IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සිසේරියන් සැත්කමට ඕනම බෙහෙතක් නෑ

ගැබිණි මව්වරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කිරීමේදී යොදා ගන්නා 'හෙවි මාකේන්' නම් වූ ඖෂධය රජයේ රෝහල්වල සහ පුද්ගලික ඔසුහල් වල ද නොමැති වීම හේතුවෙන් ගැබිණි මව්වරු මෙන්ම වෛද්‍යවරු ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. පුද්ගලික ඔසුහල් වලින් රුපියල් 500 ට ආසන්න මුදලකට මිලදී ගත හැකිව තිබූ 'හෙවි මාකේන්' නමැති ඖෂධය සැත්කමට භාජනය කරන තැනැත්තාගේ සිරුරේ පහළ කොටස හිරිවැට්ටවීම සඳහා භාවිතා කරන ලද්දකි. සිසේරියන් සැත්කම් සඳහා බහුලව භාවිතා කරන ලද මෙම ඖෂධය උදරයේ සහ සිරුරේ පහළ කොටසේ වෙනත් සැත්කම් සඳහා ද භාවිතා කළ බව නිර්වින්දන වෛද්‍යවරු පවසති. මෙම ඖෂධය නොමැති වීම හේතුවෙන් 'ප්ලේන් මාකේන් ' නමැති ඖෂධයක් ඒ වෙනුවට රෝහල්වල මේ දිනවල භාවිතා කරයි. වෛද්‍යවරු පවසන්නේ 'හෙවි මාකේන් ' ඖෂධයේ ග්ලූකෝස් කාණ්ඩයක් ඇතත් 'ප්ලේන් මාකේන්' හි ග්ලූකෝස් නොමැති බවයි.

සැත්කමට භාජනය වන පුද්ගලයාට 'හෙවි මාකේන්' ලබා දීමේදී එහි ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් නිර්වින්දන වෛද්‍යවරයාට තිබුණ ද එම වෛද්‍යවරු පවසන්නේ දැන් භාවිතා වන 'ප්ලේන් මාකේන්' හි එවැනි පාලනයක් නොමැති බවයි. ඇතැම් අවස්ථාවලදී එය අවශ්‍ය ප්‍රමාණයට වඩා ක්‍රියාකාරී වන බවත්, තවත් විටෙක ක්‍රියාකාරී නොවන බවත් නිර්වින්දන වෛද්‍යවරු පවසති. 

ගැබිණි මව්වරු  බොහෝ දෙනෙකේ පෞද්ගලික සායන වළදී ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ උපදෙස් පතති. මෙසේ සායන වලට සහභාගි වන මව්වරුන්ගෙන් විවිධ සංකූලතා ඇති මව්වරුන්ට ලැබෙන උපදේශය වන්නේ දරු ප්‍රසුතිය සිසේරියන් සැත්කමකින් කළ යුතු බවයි. ඇතැම් ගැබිණි මව්වරු ද සිය කැමැත්තෙන් සිසේරියන් සැත්කම්  වලට ඉදිරිපත් වෙති.

ඖෂධය ඉක්මණින් ගෙන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය බලධරයෝ කියති.



අදහස් (0)

සිසේරියන් සැත්කමට ඕනම බෙහෙතක් නෑ

සාගරිකා Tuesday, 16 July 2013 07:19 AM

අජිත් ඔබ හරි (අ)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 07:24 AM

ඇමරිකාවෙන් ගෙනල්ලා තව මියුසිකල් ශෝස් දෙක තුනක් තියමු. එතකොට ලෙඩා මළත් බඩ සුද්දයිනේ (නි)

:       0       0

ශ්‍යාමලි Tuesday, 16 July 2013 07:25 AM

මේ රටේ ඉන්නැති කොහේ හරි රටකට යන එක තමයි හොඳි (අ)

:       0       0

පියදාස Tuesday, 16 July 2013 07:27 AM

අපේ අනාගත පරපුරට දෙයියන්ගේ පිහිටයි (අ)

:       0       0

තාරක Tuesday, 16 July 2013 07:40 AM

රජයේ රෝහල් වලට එන මිනිස්සු මේ දේවල් ගැන දන්නෙත් නැහැ. දැනගත්තා කියලා ඔවුන්ට වෙන විකල්පයකුත් නැහැ. රට පෙරට! (නි)

:       0       0

දුමින්ද Tuesday, 16 July 2013 07:47 AM

රජයේ තැන්වල සිටින්නේ තනතුරුවලට කිසිම සුදුසු කමක් නැති උදවියි,එකයි මේ කරදර. (අ)

:       0       0

Priyantha Kumara Amarasinghe Tuesday, 16 July 2013 08:05 AM

හිටපු අධ්‍යක්ස ජෙනරාල් අජිත් මෙන්ඩිස් නැවත පත්කරලා උපදෙස් ගත්තානම් මේදේ වෙන්නේ නෑ (අ)

:       0       0

සරත් Tuesday, 16 July 2013 09:11 AM

අනේ අපේ රටට ගිය කලක්. (වේදිකාවට නැංඟම නම් හොඳම දේ දරුවන්ටලු. ඒ ලැබෙන්ට ඉන්න අයට නෙවේ වෙන්ටැ. ) (අ)

:       0       0

විපුල Tuesday, 16 July 2013 09:11 AM

වග කිව යුත්තන් වහාම ක්‍රියාකළ යුතුයි. හදිසි ඇණවුමකට යන්නේ දින තුනයි .... (අ)

:       0       0

චාමික Tuesday, 16 July 2013 09:18 AM

ළමයි හදන්න කියන සේනාවේ රාවයේ අය කෝ ? හරක්ම බලාගෙන ඉන්නකෝ එහෙනම්. ගාමිණී සිරි එහෙනම් ඔයාගේ වයිෆ්වත් බබා හම්බ වෙන්න ඉස්පිරිතාලේ යවන්න එපා. දුව යවන්නත් එපා. ඔයාගේ පැරණි වෙද කමටම එයාලවත් බාර දෙන්න. නිකම් පම්පෝරි ගහන්න එපා. ඉස්සර තිබුන ඒවා විතරනේ දැන් අපිට කියන්න තියෙන්නේ ? අයි නංගිගේ පුතා ඇමරිකාවේ පී. එච්. ඩී. කරන්න යැව්වේ. වෙද ගෙදරකට යවන්න තිබුනනේ ඔයාගේ පප්ම්පොරි වෙදකම ඉගෙන ගන්න? කව්රුත් කියනවා විතරයි කව්රුවත් ඒවා කරන්න යන්නේ නෑ. දැන් තියෙන දෙයක් ගැන කියන්න, ආදී කලේ ඒවා කියව කියව ඉන්නේ නැතුව. නැති නම් පම්පෝරිය විතරයි ඉතුරු වෙන්නේ. (අ)

:       0       0

මදූෂ Tuesday, 16 July 2013 01:50 PM

මොනව කරන්නද ඉතින්? ඇමරිකාවෙන් ගෙන්නපු ගායකයන්ට ගෙවන්න සල්ලි ඕනෑ.ඒ නිසා ගැබිනි මාතාවො ටික ඉවසගෙන ඉන්න. (දී)

:       0       0

විජේසිංහ Tuesday, 16 July 2013 02:05 PM

මේක අර ගොල්ලගෙ වැඩක් වද්ද ? එයාලා කිව්වනේ සීසර් කරන්න එපා කියලා. (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 15 July 2013 08:59 PM

අනේ මෙහෙව් රටක් ඒ වුණාටට කතාව හරක් ගෑන මෙහෙ ළමයෙක්ව ලෝකෙට අරගන්න බේතක් නෑ ඈමති තාම බෙර ගහනවද දනෙ නෑ (අ)

:       0       0

purawesiya Monday, 15 July 2013 09:34 PM

ඇමතිගේ දුර්වල කමෙනුයි මෙහෙම වෙන්නෙ (අ)

:       0       0

ගාමිණී-සිරි Monday, 15 July 2013 09:50 PM

වැඩි ඉතිහාසයකට යන්න උවමනා නැහැ. 1960-65 වනතෙක්ම සෑම ගමකම සිටියා ඇස් ,සර්ප,හරක්,මාන්දමට ,සෙම්ගෙඩි,වාත රෝග,වලට ගමේ වෛද්‍යවරු. ජෝතිෂ්‍ය කටයුත්තක් කලේ පන්සලේ හාමුදුරුවෝ. මහන්සිවෙලා වැඩකරන ගොවියාට ප්‍රෙෂර් ,සුගර්,කොලස්ටරෝල්,තිබුනෙම නැහැ. බැරිවෙලාවත් හාට් ඇටැක් හැදිලා හෝ මිය ගියොත් කතාව යන්නේ යකා ගහල කියලා. ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගැනීම මදිකමක් හිතන අතර ගමේ වේද මාමා හෝ නැන්දගෙ එක බෙහෙතින් ලෙඩේ සුවයි. සල්ලි ගන්නෙත් නැහැ. තෑගිත් නැහැ. වින්නබු මාතාවන් නොහිටපු කාලයේ ,සීසර් සැත්කම් නැති කාලයේ ,ගෙදෙර හදාගත් තිම්බිරිගෙයින් දරුවන් ,එලියට ගත්තේ නමින් ,කෙහෙල්පන්නල කිරි අම්මා. මගේ බාලම නංගී බිහි උනේ අපේ ගෙදර තිඹිරි ගෙයි. ඇයත් අද දක්වාම නිරෝගියි ,ඇගේ බාලම පුතා පී.එච්.ඩී එක කරන්නේ ඇමෙරිකාවේ. නවීන පන්නයේ රෝග සුව කර ගැණීම එක් අතකට ජනතාවටත්, රජයටත් විශාල බරක්. පැරණි ගොඩ වෙදකම් නැවත නගා සිටුවීම ඉතාමත් වටිනා දෙයක්.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 15 July 2013 09:57 PM

බෙරේ නෙමෙයි මල්ලි බම්බු, බම්බු.(නදී)

:       0       0

අමිළ කටුනායක Monday, 15 July 2013 10:12 PM

මේ සැත්කම් නිසා දොස්තරලට ලේසියි. රෑට නිදාගන්න පුලුවන්. මම අහලා තියෙනවා මේ නිසා හදන්න පුලුවන් දරුවන් ගාන උපරිම තුනයිලු. ඒත් ප්‍රශ්නයක් නැහැ ගොඩක් තැන්වල ඉන්නේ දෙන්නයි.(නදී)

:       0       0

ඩෙනම් Monday, 15 July 2013 11:10 PM

මේක ආනයනය කරන ආයතනයෙන් උදුරලා වෙන කෙනෙකුට දෙන්නයි මෙච්චර දඟලන්නේ.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 16 July 2013 02:40 AM

පොඩ්ඩක් අල්ලගන ඉන්න. මත්තල මන් තීරු හතර ඉවර කල ගමන් සුරුස් ගාලා ඕනෑම දෙයක් ගෙනත් දෙන්නම්.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 16 July 2013 04:02 AM

ගාමිණී මහත්තයා ටිකක් හොයල බලන්න. මීට දශක කීපයකට පෙර දරු උපත් වලදී මව් දරු මරණ ප්‍රතිශත. කොහොමද කියලා.(නදී)

:       0       0

පද්මිණි Tuesday, 16 July 2013 12:16 PM

මේක තම හොදම ජාතිද්‍රෝහී ක්‍රියාව. දරුවා ලොවට බිහි කරන්න අම්මා කෙනෙකුට අයිතියක් නැති රටක් වෙලා. ඇමති කෝ? කරුණාකර මේ වගකීම ඉටු කරන්න. (දී)

:       0       0

අජිත් Tuesday, 16 July 2013 07:13 AM

අපිට තේරෙන්නේ නෑ මේ ඇමතිතුමා කතා කරන්නේ කෙහොන්ද කියල. පත්තරවලින් ඔප්පු කල තියෙනවා බාල බෙහෙත් පොටෝඒක්ක දමල ඇතැමිති කියන එහෙ නෑ කියල. දරුවෙන් ලැබෙන්න ඉන්න අම්මා කෙනකුට දෙන බෙහෙත් ගෙනෙන්නැති පාලකයන්ගෙන් වැඩක් තියෙනවා. ගැබිණි මවුවරැ මේ රටේ ආනාගතයනේ බලමු තවත් මැතිවරණ ඉදිරයට එනවානේ. (අ)

:       0       0

අතුල Tuesday, 16 July 2013 07:17 AM

ඇමැති තුමා පත්තරවලට ඇඟිල්ල දිගුකරන්න ඉස්සෙල්ලා අහිංසක ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්වල දෙන්න. අද රටේ තියෙන්නේ බෙහෙත් මාපියාවක් කිව්වොත් නිවැරදි. රෝහල්වල අහිංසක ලෙඩ්ඩු ජීවිත අනතුරේ දමන්න එපා. (අ)

:       0       0

සමන් Tuesday, 16 July 2013 07:18 AM

අතුලගේ අදහස තමයි නිවැරදි මමත් අනුමත කරනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 341 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 218 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 849 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1472 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4202 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site