IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන්

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

මේ නිසා සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියයි.

එම පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් සුබසාධන ලබාගැනීමේදී තොරතුරු සපයන්නත් තොරතුරු රැස් කරන්නත් වගකීමකට බැඳෙන බවත් එහිදී රාජ්‍ය නිලධාරීන් එම වගකීම ගැනීමට සමහර අවස්ථාවලදී මැලිකමක් දැක්වූ නිසා වෙනත් ආධුනික කණ්ඩායම් යොදවා ගෙන තොරතුරු රැස් කළ බව  ද අමාත්‍යවරයා කියා සිටයේය .

සමෘද්ධි බැංකු පද්ධතිය මහ බැංකුවේ නියාමනයට යටත් කිරීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. අස්වැසුම වැඩපිළිවෙළ කිසිදු යටි අරමුණක් නැහැ . මෙම වැඩපිළිවෙල යටතේ සිද්ධ කරන්නේ සැබෑවටම සුබසාධන ආධාර ලැබිය යුත්තන්ට එය ලබා දීමෙන් අනතුරුව නිශ්චිත කාල වකවානුවකදී ඔවුන්ට සහනාධාර අවශ්‍ය නැහැ කියන තැනකට ඔවුන් යොමු කිරීමයි මෙම වැඩ සටහනේ මූලික ඉලක්කය .

අසීරුවෙන් ජීවත්වෙන තමන්ගේම රටේ ජනතාවට නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ දේශපාලනයෙන්, ජාති භේදයෙන්, හෝ වෙනත් භේදවලින් තොරව නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ සහනාධාර ලැබිය යුත්තාට ආධාර ලබා දීමයි අපගේ මූලික ඉලක්කය .

අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා භාර ගත් අවසන් දිනය වූ ජූලි මස 10 වැනි දින වන විට ඒ සඳහා අභියාචනා සහ විරෝධතා 960,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණා . එම අභියාචනා සහ විරෝධතා සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කිරීමෙන් අනතුරුව හැකි ඉක්මනින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා .

 



අදහස් (5)

සහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන්

ප්‍රේමතිලක Tuesday, 11 July 2023 10:40 PM

ව්‍යාජ තොරතුරු ලබාදී අස්වැසුම ගතහොත් දඩයක් සමග ආපසු අයකරනවා කියලා මුලින්ම කිව්වා නම් ඔපමණ ප්‍රමාණයක් අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්නේ නැහැ ඇත්තටම මෙවර අභියාචනා ඉදිරිපත් කළ අය අතර විශාල දේපළ තියෙන වාහන හිමියන් පවා ඉන්නවා.. දැනට අනුමත ලැයිස්තුවේ එහෙම අය අනන්තවත් ඉන්නවා... ඒවාට විරෝධතා දීලා නැහැ පුළුවන් නම් කියන්න වංචාවෙන් ගතහොත් දඬුවමක් දෙනවා කියලා... එතකොට තේරුම් ගන්න පුළුවන් කවුද හොරු කියලා...!

:       0       7

සල්ලි Wednesday, 12 July 2023 07:06 AM

ඉදින් බන් ඔබත් ඒ කොටසටනේ අයිති... ඔබලා යැපෙන්නේ අපේ සල්ලි වලින්නේ...

:       1       5

Nihal Wednesday, 12 July 2023 10:18 AM

ග්‍රාම සේවකට කැමැති අයටනේ ලැබෙන්නේ, අපේ ගම්වල කිසිඳු ආර්ථික ප්‍රශ්නයක් නැති අය එදා සිටම ගන්නවා...

:       0       7

Lalla Wednesday, 12 July 2023 10:29 AM

ආදායමක් නැති වැඩිහිටි ආබාධිත සහ රෝගී හැර කාටවත් කිසිම දෙයක් නොදිය යුතුයි. නිකම්ම ඉන්න රැකියාවට බෝකිරීම පමණක්ම කරන කණ්ඩායමකට කන්න දෙන්න වැඩකරන ජනතාව සූරාකෑම හරිද?

:       0       8

Perera Wednesday, 12 July 2023 12:50 PM

ඒ සල්ලි කාරයින්ගේ වැඩිදෙනා දේශපාලකයන්ගේ හෙංචයියලා කියලත් කියන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 128 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 178 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 219 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 48 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 203 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1279 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site