IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


සිංහරාජයේ ජාන කොල්ලයක් ලංකාවට ආවේනික කෘමින් අල්ලයි

විදේශිකයන් ලවා සිංහරාජ වනාන්තරයේ වෙසෙන ඒක දේශික (ලංකාවට පමණක් ආවේනික) කෘමින් ඇතුළු කෘමින් රැසක් ජාන ලබාගැනීම ස`දහා රැස් කිරීමේ ව්‍යාපාරයක් ඇති බවට වනජිවි දෙපාර්තමේන්තුව සැක කරයි. සංචාරක විසා මත එන ඇතැම් යුරෝපා ජාතිකයන් මෙම කෘමින් අල්ලන බවට තොරතුරු අනාවරණය කර ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ. මකුළුවන්, තණකොළපෙත්තන්, කංගන්, කැලෑ හුනන්, පළ`ගැටියන්, කළු කැරපොත්තන් ඇතුළු කෘමීන් රැසක් සමග නෙදර්ලන්ත ජාතිකයකු කලවාන සංචාරක හෝටලයකින් දින කිහිපයකට ඉහතදී අත්අඩංගුවට ගත් බව ද දෙපාර්තමේන්තුව පවසයි. ඇමැස්ටර්ඩෑම් නුවර පදිංචි විජ්නාඞ් රොයෙලොන් බරෙන්ඞ් හෙයිට්මන් (58* රිමාන්ඞ්භාරයට පත්කර ඇත.ඔහු සිටි හෝටල කාමරයේ තිබී කෘමීන් රැසක් සොයාගනු ලැබීය. කුඩා පොලිතීන් කවරවල සිට මෙම කෘමීනට ආහාර ද දමා තිබිණි. මෙම නෙදර්ලන්ත ජාතිකයා 2010 දෙසැම්බර් 17 දින ලංකාවට පැමිණ 2011 ජනවාරි 8 දින පිටව ගොස් ඇති අතර 2012 අපේ‍්‍රල් 5 දින යළ ලංකාවට පැමිණ ඇත. ඔහු එරට රසායනාගාර විශේෂඥයකු බව පවසා ඇතත් සනාථ කිරීමට ලියකියවිලි සතුව තිබී නැත. මීට පෙර සිංහරාජ වනාන්තරයේ සමනලයින් ඇල්ලූ විදේශකයෙක් අත්අඩංගුවටගනු ලැබීය. සැකකරු බන්ධනාගාරයට නෙදර්ලන්ත ජාතිකයා සන්තකයේ තිබී සොයාගත් කංගෙක්හුනෙක්පළ`ගැටියෙක්තණකොළ පෙත්තෙක්කැරපොත්තෙක්



අදහස් (0)

සිංහරාජයේ ජාන කොල්ලයක් ලංකාවට ආවේනික කෘමින් අල්ලයි

එස්.රන්දෙනිය Wednesday, 25 April 2012 01:00 PM

අපිව මංකොල්ල කන්න, බලන් ඉන්න කට්ටිය...

:       0       0

ඒ.කටුනායක Wednesday, 25 April 2012 01:25 PM

මේ වැඩ වලට වහා වැට බැදිය යුතුය

:       0       0

පීටර් Wednesday, 25 April 2012 01:59 PM

ඔය සත්තුන්ට ලෙඩ බෝ කරලා ආයිත් ගෙනත් දැම්මොත් කොච්චර භයානකද?

:       0       0

රූපසිංහ Wednesday, 25 April 2012 02:01 PM

විදේශිකයන් අපේ රටට අවිට, ඔවුන් මොනවාද කරන්නේ කියා අපි හොදේ සිහි බුද්ඩියෙන් සිටිය යුතුය. NGO අය පසුගිය කාලයේ කල දේවල් අපට මතකනේ. ඔය අහුඋනේ මගේ හිතේ 1000 කට එකක් විතර, අහුනොවී තව කියක් යන්න ඇතිද? අනික ඔය අහුඋනේ කව්රුහරි කෙනෙක් හොද සිහිබුද්ඩියෙන් සිටිය නිසා. විදේශීය ජාතිකයන් දුටුවිට අපි මානසික බෙලහීන තත්වයකට පත්නොවී අපේ රටත් ජාතියත්(ශ්‍රී ලංකික) උසස් යයි කියා සිතන්න පුලුවනි නම්මෙම බොහෝ ප්‍රශ්න වලට උත්තර සොයාගත හැකියි. එතකොට ඔය අයට හිතු හැටියට අපේ රටට ඇවිත් නැටුම් නටන්න හම්බවෙන්නේ නැ.

:       0       0

සමීර Wednesday, 25 April 2012 05:02 PM

ඕස්ට්‍රේලියාව් මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් මිලියන ගාණක් දඩ ගහනවා. අපේ රටට කරපු මේ ආක්‍රමණයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි

:       0       0

රෝහිත Thursday, 26 April 2012 01:55 AM

ඉන්දියානුවො පෙනුමෙන් බොහෝ දුරට අපි හා සමානයි. ඒ නිසා අපි හොද කල්පනාවෙන් ඉන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 328 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1134 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 784 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 293 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 984 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 226 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site