ගම්පහ ඉඹුල්ගොඩ දී යතුරු පැදියක් විදුලි කණුවක හැපී කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර මිය ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත විමර්ශන පවත්වා සාධාරණයක් කරන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් අද උද්ඝෝෂණයක් පැවැත්වූහ.
අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන ලෙස ඉල්ලමින් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන ගිය අරගලයට සහාය දක්වමින් අන්තරේ සිසුහු මහ නුවර සිට කොළඹට පෙළපාළියක් සංවිධානය කර තිබිණි.
ඒ සඳහා අවශ්‍ය කරන අත්පත්‍රිකා තොගයක් ගැනීමට 2012 සැප්තැම්බර 27 වැනි දා ගම්පහ බණ්ඩාරවත්තේ සිට නුගේගොඩට යද්දී සිසුහු දෙන්නා මේ අනතුරට මුහුණ පෑහ.
අනතුරට පත්වූ යතුරු පැදිය එම ස්ථානයට ගෙනැවිත් ප්‍රතිනිරූපනයක් කරන එවකට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රස පරීක්ෂකට නියෝග කළත් එවැනි පරීක්ෂණයක් සිදු නොවුණු බව සිසුන්ගේ නීතීඥවරිය වූ රාජිකා ද සිල්වා මහත්මිය ඒ දිනවල පැවසුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මහා සිසුවෙක් ස්වභාවික මරණයකින්ම මැරෙන්න ඕන.නැත්නම් ඉතින් වැඩේ කුමන්ත්‍රණයක්.මේ කියන විධියට පහු ගිය කාලේ පැවතී රජයට විරුද්ධ වුණු අය අද ජිවතුන් අතර ඉන්න විදියක් නැහැනේ.(දිල්)
අම්මෝ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මැරුණු හැටි හෙව්වොත් ඔතන ඉන්න ඔක්කොමලම ඇතුලට දාන්න වෙයි. ඔන්න ඕක ගොඩින් බේරගන්න. (නදී)
දුෂිතයන්ට ස්වභාව ධර්මය විසින් හෝ දඬුවම් ලැබෙයි (නි)
ඕක කඩිනමින් කරන්න ඕනෑ වැඩක් (නි)
පරීක්ෂණයක් කරනවා කියන්නේ පැවති රජයට විරුද්ධවීමක්වත්, ඔක්කොම එකම ගිණුමකට බැර කිරීමක්වත් නෙමෙයිනේ. හරි වැරැද්ද මොකක්ද කියො හොයලා බලන එකනේ. ඒක එහෙම වෙන්න ඕනෑ. ඒකට කාටවත් රිදෙන්න ඕනෑ නැහැ. අම්මෙක් තාත්තෙක් දරුවෙක්ව ලොකු මහත් කරන්න මොනතරම් දුකක් විඳිනවද? එහෙම දුක්විඳලා හදපු දරුවන්ගේ සැකසහිත හදිසි මරණය ගැන හොයන්නම ඕනෑ. (නි)
හරියටම හරි (නි)
මේ පිවිතුරු යහපාල අධ්‍යාපනය හදාරා නැතුවද මන්දා? (නි)
මේ දෙන්නා මැරුනේ අනතුරකින් මිස වෙන විදිහකින් නොවේ කියලයි මම නම් කියන්නේ.හැමදේටම දේශපාලනය ගාවාගන්න එපා.මොකද මේ හැපුන කණුව එදාම හිටවපු එකක් නෙමෙයිනේ. (නි)
හැම දේම එකම ගිණුමකට බැර කිරීම හරිද ? (නදී)
අද අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන කොට ඒ වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කළ ඒ අසරණ දරුවන් දෙදෙනා ගැන මට පුදුම දුකක් ඇති වුණා.(හේ)
මෙය සැක සහිත මරණයක් නිසා නැවත පරීක්ෂණ පැවැත්වීම වැදගත්!(දිල්)
මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කළ යුතුයි.(හේ)
දුෂිතයන්ට සහ මිනීමරුවන්ට මෛත්‍රී කරන්න යන්න එපා.(හේ)
අසරණ තරුණ ජිවිත දෙකක් බිලි ගත්තා.අද පන්සල් ගානේ දාතු කරඩුව ඔලුවේ තියලා සෙත් පිරිත් කියා ගත්තට වැඩක් වෙන්නේ නැහැ .සොබා දහමින් හෝ දඩුවම් ලැබේවි.(හේ)
ඒ දරුවන් දෙන්නව වද දීල මරපු කතා වස්තුව අන්තර්ජාලයේ තියෙනවා.දැන් ඉතින් ලංකාවේ ඉදලම කතා වස්තුව කියවල දැන ගන්නකො. (බ)
මම නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේදී කැලණිය විශ්ව විද්‍යාලයේ සිට බස් නැවතුමක් එහා ඉන්නකොට වයසක අම්මල දෙන්නෙක් විශාල ගෝනි දෙකකුත් සමග බස් එකෙන් බැහැල කෙනෙකුගෙන් උදව් ඉල්ලනවා මම දැක්ක.මම ඒ අම්මල දෙන්න ළගට ගිහින් මොනවද වෙන්න ඕනේ කියල අහද්දී ඔවුන් මට කිව්වේ අනුරාධපුරේ ඉඳල විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවන් දෙන්නට මාසේ කන්න හාල් ගේනවා.අපි ඉන්න තැන කියල ඒ දරුවන් දෙන්නට මෙතනට එන්න කියන්න කියල කිව්වා.මම ඔවුන්ට ඉන්න තැන කියල ටික වේලාවකදී ඔවුන් ඇවිත් හාල් ගෝනි දෙක කරගහගෙන යනවා මම මගේ ඇස් දෙකින් දැක්ක.විශ්ව විද්‍යාලවල දරුවන් මොන තරම් දුක් විදිනවද කියල මම එදා තේරුම් ගත්ත.ඔවුන් ඉල්ලුවේ ලැම්බෝගිනියක්,හෙලිකොප්ටර් එකක් නොවෙයි. හැම ප්‍රශ්නයකදිම විසදුම දුන්නේ ගිනි අවියෙන් හෝ හදිසි අනතුරු වලින්. මේ ගැන කරන පරීක්ෂණ ඉක්මන් කරන්න. (බ)
දුෂිතයන්ට ,මිනීමරුවන්ට කිසිම සමාවක් දෙන්න එපා.කරන පරීක්ෂණ වගේම දෙන දඩුවම් ගැනත් රටම බලන් ඉන්නවා.(හේ)
අනිවාර්යෙන්ම නීතියෙන් දැඩි දඩුවම් දෙන්න .(හේ)