ගැබිණි මව්වරුන් සිසේරියන් සැත්කම් සඳහා භාජනය කිරීමේදී යොදා ගන්නා 'හෙවි මාකේන්' නම් වූ ඖෂධය රජයේ රෝහල්වල සහ පුද්ගලික ඔසුහල් වල ද නොමැති වීම හේතුවෙන් ගැබිණි මව්වරු මෙන්ම වෛද්‍යවරු ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. පුද්ගලික ඔසුහල් වලින් රුපියල් 500 ට ආසන්න මුදලකට මිලදී ගත හැකිව තිබූ 'හෙවි මාකේන්' නමැති ඖෂධය සැත්කමට භාජනය කරන තැනැත්තාගේ සිරුරේ පහළ කොටස හිරිවැට්ටවීම සඳහා භාවිතා කරන ලද්දකි. සිසේරියන් සැත්කම් සඳහා බහුලව භාවිතා කරන ලද මෙම ඖෂධය උදරයේ සහ සිරුරේ පහළ කොටසේ වෙනත් සැත්කම් සඳහා ද භාවිතා කළ බව නිර්වින්දන වෛද්‍යවරු පවසති. මෙම ඖෂධය නොමැති වීම හේතුවෙන් 'ප්ලේන් මාකේන් ' නමැති ඖෂධයක් ඒ වෙනුවට රෝහල්වල මේ දිනවල භාවිතා කරයි. වෛද්‍යවරු පවසන්නේ 'හෙවි මාකේන් ' ඖෂධයේ ග්ලූකෝස් කාණ්ඩයක් ඇතත් 'ප්ලේන් මාකේන්' හි ග්ලූකෝස් නොමැති බවයි.
සැත්කමට භාජනය වන පුද්ගලයාට 'හෙවි මාකේන්' ලබා දීමේදී එහි ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් නිර්වින්දන වෛද්‍යවරයාට තිබුණ ද එම වෛද්‍යවරු පවසන්නේ දැන් භාවිතා වන 'ප්ලේන් මාකේන්' හි එවැනි පාලනයක් නොමැති බවයි. ඇතැම් අවස්ථාවලදී එය අවශ්‍ය ප්‍රමාණයට වඩා ක්‍රියාකාරී වන බවත්, තවත් විටෙක ක්‍රියාකාරී නොවන බවත් නිර්වින්දන වෛද්‍යවරු පවසති.
ගැබිණි මව්වරු බොහෝ දෙනෙකේ පෞද්ගලික සායන වළදී ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ උපදෙස් පතති. මෙසේ සායන වලට සහභාගි වන මව්වරුන්ගෙන් විවිධ සංකූලතා ඇති මව්වරුන්ට ලැබෙන උපදේශය වන්නේ දරු ප්‍රසුතිය සිසේරියන් සැත්කමකින් කළ යුතු බවයි. ඇතැම් ගැබිණි මව්වරු ද සිය කැමැත්තෙන් සිසේරියන් සැත්කම් වලට ඉදිරිපත් වෙති.
ඖෂධය ඉක්මණින් ගෙන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය බලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙන් ගෙනල්ලා තව මියුසිකල් ශෝස් දෙක තුනක් තියමු. එතකොට ලෙඩා මළත් බඩ සුද්දයිනේ (නි)
මේක අර ගොල්ලගෙ වැඩක් වද්ද ? එයාලා කිව්වනේ සීසර් කරන්න එපා කියලා. (දී)
මොනව කරන්නද ඉතින්? ඇමරිකාවෙන් ගෙන්නපු ගායකයන්ට ගෙවන්න සල්ලි ඕනෑ.ඒ නිසා ගැබිනි මාතාවො ටික ඉවසගෙන ඉන්න. (දී)
මේක තම හොදම ජාතිද්‍රෝහී ක්‍රියාව. දරුවා ලොවට බිහි කරන්න අම්මා කෙනෙකුට අයිතියක් නැති රටක් වෙලා. ඇමති කෝ? කරුණාකර මේ වගකීම ඉටු කරන්න. (දී)
ළමයි හදන්න කියන සේනාවේ රාවයේ අය කෝ ? හරක්ම බලාගෙන ඉන්නකෝ එහෙනම්. ගාමිණී සිරි එහෙනම් ඔයාගේ වයිෆ්වත් බබා හම්බ වෙන්න ඉස්පිරිතාලේ යවන්න එපා. දුව යවන්නත් එපා. ඔයාගේ පැරණි වෙද කමටම එයාලවත් බාර දෙන්න. නිකම් පම්පෝරි ගහන්න එපා. ඉස්සර තිබුන ඒවා විතරනේ දැන් අපිට කියන්න තියෙන්නේ ? අයි නංගිගේ පුතා ඇමරිකාවේ පී. එච්. ඩී. කරන්න යැව්වේ. වෙද ගෙදරකට යවන්න තිබුනනේ ඔයාගේ පප්ම්පොරි වෙදකම ඉගෙන ගන්න? කව්රුත් කියනවා විතරයි කව්රුවත් ඒවා කරන්න යන්නේ නෑ. දැන් තියෙන දෙයක් ගැන කියන්න, ආදී කලේ ඒවා කියව කියව ඉන්නේ නැතුව. නැති නම් පම්පෝරිය විතරයි ඉතුරු වෙන්නේ. (අ)
වග කිව යුත්තන් වහාම ක්‍රියාකළ යුතුයි. හදිසි ඇණවුමකට යන්නේ දින තුනයි .... (අ)
අනේ අපේ රටට ගිය කලක්. (වේදිකාවට නැංඟම නම් හොඳම දේ දරුවන්ටලු. ඒ ලැබෙන්ට ඉන්න අයට නෙවේ වෙන්ටැ. ) (අ)
හිටපු අධ්‍යක්ස ජෙනරාල් අජිත් මෙන්ඩිස් නැවත පත්කරලා උපදෙස් ගත්තානම් මේදේ වෙන්නේ නෑ (අ)
රජයේ තැන්වල සිටින්නේ තනතුරුවලට කිසිම සුදුසු කමක් නැති උදවියි,එකයි මේ කරදර. (අ)
රජයේ රෝහල් වලට එන මිනිස්සු මේ දේවල් ගැන දන්නෙත් නැහැ. දැනගත්තා කියලා ඔවුන්ට වෙන විකල්පයකුත් නැහැ. රට පෙරට! (නි)
අපේ අනාගත පරපුරට දෙයියන්ගේ පිහිටයි (අ)
මේ රටේ ඉන්නැති කොහේ හරි රටකට යන එක තමයි හොඳි (අ)
අනේ මෙහෙව් රටක් ඒ වුණාටට කතාව හරක් ගෑන මෙහෙ ළමයෙක්ව ලෝකෙට අරගන්න බේතක් නෑ ඈමති තාම බෙර ගහනවද දනෙ නෑ (අ)
අජිත් ඔබ හරි (අ)
අතුලගේ අදහස තමයි නිවැරදි මමත් අනුමත කරනවා (අ)
ඇමැති තුමා පත්තරවලට ඇඟිල්ල දිගුකරන්න ඉස්සෙල්ලා අහිංසක ලෙඩ්ඩුන්ට බෙහෙත් ගෙන්වල දෙන්න. අද රටේ තියෙන්නේ බෙහෙත් මාපියාවක් කිව්වොත් නිවැරදි. රෝහල්වල අහිංසක ලෙඩ්ඩු ජීවිත අනතුරේ දමන්න එපා. (අ)
අපිට තේරෙන්නේ නෑ මේ ඇමතිතුමා කතා කරන්නේ කෙහොන්ද කියල. පත්තරවලින් ඔප්පු කල තියෙනවා බාල බෙහෙත් පොටෝඒක්ක දමල ඇතැමිති කියන එහෙ නෑ කියල. දරුවෙන් ලැබෙන්න ඉන්න අම්මා කෙනකුට දෙන බෙහෙත් ගෙනෙන්නැති පාලකයන්ගෙන් වැඩක් තියෙනවා. ගැබිණි මවුවරැ මේ රටේ ආනාගතයනේ බලමු තවත් මැතිවරණ ඉදිරයට එනවානේ. (අ)
ගාමිණී මහත්තයා ටිකක් හොයල බලන්න. මීට දශක කීපයකට පෙර දරු උපත් වලදී මව් දරු මරණ ප්‍රතිශත. කොහොමද කියලා.(නදී)
පොඩ්ඩක් අල්ලගන ඉන්න. මත්තල මන් තීරු හතර ඉවර කල ගමන් සුරුස් ගාලා ඕනෑම දෙයක් ගෙනත් දෙන්නම්.(නදී)
මේක ආනයනය කරන ආයතනයෙන් උදුරලා වෙන කෙනෙකුට දෙන්නයි මෙච්චර දඟලන්නේ.(නදී)
මේ සැත්කම් නිසා දොස්තරලට ලේසියි. රෑට නිදාගන්න පුලුවන්. මම අහලා තියෙනවා මේ නිසා හදන්න පුලුවන් දරුවන් ගාන උපරිම තුනයිලු. ඒත් ප්‍රශ්නයක් නැහැ ගොඩක් තැන්වල ඉන්නේ දෙන්නයි.(නදී)
බෙරේ නෙමෙයි මල්ලි බම්බු, බම්බු.(නදී)
වැඩි ඉතිහාසයකට යන්න උවමනා නැහැ. 1960-65 වනතෙක්ම සෑම ගමකම සිටියා ඇස් ,සර්ප,හරක්,මාන්දමට ,සෙම්ගෙඩි,වාත රෝග,වලට ගමේ වෛද්‍යවරු. ජෝතිෂ්‍ය කටයුත්තක් කලේ පන්සලේ හාමුදුරුවෝ. මහන්සිවෙලා වැඩකරන ගොවියාට ප්‍රෙෂර් ,සුගර්,කොලස්ටරෝල්,තිබුනෙම නැහැ. බැරිවෙලාවත් හාට් ඇටැක් හැදිලා හෝ මිය ගියොත් කතාව යන්නේ යකා ගහල කියලා. ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගැනීම මදිකමක් හිතන අතර ගමේ වේද මාමා හෝ නැන්දගෙ එක බෙහෙතින් ලෙඩේ සුවයි. සල්ලි ගන්නෙත් නැහැ. තෑගිත් නැහැ. වින්නබු මාතාවන් නොහිටපු කාලයේ ,සීසර් සැත්කම් නැති කාලයේ ,ගෙදෙර හදාගත් තිම්බිරිගෙයින් දරුවන් ,එලියට ගත්තේ නමින් ,කෙහෙල්පන්නල කිරි අම්මා. මගේ බාලම නංගී බිහි උනේ අපේ ගෙදර තිඹිරි ගෙයි. ඇයත් අද දක්වාම නිරෝගියි ,ඇගේ බාලම පුතා පී.එච්.ඩී එක කරන්නේ ඇමෙරිකාවේ. නවීන පන්නයේ රෝග සුව කර ගැණීම එක් අතකට ජනතාවටත්, රජයටත් විශාල බරක්. පැරණි ගොඩ වෙදකම් නැවත නගා සිටුවීම ඉතාමත් වටිනා දෙයක්.(නදී)
ඇමතිගේ දුර්වල කමෙනුයි මෙහෙම වෙන්නෙ (අ)