ෆේස්බුක් සිද්ධියක් නිසා සිසුවියක දිවි නසා ගත් බව කියන කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයය සම්බන්ධයෙන් ළමා රක්ෂණ අධිකාරිය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කළ විමර්ශන වල දී විදුහල්පතිට එරෙහිව සාක්කි දුන් සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනකුට විවිධ තර්ජන එල්ල වී ඇතැයි කියිමන් ලංකා ගුරු සංගමය ළමා රක්ෂණ අධිකාරියට ලිඛිතව පැමිණිලි කළේය.
මිය ගිය වෙනූෂා ඉමන්දි බණ්ඩාර සිසුවියගේ සහෝදරියටත්, තවත් සිසු සිසුවියන් පිරිසකට පාසලට යෑමට නොහැකි තත්ත්වයක් ඇතැයි ද, ගුරුවරුන් පස් දෙනකුට එරෙහිව ද විවිධ ක්‍රියාකාරකම් සිදු වෙතියි ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් ජාතික ළමා රක්ෂණ අධිකාරියට යැවුණු ලිපියේ සඳහන්ය.
මාර්තු 19 වැනි දා ගුරුවරයකුගේ නිවසට ගල් ගසා ඇති බවත්, අප්‍රේල් 03 වැනි දා ගුරුවරුන් පස් දෙනකුගේ පඹයන් පාසල ඉදිරිපිට පිළිස්සූ බවත්, පසුගිය 21 වැනි දා මෙම ගුරුවරුනට එරෙහිව විවිධ ප්‍රකාශ පාසල තුළ ලියා තිබුණු බවත් ගුරු සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද කරලා තව තර්ජනත් කරනවා (දී)
මෙය පිටුපස දේශපාලනය ඇති නිසා ඇත්ත කතා කල ගුරුවරයින්ට සහ ළමයින්ට පාසලට යාමට තබා ගෙදර ඉන්නටවත් බැරි තත්වයක් උදාවී ඇතිබව මෙයින් පෙනේ. (නදී)
මේ විදුහල්පති දේශපාලකයෙකුගේ හිතවතෙක්. කොහොම හරි මොහු දිනනවා.(නදී)
මොහු තාමත් රටේ නීතියට යටත් නැ වගේ. ආයේ වතාවක් කුඩුවට දමා එලියට දමනු.(නදී)
මට තේරුම් ගන්නට බැහැ අපේ රටේ මිනිස්සු මෙතරම් අනුවන හා දුෂ්ට අයද කියා.කරුණාකර සොයා බලන්න මෙම ගුරුවරු පාසැල තුල කලේ කුමක්ද කියා .වසර 3-4ක කෙටි කාලය තුල එවකට තිබු දුෂණ ,අද්‍යාපන හා පරිපාලන කඩා වැටීම නතර කර පාසැල ගොඩගත් ගුරු පියාට විරුද්දව කුමන්ත්‍රණය කර පාසැල නැවත අගාදයට හෙලු මෙවැනි ගුරු හොරු උතුම් ගුරු තනතුරෙන්ම පලවා හැරීය යුතුය. වෙනුෂා ගේ මව හා හිතවත් කීප දෙනෙකු සමග එක්ව තම පුද්ගලික තරහා පිරිමහා ගන්නට දගලන මේ ගුරු හොරුන් ,නින්දෙන් බයවී නැගිට මන්දබුද්දීකයන් සේ කටයුතු කරන ළමා රක්ෂණ අදිකාරිය, මාද්‍ය ගණිකා වර්තියේ යොදවන වසලයන් හා අලුතින්ම එක්වූ නඩය ගුරු සංගමයයි.මිල මුදලට හා වෙනත් ලාබ ප්‍රයෝජන වෙනුවෙන් ආත්මය පවා නොදී රටේම පාසල් දරුවන්ගේ අද්‍යාපනය ගැන සිතා සත්‍ය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නැතිනම් පින් සිදුවේවි කුමන්ත්‍රණකරුවන් හා එක් නොවී සිටින්න. (දී)
තවත් වරදක් මේකත් අල්ලලාම නඩු දාන්න (දී)
මම හිතන්නෙත් නීතියෙන් සියලුම දෙනාට දඩුවම ලැබෙයි. හැබැයි ෆේස්බුක් පාසැල් ළමුන්ට සුදුසු දෙයක් නෙමෙයි... ඒක තමයි මේ හැම හේතුවකටම හේතුව.... හැම පාසලකම විනයක් තියෙන්න ඕනේ... ඒකේ් අගේ කෙනෙකුට තේරෙන්නේ සමාජයට ගිහින් ජීවත්වෙන්න පටන් ගන්නකොටයි... වැඩිහිටියෙකු විදිහයට ජීවත්වෙනකොටයි.... විනය ඉගැන්විය යුත්තේ පාසල් අවදියේ තමයි... එහෙම නැතිව හැරමිටෙන් යන කාලෙක නෙමෙයි... (දී)
වැරැද්ද කරලා තව බලපෑම් කරන්නත් එනවා (දී)
ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් තමා හොද. තවමත් කරන්නේ වැරදි.(නදී)
ඒ මියගිය ළමයාගේ විස්තර හොයල බැලුවම මුහුණු පොත පොස්ට් , සුපෙර් ස්ටාර් ) මේ ළමය ටිකක් සීමාව ඉක්මවා ගිය බවක් පේනවා . විදුහල්පති විතරක් මෙනෙයි, මේ ළමයත්, එයාගේ දෙමවුපියොත් මේකට වග කියන්න ඕනේ . එහි වැඩි වගකීම දෙමවුපියන්ට නිසා විදුහල්පති තුමා මේකෙන් නිදහස් විය යුතුයි. (අ)
අනේ මන්දා! ගුරුවරු දැන් කාලේ හරිම පහත් තත්ත්වයට වැටිලා. (නි)