සිව් වසරක් පුරා කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක සිදුවී යැයි කියන හොර මැර දූෂණ හා ලිංගික අල්ලස් ගැන ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා රහස් පොලීසියට සහ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පවරන ලෙස ද්වි පුද්ගල කමිටුවක් මගින් අධ්‍යාපන ලේකම්ට නිර්දේශ කරයි. මේ බොහෝ දූෂණවලට මුල හොරපාරෙන් සිසුන් පාසලට ඇතුළු කර ගැනීමේ සිද්ධි බව එම කමිටුව සඳහන් කරයි. සෘජුව මුදල් ගැනීමට අමතරව, ටිකට්පොත් විකිනීමට බාර දීම හා විවිධ සංගම් පිහිටුවාගෙන අරමුදල් පාසලට සම්බන්ධ නැති ගිනුම්වලට බැරකිරීම ද වාර්තා වේ. 2007 වසරේ සිට 2011 වසර දක්වා මෙම පාසල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ශාඛාව ආරම්භ කළ පරීක්ෂණය අවසන් කර වාර්තාව අධ්‍යාපන ලේකම් ඇතුළු බලධාරීන් බාර දී තිබේ. පාසලට ළමයින් ඇතුලත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාජ ලිපි ශීර්ෂ, නිල මුද්‍රා භාවිතය, අධ්‍යාපන අධ්‍යක්ෂ වරයකුගේ අත්සන ව්‍යාජ ලෙස ලේඛන වල යෙදීම, ලිංගික අල්ලස් ලබා ගැනීම, පාසලේ ගරුවරියන්ට වරින් වර ලිංගික බලපෑම් කිරීම, වැරදි තොරතුරු ලබා දී අධ්‍යාපන අමාත්‍යංශ නොමග යැවීම, මූල්‍ය වංචා ආදී බරපතල විෂමාචාර ගණනාවක් විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) ගේ බලය පැවරීම මත විමර්ශන නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පුද්ගලයන් තිස් දෙදෙනෙකුගේ වාචික සාක්ෂි හා ලේකණ 48ක ලිඛිත සාක්ෂි පදනම් කරගනිමින් මෙම විමර්ශනය සිදු කර තිබේ. පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අවසාන ලැයිස්තුවේ හා පොරොත්තු ලේඛනයේ නම සඳහන් නොවන සිසුන් 28 දෙනෙකු පාසලට ඇතුලක් කර තිබුණු බවත්, අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂගේ අත්සන හොරට යොදමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ හා නිල මුද්‍රා භාවිත කර මෙම වංචාව සිදු කර ඇති බවත් විමර්ශනයේදී අනාවරණය විය. අමාත්‍යංශ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත්කිරීමේ කමිටුවල වසර ගණනාවක් තිස්සේ එකම උප ගුරුවරයෙක් කටයුතු කර ඇති අතර එම ගුරුවරයා විසින් ඔහුගේ නිවසේ ලිපිනය භාවිත කරමින් සිසුන් කිහිප දෙනෙකු අයතා අන්දමින් ඇතුලත් කරගෙන තිබේ. නීතීඥයකු බව කියන ඔහුගේ සහෝදරයා ද වංචනික ලේඛන සකස් කිරීමට හවුල් වී ඇත. ඇතුලත් කිරීමේ ලේඛණ ගත නොකර සිසුන්ට අධ්‍යාපනය දීම සඳහා ඇතැම් පන්තිවල නම් ලකුණු කිරීමේ ලේඛන දෙකක් බාවිත කර ඇති බවද බොහෝ පන්තිකාමර වල 40 සීමාව ඉක්මවා සිසුන් රඳවා ඇති බව ද, විමර්ශන කමිටු පාසට පැමිණෙන විට නාමලේකණ ගත නොකර පාසලේ රඳවා ගෙන සිටි සිසුන් විද්‍යාගාරයේ හා පරිගණක කාමරයේ රඳවා ඇති බවද විමර්ශනයේදී ප්‍රකාශ වී තිබේ. මෙම විද්‍යාලයේ විදුහල්පති සහ තවත් ගුරුවරු දෙදෙනෙකු පාසලේම උප ගුරුවරියන් කිහිප දෙනෙකුට සහ සිසුන්ගේ මව්වරුන් කිහිප දෙනෙකුට ලිංගික බලපෑම් සිදු කර ඇතැයි ද ඒ ගැන පොලීසියේ පැමිණිල කළ විට ඒවා ඉවත් කර ගන්නා ලෙසට පාසලේ අභ්‍යන්තර මෙන්ම භාහිර පුද්ගලයන් ලවා ද දැඩි බලපෑම් එල්ල කර ඇති බවත් පීඩනය ඉවසා ගත නොහැකිව ඇතැම් ගුරුවරියන් විදුහල හැර ගොස් ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. එසේම විදුහල්පතිවරයා විසින් බොරු තොරතුරු යවා අධ්‍යාපන අමාත්‍යංශය නොමග යැවූ බව ද සනාථ වී ඇත. විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගනිමින් වසර මැද මාසවලදී සිසුන් පාසලට ඇතුලත් කරගෙන ඇති අතර පාසලේ නොයෙක් කමිටු ආරම්භ කර විවිධ වැඩසටහන් මගින් වරින් වර මුදල් එකතුර එම මුදල් නිසි ලෙස ලේකණ ගත කර නොමැති බව හෙලී වී තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශනයට පාසලේ ගුරුවරු ඉදිරිපත් කිරීමට අසීමිත ලෙස කාලය ගත කරමින් විමර්ශන කටයුතු ප්‍රමාධ කිරීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇති බවත්, ප්‍රකාශ ලබා දීමට එන ගුරුවරුන් විමර්ශන නිලධාරීන් වෙත ඒමට පෙර විදුහල්පති නිල කාමරයට ගෙන්වා උපදෙස් දී එවා ඇති බවත්, ප්‍රකාශ ලබාදුන් ගුරුවරුන් නැවත විදුහල්පති නිල කාමරයට ගෙන්වා ඇති බවත්, ගුරුවරුන් දැඩි බියකින් හා චකිතයකින් සාක්ෂි ලබා දී ඇති බවත් විමර්ශන කමිටුවට නීරීක්ෂණය වී තිබේ. තමාට ලිංගික බලහත්කාරකමක් කළ බව කියමින් උපගුරුවරියක් විසින් කොල්ලුපිටිය පොලීසියේ කළ පැමිණිල්ල ඉවත් කරගන්නැයි බලකරමින් විදුහල්පති ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙකු සහ නීතීඥයකු එම ගුරුවරියට බලපෑම් කරන ආකාරය ද විමර්ශන කමිටුවට නීරීක්ෂණය වූ බව සඳහන්ය. සම්පූර්ණ විමර්ශනයෙක් පසුව පරීක්ෂණ කණ්ඩායම නිගමන 19ක් හා නිර්දේශ තුනක් ඉදිරිපත් කර ඇත. විදුහල්පති හා ඇතැම් ගුරුවරු සාපරාධී ක්‍රියා සිදු කර හා ඒවාට සහාය දක්වා ඇති බව ද, රජයේ නිලධාරීන්ගේ රාකාරීවලට බාධා සිදුකර ඔවුන් අවඥාවට ලක්කර ඇති බව ද, ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඇති බව ද, බොරු තොරතුරු ඉදිරිපත් කර අමාත්‍යංශය නොමග යවා ඇති බවද, අමාත්‍යංශ චක්‍රලේඛ හා ආයතන සංග්‍රහයේ විවිධ වගන්ති උල්ලංඝනය කර ඇති බව ද රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ආකාරයෙන් හැසිරී ඇති බව ද, මූල්‍ය වංචා සිදු කර ඇති බව ද විමර්ශන කණ්ඩායම නිගමන ලෙස ඉදිරිපත් කර තිබේ. මේ අපචාර, වංචා හා දූෂණ ඉදිරි පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හා දූෂණ කොමිසමට පැවරීමට නිර්දේශ කර ඇති විමර්ශන කමිටුව අවසන් වශයෙන් නිර්දේශ කර ඇත්තේ වැරදිවලට සම්බන්ධ අයට දඩුවම් ලබා දෙන ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට තමයි උසස් වීමුත් දෙන්නේ. කවුරු හරි දේශපාලකයෙකුට බලයට එන්න උදව් කරපු අය වෙන්න ඇති. මොන වැරිදි කළත් දඩුවම් නැත්තේ ඒක නිසා වෙන්න ඇති.
මෙහෙම අයට රජකාලෙ දඩුවම් දෙන්න ඕන
මෙහෙම දේවල් තවත් තැන් වල වෙනවද?
සක්විති කළේ මුදල් වන්චා විතරයි. මේ සක්විති විදුහල්පති නොකරපු දූෂණයක් නැති තරම්. මේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි.
මේ වගේ වැඩ පාසලකට හොඳ නෑ.
මේ වගේ අයට කොහේ ගියත් නම්බු නාම,පඩි වැඩි කිරීම්, උසස් වීම්. කාටද මේ ආදරශය? කොහොමද අපේ ළමයි යහ මගට යොමු කරන්නේ? අනිවාර්යයෙන්ම අපක්ෂපාතී පරීකෂණයක් පැවැත්විය යුතුයි.
මෙයා කරපු වැරදි ඔක්කොම ලියල පිටේ එල්ලලා පොලිස් ආරක්ෂාව මැද කොළඹ වටේම එක්කන් යන්න ඕන. ඊට පස්සේ දඩුවම් දෙන්න.
විදුහග්පතිතුමනි, ඇමැති කෙනෙකුට සම්බන්ධ වුණානම් වැරදි ඔක්කොම වහයි.
වෙන මොනවත් අටුවාටීකා අවශ්‍ය නැහැ. මේ ඇවිල්ලා කොල්ලුපිටියේ ---- විද්‍යාලයේ වැඩ තමයි. ඔය කියන විදුහල්පතිතුමා ඇවිල්ලා 21 වෙනි සියවසේ හිටපු දුශිතම ගුරුවරයා කියල කිව්වට වැරදි නැහැ. පහුගිය දවස්වල අහිංසක ගුරුවරියකට බලපෑම් කලා. අඩුගානේ පාසලේ තියෙන කැන්ටිමෙන් එතුමියට කන්නවත් ඉඩ දීල තිබුනේ නැහැ. හිත උනුවුණු අනිත් ගුරුවරු තමයි අම්ම තාත්ත නැති බොහොම දුෂ්කර ඈත ගමකින් කොළඹට ආපු එතුමියට කන ටිකවත් දුන්නේ. අන්න එහෙමයි ඔය දැන් වැඩ තහනම් කරපු විදුහල්පතිතුමා වැඩ කලේ. වැඩ තහනම් කරලා විතරක් මදි, හරිනම් හිරේ දන්නා ඕනේ අනිත් අයටත් පාඩමකට ගන්න. විදුහල්පති විතරක් නෙවෙයි ඔය වැරදි වලට සම්බන්ද හැමෝම ඒ කියන්නේ කැන්ටිම කරපු අයත් එක්කම ඔක්කොම අල්ලලා හිරේ දන්නා ඕනේ අයෙත් මෙහෙම වැඩ නොකරන්න. මම බොහොම වගකීමෙන් මේ දේවල් කියන්නේ, මොකද මගේ සහෝදරී අවුරුදු 8 ඔය පාසලේ උගන්නනවා, අඩු ගානේ එයාගේ පුතාවත් ඔය කියන විදුහල්පති තුමා පාසලට ගත්තේ නැහැ. මොකද එය බලපොරෝත්තු වුන විදිහේ පගාවක් එයාට නොලැබුන නිසා. මේවා ලොකු තැන් වල වැරදි. හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම්, රටේ හැම ළමයකුටම සුදුසු ක්‍රමයකට පාසලක් දෙනවනම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ.
මේ වගේ දේවල් දැන් පිලිකාවක් වගේ.
මොවුන් සමාජයෙන් වසන් නොකර නම් ගම් හෙලි කළා නම් හොදයි.
ඔය ගුරුවරියන්ට කකුලේ සෙරප්පු නැද්ද? ගුරුවරියනි, රස්සාවට වඩා ආත්ම ගෞරවය ලොකුයි.
මේක නම් මහා නාමයක් තියෙන පාසලක් වගෙයි කෙරිලා තියෙන වැඩ ගැන ඇහුවම. මගේ දෙමව්පියොත් ගුරුවරු. රටේ මිනිස්සු එයාලට සැලකුවේ දෙවිවරුන්ට වගේ. මමත් ගුරුවරයෙක්... අනේ මෙහෙම දේවල් ඇහෙනකොට අපිටත් ලැජ්ජයි.
මම මේ රටේ බලධාරියෙක් වුණානම් මේ විදුහල්පති ගාලු මුවදොර පිටියට ගෙනත් ජනතාව ඉදිරියේ දඩුවම් දෙනවා. මේවට කියන්න වචන නෑ.
දියුණු ලෝකයට අපි එන්නේ කොහොමද මේ වගේ හොරු නිසා. බලධාරීන්ට කොන්දක් තියනව නම් පියවර ගන්න.
මේ පුද්ගලයන්ගේ අනන්‍යතාවට හෙළි කළ යුතුයි
ලොකු අයගේ සිට පොඩි අයට යනකම්ම ඉන්නේ හොරුද?
මේ කියන්නේ ඩුප්ලිකේෂන් පාරෙ තියන ලොකු නමක් තියන පාසලක් ගැන.
මෙවැනි අපරාධවලට අධ්‍යාපන අමාත්‍යංශය වග කිව යුතුයි. අඩුම තරමින් මාස හයකට වත් සැරයක් පාසල් පරීක්ෂා කරළ ගුරුවරු ළමයි ගැන මීට වඩා සොයා බැලිය යුතුයි. මෙය වගකීමකි.
මේවා ඉහළම අයගේ ඉදන් වැරදි. මුලින්ම ඉහළින් ඉන්න අය වෙනස් කළ යුතුයි.
තව අය අමාරුවෙ වැටෙන්න කලින් පාසලේ නම හෙළි කළොත් හොදයි.
මේ විදුහල්පති එපාම කරපු කෙනෙක්.. මගේ පාසල විනාශ කළ මොහුට සිර දඩුවම් ලැබෙන්නහ ඕන. හොර ලේකමන හැදුව, ගුරුවරියට ලිංගික අතවර කළ ගුරුවරයාටත් ඒ දඩුවමම ලැබුණොත් විද්‍යාලයට වුණු අපකීර්තියෙන් ගැලවෙන්න පුළුවන්.
ගුරුවරු ළමයින්ගෙන් ගුටි කන්නේ ඕක නිසා තමයි. මෙයාලට ගුරු හොරු කිව්වොත් නිවැරදියි.
ඇත්තටම මාධ්‍යයට වගකීමක් තියනවා විදුහල්පතිගේ හා පාසලේ නම හෙලි කරන්න. සැ.යු - පාසලේ නම හෙළි කිරීම සදාචාර සම්පන්න නොවන බැවින් නම හෙළි නොකළෙමු. (එසැණ - ලංකාදීප)
ශානිකා , ඔබට ස්තුතියි. ඔබ බුද්ධිමත්ව ඔබගේ අදහස ප්‍රකාශ කරල තියෙනවා. ඔබගේ ප්‍රතිචාරයෙන් එක කියවීමෙන් පසුව විදුහල කුමක්ද කියාත් විදුහල්පති කවුද කියාත් හෙලිවෙනවා.
වරද අධ්‍යාපනේ. හැම පාසලකටම පහසුකම් දුන්නනම් මෙවැනි ගැටළු පැණනගින්නේ නෑ.
අන්තිමට පරීක්ෂණ යට යාවි. විදුහල්පති හිග වැටුප් ද සහිතව සේවයට ඒවි.
ළමයි ගෙදර තියන් ඉගැන්නුවත් පගාව, අල්ලස් දෙන්න එපා. හොරුන්ට උදව් කරන්න එපා. හැමෝම මේක හොදට හිතට ගන්න ඕන.
අධ්‍යාපන ප්‍රතිපත්ති වල වැරදි තමා
මේවා කවුරුත් දන්න හැමෝම උදව් කරන නොහොබිනා වැඩ, මේ සදහා මා කල රැකියාවට සලකා,මගේ ගුරු ඇමතිතුමාටත්, ජනාධිපති ලේකම්තුමාටත්,මේවා නොවෙන්න 05 වසරේ කඩයිම් පරීක්‍ෂණය හා ළමයින් උපදින විට කලයුතු අයුරු ඇතුලත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලියා ඉල්ලීමක් කලා. වැඩක් උනේ නැත. ලංකාදීපයට ළඟඳි එවන්නම්. ඒක පළ කරන්න.
මේ වගේ පාසලක් හෝමාගම පැත්තේ තියනවාත ඒකෙ හිටපු විදුහල්පතිවරයා මේ වගේ දේවල් කළා. වැරදි කාරයත් වුණා. අන්තිමට මොකද වුණේ. පළාතේ ඉහළම තැනින් සමාව ලැබිල දැන් ඊටත් වඩා හොද කොට්ටාව පැත්තේ පාසලක විදුහල්පති. දැන් බය නැතිව ජයටම අර වැඩ කරනවා.
මේ පාසලේ මමත් 1994 වැනකම් ඉගෙන ගත්තා. ඒ දවස්වල ලංකාවෙ හොද වැදගත් බෞද්ධ පාසලක් හැටියට දියුණු වෙමින් තිබුනේ. ඇත්තටම හොද වැදගත් විදුහල්පතිවරු තුන් දෙනෙක් මේ කාල වකවානුවේ හිටය. තව කොච්චර ඔය වගේ හෙළි නොවුන ඒවා තියනවද දන්නේ නෑ.
අපේ රටේ පද්ධිතිය ඔහොම තමයි. කාටද මේවා කියන්නේ, කවුද මේවා ගැන බලන්නේ? සෞදි අරාබියෙ වගේ දඩුවම් දුන්නනම් පැය 24න් ඔක්කොම ඉවරයි. අපේ රටේ මේවා හැදෙන කම් අපි බලාගෙන ඉමු.
හොද දඩුවමක් දෙන්න ඕන.
‘ගුරු හොරු‘ කියන්නෙ මෙහෙම අයට.
මේ වගේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕන.
මේ තියෙවන්නේ මම ගැනද? නැත්නම් වෙන කෙනෙක් ගැනද?
මෙම කතාව කොළඹ තවත් පාසල් කිහිපයකටත් අදාළ බව පේනවා. කොළඹ5 තවත් බොදු පාසලක විදුහල්පති ඇතුළු ගුරුවරු 5 දෙනෙක් වැඩ තහනමකට ලක්වුණා. අද තත්ත්වය වෙනස් වෙලා නැහැ. දැන් සල්ලි නානතටක හරහා එහෙම වෙනවා. හිටපු අයට බැණලා එම වැඩේම ඊටත් වඩා හොඳට කරනවා. පව් අහිංසක දෙමව්පියෝ.
මේකට අධ්‍යාපන ඇමතිත් කොහෙන් හරි සම්බන්ධ වෙලා ඇති.
මේ අපේ පාසැල පිලිබදවයි . මේ අසාදාරණය ට විරුද්දව අප වසර ගණනාවක් කටයුතු කළා. අවසානයේ අප ජයග්‍රහණය කලා. සතුටුයි . නමුත් මේ විදුහල්පති විතරක් නෙමෙයි , තව කට්ටිය ඉන්නවා ඇතුලේ . එයාලත් ඉවත් කිරීමට හා වැරදි වලට දඩුවම් දීමත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ යුතුයි .නැත්නම් නැවත පෙර තත්වයට පාසැල පත් වේවි .
වැරැද්දකට කෙලින් කතා කරලා, ඒක නවත්වන්න වැඩ කළොත් හිනා වෙන්න, පද හදන්න, කොන් කරන්න, කාලසටහන් නැති කරන්න විදුහල්පතිල ඇතුළු ඔවුන්ගේ චක්ගෝලයො හරිම දක්ෂයි. මේවා හැමදාම පාසල්වල තිබ්බා. අහං ඉන්න බැරි කතා කියලා ගුරුවරියන්ගේ ජීවිත නාස්ති කරපු විදුහල්පතිවරු විදුහල්පතිවරියන් ඕන තරම්. විමර්ශන හරියට වෙනව නම් මේවට රටේ සහය පතන්නේ නෑ. විමර්ශනය කියන්න ලොකු බොරුවක්. විමර්ශනයට කතා කරන්න විදුහල්පතිලා ඉඩ දෙන්නේ නෑ. ඉඩ ලැබුණා කියමුකෝ. කෝ විමර්ශන වාර්තාව? ඔය පාසල විතරක් නෙමේ. විදුහල්පති වරු විතරක් නෙමේ විදුහල්පති වරියනුත් ඉන්නවා. එයාලටනම් අල්ලස් දෙන්න ගුරුවරියන් යොදා ගන්න ඕන නෑ, ඒකතා එයාලම කරනවා. සමාජයට යහපත්, ගුණගරුක, චරිතවත්, දැහැමි පුරවැසියන් බිහිකරන මව්පියවරු. අතලොස්සක් නිසා මේ ගුරු ජීවිතයේ වටිනාකම පැහැර නොහැර ඇස් ඇරලා දැන්යත් රට වටේම මෙවැනි වංචාකරුවන් සොයා නියම දඩුවම් ලබා දෙනවනම් හොදයි. ඒකත් ‘කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තින්දුව වගේ‘ වෙයිද?
මේ වගේ ලොකු ලොකු වැරදි කරන අයගේ නම් සමග ඡායාරෑප පළවෙනවා නම් තමා හොද.
පාසල් මේනියාව නිසා තමයි මේ ඔක්කොම.
මෙව් වගේ හොරු නිසා අපේ රටේ කීර්තිය නැති වෙනවා. ගුරු වරුන් කියන්නේ අපිට ලොකු වස්තුවක්. එහෙම ගුරු වෘතියට නිගරු කරන්න එපා මේ වැගේ වැරදි වැඩ කරලා. ඒ අතින් මට උගන්වපු ගුරුවරුන්ට අදත් මම හිස නවා ගරු කරණවා.
මේක ලංකාවෙ බොහෝ ජනප්‍රිය පාසල්වල වෙන දෙයක්. මේ අයගේ වැඩ තහනම් කරල හරි නෑ. ඊට වඩා තදින් සිටිය යුතුයි. අපේ රටේ නීතිවල බොහොම හිඩැස් තියනවා. දැඩි දඩුවම් දිය යුතුයි.
සමහර අයගෙ වැඩත් එක්ක බැලුවහම මේවා සුළු දේවල්.
සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයම මෙහෙමයි.
අපේ රටේ අධ්‍යාපනයට වෙලා තියන වින්නැහිය ගැන කාට කියන්නද?
ජානකී, වෙලාවට ඔයාගෙ සහෝදරීගෙ ළමයා පාසලට නොගත්තේ, වෑරදිලා වත් ගත්ත නම් එහෙම මේ ටික එලි වෙන්නෙ නෑහෑ නේ.. කොහොම උනත් ඔය විදුහල්පතිගෙ නම ගම ප්‍රසිද්ධ කරන්න ඕන.
ලංකාව තවත් සෝමාලියාවක් වෙයිද?
මේ වගේ පුද්ගලයො හින්ද තමයි මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න ළමයින්ගේ ජීවිත අඳුරු වෙන්නේ. ඉතින් මේ වගේ වැඩකට නැති අය ඉස්කෝලවල ඉන්නකොට රටට දෙවියන්ගේම පිහිටයි. හැබැයි මොවුන් ටික හෙට අනිද්දට උසස්වීමක් ලබල නිදහස් වෙයි.
මෙම විදුහල්පතිගේ වැරදි මුල ඉදන්ම ජනතාවට හෙළි කළාට ලංකාදීපයට හා සිරස විමර්ශනයට ස්තුතියි. මෙවැනි හොරුන් ගැන තව තවත් හෙළි කරන්න. නම් ගම් එක්කම හෙළි කළා නම් තවත් හොදයි.
මෙයා ඉපදුනු දවසේ ඉදන්ම වගේ පගාව ගත්ත කෙනෙක්. මේ පුද්ගලයාගේ ගමේ මෙයාව ප්‍රසිද්ධ අනුවර්ත නාමයකින්. ඒ නම ලැබුණේත් ඔය වගේ වැඩ කරපු නිසා. පැල්මඩුල්ල පැත්තේ තමයි ගම. මෙයාගේ ජීවිතේ බේරුනෙත් මේ පාසලට ආවට පස්සේ. පාසලේ අය තමයි සල්ලි එකතු කරලා ඔපරේෂන් එකක් කෙරෙව්වේ. ලේ දුන්නේ පාසලේම ගුරුවරු. ඒත් අන්තිමට පාසල විනාශ කළා. කියන්න දේවල් ගොඩක් තියනවා මේ පුද්ගලයා ගැන.
දුක් වෙන්න එපා. ඕක තමයි ධනේශ්වර සමාජය. මේකෙ මැණික් හොයන්න එපා. සිදුවීම් සිදුවන්නේ කොක හඬලා සිනාසෙන්න වත් හඬා වැලපෙන්නවත් නොවේ, ඉගෙන ගැනීම සදහායි. ඉගෙන ගන්න.
මගේ පුතා ගියේ නුවර. ඇතුළු වෙච්ච ගමන් රු 25,000 පාසලට දෙන්න කියල බල කරා. මට අපහාස කලා. ළමයාගේ ඉස්කෝලෙට සල්ලි දෙන්න ලෝබද කියල. ඊට පස්සේ හැම දෙමව්පියම අනිවාර්යෙන් 15,000 දෙන්න කිව්වා. එතන හිටිය මාසෙකට 15000 හොයන්නේ නැති ය ගොඩක්. රැස්වීම්වලදී ඒ අයට හරියට අපහාස කලා. හැම පාසලකම ඔහොම තමා. එහෙ තාමත් මේක සිද්ධ වෙනවා. මම සාක්කි දෙන්න ලැස්තියි.
හිතවත් මවුපියනි, දැන් අඩන්නේ ඇයි? ඔබ ඉල්ලන් කාලා. අධ්‍යාපනයක් නැති ඡාරයක් නැති මිනිසුන්ට චන්දය දීලා එහෙම ඉල්ලන් කාලා. නිල් රතු හා කොල අන්ධයන් ලෙස එවැනි අයට චන්දය දී ඔබෙත් ඔබේ දරුවන්ගේත් වල කපා ගන්නවා. මේවා නතර කරන්න පුළුවන් කෙනෙකු නැහැ. මොඩයින් දැන්වත් හිතාපල්ලා. මොලේ පාවිච්චි කරපල්ලා.
කියල වැඩක් නෑ.
බුලත් මඩිස්සලේටත් හෙන ගැහුවනම් හුණු කිල්ලොටය ගැන කවර කතාද?
දෝතට ගත් එක වතුර බිදුවක් විතරයි ඔය බිම වැටුනේ. ඔය වගේ වතුර බිංදු තව කොච්චර තියනවාද?
ඔක ලංකාවේ එක පාසලක් විතරයි. ඔයවගේ හෙළි නොවුණ පාසල් තවත කොච්චර තියනවාද? ජාතික පාසල්වලයි ජනප්‍රිය පාසල්වලයි විදුහල්පතිවරුන්ගේ ආදායම් බැලුවහම ඒක හිතා ගන්න පුළුවන්. රජයේ සේවකයකුට පඩියෙන් මාලිගා ගහන්න බැහැ. සුපිරි වාහන ගන්නත් බැහැ. එහෙම කවුරු හරි කරනවානම් ඔහුගේ ආදායම ගැන හොයන්න ඕන. උපාධියක් අරගෙන රස්සාවකට ගිහින් මාසෙ පඩියෙන් ජීවත් වෙන්න බැරිව දැන් කොරියාවෙ කම්කරුවෙක් විදියට වැඩ කරනවා. කුරුණෑගට බැංකුවක වැඩිමහ තැන්පතු තියන කෙනෙකුට අවුරුද්දේ අවසානේ පාටියක් දුන්නා. ඒකට ඒ පැත්තේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකුත් ආරාධනා ලැබුවා. මේවා නිලධාරීන් දන්නේ නෑ.
අපිත් මේ විදුහල්පති ගැන කතා දන්නවා.
මේ මහා නාමයක් ඇති පාසලක් තමයි. උස සුදු ලස්සන මාලයක් දාගෙන ඉන්න මේ ගුරුවරයා අද ඊයේ ඉදන් නෙමේ මේ වැඩේ කරන්නේ. ඔය ව්‍යාපාරයට තව හවුල් අය ඉන්නවාත කළුබෝවිල පැත්තේ ගුරුවරයෙක්, වාද්දුව පැත්තේ ගුරුවරයෙක්, කොට්ඨාව පැත්තේ ගුරුවරයෙක්, හාමුදුරු කෙනෙක්, මේවට සම්බන්ධයි. මේ පුද්ගලයට ගුරුවරියන් පේන්න බෑ. ළමයින්ගේ අම්මලවත් එහෙමයි. සුළු සේවිකාවන්ව පේන්නත් බෑ. මේ පුද්ගලයා අහිංසක දෙමාපියන්ගේ සල්ලි අරගෙන ඒව පොලියට දෙනවා. මේවා නවත්වපු කාට හරි අපේ හද පිරි ප්‍රනාමය. මේ පාසලට ජය වේවා.
මේ සක්විති විදුහල්පති නොකරපු දූෂණයක් නැති තරම්. මේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුයි.
මෙවැනි අය කරපු වැරදි ලියලා, නිවේදනය කර කර පොලිස් ආරක්ෂාව මැද රට පුරා ඇවිද්දවන්න ඕන.
පරීක්ෂණ යට ගිහින් මේ විදුහල්පතියා අන්තිමට බාලිකා විද්‍යාලයක විදුහල්පති කරලා දායිද දන්නෑ. කෝකටත් විමසිල්ලෙන් ඉමු.
මේවගේ අයට තමයි ගුරු හොරු කියන්නේ.
පාද හතරෙ අයටත් වැඩිය නරකයි.
අධ්‍යාපන ඇමැතිතුමනි, අධ්‍යාපන අධ්‍යක්ෂවරුනි, මෙය ඔබේ අවධානය යොමු කළ යුතු අවස්ථාවක්. මහා නාමයක් තියන විදුහලට පහත් නාමයක් ලැබෙනවා මෙවැනි නීච පුද්ගලයන් නිසා.
අධ්‍යාපන ඇමැති කෝ?
ලොක්කෙකුට කියල මොනවත් කරන්න බැරිද?
මෙවැනි සිද්ධින්ට අප කොතරමි කෑගැසුවත් වැඩක් වන්නේ නැත. මන්දයත් ලංකාවෙ පවතින්නාවු නීතිපද්ධතියේ සිදුරු ඇත. මෙවාට නීති මෙන්ම නියම විසදුමි ඉස්ලාමි ධර්මයතුල අල්කුර්ආනයේ පෙන්වාදී ඇත. එනමි ෂරියා ලෝ නමැති නීතිපද්දතිය තුල එම ක්‍රමවේදය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. සමාජයට හෝ පුද්ගලයෙකුට අසාධාරණයක් පවතින්නේ නමි එම අසාධාරණයට ලක්වු පිරිසට සාධාරණය ඉටුකර චුදිතයාට වරදකරුට නිසි දඩුවමි දීමේ ක්‍රමවේදය ඉස්ලාමිය රටවල් තුල දැනටද පවතී. මෙය කියවිමෙන් ඔබ මා සමග අමනාප නොවන්න. මන්දයත් නීතිය නොමැති තැන කවර කතාද?
ඇයි බලධාරීන් තවමත් නිදිද?
මේ අය නිසා ගුරු සේවයට සහ රටට විශාල අගෞරවයක්. මෙයාලා මානසික ලෙඩ්ඩු. කොහෙත්ම පාසලකට සුදුසු නෑ.
ළමයින් යහමගට ගනිමින් දෙවියන් වගේ ගරු බුහුමන් ලබන්න ඕන ගුරුවරු මේ විදියට හැසිරෙන්න ගත්තොත් ලංකාව නරකාදියක් වෙන දවස ඈතක නෙමේ. මේවගේ අයට උපරිම දඩුවම් ලබා නොදෙන බලධාරීන් තමා කවදහරි මේවට වග කියන්න ඕන. මේවගේ අයට වැඩිකල් නොගිහින් ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙයි.
මම ගියේ කෑගල්ල පැත්තේ පාසලකට. අපි පහසුකම් ගාස්තුවලට අමතරව සත පහක්වත් ඔය හොරුන්ට ගෙව්වේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් ළමයින් සහ මව්පියන් නැගීසිටින්න ඕන අසාධාරණයට විරුද්ධව. එහෙම වුණානම් ඔය තරම් දේවල් නොවෙන්න තිබුණා.
මේ කරපු අපරාධවලට බක්මහ අකුණු වලින් විදුහල්පතිතුමාට පරිස්සම් වෙන්න වෙයි.
මේ ආකාරයෙන් නොයෙක් ආකාරයේ විශමාචාරවල යෙදෙන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා දඩුවම් කළ යුතුයි. මෙවැනි අයට කිසිදු ආරක්ෂාවක්, බුරුලක් නොදිය යුතුයි.
රජයේ පාසල්වලට සිසුන්ගෙන් මුදල් එකතුකරන්න බැරි විදියට නීති සම්පාදනය කරන්න.
මේ අයට දෙන්න ඕන රජකාලෙ දඩුවම්. ඔය දන්න පාසලක් විතරයි. ලංකාවෙ ලොකු ලොකු හැම පාසලේම මෙහෙම තමයි. නිවුස්වලින් ෆස්ට් කියලා අනික් ඒවා කිව්වාට අනෙක් මාධ්‍යවල කටවල් මේවට ඇරෙන්නේ නෑ. සතුටුයි ලංකාදීප ගැන. මේවගේ ජරා මිනිස්සුන්ගේ ඇත්ත අපට කියනවට, මේ අයගේ නම් ගම් එක්කම දාන්න ඕන. ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට ස්තුතියි.
උතුම් විදුහල්පතිවරු තුන්දෙනක් මේ විද්‍යාලය දියුණු කළා. මේ පුද්ගලයා ඒ අයගේ මහන්සිය විනාශ කළා.
මේවගේ හොර ගුරුවරයෙක් මධ්‍යම පළාතේ උඩුදුම්බර පැත්තේ පාසලක හිටියා. විදුහල්පතිකමක් කරන්න සුදුසුකමක් නෑ. ඒ වුණාට දේශපාලන හයිය අරං රාජකාරි වෙලාවෙ කුඹුරු වැඩ කළා. කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කළා. අනිත් ගුරුවරියන්ට වද දුන්නා. උපාධි ගුරුවරු එයාට පේන්න බැහැ. උදේ ඉදන් අරක්කු බීපු ගමන් ඉන්නේ. අවුරුදු 9ක් 10ක් තිස්සේ සෑහෙන දුරක ඉඳල එන ගුරුවරියන්ට මාරුවීම් දුනන්නේ නෑ. අන්තිමට දෙවියො බැලුවා. බීලා බයික් එකේ යද්දි කණුවක ඔලුව වැදිලා අන්තරා වුණා. මෙන්න මේකයි අපේ රටේ තත්ත්වේ.
ඔය කියන පාසලේ මමත් අව්රුදු 13 එඉගෙන ගත්තා. ඔය කියන විදුහල්පතිට උදව් කරපු ප්‍රධානම ගුරුවරයා ගැන මම අමාත්‍යංශයට ලිව්වේ 2001 දී . "තනුජ-ඔය ව්‍යාපාරයට තව හවුල් අය ඉන්නවාත කළුබෝවිල පැත්තේ ගුරුවරයෙක්, වාද්දුව පැත්තේ ගුරුවරයෙක්, කොට්ඨාව පැත්තේ ගුරුවරයෙක්, හාමුදුරු කෙනෙක්, මේවට සම්බන්ධයි. මේ පුද්ගලයට ගුරුවරියන් පේන්න බෑ. ළමයින්ගේ අම්මලවත් එහෙමයි. සුළු සේවිකාවන්ව පේන්නත් බෑ " සාකිත් එක්ක ඔක්කොම අමාත්‍යංශයට දුන්නා ඒත් මුකුත් කරන්න බැරිවුනා.එතකොට අපි ඉස්කොලෙ හිටපු නිසා. එතකොට අපේ පාසල විනය අතින් හොදම පාසල විදියට අවරුදු 3 පිට පිටම තේරිලා තිබ්බේ. ඒ ඔක්කොම විනාස කලේ මේ ගුරුහොරු ටික තමයි. සිසුන් විදියට අපිට කල හෑකි හුගක් දේ අපි කලා. ඒවාට ප්‍රතිඵල විදියට අදටත් පාසලේ උත්සව වලට අරධනාවක් වත් ලැබෙන්නේ නෑ.(2001 කණ්ඩායමේ ශිෂ්‍යයන්ට) මමත් හිටපු උප ප්‍රදාන ශිෂ්‍ය නායකයෙක්. මම මගේ පාසල් ජිවිතයේ අන්තිම දවසේ ඒ ගුරුවරයට මේටික කවද හරි වෙනවා කියල අවේ. මේ ලිපිය බලනවානම් මතක්කර ගන්න 2002 මර්තු 06 බදාදා. මේදේවල් මෙහෙම හරි නීතියට ගෙන ඒම ගැන අර අමාත්‍යංශයෙන් වැඩතහනම් කළ ගුරුතුමියට ඉස්තුති වෙන්න ඕන.
වැටන් නියරත් ගොයම් කානම්?
අනේ අප්පේ ලංතාවේ අශ්චර්යයක හැටි. රටක් දියුණු කරන්න නම්, රටේ අංක 1 අධ්‍යාපනයට ලබා දිය යුතුයි.
ලංකාදීප , සිරස ඔබට තුති. එසේම මෙහි ලියපු රුමේෂ් , රංග, හොද ළමය , 85 අපි , ජානකි යන යටත් ස්තුතියි . අප පාසැල පිලිබදව අදහස් දැකුවුවාට. මෙහිදී විදුහල්පති , අනෙක් ගුරුවරයා ට විතරක් දඩුවම් දීලා මේ විදුහල ගොඩ ගන්න බැහැ. මොවුන් එක්ක එකට පාසැල කාපු තවත් ගුරුවරු / ගුරුවරියෝ , පාසල් සංවර්දන සමිතියේ අය , අදිසිසු සංගමයේ සමහරක් , යන සැම දෙනාටම කරලා තියෙන වැරදි අනුව දඩුවම් දිය යුතුයි . තාමත් මොඋන් උත්සහ කරනවා පරණ විදියටම පාසලෙන් ගසාකෑමට, හොදම දේ පහුගිය දවස් වල ජනාධිපති විමර්ශන අංශයෙන් කල වගේ යම් ප්‍රසිද්ද කිරීමක් කරලා සක්කිදීමට / කරුණු දැක්වීමට කැමති හැමෝටම අවස්ථාවක් දීලා හොරු සියල්ලම හදුනාගෙන දඩුවම් දීමයි
ලංකාවෙ අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති වලට පුළුවන් නම් මේකට අතදාලා පෙන්නන්න.
මම දන්නවා ඔය කියන කෙනාව. 1 වසරට ලමයෙක් දමන්න ලක්ෂ 5ක් ගත්තා මගේ යාලුවෙක්ගෙන්. පිලියන්දල ...
ඇත්තටම මොකක්ද මේ කොළඹ ජනප්‍රිය පාසල?
මේවා මූලාරම්භයේ සිට එන වැරදි
මම දන්නවා ඔය කියන කෙනා ගැන. එකවසරට දාන්න ලක්ෂ 4ක් ඉල්ලුවා.
ලංකාවෙ බොහොමයක් පාසල් වල මෙයට සමාන දේවල් වෙනවා. මහනුවර තියන ප්‍රසිද්ධ පාසලකත් මීට සමාන දේවල් වෙනවා. එම පාසලේ විදුහල්පති හදන නිවසේ වටිනාකම කෝටි ගානක්.
ඔය කියන පාසලේ මමත් අව්රුදු 7(1992) ඉගෙන ගත්තා. එතකොට අපේ පාසල විනය අතින් හොදම පාසල. මොවුන් එක්ක එකට පාසැල කාපු තවත් ගුරුවරු / ගුරුවරියෝ , පාසල් සංවර්ධන සමිතියේ අය , අදිසිසු සංගමයේ අය , යන සැම දෙනාටම කරලා තියෙන වැරදි අනුව දඩුවම් දිය යුතුයි .
මමත් අනුරාධපුරේ ශිෂ්‍යයෙක්. අපේ පාසලේ එහෙම වුණානම් අපි නැගී සිටිනවා. නුඹලගේ නාමය මහා එකක් වුණාට ඇයි සද්ධ නැතිව ඉන්නේ?
අහන්නත් දුකයි මේ වගේ දේවල් මගේ ඉස්කෝලෙට වෙලා කියල. ඉස්කෝලේ ඉන්න දවස වල ගොඩක් සංගම් වල වැඩ කරාට, ආදි ශිෂ්‍ය සංගමයට බැඳෙන්නේ නැතුව හිටියෙත් මේ වගේ දේවල් වෙන්න පටන් ගත්ත හින්ද. රුමේෂ්, මට මතකයි ඔයා කියන ඔය සිදුවීම. මම ඔයත් එක්ක එකට සංගම් කිහිපයකම වැඩ කරා. හොඳටම දුක හිත්තෙන්නේ අපි ඒ දවස් වල ඉස්කෝලෙට මොනවා හරි හොඳක් වෙන්න කියල වෙච්ච මහන්සි ඔක්කොම වතුරේ ගිහින් වගේ කියල හිතෙනකොට. දෙන්න තියෙන උපරිම දඬුවම් දෙන්න ඕනේ මේ වගේ කාලකන්නි මිනිස්සුන්ට.
තවත් මෙවැනි පාසලක් ගැන මේ පාර රාවය පත්තරේ තියනවා. ඒක ගැනත් දාන්න.
මෙම දූෂණ ජඩ වැඩ වහාම නැවැත්විය යුතුයි.තිරිසනුන් මෙන් හැසිෙරන මෙම පුද්ගලයන් සමාජයෙන් අතු ගා දැමිය යුතුයි.
දගගෙයි දඩුවම් සිවුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්...
මොනවා උනත් පාසලේ ළමයින්ට කරන්න දෙයක් නැහැ... මහානාමය කියන්නේ ලංකාවෙ ප්‍රධානතම පාසැලක්...
මෙවැනි පුද්ගලයින්ගේ නම් ගම් ප්‍රසිද්ධ කරනවා නම් හොද යැයි සිතමි
ඔයාල ඉස්කෝලෙට බැනල වැඩක් නැ ඕව ඉස්කෝලේ වැරදි නෙමෙයි. පාලනය කරන මිනිසුන්ගේ වැරදි. ඉස්කෝලෙට බනින්න එපා. ඔය අපේ ඉස්කෝලේ. අපේ ඉස්කෝලේ වැරද්දක් නැ. අපි අපේ ඉස්කෝලෙට පන වගේ තමයි. ඉස්කෝලෙට බනින්න එපා.
අපි පගා ගහන්න සූරයො.
අල්ල උල තියන්න ඕනේ
කාටවත් අපිව අල්ලන්න බෑ.
ඔය ඉස්කෝලෙට ඉස්සර මහා නාමයක් තිබ්බා.ඔය කියන විදුහල්පතියා තමා ඒක කෑවේ
මේ සිද්ධියට කොළඹ ලුණු මුදලාලිලත්, බොරලැස්ගමු පැත්තේ බැංකු කළමණාකරුවෙකුත් ඉන්න බව ඇහෙනවා. මිටි, ඔළුවෙ කෙස් අඩු ගුරුවරයෙකුත් තවමත් එහෙම කටයුතු කරගෙන යන බව අයන්න ලැබෙනවා. ඒවත් හොයන්න.
මේ කපටියන්ගේ නම් ගම්ද හෙළි කළොත් ඒකෙන් වත් පාඩමක් ඉගෙන ගනී
නුවර බාලිකා විද්‍යාලයක 8 ශ්‍රේණියට එකම පවුලෙ ළමයින් දෙදෙනක් ඇතුළු කරන්න රුපියල් 1 400 000 ක් අරගෙන තියනවා.
හැම කෙනෙක්ම තමන්ගේ දරුවා හොඳම පාසලකට ඇතුලත් කරගන්න නොකරනා දෙයක් නැහැ. ඒ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න හැම දෙමව්පියෙකුටම තියෙන අහිංසක හා උතුම් උවමනාව නිසා. මේ කාලකන්නි ඒ දේ වැරදියට පාවිච්චි කරලා මුදල් හොයනවා. දැන් පාසැල් වල ඉන්න සමහරු ගුරුවරු නෙමෙයි ගුරු හොරු. ඒ අතින් අපිට උගන්වපු අයට කියන්න ඕනි ගුරු දෙවිවරු කියල. කොහොම උනත් මේ වගේ දූෂණ හා වංචා වලට වගකිවයුතු අයට ප්‍රසිද්දියේ දඬුවම් දිය යුතුමයි.
ඔබේ නුවණ නම් අගනේය
අපරාධකරුවන් පිරිවරම උල හිඳුවා මැරිය යුතුයි.
දෙමාපියන් දරුවන් පාසලට ගෙනත් ඇරලවන්නෙ විශාල ව්ශ්වාසයකින් මෙහෙම දෙවල් වන විට ඒ ව්ශ්වාසය නැති වෙනවා. මමත් ගුරුවරෙයක් ගුරුවරු බදවා ගන්නවිට අධ්‍යාපන සුදුසු කම විතරක් බලල මදි.සමහරු උගන්වන්ෙනත් නැතිව වැටුපත් අරෙගන මෙවා තමයි කරන්නෙ.නමුත් කවදා හරි දඩුවම් ලැබෙනවා. ඕන තරම් නිදසුන් අපි දැකල තිෙයනවා..
නම් ප්‍රසිද්ධ කරානම් හරි...
ඉස්සරහට තව හොද වැඩ තියෙයි
අධ්‍යාපනයට තව ඇමති කෙනෙක් ගන්න වෙයි....