IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සුසිල්ගේ/අනුරගේ පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනකූල නොවන ලෙස හා පක්ෂයේ යහ පැවැත්වමට හානිවන ලෙස කටයුතු කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන බව ජනපති ඔවුනට ලිඛිතව දැනුම් දී තිබේ.

දෙදෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද, ප්‍රේමජයන්ත මහතා දැරූ ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයද තහනම් කර ඇත.

එම ලිපිවල පිටපත් මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතාට ද, සන්ධානයේ විධායක සභාවට ද, ශ්‍රීලනිපයේ පාලන ලේකම්ට ද යවා ඇතැයි සඳහන්ය.

(සම්පූර්ණ ලිපි )

03 04 09 10



අදහස් (0)

සුසිල්ගේ/අනුරගේ පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි

ඉෂාක් රහීම් Saturday, 15 August 2015 01:08 PM

උපුල් බණ්ඩාර සහෝදරයා ඔබේ අදහසට මාත් එකඟයි (නදී)

:       0       0

ජෙරාඩ් Saturday, 15 August 2015 03:08 PM

බුද්ධිමත්ව සිතා කටයුතු කළයුතු මොහොතක්. (නි)

:       0       0

විහාන්ත ධර්මතිලක රාජපක්ෂ Friday, 14 August 2015 03:36 PM

හරියට හරි ජනාධිපතිතුමනි. පිරිසිදු විදිහට පක්ෂය ආරක්ෂා කරගන්න එක ඔබතුමාගේ වගකීමක්. ඒ වගකීම ඔබතුමා නිසි විදියට ඉෂ්ට කරන බව අපිට විශ්වාසයි... (නි)

:       0       0

කසුන් Friday, 14 August 2015 03:37 PM

නියමයි ජනපතිඳුනි.නියම තීරණයක්. (නි)

:       0       0

තිලංක Friday, 14 August 2015 03:41 PM

මහින්දවාදය මේ වෙද්දී ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. කල්ලිවාදී කුමන්ත්‍රණකාරයෝ එළවලා අපි ජනතාව අනුමත කරන සදාචාරසම්පන්න මාර්ගයක අලුත් ගමනක් යමු. (නි)

:       0       0

උපුල් බණ්ඩාර Friday, 14 August 2015 03:48 PM

ගරු මෛත්‍රී ජනාධිපතිතුමනි, ඔබතුමන් බලයට ගෙනෙනකොට අපි ප්‍රාර්ථනා කළ වෙනස, මේ වෙද්දී අපේ ඇස් පනාපිට සත්‍යයක් වෙලා තිබෙනවා. පොඩි පොඩි අඩුලුහුඬුකම් තිබුනත්, යහපාලනය දාහෙන් සම්පතයි පසුගිය කාලේ අපේ රටේ ක්‍රියාත්මක වූ ඒකාධිපති පාලන ක්‍රමයත් එක්ක බලද්දී. හොඳම උදාහරණය මේ මැතිවරණය. රටේ නීතියේ හැටියට පෝස්ටර් කටවුට් ගැසීම තහනම් වූ රටක, දේශපාලකයෝ ඒ නීති බල්ලට දාල වැඩ කළේ. දැන් පාරට බැහැලා බලන්න එක පෝස්ටරයක් නැහැ පාරේ. හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක කරවන්න අවස්ථාව ලබාදුන් ඔබතුමාට පින්. (නි)

:       0       0

විශාකා Friday, 14 August 2015 03:51 PM

අනුරයි සුසිලුයි රටට කළේ මොනවාද? ජ්‍යෙෂ්ඨයෝ වගේ හාන්සිපුටු වලට වෙලා ඉඳගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා. වැඩකරන්න බැරි මිනිසුන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩක් නැහැ. ඉවත්කරලා දාපු එක හොඳයි. (නි)

:       0       0

විභූති Friday, 14 August 2015 03:51 PM

අයියෝ! (නි)

:       0       0

මැගී Saturday, 15 August 2015 06:39 AM

කකුල දෙපැත්තේ තියාගන්නේ නැතුව එක පැත්තකට වුණා නම් කාටත් හොඳයි (නි)

:       0       0

හිමාල් Saturday, 15 August 2015 07:07 AM

මේ තීරණ ගන්නේ පක්ෂ සභාපති විදිහට.මෙතන විධායක ජනාධිපති බලයක් නැහැ.ඒ දෙක පටළවාගන්න එපා. (නි)

:       0       0

අනුර Friday, 14 August 2015 06:44 PM

ඔය තියෙන්නේ විධායක බලය... අනේ මන්දා මොනවා වෙනවද කියලා (නි)

:       0       0

උදය Saturday, 15 August 2015 06:10 PM

බලමුකෝ අන්තිමේදී වෙන දේ... (නි)

:       0       0

පද්මිණී Saturday, 15 August 2015 06:20 PM

රටකට ඕනෑ අපමණ අගයක්. නියමයි ජනපතිඳුනි. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 15 August 2015 08:45 AM

රටට ජනතාවට සේවයක් කළ කෙනෙක් ඇත්නම් ඒ ඉතා සුළු පිරිසක්. ඒ නිසා වැඩකට නැති දේශපාලකයන්ට සමුදීම දැන්වත් අරඹන්න ඕනෑ. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 16 August 2015 01:05 AM

ලුලා නැති වළේ පණ්ඩිතයා වෙන්නේ කණයා. කිසිම වැඩකට නැති මාලුවෙක්. ඇමතිකම් නෙමෙයි මන්ත්‍රීකමක්වත් දරන්න සුදුසුකම් නැති අයගෙන් පක්ෂ විනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මම වුණත් ඔතන හිටියා නම් මෛත්‍රීපාල මහත්මයා ගත් තීරණය තමයි ගන්නේ. ඒ මහත්මයා පස්ස බලන්නේ හිටපු නායකයාටත් හොඳ පාඩමක් කියා දීලා. (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 16 August 2015 01:11 AM

මෙන්න රටේ ජනතාව ඉල්ලූ දේ........ ජයම වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 444 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 188 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 258 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 302 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 394 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 502 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site