මුත්‍රා යොදාගෙන ‘ආරෝපණය’ කර ගත හැකි විදුලි කෝෂයක් නිපදවීමට බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් රොබෝ පර්යේෂණායතනයේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.
මෙම විදුලි කෝෂයන් හැදින්වෙනුයේ ‘ක්ෂුද්‍රජීවි ඉන්ධන කෝෂ’ ලෙසය.
මෙම විදුලි උත්පාදන ක්‍රමය පසුපස ඇත්තේ සාමාන්‍ය සෛලයක ශක්තිය උපදින ක්‍රියාවලියයි.සෛලයක් ශක්තිය උත්පාදනය කරගන්නේ ආහාර ජීර්ණය කිරීමෙනි.ආහාර ජීර්ණ ඵල යොදාගෙන ශක්තිය උත්පාදනය කළ හැකි ඉන්ද්‍රයිකාවන් සෛල වල ඇත.ඒවා හැදින්වෙන්නේ මයිටකොන්ඩ්‍රියා ලෙසය.උත්පාදනය වන ශක්තිය සිරුරේදී නම් භාවිතා වන්නේ නොයෙකුත් ජීව ක්‍රියා සදහායි.මේ විද්‍යාඥයන් කර ඇත්තේ සෛලයකින් මෙසේ උපදින ශක්තිය විශේෂ උපකරණයන් හරහා යවා එය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමයි.
මෙහිදී සෛල ලෙස භාවිතා කර ඇත්තේ බැක්ටීරියාවන්ය.බැක්ටීරියාවන්ද මිනිස් සිරුරේ සෛල සමානවම ක්‍රියාකාරී වී ආහාර ජීර්ණය කර ශක්තිය උපදවා ගනු ලබයි.විද්‍යාඥයන් මෙම කෝෂ සදහා භාවිතා කර ඇති බැක්ටීරියාවන්ට ආහාර ලෙස සපයන්නේ ‘මුත්‍රා’ ය.බැක්ටීරියා මුත්‍රා ජීර්ණය කර ශක්තිය උපදවයි.ඒ උපදින ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර භාවිතයට ගැනේ.
ජංගම දුරකථනයක් ක්‍රියාත්මක කළ හැකි පමණට මෙවන් කෝෂ සමූහයකින් ලබා ගත හැකි බලය ප්‍රමාණවත් බව සදහන්ය.දැනට එක් කෝෂයකින් ලබාගත හැක්කේ ඉතා සුලූ බලයක් වුවත් ඉදිරියේදී මෙය තවත් දියුණු කිරීම විද්‍යාඥයන්ගේ අරමුණයි.
විදුලි ආරෝපක සොයා තැන තැන දුවනවාට වඩා කෝෂයේ බලය බැස ගියේ නම් මුත්‍රා කර කෝෂය යළි පණගන්වා ගත හැකි ක්‍රමයක් කෙතරම් ප්‍රයෝජනවත් වනු ඇත්ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්! අදම නගරේ හැමතැනම තියෙන වැසිකිලි වලට සිකියුරිටි ගාඩ්ලා ටිකක් දාගන්න ඕනෑ.හෙට අනිද්දා වෙනකොට අපිට බව්සර් ගානක් පිටරටින් ගෙන්නවා ගන්න පුළුවන් හොද ගානකට.දැන්ම කැබිනට් කමිටු වාර්තාවක් දාලා,නගරයට එන හැමදෙනාම අනිවාර්යයෙන් මුත්‍රා කලයුතුයි කියලා නීතිය සම්මත කරගත යුතුයි.විපක්ෂය මොන ලෙඩක් දායිද දන්නේ නැහැ (නි)
චාමික, අරාබියේ බොහෝ දෙනෙක් බුලත් විට, සිගරට්, සුරුට්ටු, මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා මුදල් වියදම් කරන්නේ නැහැ. ලංකාවේ දුෂ්කර ගම්බද අයටත් එවැනි දිවියක් ගත කිරීමෙන් පිරිසිදු පානීය ජලය මිලදී ගත හැකියි. (නදී)
ලංකාවේ බහුතර මිනිසුන්ගේ ආර්ථික ශක්තිය ගැන නොදන්නා, අරාබියේ වගේ ලංකාවේ ඕනෑ තරම් බලශක්තිය නොමැති බව නොදකින සමහරුන්ගේ සහ පාන් නැත්නම් කේක් කන්න කියපු කෙනාගේත් ලොකු වෙනසක් මට නම් පෙනෙන්නේ නැහැ. ඔය වගේ අයට කොහොමත් හොද සූර්යාගෙන් එහාට යන එකම තමයි. (නි)
චාමික, කිවුල් වතුරට මුත්‍රා දැමීමෙන් කිවුල අරින ක්‍රමයක් ඔබ සොයනවා වගෙයි. ඊට හොඳයි කෙලින්ම තමුන්ගේ මුත්‍රාම බිව්වා නම්. මුහුදු ජලය විශාල පරිමාණයෙන් පිරිසිදු පානීය ජලය බවට පත්කරන හැටි අරාබියට ගියොත් ඔබට දැකගත හැකියි. ලංකාවේ පිරිසිදු පානීය ජලය ඕනෑම පළාතක බෝතල් ලෙස විකිණීමට තිබෙනවා. ඒවා පරිභෝජනයට නොගෙන අපිරිසිදු, පානයට නුසුදුසු ජලය බොන අයට එරෙහිව පවුලේ සෞඛ්‍ය නොසලකා හැරීමේ චෝදනාව මත නීතිමය පියවර ගත හැකිදැයි සොයා බැලීම වැදගත්. (දී)
නීල්-රණා, ඕක තමයි ඔයාලාට වැරදුන තැන. සූර්යාගෙන් එහාට යන්න කලින් මේ රටේ ඉන්න මිනිස්සුන්ට තව කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි ඉන්නේ බොන්න වතුර ටික නැතුව කිවුල් වතුර බොන මිනිස්සු ඉන්න රටක.ඔයා එහෙනම් සූර්යාගෙන් එහාට යන්න බලන්න. අපි මේ රටේ ඉන්න මිනිස්සු ටිකට වැදගත් දෙයක් සොයා බලන්නම්. ඉසෙඩ් අකුරෙන් ඉගෙන ගන්න පටගන්න හදන අය නිසා තමයි ලංකාවේ මෙතරම් උගත්තු හිටියත් අපි දියුණු නැත්තේ. ඉස්ලාම්කරණයට මෙහි සම්බන්ධයක් නැහැ. දැන් ඉතින් ගොඩක් අයට ඕනෑම දෙයකට කියන්න තියෙන වචන තමයි ඉස්ලාම්කරණය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ... ඕවම කියා කියා ඉන්න. වතුර ටික නැතුව අපිරිසිදු වතුර බීලා මිනිස්සු මැරෙන ඒවා නොදැක්කා වගේ ඉන්න. සුද්දන්ට ඕනෑ ඒවා කරන්න ගිහින් අපිට වුනේ ගෝලීය උණුසුම ගැන පාසල් ශිෂ්‍යයා පටන් හැමෝම දැනගත්තට බොන වතුර ටිකේ ගුණාත්මක බව ගැන අපි තවම දන්නේ නැති එක. අපිට වැදගත් දේවල් අදටත් අපි සොයන්නේ නැහැ. අපි බලන්නේ අනුන්ට වැදගත් ඒවා සොයන්න. (දී)
චාමික, මා කියා ඇත්තේ අජටකාශයේ ඉතා දිගු ගමන් ගැන මිස සූර්යා ආසන්නයේ කැරකෙන ගමන් ගැන නොවේ. ඒ නිසයි ශක්ති ජනනය පිණිස හැමවිටම සූර්යා මත රඳා පැවතිය නොහැක්කේ. දෙවන කරුණ අඩු ජල සංචිතයකින් දිගු කලක් ජීවත්වීමේ ගැටලුවයි. ඒසඳහා මුත්‍රා පිරිසිදු ජලය බවට පත්කිරීමේ තාක්ෂනය දැනටමත් දියුණුකර අවසන්. ඔබ නොදන්නවා උවත් දැනටමත් දිගුකාලීන අභ්‍යවකාශ ගමන් පිලිබඳ පර්යේෂණ කටයුතු බොහොමයක් සිදුවෙමින් පවතිනවා. ඒ ඔබ දකින පරිදි ශක්ති ජනනය පිළිබඳව පමණක් නොවෙයි. මෙතෙක් සිදුකල එවැනි පර්යේෂණ "ශුද්ධ" ලෙස ලඝුකළ නොහැක්කේ බොහෝ කලක සිට එදිනෙදා ජීවිතයට අවශ්‍ය ව්‍යවහාරික ප්‍රතිලාභ රාශියක් ඒවා ලබාදී ඇති නිසයි. ඉන්දියානුවෝ මලමුත්‍ර විශේෂඥයින් බව ඉන්දියාවේ මහා මාර්ගවල ඇවිද්දොත් ඔබට දැනගත හැකි වේවි. එවැනි මලමුත්‍ර ආර්ථිකයක් ලංකාවේ අපට අවශ්‍ය නැහැ. මේ රටේ මීහරක් පට්ටි ඇතිකළ ගොවි ගෙදරකටවත් ඔබ ගොස් තිබේදැයි සැක සහිතයි. නබිතුමා තණකොළ නැති කාන්තාරයේ සිටි මිනිසුන්ට තණ බුදින සතුන්ගේ මස් පමණක් බුදින ලෙස නියෝග කලා. ඊට හේතුව නොදන්නා ඔබ වැන්නන් ලෝකයම ඉස්ලාම්කරණයට මගපාදන අඩිතාලම සකසනවා. පිටබැද්දරට කියන්න තියෙන්නේ මුත්‍රාවල පෝෂණ පදාර්ථ 90% ට වඩා වැඩි කළහැකි ක්‍රමයක් මා සතුබවයි.(නදී)
සීනි ටික පෙරලා අරන්, අනික් ටික බැටරි වතුර ලෙස ගත්තම දෙපැත්තකින් ආදායම. ඒකත් නියමයි නේද? (දී)
නිල් රනාලට දැන් හොඳයි , බැටරිය බැහැපු ගමන් පොඩි දෙයයි කරන්න තියෙන්නේ (නි)
මුත්‍රා කියන්නේ නිට්‍රොගෙන්,ප්රෝස්පෙරුස් ,පොටෑසියම් අඩංගු හොද පොහොරක්. අප්‍රිකානු රටවල අයගේ වැසිකිලි වල එකතු කරන මුත්‍රා එලවලු සහ පලතුරු වගාවට යොදලා හොද අස්වැන්නක් ගන්නවා. ඉන්දියාවේ මේ ගැන පර්යේෂන කරලා අත් හදා බැලීම් ගොඩක් කරලා තියෙනවා. ඒ අනුව පාසල් වලින් යන මුත්‍රා කානු දිගේ ගමන් කරවල ජලය සමග කලවම් කරලා කෙසෙල් වගාවට යොදලා විශාල අස්වැන්නක් ලබනවා.(නදී)
අහෝ , දුප්පතාට මෙකෙන්වත් සෙතක් වෙඉද?.(නදී)
අහෝ , දුප්පතාට මෙකෙන්වත් සෙතක් වෙඉද?(නදී)
නීල් රණා, අභ්‍යවකාශ ගමන් සදහා අදටත් ප්‍රමුඛ ශක්ති ප්‍රභවය ලෙස දකින්නේ සුර්ය ශක්තියයි. ගැලියම්-ආසනයිඩ් වැනි තුනී පටල සූර්ය කෝෂ වඩාත්ම පර්යේෂණයට ලක්වන්නේ ඒ අරමුණෙන්. ඒ හැරෙන්නට න්‍යෂ්ටික විද්‍යුත් කෝෂ තාක්ෂණයත් අභ්‍යවකාශයේ දිගු ගමන්වලදී යොදාගැනීම අත්හදා බලනවා. එලෙසම ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ වොන්ග් මහාචාර්ය තුමා සොයාගත්තා සිරුරේ යාන්ත්‍රික කම්පන ශක්තිය විද්‍යුතයට හරවන නැනෝ විද්‍යුත් ජනකයක්. එහි අරමුණ වුනේ සූර්ය ආලෝකය නොලැබෙන සිරුර තුල වැනි තැන්වල තැන්පත් කරන උපාංග වලට බලය සපයාගැනීම. ඒවා බොහෝවිට ශුද්ධ විද්‍යාත්මක පර්යේෂණ. නමුත් ඉහත පර්යේෂණය ව්‍යවහාරික පර්යේෂණයක්. අපජලය වැඩි වශයෙන් ජනනය වන්නේ ජනගහනය විශාල අවස්ථාවල. ගගනගාමීන් කිහිපදෙනෙක් වැනි කුඩා අවස්ථාවකට අපජලය යොදාගෙන ශක්ති ජනනය සක්‍යතාව අතින් අඩු ප්‍රබවයක්. මුත්‍ර වල තමයි මිනිස් අපද්‍රවය වල 90% කට අසන්න පෝෂක කොටස් සාන්ද්‍ර වෙලා තිබෙන්නේ. එලෙසම මුත්‍ර යනු විෂබීජ අඩුවෙන්ම පවතින අපද්‍රව්‍යක්. මුත්‍ර පොහොරක් ලෙස යොදා ගැනීමේ විශේෂම වාසිය තමයි එහි බැර ලෝහ නොතිබීම. මුත්‍ර පොහොරක් ලෙස යොදාගැනීම අද ලෝකයේ යම් පමනකට සාර්ථක වුන පර්යේෂණයක්. මා සිතන්නේ එය ලංකාවේ අපටත් සාර්ථකව යොදා ගත හැකි වෙයි කියලා. අප පර්යේෂණ කලයුත්තේ ලංකාවට අවශ්‍ය දෙය සදහා මිසක් එංගලන්තයට අවශ්‍ය දෙය නිපදවා දෙන්න නොවෙයි.(නි)
මුත්‍රා වලට මිලක් නියම කරන්න (දී)
සුළු දියෙන් කල හැකි දේ සුළු පටු නොවේ (නි)
ඕකෙන් වෙන්නේ ෆෝන් ගඳ ගහන්න පටන් ගන්න එකයි. අනික ඔය තාක්ෂණය අපිට අවුරුදු ගානකට පෙර අපේ බල්ලන් කියා දුන්නත් කව්රුත් ගණන් ගත්තේ නැහැ. වාහනයක ටයර් එකක් දැක්කොත් උන් එකට මුත්‍ර කරලා කියන්නේ ඒවායින් වාහනේ වුනත් දුවවන්න පුළුවන් කියලා. (නි)
වරුණ, මෙන්න ඔයාටත් හොඳ අවස්ථාවක් සල්ලි උපයන්න! සල්ලි වියදම් නොකරම උපයන්න පුළුවන්! (නි)
චාමික, මේවා අභ්‍යවකාශයේ දිගු ගමන්වලදී බොහෝ කාලයක් අඩු වතුර හා ඉන්දන වලින් දිවි රැකගැනීම පිණිස සිදුකරන පර්යේෂණ. ජනගහනය වැඩිවන එංගලන්තයේ සිටින අයට වඩාත් යෝග්‍ය වන්නේ මිනිස් මළපහ අහාරයටදී තරබාරු ඌරන් හදා ගන්නේ කෙසේද වැනි පරීක්ෂණයි. (නි)
මම හිතන්නේ අර පුතත් ගුවන් යානයක් මේ විදිහට අත්හදා බලන්නයි යන්න ඇත්තේ (නි)
මම හිතන්නේ මේ සොයා ගැනීම අපි (මම) ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා. (නි)
හොඳට වතුර බොන්න ඕනෑ , ෆොන් එක චාර්ජ් කරගන්න එපැයි (නි)
නියමයි.(නදී)
මම හිතන්නේ ලංකාවට මෙහි දක්වා තියන දෙය අබිබවා යන්න පුළුවන්. මොකද වැඩිපුරම පිටවෙන්නේ අරක්කු මුසු සුළුදිය නිසා. (අ)
මෙය ක්ෂුද්‍රජීවි ඉන්ධන කෝෂ ලෙස හඳුන්වන තාක්ෂණයේ ඉදිරි පිම්මක්. මෙතෙක් කල් එම කෝෂ පරයෙෂණයන්ට යොදාගත්තේ අපවිත්‍ර ජලයයි. නිරෝගී අයෙකුගේ මුත්‍ර යනු ව්ෂබීජ වලින් තොර ද්‍රවයක්.එත් එහි ඉතා ඉහල පෝෂක ප්‍රමාණයක් තිබෙන නිසා ඒවායේ බැක්ටීරියා වර්ධනය වීමේ වේගය ඉතා වැඩියි. ඒ නිසයි නිරෝගී අයෙකුගේ මුත්‍ර වලින් පවා ලෙඩ රෝග බෝවෙන්න පුළුවන්. මුත්‍ර ද්‍රවමය එන්. පී. කේ. පොහොරක් ලෙසත් සාර්ථකව යොදාගෙන තිබේ අවස්ථා තිබෙනවා. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ අපේ ආහාරවලින් ලබාගත හැකි උපරිම ශක්තිය ප්‍රමාණය අප ලබාගෙන අවසන්වෙලා තමයි මුත්‍ර ලෙස පිට වෙන්නේ. එනිසා එහි තවත් ලබාගැනීම ඉතිරිව ඇති ශක්ති ප්‍රමණය ඉතා කුඩායි. නමුත් ඉතා හොද පර්යේෂණයක්. මන්ද, වැඩි වන ජනගහනත් සමග වැඩිවන එකම දෙය වන්නේ මිනිස් අපදව්‍ය පමණයි. එනිසා එය අනාගතයේදී මිනිසාට වැදගත් සම්පතක් වනු ඇති. මිනිස් අපද්‍රවය සම්පතක් ලෙස යොදා ගැනීමට වැඩිපුර පර්යේෂණ සිදු වීම වැදගත්. දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුමෙකුත් මුත්‍ර වලින් පෝෂකයන් අවශෝෂ කරගෙන එයින් යමක් කල හැකිද කියා සොයා බැලීමක් කරනවා. ඒවාට අවශ්‍ය අත හිත ලැබුනොත් එය වැඩි දියුණු වේවි (අ)
ඉතාම හෙදම සොයාගැනීමක්. (අ)
හැබෙ ඉතින් ලංකාවේ මේක කරන්න ගියොත් විද්‍යුත් ශක්තිය කෙසේ වෙතත් පුරුෂ ශක්තිය නම් වැඩි වෙයි වගේ (අ)
සුද්දන්ට තවම හරියට සුළුදිය පහවෙන්න පටන්ගත්තේ නැහැ. වැඩේ නියම විදිහට සිදුවෙනකොට තමුන්ටම ඉබේ පහවෙන සුළු දියෙන් උපදින කරන්ට් එක වැදුණු සුද්දෝ කැපිච්ච ගැඩවිල්ලු වගේ දඟලන හැටි ඉස්සරහට බලාගන්න පුළුවන්. (නි)
චන්දිමාස්, අපුරු අදහස. හැබැයි ඉතින් ජලාශයේ ධාරිතාව සහ ජලය පිටකරන වේගය තදින්ම බලපානවා. අනික තත්පර කීපයකට විදුලිය ලබාදීලා නම් බේරෙන්න බැරිවෙයි. ලයිට් ගිය හැටියේම පාරිභෝගිකයෝ එයි පොලු අරගෙන. කෝකටත් කුරුම්බැට්ටි ටර්බයිනයක් කරකවලා බලන්න මුලින්. (නි)
සුද්දන්ට ඉස්සර වෙලා මෙහි බලය හා ශක්තිය වටහා ගත් ඉන්දියානු රජයේ නායකයෙක් දිනපතා පානය කළාලු.පිටකොටුවේ බස් නැවතුම් පලේ රු:10/= ටිකට් කාරයින්ට දිනකට සපයන්න හැකිවෙයි බැරල් ගණනක්.නව තාක්ෂණය යටතේ ඔවුන්ට අමතර ආදායමක් ලැබෙන නිසා ,ඇතුල් වීමේ ගාස්තු 5/= කරවා ගත හැකිවෙයි උද්ඝෝෂණයක් කලොත්. (නි)
කුඩා ඩයිනමෝවකට කුඩා ටර්බයිනයක් සවිකොට සුලූදිය ධාරාවක් යොදා කරකැවීමට සැලැස්වීමෙන් මෙයට වඩා වැඩි විදුලි බලයක් නිපදවාගත හැකි වෙයි නේද? (නි)
දුරකතනයකින් කොහේ හෝ කෙනෙක්ට කතා කරන්න පුළුවන් කිවම මිනිස්සු පුදුම උනා ඒ කාලේ. ඊටපස්සේ රැහැන් නැති දුරකථන වලින් කතාකරනවා කිවම අපි පොඩිකාලේ විස්වාසකලේ නැහැ දකින කන්ම. එත් අද මොනවද කරන්න බැරි ජංගම දුරකතනවලින්. පුදුමයිනේ. මේ කිසි දෙයක් එකවර දියුණු උනේ නැහැ වගේ මේ දේත් තව වසර 50 පමණ මොන තරඟ දියුණු වෙයිද. නියමයි.... හොද නිෂ්පාදනයක්. ජයෙන් ජය.(නදී)