත් ලකුනු 5 ක් 6 ක් මදිවු මගේ යාළුවෝ ඉන්නවා පිටරට ගිහින් ඉගෙනගත් අය. ඔවුන් ඉතා හොඳින් ඉගෙන ගෙන අද වන විට කන්සල්ටන්ට්ලා විදිියට හොඳ සේවයක් කරනවා. ඔතනයි වෙනස.
උසස් අධ්‍යාපනය සදහා මුදල් අය කළ යුතු කාලය එළැඹ ඇත. (ස)
මෙතන සිටින බොහෝ සිසුන් කැමැත්තෙන් පාරේ සිටිනවා විය නොහැක. , අන්තරයේ පාලනයෙන් විශ්ව විද්‍යාල ගලවා ගැනීමට නම් සිසුන්ට විශ්ව විද්‍යාල තුල දේශපාලනය තහනම් කරලා යුතුයි. මිලියන ගණන් වියදම් කොට මාධ්‍ය සංදර්ශන කරන පාලකයින් අහිංසක සිසුන්ගේ ඉල්ලීම් සලකා බල අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුය. එවිට කිසිම සිසුවකුට පාරේ උද්ඝෝෂණ කිරීමේ අවශ්‍ය තාවයක් නොවනු ඇති .(දිල්)
මේ දරුවෝ මොන අයිතිද ඉල්ලන්නේ පාඩුවේ ඉගන ගන්නේ නැතිව.දරුවනේ පාඩුවේ ඉගනගන්න ඔබලාගේ වටිනා කාලය අපතේ නොයවා.(දිල්)
සමහරුන්ගේ මානසික තත්වේ මොකද්ද කියල මේකට අදහස් දාන ස්වාධීන මනසක් ඇති සේරටම තේරිලා තියෙනේ. උගත් වැදගත් වෙන්න බලන්න. (ස)
විමුක්ති ඔය සටන් කරන අය දොස්තරලා ගුරුවරු ඉංජිනේරුවරු නිදහස් අධ්‍යාපනයෙන් මහජනතාවගේ බදු මුදලින් ඉහලට අවහම ඒ අපු දවසේ ඉදල සේවය කරන්න වෙලාවක් නෑ වැඩ වර්ජන . බහුතරයක් වැඩි පඩි ඉල්ලල්ල. ඒ වුනාට ටියුෂන් පන්ති පුද්ගලික රෝහල්වල වැඩ. බෙහෙත් ටික පවා වංචා කරනවා. මතක තියා ගන්න ඔය සටන් කරන්නේ ඕව නැතිවෙයි කියල. වකගඩු ජාවාරම් බෙහෙත් ජාවාරම් කරන්නේ මේ අහිංසක අපි ද. රාජකාරී වෙලාවේ පුද්ගලික සේවය දෙන්න කවුද. (අ)
ලංකාවේ ඉන්න ඔයාලටත් සුභම සුබ අනාගතයක් මොනව උනත් ඔයාලට හෙට අනිද්දා ලෙඩක් උනාම බෙහෙත් දෙන්න ඉන්න ඔයාලගේ ළමයින්ට උගන්නන්න ඉන්න රටේ සංවර්ධනයට දායක වෙන්න ඉන්න බුද්දිමත් දුල පුතාල ගැනත් මධ්‍යස්තව හිතන්න මේ ත්‍රස්තවාදියෝ නෙමෙයි හෙට රට බාරගන්න ඉන්න වෛද්‍ය වරු ඉංජිනේරුවෝ කළමනාකරුවෝ ගුරුවරු බව අමතක කරන්නත් එපා ඉගෙන ගන්න ළයින්ට වෛර කරනත් එපා. (අ)
විමුක්තිට ගොඩක් කේන්ති ගිහින් වගේ. කේන්තිය වැඩි නිසා තමා විමුක්තිලා ඔය සේරම කරන්නේ. ඇති හැකි අය ගැන කේන්ති ගත්තොත් අපේම තමා ලේ පිච්චෙන්නේ. (ස)
විමුක්ති සාමයෙන් ජීවත් වෙන්න බලන්න. ඔයාට සුබ අනාගතයක්. (ස)
මම විශ්ව විද්‍යාලයේ හදාරන්න ගත්ත සිවු අවුරුදු උපාධිය ඉවර වෙනකොට වයස තිහට කිට්ටුයි . මගේ අදක්ෂ කමකට නෙවෙයි. හැමදාම විශ්ව විද්‍යාල වහලා. අන්තරේ කොන්තරේ මොකද්ද කියලා හිතාගන්න බැහැ. කොළඹින් ආපු කෙනෙක් නම් නවක වාදය දෙගුණයක්. පුදුම හීනමානයක් තියෙන්නේ. අපි ඉංග්‍රීසි යෙන් වචන 5 ක් කතා කලොත් කුණුහරුප වැලයි. මම කොළඹ පාසලකින් ආපු නිසා මට දස වද දුන්නා. අපිට ඉගෙන ගන්න හරියට බාධා කළා. ඒ නිසා මට විමුක්තිගේ අදහස් ගැන පුදුමයක් නැහැ. අන්තිමට කිව්වොත් නවක වදය දෙන්නෙත් නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියලා මට පුදුමයක් නැහැ. (අ)
වෙන කවුරුත් නෙවේ විමුක්ති කේන්ති ගන්නෙත් වෛර කරන්නෙත් ඔයාමනේ. අන්න දැන් බලල මල්ලෙන් එලියට පැන්නා. නයිට් ක්ලබ් යන කාර් පැදලා ඉන්න යට ඊර්ෂ්‍යා කරන්නේ කවුද. අපි නම් හිතන්නේ ඒක ඒ අයගේ පින කියලා. ඔයාල වගේ අය එහෙම හිතන්නේ නෑ එකට ඊර්ශ්‍ය කර කර පුපුර පුපුර පුළුවන් තරම් පළිගන්නවා. (අ)
කවුරුත් කේන්ති ගන්න එපා වෛර කරනත් එපා මේ අපේ රටේ අහිංසක අම්ම තාත්තගේ දරුවෝ මෙයාල නයිට් ක්ලබ් යන මහජන මුදල් වලින් කාර් පදින අය නෙමෙයි (අ)
විමුක්ති, මේකට දාල තියෙන අදහස් ඔයාට මනාප කීයක් තියෙනවද කියල ගණන් කරලා බලන්න. එක්කෝ ඔය පීල්ලේම යන්න. නැත්නම් පක්ෂ මාරු කරන්න. මනාප අඩුයි වගේ මට නම් පෙන්නේ. ඇපත් නෑ වගේ පෙන්නේ. (ස)
මේ දරුවන්ට බනින හැමෝම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විභාග අසමත් උන අය. (ස)
විමුක්තිලගේ විමුක්තිය උදෙසා තමයි දහස් ගණනක් තරුණ ජීවිත දෙපාරකදී මේ රටේ අමානුෂික ඉරණම් වලට ගොදුරු වෙලා පොළවට පස් වුණේ.විශ්ව විද්‍යාල තමන්ගේ කඳවුරු කරගෙන විශ්ව විද්‍යාල සිසුන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කරවා කුරිරු මරණ වලට මඟ පාදවපු අය ගැන විමුක්ති නොදන්නා ගොඩක් දේවල් අපි දන්නවා. (නි)
විමුක්ති, මම මීට වඩා විස්තර ඔයාට කියන්න අවශ්‍ය නැහැ. ඔයාට පරචිත්ත විඥානය තියෙනවා කියලා පෙන්වන්න යනවා වගෙයි මට පෙනෙන්නේ. මට මගේ විස්තර දෙන්න පුළුවන් අනුරාධපුරේ කොහෙද කියලා. එවිට ඒ මගේ ජීවිතේ අවසානය කියලත් මම දන්නවා. ඕක නෙමෙයි විමුක්ති උගත්කම කියන්නේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඉවත්කරගත් දාට ඔයාටත් අන්තරයටත් කලක් යයි (නි)
කැම්පස් එකට යන්නේ නුවනක්කාරයෝද නැත්නම් මෝඩයෝද. 8 පාස් එකා මීට වඩා හොඳයිනේ.(අ)
දැන් ඉතින් හසන්තිගේ ආයතන ප්‍රධානියාට විමුක්තිලා දොස් කියාවී. බුද්ධිමත්ව හිතන අයෙකුට හසන්තිගේ කතාවේ යතාර්ථය දැනේවි. උගතෙකු පමණක් වීම මදි. සමාජයේ පිළිගැනීමක් ලැබීමට නම් බුද්ධිමතෙක් ද විය යුතුයි. තැනට සුදුසු ලෙස සමාජයට අනුගත වෙන්න බැරිකම තමා අද උපාධිදාරියෙකුට රැකියාවක් ලබාගන්න තියන ලොකුම බාධාව. (නදී)
උගතුන් වීමේ කිසිම වරදක් නැහැ. නමුත් උගතා තමා සැමවිටම ජගතා කියා සිතන කොට තමා නැති ප්‍රශ්න ඇති වෙන්නේ. (නදී)
මම රැකියාව කරන්නේ පෞද්ගලික අංශයේ. රැකියා ඇබෑර්තුවක් තිබුනා ප්‍රවර්ධන නිලධාරි තනතුරකට.බඳවා ගත්තේ උසස්පෙළ හැදෑරූ ලාබාල තරුණයෙක්. හේතුව විදියට ප්‍රධානියා සඳහන් කළේ උපාධිදාරියා කාර්යාලයේ දේශපාලනය කරමින් සියල්ල දන්නා බව අඟවා පොඩි තැනින් වැඩ ඉගෙනගන්න අකමැති බවත්, වැඩි උගත්කමක් නැති තරුණයා පහළ මට්ටමේ සිට වැඩ කටයුතු ඉගෙනගෙන ආයතනයට අවශ්‍ය හැටියට හැඩගැසෙනු ඇත කියාත්ය. (නි)
දිස්නා, ඔය අදහස දැම්මේ අනුරාධපුරෙනුත් නෙමෙයි කොළඹිනුත් නෙමෙයි, ඔයා දිස්නත් නෙමෙයි (නි)
දිස්නා, යථාර්තය දන්නේ නැති කෙනෙක් මේ මේවා විශ්වාස කරයි. අපිත් විශ්ව විද්‍යාල සිසුන් වෙලා හිටියා. ඔය කියන විදිහේ ලෙඩක් අන්තරේට නැහැ. ඔය කතාව ඇහුවාම නම් මට පුදුමයි. ඇයි ඔයාලා මෙරටේ උගත් පරපුරත් එක්ක මෙතරම් තරහා? (නි)
"නිකම් ලැබුන අශ්වයාගේ දත් බලන්නත් යනවනේ" මේ ලෝකේ පිනට ලැබෙන කිසිම දෙයක් සර්ව සම්පුර්ණයෙන් අපට අවශ්‍ය ලෙසම නොලැබෙන බව, සැම දෙනාම ප්‍රඥාවෙන් වටහා ගත යුතුයි. (නදී)
නිදහස් අධ්‍යාපනය කියන්නේ කාගේවත් බුදලයක්වත් කාටවත් තවත් කෙනෙක්ගේ අයතිවාසිකම් පැහැර ගන්න ලියල දීපු ලියවිල්ලක්වත් නෙමෙයි.නිදහස් අධ්‍යාපනය බිහිකළේ මුදල් ගෙවා අධ්‍යාපනය ලබන්න බැරි අයට අධ්‍යාපනය ලබන්න පහසුකම් සපයන්න.මේ රටේ රැකියා අවස්ථා කාටවත් ලියල දීල නැහැ..ඕන කෙනෙකුට සුදුසුකම් තියෙනවනම් තරඟකාරීව ඕනෑම රැකියාවකට යන්න අයිතිවාසිකම තියෙන්න ඕන.ඒක පුද්ගලිකව ලබාගත් සුදුසුකමක් හෝ නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් සුදුසුකමක් වෙන්න පුළුවන්.අද මේ රටේ අධ්‍යාපනයත් රැකියා අවස්ථාත් මේ අයගෙම බුදලයක් පමණක් විය යුතුය කියන අදහසින් තමයි මේ අය ක්‍රියා කරන්නේ.ඒක කොහේ තියෙන සාධාරණ කමක්ද..මොන තරම් අනෙක් අයගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක්ද?ලෝකේ කිසිම රටක මේ වගේ කුහක විශ්ව විද්‍යාල ශිෂ්‍ය පද්දතියක් නැතුව ඇති. (ස)
මේ පාරට බැහැල ඉන්නේ අම්මට තාත්තට විතරක් නෙමෙයි මුළු රටටම ආදරේ දුල පුතාල ටිකක්. මේ ළමයින් කාටවත් කඩේ යන්න වත් යවන්නවත් හය හතර නොතේරෙන නොදරුවෝ නෙමෙයි. මේ පෙළගැසීම ඔබගේත් මගෙත් මුදලින් නඩත්තු වන රාජ්‍ය විශ්ව විද්‍යාල රැක ගැනීම සදහායි. නිදහස් අද්‍යාපනය යනු කිසිවකුගේ බුදලයක් නොවන වග පාලකයන් තේරුම් ගත යුතුය. (නදී)
අමිල / ගුණරත්න ලෝකයේ බොහෝ රටවල නැති ලංකාවේ තියන නිදහස් අධ්‍යාපනයට අපිත් ගරුකරනවා. අපිත් අද ඉන්න තැනට ඇවිල්ල ඉන්නේ නිදහස් අද්‍යාපනය නිසා. නමුත් අද නිදහස් අධ්‍යාපනයට ප්‍රධාන බාධකය වෙලා තියෙන්නේ අන්තරේ සහ බංකොලොත් පක්ෂවල දේශපලයෝ. සමහරු පිළිගන්න අකමැති තිත්ත ඇත්ත ඕක තමයි. (නදී)
ලංකා / සමන්, ඔබ ජීවත්වෙන මවාගත් හීන ලෝකයට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අද ඇතිවී තිබෙන ගැටලුව බරපතලයි. අපිත් අද මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වෙන්න. හැම අර්බුදයක්ම තමන්ගේ බඩ ගැන හිතලා සාධාරණීකරනය කරන එක වැරදියි නේද? (නි)
මමත් ලොකු වැටුපක් අරගෙන අද හොඳ තත්ත්වයක ඉන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා. අසූගණන් වල මේවා පුද්ගලික කළා නම් අද රජරට,වයඹ,සබරගමුව, ඌව වෙල්ලස්ස, අග්නිදිග ඒවා නැහැ. අන්තරයට ජය වේවා! (නි)
ලංකා තිලක් ඔබ හරියටම හරි. ඕක තේරෙන්නේ කැම්පස් එකකට ගිහින් චාටර් වෙලා උපාධියක් අරන් එලියට ආපු කෙනෙකුට විතරයි. අන්තරේ කියන්නේ ජනතා පිළිගැනීමක් නැති බංකොලොත් දේශපාලයන්ගේ තැනක් විතරයි (නදී)
ඔතන කොහෙද ප්‍රනාන්දු මහත්තයෝ සිසුන්ගේ ප්‍රශ්න, අන්තරේ ප්‍රශ්න මිස. ඔය බංකලොත් දේශපාලනෙන් පඩි ලබන නඩත්තු වෙන අන්තරේ පැවැත්ම තියෙන්නේ විශ්ව විද්‍යාල වල ප්‍රශ්න විසදිමෙන් නෙමෙයි. ප්‍රශ්න ඇති කිරීමෙන් දෙමව්පියන්ගේ තුට්ටු දෙක හුරගෙන ටියුෂන් මාස්ටර්ලට දීල ඉගෙන ගෙන ඔතනට ගියාට පස්සේ කට්ටියට නිදහස් අධ්‍යාපනේ මතක් කරලා බිල්ල පෙන්නන්නවා. සල්ලි දීල ඉගෙන ගන්න කෙනා ඉගෙන ගෙන ඇවිත් තමන්ට තියෙන තැන උදුරා ගනීවි කියල බය කරනවා. ඊට පස්සේ ඒ කුහක කම ඉස්සරහට දාල මි හරක් දක්කනවා වගේ අන්තරේ ඉන්න කුලී කාරයෝ ටික මේ ගොන් වහන්සේලාව දක්කනවා. ඕක ඇතුලේ ඉන්නකම් තියෙන්නේ සමාජ වාදෙ. එලියට ගිය ගමන් හැරෙන්නේ ධනවාදෙට. එදාට ඔය නිදහස් අධ්‍යාපන මොකුත් නැහැ. ඒවා තිබුනද දන්නෙත් නැහැ. අම්ම තාත්තව හරි විකුණලා තමන් හැදෙන්න බලනවා මිසක්.(නදී)
මේ ළමයි මෝඩ නැහැ හොදට ඉගෙන ගත්තු නිසා තමයි කැම්පස් ආවේ. නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන්නා නිසා අනාගතේටත් එ්ක ආරක්ෂා කරලා දෙන්න තමා පාරට බැහැල ඉන්නේ. ඔවුන් සටන් කරන්නේ ඔබේ දරුවාගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. ආදරණිය දුවේ පුතේ ඔබට ජය! (නදී)
මෙයාල දැන් පෙළපාලි යන්නෙ පුරුද්දට වගේ.පොඩි දේවල් වලට පාරට බැහැල මෝඩයෝ වගේ හැසිරෙන්නෙ.මෙ හැම දේකින්ම පීඩා විදින්නෙ අහිංසක සාමාන්‍ය ජනතාව විතරයි. (ස)
ඔවුන් සටන් කරන්නේ ඔබේ දරුවාගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. ජය වේවා මල්ලිලා! (නි)
සිසුන්ගේ ඉල්ලීම් වලට කන්නොදී පොලිසිය මේ අවස්ථාවේ ඔවුන්ට වධ හිංසා කිරීම අනිසි ප්‍රතිපල ගෙනදෙන්නක්. (නි)
සිසු ප්‍රශ්න වලට විසදුම් නැද්ද? මෙය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට භාජනය වියයුතු ප්‍රශ්නයක්. (නි)
ලංකාවේ විශ්ව විද්‍යාලවල නොමිලේ ඉගැන්වීම නවත්වා මුදල් ගෙවා ඉගෙනගන්න දුන්නා නම් ඔය දැඟලිලි ඔක්කොම ඉවරයි. දැන් නිකන් උගන්වන නිසා මෙයාලට ඒකෙ අගයක් නැහැ. (නි)
මේ අය ඉගෙනගන්නවද? පෙළපාලි යනවද? දෙමවුපියන් වියදම් කරන්නේ මේවටද? (නි)
මහමඟ රස්තියාදු වෙන්නේ ඉතින් එයාලගේම කැමැත්තෙන්නේ... (නි)
මේ වගේ අනාගත පරම්පරාවක් ඇතිවීම ගැන දුකයි. වැරදි වලට දඩුවම් දුන්නම පාරේ නිදියනවා. හැමදේම නිකන් බලාපොරොත්තු වෙනවා. ලංකාවෙ හැමදේම නොවුණත් කොයිතරම් පහසුකම් තිබෙනවද? මෙයාලා ඉගෙනගෙන එළියට ආවට පසුවත් ඔය තරම් රට ජාතිය වෙනුවෙන් කැක්කුම තිබුණා නම් අද රටේ රාජ්‍යය සේවය කොච්ච්ර දියුණු වෙන්න ඕනෑද? (නි)
මේවා රට ප්‍රපාතයට අදින වැඩ. කට්ටියක් එදා කළෙත් අද කරන්නෙත් එකම දෙයයි. (නි)
ගුණරත්න මහත්තයෝ,කොහෙද මහත්තයෝ අද නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ?අද විදෙස් අධ්‍යාපනය සඳහා යන ගොඩක් අය සල්ලිකාරයින්ගේම දරුවෝ නෙමෙයි, මධ්‍යම පාන්තිකයින්ගේ දරුවෝ.වසරකට මේ රටෙන් පිටරටවලට ඇදිලා යන ධනස්කන්ධය මේ රටේ නතර කරගන්න ඕනෑතරම් හැකියාව තියෙද්දී කවුද ඒ දේ කරන්න ඉඩ නොදෙන්නේ?උගත්කම කියන්නේ ඔය උපාධි කඩදහියම නෙමෙයි. (නි)
නිදහස් අයිතීන් වෙනුවෙන් කියලා හඬ නගන අන්තරේ පසුපස ඉන්නෙ ළමයින්ට වැඩි පහසුකමක් ලැබෙන එක වලක්වා ගන්න දඟලන මහජන ජන්දයකට මූණ දෙන්න බැරි අන්තෙටම බංකොලොත් අහිංසක දෙමල ප්‍රජාව විකුණගෙන කන සල්ලි වලින් යැපෙන කන්ඩායමක් කියලයි කියන්නෙ. දැන් ඒ අය බයවෙලාලු. දැයට කිරුළ රුහුණෙ තියලා ලැබෙන ප්‍රතිලාභ හේතුවෙන් ඉත්තොන්ට ගන්න ළමයි අඩුවේවි කියලා. (ස)
වැස්සකටවත් විශ්ව විද්‍යාලේ පියස්ස යටටවත් නොගිය කුහක පිරිසකුත් අපේ පාටකයෝ අතරේ ඉන්න බව මෙහි ඇති අදහස් දැක්ම තුලින් පැහැදිලි වෙනවා. ඔබට විශ්ව විද්‍යාලයට යන්න බැරි උනාට ඔබේ සහෝදරයකු, සහෝදරියක හෝ දරුවෙකු , මුනුබුරෙකු,මිනිබිරියක අනාගතයේදී යවන්න බලන්න. ඔය ගොල්ලන්ගේ අනුවන අදහස් එදාට ආගිය තැන් හොයාගන්නත් බැරුව යාවි. (දී)
සිසු අයිතීන් වෙනුවෙන් අපි කැපවෙමු (දී)
ලංකා තිලක් මේ ඉල්ලීම අන්තරේ කට්ටිය කළා කියමුකෝ.මෙම ඉල්ලීම අසාධාරණද? පොලිසිය ගහපු එක සාධාරණද? මෙම සිසුන් අතර තමුන්ගේ පවුලේ කෙනෙක් වත් සිටියානම් ලංකා තිලක් ඔහොම කතා කරන එකක් නැහැ. හැම එකම අන්තරේ පිටින් දාල අත පිසදා ගන්න එක ප්‍රශ්නෙට විසදුමක් නොවෙයි. ගුනරත්නල , ,පියල්ලා,විමුක්තිලා ඔයාට වඩා විශ්ව විද්‍යාල අධ්‍යාපන වටිනාකම ගැන, විශ්ව විද්‍යාල දරුවන්ගේ වටිනාකම,මෙම සිද්ධිය නිසා සිදුවී තිබෙන අසාධාරණ කම ගැන හොඳින්ම දන්නවා, අපි අන්තරේ කවුද කියන්නත් දන්නවා. මේවා පිළිබඳව උඩින් පල්ලෙන් බලන එක ගැනයි අපිට කණගාටු. (දී)
මේ සටන් කරන්නේ ඔබේ නිදහස් අධ්‍යාපනය උදෙසායි.(නදී)
මේකට විතරද මහජන පීඩා. ලොකු ලොක්කෝ පාරවල් වහගෙන සංදර්හන තියද්දී ඒවා මහජන පීඩා නෙමෙයිද? (නදී)
විශ්ව විද්‍යාල සිසුන්ගේ සටන සාධාරණයි. මිලියන් ගණන් සල්ලි සත පහකට වැඩක් නැති දේවල් වලට නාස්ති කරන අද කාලේ මේ ළමයින් වෙනුවෙන් යමක් කරන්න බැලුවා නම් නරකද? (නදී)
කාර් එකක් ත්‍රිවිල් එකක හැපුණු එක ලක්ෂයකට වඩා බලපු මේ තීරුවේ මේ පුවත බලල තියෙන ප්‍රමාණය බලන්න. එ්කෙන්ම පැහැදිලි වෙනවනේ මේ කට්ටිය ගැන මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පය මොකක්ද කියලා. ගුණ රත්න මහත්තයල අජිත් මහත්තයල පියල් මහත්තයල විමුක්තිලා අදුනන්නේ නැති උනාට ලංකාදීප පාටකයෝ හොදට අන්තරේ කට්ටියවත් ඒක මෙහෙයවන අයවත් ඔවුන්ගේ පරමාර්තත් ඔවුන් මේ කරන මාධ්‍ය සන්දර්ශනත් දන්නවා. එ්කයි මේක වැදගත් නොවන පුවතක් ලෙස සලකල තියෙන්නේ.(නදී)
ඇයි අපේ දරුවන් මෙහෙම මහමඟ රස්තියාදු කරන්නේ? මේවාට විසඳුම් නැද්ද? (නි)
දරුවනේ, ඔහොම ඇවිල්ලා හරියන්නේ නැහැ. අඩු ගණනේ හෙල්මට් එකක්වත් දාගෙන එන්න බලන්න. ඊයේ පෙරෙයිදා සම සෞඛ්‍ය සරසවි සිසුවෙකුට සිසු අයිතිය දීලා තිබුනේ පොලිසියෙන්, ඇස් රතුවෙලා බාගෙට එළියට පනින්න. (නි)
සෞන්දර්ය උපාධිය අරගෙන රැකියා දෙන්න කියලා කෑගහන එකෙන් වැඩක් තිබෙනවද? සෞන්දර්ය උපාධියට දෙන්න රැකියා තිබෙනවද? (නි)
අන්තරයට ජය වේවා! අන්තරය සැමදා දිනේවා! (නි)
විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණා කියලා කේන්තියෙන් කුහකකමින් වෛරයෙන් මේ දරුවෝ දිහා බලන්න එපා. මේ දරුවෝ දිවා රෑ නොබලා මහන්සිවෙලා තමයි ඒ අවස්ථාව ලබා ගත්තේ. මේ පාරට බැහැලා ඉන්නේ එහි වටිනාකම දන්නා නිසා. (නි)
පුදුම මිනිස්සු ඉන්නේ. අද පුද්ගලීකරනය කරන හැමදේටම සල්ලි නිසා වැඩි සැළකිල්ලක් ලැබෙන බව තේරෙන්නේ නැද්ද? මහාචාර්යවරුත් වැඩියෙන් ගෙවන තැනට රස්සාවට යාවි. නිදහස් අධ්‍යාපනය එදා සිට රැකගත්තේ මේ ශිෂ්‍ය අරගල නිසා නෙමෙයිද ? (නි)
සුදුසුකම් තියෙනවා නම් තරඟකාරීව ඕනෑම රැකියාවකට යන්න අයිතිවාසිකම තියෙන්න ඕනෑ. එත් සුදුසුකම් නැත්නම් සල්ලි වලට හරි දොස්තර නලාව දෙන්න ඕනෑ. නැත්නම් මොනතරම් අනෙක් අයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද? හැමෝම ආසයිනේ දොස්තර කෙනෙක් වෙන්න. (නි)
ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබුවෙකු වුවද , අඩුම තරමින් සාමාන්‍ය පෙළ දක්වා හෝ පාසැල් නොගියා වන්නට බැරිය. ඔබ ඒ නිදහස් අධ්‍යාපානය භුක්ති වින්දේ අපට පෙර පරපුර දිවි හිමියෙන් අධ්‍යාපන අයිතිය රැකගත් නිසාය. එසේ නම් අපද හෙට උපදින දුගී පැල්පතක දරුවාටද මහා මන්දිරයකට පා තැබිය හැකි අයිතිය රැකිය යුතුය. (නි)