අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් රබර් උණ්ඩ හා බැට්න් ප්‍රහාරවලට ලක්වූ සිසුහු පස් දෙනෙක් ද මාධ්‍යවේදියෙක් ද කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
සිසුන් කොල්ලුපිටිය මං සංධියේ පාරේ වාඩි වී ඇති නිසා මාර්ග අවහිර වීමෙන් ඒ ආශ්‍රිත මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි.
සැකපිට සිසුහු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
(ඡායාරූප ළහිරු හර්ෂණ)





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලිලා, දැන් ඉතින් බඩ පුරා කන්නකෝ (නි)
එරංග, ඔබ හරි.ඒත් ප්‍රශ්නය ඔබ කියන දේ තේරුම්ගන්න තරම් මොළයක් රටේ සමහරුන්ට නැතිකමයි. (නි)
මේ අදහස් දාලා තිබෙන ගොඩක් අය විශ්ව විද්‍යාලයක් දැකලාවත් නැති අය වගෙයි. (නි)
අසංග හරි. විශ්ව විද්‍යාල ඇතුලේ ඉන්නකන් සකල ලෝවාසින් ගැන උද්ඝෝෂණ කරනවා. පිට උනාට පස්සේ වීරකම් නැහැ. තමන් හැදෙන්නේ කොහොමද කියල කල්පනා කරන්නේ. දැන් ලොකු තනතුරු වල ඉන්නෙත් මෙහෙම දඟලපු කට්ටියම තමා. (බ)
ඔය ළමය්ට බනින සේරම මම හිතන්නේ අට පාස් අය.(ම)
ඔය ළමයින්ට බයින අයටයි කියන්නේ. ඔයාලා තොරතුරු දන්නේ නැතුවයි බයින්නේ. වර්තමාන යහපාලනය මහපොල ශිෂ්‍යාධාරය කපා ඇති බව ඔබ දන්නවද? පාසල් වල මුදල් එකතු කිරීම නීති ගත කරලා බව දන්නවද? නිදහස් අධ්‍යාපනය ටික ටික නැති කරනකන් කරබාගෙන ඉන්නද කියන්නේ. කැම්පස් සුර පුරවල් වගේ කීවට ඇතුලට ඇවිත් බලන්න ඕන ඒකෙ තත්වේ. අපේ සොහෝදරයන්ට බැනලා තියන අය එකක් දැන්ගන්න. අද ඔබේ දරුවට නිදහසේ ඉගෙනගන්න හැකිවෙලා තියෙන්නේ මේ අය නිසා. මේ සහොදරයෝ පාරට නොබැස ඉගෙනගත්තා නම් අද නිදහස් අධ්‍යාපනයක් නෑ (බ)
සිසුන් පාරට බහින කන් -සිටියේ කීම නෑසු කන් . (ස)
විශ්වවිද්‍යාලයෙන් පිටඋනාට පස්සෙ මේ වීරකම් නැතිවෙනවා. හාමුදුරුවන් ගැනත් සිසුන් ගැනත් ඇතිවන්නේ කණගාටුවක්. (ම)
අපි එදා ඉඳලා කිව්වේ ඔය ටික තමයි.මොන රජය ආවත් මොන දේ දුන්නත් මොවුන් මොකුත් නැත්නම් කසාදයත් ආණ්ඩුව ගානේ කරලා දෙන්න කියලා හරි පාරට බහීවි.මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කියලාවත් රනිල්ගේ ආණ්ඩුව කියලාවත් වෙනසක් නැහැ.ඕනෑ අවුලක්. (නි)
මහජනයාට අවහිර නම්, පොලිසිය අවහිරතාවය නැතිකළ යුතුයි.මෙහෙම අය විභාග සමත්වුණේ කොහොමද කියලයි සැක. ඉගෙනගන්න කලින් හික්මීම ඇතිකර ගන්න පුරුදුවෙන්න ඕනෑ.ගම්වල දෙමාපියෝ නොකා නොබී උපරිම දුක දරාගෙන මේගොල්ලන්ට උගන්නලා විශ්ව විද්‍යාල වලට එවන්නේ මේ වගේ රජයට සහ පරිපාලනයට එරෙහිව වැඩ කරන්න නොවෙයි.මෙයාලා පොලිසිය එක්කයි රණ්ඩුවට යන්නේ. පොලිසිය කරන්නේ සාමය රැකීම. දැන්නම් මේ අන්තරය කියන එක තවත් මහා පාපයක් වගේ වෙලා මේ රටට. (නි)
දැන්නම් මේ අන්තරය කියන එක තවත් මහා පාපයක් වගේ වෙලා මේ රටට. (නි)
මේ පොඩි වෙනසක්නේ! (නි)
මෙයාලා පොලිසිය එක්කයි රණ්ඩුවට යන්නේ. පොලිසිය කරන්නේ සාමය රැකීම. (නි)
මේක යහපාලනය නම් කලින් තිබුන එකේ වැරැද්ද මොකද්ද දන්නේ නෑ (බ)
මේ ළමයි කොහොමද මෙහෙම අනාගතයට මුහුණදෙන්නේ (නි)
මේ කාගේ වුණත් ළමයි නේද? ප්‍රශ්නයට උත්තරයක් දෙන්නේ නැතුව මර්දනය තුළින් පිළියම් තිබේද? (නි)
සිල්වාට මම මේ කියන්නේ. මේ වගේ කොල්ලෝ නිසා තමයි අද විශ්ව විද්‍යාල තියෙන්නේ. (නි)
සමහරු කවදත් කළේ තරුණ ජීවිත අනතුරේ හෙළා තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමයි. ඒ නිසා දරුවනේ, පරිස්සමින්. ඔයාලගේ දෙමාපියෝ ඔයාලව හදන්න දහදුක් විඳපු බව අමතක නොකරන්න. (නි)
චමින්ද ඔය කියන්නේ රනිල් ගෙනාපු අධ්‍යාපන ධවල පත්‍රිකාව ගැන වෙන්න ඇති (බ)
ගම්වල දෙමුපියෝ නොකා නොබී උපරිම දුක දරාගෙන මේ ගොල්ලන්ට උගන්නල විශ්ව විද්‍යාල වලට එවන්නේ මේ වගේ රජයට සහ පරිපාලනයට එරෙහිව වැඩ කරන්න නොවෙයි. (ත)
හිටපු පාලකයෝ කොමිස් ගන්න හොර උපාධි කඩ පටන් ගත්තා. දැන් අහිංසකයෝ ගුටි කනවා. අපොයි අපේ රටට වෙච්ච දෙයක් (බ)
වෙන්න බැහැ.මේ මහින්ද මහත්තයාගේ කාලේ නෙමෙයිනේ.. යහපාලනයේදී සිසුන්ට කිරිපැණි ඉතිරිලා සියලු ප්‍රශ්න විසදෙනවා කියලනේ කිව්වේ.මෙහෙම වෙන්නේ කොහොමද.. (ත)
ඔන්න අහිංසක දරුවන්ට ලැබන මහපොළ දිමනා (ත)
මෙන්න නියම යහපාලනය ...!!!(බ)
මම මේ බැලුවේ මෙහෙම අය විභාග සමත් වුණේ කොහොමද කියලයි? ඉගෙන ගන්න කලින් හික්මීම ඇතිකර ගන්න පුරුදු වෙන්න ඕනා.(ත)
මහජනයාට අවහිරනම් පොලිසිය අවහිරතාවය නැතිකළ යුතුයි(බ) .