IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


සහල් උපරිම මිල ඉවත්කරන්න

(යොහාන් භාසුර)

ආණ්ඩුව ආනයනික සහල් කිලෝවකට රුපිල් 65 ක බද්දක් අයකිරීම නිසා සහල්වලට පනවා ඇති උපරිම මිල ඉවත්කරන තෙක් සහල් ගැටලුවට විසඳුමක් නොලැබෙන බව පිටකොටුව සහල් තොග ව්‍යාපාරිකයෝ අද පස්වරුවේ පැවසූහ.

සහල් ආනයනය කළ අවස්ථාවේදී බද්ද අඩුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් උපරිම මිල ඉවත් කළ හොත් සහල් ව්‍යාපාරිකයන් තරගකාරී මිලකට සහල් අළෙවි කරනු ඇති බවත් සහල් ව්‍යාපාරිකයෝ කීහ.

ආණ්ඩුවට ජනතාවට සහනදීමට සැබෑ උවමනාවක් තිබුණේ නම් අවම වශයෙන් සහල් ආනයන බද්ද කිලෝවක් සඳහා රුපියල් 30 ක් දක්වා අඩු කිරීමේ අවස්ථාව තිබුණු බවත් එසේ වූයේ නම් සහල් මිල අඩු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔවුහූ සඳහන් කළහ.

තොග හෝ සිල්ලර ලෙස පාලන මිලට සහල් මිලදීගැනීමට රටතුළ කිසිම ස්ථානයක නොමැති බවත් පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙදුන් සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම නිසා සහල් අළෙවි කළ නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.

ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 230 ක සහ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 240 ක තොග මිල පවතින බවත් ආණ්ඩුව බද්ද අඩු නොකිරීම හේතුවෙන් මෙසේ ඉන්දීය සහල් මිල ද ඉහළ ගිය බවත් ඔවුහු කියති.

 



අදහස් (5)

සහල් උපරිම මිල ඉවත්කරන්න

ravin Tuesday, 28 January 2025 06:06 PM

අමතක කරන්න එපා, අමතක කරනේ නැහැ, කත මට දැඩිව දොඩන විදියට පාරිබෝගිකයා ගැන අනුකම්පාවක් තියනවානම් සාධාරණ මුදලට දේශීය හාල් වෙලඳපොළට නිකුත් කරන්න. එතකොට ආනයනික සහල් වෙලඳාම අඩුවෙලා තමන්ගේ බඩ වියත රැකගන්න පුළුවන් වෙවි. මාෆියාවට ප්‍රතිචාර මාෆියාවම තමයි.

:       1       1

Kamal Koyrala Tuesday, 28 January 2025 06:06 PM

සහල් මාෆියාව සහ කුමන්ත්‍රණ කරුවන් "ෂර්ලොක් " තියරිය දන්නේ, ජනතාවට හෙන ගැහුවත්

:       0       0

ලසා Tuesday, 28 January 2025 06:34 PM

ඉවත් කරන්න නෙමෙයි මහත්තයෝ ඔය මිල තවත් අඩු කරන්න ඕනෙ. ජනතාව විදියට ඔය කියන පාලන මිලත් අපිට දරාගන්න අමාරුයි!

:       0       0

sakra Wednesday, 29 January 2025 03:49 AM

අපරාදේ මගේ චන්දෙ මොකද මමත් හිතාගෙන හිටිය මාලිමවේ ඉන්නේ වැඩකාරයෝ කියල . බලාගෙන යනකොට ඔක්කොම වැඩ බැරි දාසලානේ ඉඳල තියෙන්නේ . වෙන ආණ්ඩුවක් කාලයේදී මෙහම් හාල් පොල් ප්‍රශ්නයක් ආවනම් මාලිමාවේ සෙට් එක පාරවල්වල වැලලෙන්න හදාවි . වෙළෙන්දෝ ලාබයක් නැතිව බඩු විකුනන්නේ නැහැ . වෙළෙන්දන්ට එලව එලව නඩු දානවනම් වෙළෙන්දෝ ඔක්කොම එකතුවෙලා තම තමන්ගේ කඩවල සහල් විකිණීම නතරකර ආණ්ඩුවට සහල් විකුනන්න ඉඩදුන්නා නම් ඉවරයිනේ .

:       1       2

Krishantha Wednesday, 29 January 2025 05:56 AM

මුන් ලංකාවේ වී අස්වැන්න මේ අවස්ථාවේ අඩු මිලට මිළදී ගැනීමට ගහන ප්ලෑන් එකක්. ආණ්ඩුව මේක හොඳටම දන්නවා. මෙතුවක් කාලයක් තිස්සේ කරපු දේවල් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න එපා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 77 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 55 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 608 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 163 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 423 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 348 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 870 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site