අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ අසල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු අද උදෑසන 11 ට පමණ මාතර බලා ගිය දුම්රියක ගැටී තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
ධර්මාශෝක විද්‍යාලයයේ 11 වැනි ශ්‍රේණියේ යූ.ඩබ්ලිව්.සුරාන් සංදීප නම් දරුවා මෙසේ අනතුරට ලක් විය.
අනතුර සිදු වූ අවස්ථාවේ ඔහු මිය ගිය බව එහි සිටි පිරිස් සිතුවත් බස් රියදුරකු වූ එල් එච් ගාමිණී ද සිල්වා මහතා මේ අනතුර පිළිබඳව රෝහලට දන්වා දරුවා ඉක්මනින් රෝහල කරා රැගෙන යෑම නිසා දරුවාගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලයට හැකි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන හරිම අනාරක්ෂිත තැනක්. මෙම මාරු කපොල්ල වසා දමන ලෙස මා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා (නදී)
ගේට්ටු වහලා රේල් පාර හරහා පොඩි මගී පාලමක් සාදා දෙන්න. (නි)
ඔබට ඉක්මන් සුව සහෝදරයා.....! (නි)
ඔබට ඉක්මන් සුව ......! (නි)
ඔබට ඉක්මන් සුවය (නදී)
ඉක්මනට සුව වෙන්න මල්ලි (දී)
සුරන් මල්ලි ඔයාට තෙරුවන් සරණයි! ඉක්මනින්ම සුවපත්වෙලා අපි අතරට එන්න! (දී)
පව් අප්පා (නදී)
තුණුරුවන් සරණින් ඉක්මනින් සුවය පතමි. - ප්‍රියානි නැන්දා (නදී)
ඇසුරු කළ යුතු නියම මිතුරන් ටිකක් සමග තමා ගිහින් තියෙන්නේ එකනේ පිට මහත්මයෙක් එනතුරු රෝහලටවත් ගෙනියන්න බැරි වුණේ.(දිල්)
පව් අහිංසක දරුවා. ගාමිණී ඔබේ උතුම් මනුස්සකමට මගේ ප්‍රණාමය (නදී)
අනේ පුතේ, ඔයාට ඉක්මනට සුවය ලැබේවා! (නි)
කෝච්චියට අහුවෙලා මෙහෙමවත් බේරුන එක නම් ලොකු පිනක්. නමුත් අනාගතයට බලපාන්න ගත්තම තමා ප්‍රශ්න වෙන්නේ. අනෙක දැනෙන කම්පනය ............... (නි)
සංජය වාගේ කට කැඩිච්ච කතා කියන අය දුම්රිය මාර්ගයේ යන්නේ බලාගෙන !! (නි)
ඔයාට ඉක්මනට සුවය පතමි (දී)
ඔබට ඉක්මන් සුව පතමි (නි)
මම තමයි ඔය කෝච්චියට හැපුනේ .මම දැන් හොදින් ඉන්නවා .මාවබෙර ගත්ත අයට පින් .මාව රෝහලට ගෙනියපු අයට ගොඩක් පින් .මන් දැන් පාසල් යනවා .මට සුවය ලැබෙන්න කියල පාර්ථනා කරපු ඔයාල හැමෝටම පින්. (බ)
මටත් මේ වයසේ දරුවන්.ඉන්නවා (නි)
මේ දවස්වල අම්බලන්ගොඩ පැත්තේ කොල්ලන්ට අපලෛ වගේ කොහේ ගියත් මොනවා කරත් පරිස්සම ගැන හිතන්න මල්ලියේ (නදී)
ගාමිණී සිල්වා මහත්මයාට දරැදුක වාවා ගන්න බැරිවෙන්න ඇති. ඔහුටත් මේ වගේ ළමයි ඇති.නියම පියෙක් ගාමිණී මහත්මයා . මගේ ආචාරය. (අ)
අම්බලන්ගොඩ ළමයින්‍ට අපලයක්වත්ද ?(අ)
ජංගම දුරකතනය කනේ ගහගෙන ගියාවද්ද? ඉක්මන් සුව පතමි (නි)
සංජය දැක්කද උඩ බලන් යනවා..කටතිබුන පලියට නිකන් බේගල් අතාරින්න එපා සංජය..(අ)
මොකක්ද සිදු උනේ කියලා පැහැදිලිවම වීඩියෝවේ තියනවා.. ජංගම දුරකතනයි, උඩබලන් ගියාදැයි කියලා ළමයාට අපහාසකරනවා.(අ)
නීල් මහත්තයාගේ කතාව ඇත්ත මේ දවස් වල අම්බලන්ගොඩ කොල්ලොන්ට අපලයි. එදා අර උසස් පෙළ ළමයට පිහියෙන් අැනපු තැනම තමා අද මේ ළමයත් ට්‍රිෙන් එකට හැපුනේ.(අ)
එතන අනාරක්ෂිත විදියට හැමෝම පාර පනින තැනක් කියන්නේ. වගකිව යුත්තන් මේ ගැන සොයා බලන්න.බරපතල තුවාල වගෙයි දරුවට.ඉක්මන් නිරෝගී සුව පතනවා! (අ)
උඩ බලන් ගිහින් (නදී)
අම්බලන්ගොඩ වැඩිපුරම ඉන්නේ මිනිසත්බව අගයන උදවිය.එක්වරක් අපිගිය දිරාපත් වූ වාහනේ කැඩුනා.කීපදෙනක් ඇවිල්ලා අපට උදව් කළා. අපි ගැන මොකුත් ඒ අය දැන හිටියේ නැහැ. ජීවිතේ මුල්වරට ගාලු ගිය ගමනක්!.ඒ විතරක් නොවේ අපි හතර දෙනෙකුට රාත්‍රී කෑම පවා දුන්නා. හිත හොඳ මිනිස්සු. (නි)
මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
රේල් පාරේ යන්නේ ඇයි? තහනම් කරලනේ තියෙන්නේ. සමහර වෙලාවලට දුම්රිය එනවා ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. (නි)
ලංකාවේ මොන දේ කළත් මිනිස්සු ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. වැඩි ප්‍රමාණයක් අනතුරු වෙන්න මේක හේතුවක් (නි)
දුම්රිය මාර්ගයේ මිනිසුන්ට ගමන් කිරීම තහනම් කියලා කොච්චරක් නාම පුවරු දාලා තියෙනවද ? ඉන්නේ කොහෙද කියලත්, යන්නේ කොහෙද කියලත් සමහරුන්ට අමතකයි. මෙලෝ සිහියක් නැහැ. ප්‍රදර්ශනය කරන හැම අවවාදයක්ම අපේ යහපත සහ ආරක්ෂාව සඳහායි. ඒවා නොසළකා හැර ඇයි අපි නිකන් අපරාදේ අපේ ජිවිත විසිකරන්නේ? (නි)
මේක හොඳ පාඩමක්. අනතුරක් සිදුවූ විට හැකි ඉක්මනින් ආරක්ෂාකාරීව රෝහල වෙත ගෙනයාමට කටයුතු කළ යුතුයි. ඉතිරිය වෛද්‍යවරුන්ට බාර දෙමු (නි)
වරදක් සිද්ධවෙන්න ඇසිපිය ගහන පමාවක් ඇති (නි)