(අංජුල මහික වීරරත්න)
2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින් නගා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව රජයේ රෝහල් සඳහා අවශ්‍ය ශල්‍ය ගොස් නිත්‍ය සලාක ක්‍රමයක් යටතේ දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගනු ලබයි.
2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශය වෙත ශල්‍ය ගෝස් අවශ්‍යතාව මීටර් මිලියන 30 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ශල්‍ය ගෝස් සලාක නිර්ණය කිරීමේ කමිටුව විසින් ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනෙකුගෙන් 2025 වසර සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් මිල දී ගැනීම නිර්දේශ කර තිබේ. එලෙස මිල දී ගනු ලබන ශල්‍ය ගෝස් මීටරයක ස්ථාවර මිල ශ්‍රී ලංකා රුපියල් 68.97ක් ලෙස මිල කමිටුව විසින් අනුමත කර ඇත.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව 2025 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30 ක් එකී ස්ථාවර මිල යටතේ වෛද්‍ය සැපයීම් අංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනෙකුගෙන් මිලදී ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් රෝහල් වලට ශල්‍ය ගෝස්
ගුණරත්න Wednesday, 02 April 2025 06:43 PM
කොහෙන් ගත්තාත් කමක් නැහැ ප්‍රමිතිය බලන්න, අඩු මිලට පිළිකනුවල හදන බෙහෙත් උපකරණ පාවිච්චි කරලා නැති ලෙඩක් හදාගන්න අපට බැහැ.
රුවන් Thursday, 03 April 2025 06:11 AM
ගිය ආණ්ඩුවේ දේශපාලන ඥාතියෙක් ගෙනාවා ගොස් ඉන්දීයාවේ ඉදන්, කිසිම වැඩක් නෑ තිනිකරම වංචාවක්.