ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ හූ කියමින් අශෝභන අයුරින් හැසිරුණේ පාගමනට පිටතින් පැමිණි පිරිසක් බවත්, පාගමන්කරුවන් ඉතා විනීතව ගමන්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(2) බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
“ඒක නොකළ යුතු දෙයක් කියලා අපිත් පිළිගන්නවා.මේ පෙළපාළියට යම් යම් පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා.මේක මහා ලොකු සෙනගක්.ඒ අතරට විවිධ පුද්ගලයන් ඇතුළු වෙලා තිබුණා.මේක කළේ අපේ පෙළපාළියට සම්බන්ධ වූ අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. මෙම සිද්ධිය හැරෙන්න වෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම හොරගොල්ල සමාධිය අසල මුළු පෙළපාළියම යනකම් සිටියා. නමුත් මෙතනදි අපි ඔක්කොම මන්ත්‍රීවරු ඉස්සරහට ආවා පටන්ගන්න තැනින්. ඒ නිසා මෙම සිද්ධිය වීම ගැන කනගාටු වෙනවා‘ යැයිද ඔහු කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූ කියලා බේරුනා මදෑ කරලා තියන වැඩවල හැටියට (නි)
මේ අර කොඩි උස්සාගෙන වැනි වැනී ගියෙත් පිටින් ආ කට්ටියක්ද? (නි)
හූ කීම අනුමත කරන්නේ නැහැ. නමුත් පක්ෂය හූ කියන තැනට වට්ටගත්තා. ඒ පක්ෂයේ ඡන්දෙන් විත් යූඑන්පී එකත් එක්ක දීග කන්න ගිය හින්දා (නි)
මේ විදියට බොරු කියන්න පුලුවන්ද? ආණ්ඩුව පෙරළන්න කලින් නුඹලා කෝවක දමා මකලා ගන්න ඕනෑ. ශ්‍රී ලංකා පක්ෂය දැන් පිරිසිදුයි. ඔක්කොම හොරු එළියේ. නැවත ගන්න එපා. (නි)
සමහරවිට ඒගොල්ලෝ සිංහ නාදය කියලා හිතාගෙන නාද කරන්න ඇති. එ්ත් අපිට ඇහුනේ නරි හූව (නි)
ඇත්තටම රටේ මිනිසුන්ට මොනම ප්‍රශ්නයක්වත් නැති පාටයි. හූ කිය කියා නට නටා පාරවල් වල පෙළපාලි යන්නේ. කොච්චර ෂෝක් රටක්ද? නූගත් මෝඩ මිනිස්සු. (නි)
දැන් බොරු කියන්න නම් එපා. අපි හැමදේම දන්නවා (නි)
දැන් ‘ෂේප් වෙන්න‘ බොරු කියනවා. එක්කෙනෙක් නොවෙයි, එතන පාද යාත්‍රාවේ ඔක්කොම හූ කිව්වා. නැවතිලා හූ කිව්වා. සිරිසේනගේ ආප්ප කඩේ කිව්වා. නායකයෝ හොඳට බලා ඉන්නවා අපිට පෙනුනා. නවත්වන්න කිසි උත්සාහයක් ගත්තේ නැහැ. මේ කට්ටිය ඔක්කොම එළවලා දැම්මා නම් හරි. ගිහින් එකට හූ කිය කියා ඉන්න කියලා. (නි)
මේවා නම් නියම ජාත්‍යන්තර කුමන්ත්‍රණ. පිටස්තරයින් ඉන්නේ ඔබතුමාට නුදුරින්මයි (නි)
ඔය සෙනඟ ඔක්කොම එකතුවෙලා අපේ හිඳිලා තියන වැව ගැඹුර කරන්න එනවා හලෝ. පාරවල් බ්ලොක් කරන්නේ නැතිව.(රේ)
හූ කියපු අයට ගහමුද පොල්? මොකද පසුගිය කාලේ පොල් ගහලා හොඳට පුරුදුනේ (නි)
ඔය කිසි කෙනෙක් පක්ෂෙන් ඉවත් කරන්නේ නැහැ. රටට වඩා පක්ෂයයි ලොකු. මොන බොරුද? බොරුනම් බලා ඉන්න. වෙන්නේ මොකක්ද කියලා, මහා ඡන්දෙ කිට්ටු වෙනකොට යකා එක්ක හරි එකතු වෙනවා බලය වෙනුවෙන්. (බ)
ඔව් ! ඔව් ! පිටස්තර කට්ටියක් තමයි. ඔය වම් පැත්තේ වාඩි වෙලා ඉන්නේ කහ පාට ෂර්ට් එකක් ඇඳගෙන. ඒ අය ශ්‍රීලනිපේ නෙවෙයි නේ . අනුන් ලවා තමන්ගේ මහගෙදරට හූ කියවගන්න අයට කියන හොඳ කියමන් තියෙනවා. ඒවා මෙහි සඳහන් කරන්න බැ... අලුත්ගමගේ මහත්තයෝ ඔබතුමා හිතාගන්නකෝ. (බ)
රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන නිසා තමා මේ පෙළපාලියට අවේ, අඩාගෙන යන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි නට නට ගිහින් තියෙන්නේ (ම)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (ර)
මොකක්ද මේ ශ්‍රීලනිප ,යුඑන්පී,ජේවීපී ඉස්මතු කරලීම. අපට ඕන රටේ දියුණුවද පක්ෂේ රැකගැනීමද? කවුරු හෝ නිවැරදි ලෙසට රට කරයි නම්, අපට නම් මොන පක්ෂේ වුනත් ,මොන සන්ධානේ වුණත් කමක් නෑ. විශේෂයෙන් ඔය යුඑන්පී ,ශ්‍රීලනිප දෙකේ පාලන ක්‍රමයේ හෝ පුද්ගලයන්ගේ වෙනස දන්නා කෙනෙක් කියනවද? (බ)
අනේ පලයන් බන් යන්න අපි නොදන්නා මොනරතැන්න (බ)
නොතේරන පොඩි දරුවෙක් ගෙනත් පාරේ කැගහනන සලස්වපු එක මුළු ලෝකයම දැක්කා කුජිතඊ මේවායින් පේනවා බලයට ඇති කෑදරකම (ම)
හු කීම බටහිර කුමන්ත්‍රණයක් වෙන්නැති. (අ)
කණගාටු වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ හිත් වල තියෙන අප්පිරියාව පෙන්නලා එච්චරයි (බ)
කියන තරමක් කියන්නේ බොරු. තව ටික දවසයි. කුරු ගනින කම් විතරයි බලන් ඉන්න වෙන්නේ. (බ)
එ්කනම් බොරු අනේ. එ්ක නොකරන්න තිබුණා (බ)
එක තමයි අපි හූ කියන්න දන්නෙම නෑ.බටහිරින් ආපු නොසන්දල්යෝ ඕක කලේ.නාමල් නම් නැටුවා තමයි. එත් හූ කිව්වේ පෙළපාළියට සම්බන්ධ නොවූ ගෙදර හිටි අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ (අ)
කරපු අයට දේව ශාපය ලැබෙන කාල වැඩි ඈතක නැහැ .බලාගෙන ඉන්න . (අ)
හූ කිව්වේ පිටස්තර කට්ටියක් අපි පිලි ගන්නම්. මේකත් මතක තියා ගන්න.පෙලපාලි ගියෙත් පිටින් ගෙනාපු බෙබේල ටිකක්. නියම ශ්‍රී ල කාරයෝ ඔහොම පෙලපාලි වලට යන්නේ නැහැ.අපිත් පක්‍ෂයේ ඔබ වාගේම පැරණි සාමාජිකයින්,නමුත් සත පහක පල ප්‍රයෝජයක් අනිසි අයුරින් වත් නිසි අයුරින් වත් අරන් නැහැ.අපිට දුකයි නුඹලා පක්‍ෂයට කරන දේට. (අ)
ලෝකෙම යුද්දයක් තිබුනත් කිසි හිරිහැරයක් නොකරන ගිලන් රථයකටත් ගහපු මිලේච්චයෝ අවෙත් පිටින් වෙන්නැති .මේගොල්ලන්ව තෝරා පත්කරලා පාර්ලිමේන්තුවට එවපු අයත් තමන්ටම හු කියගත්තොත් හොදයි .(අ)
අර අහක බලාගෙන ගිය කෙනාත් පිටස්තරයෙක්ද ? (අ)
කව්රු හු කිවත් වැරද්දක් කියන්න බැහැ. හේතුව පක්ෂේ අය හු අහගන්න තැනට වැඩ සිද්ධ කරගෙන හමාරයි. යු ඇන් පි එක්ක නිදි වැදීමද ප්‍රමාණවත් (බ)
හොද වැඩේ පෙළපාලියේ අපු එවුන්ට. දැන් පෙළපාලියේ උන්ව පාවල දෙනවා උන්ගේ කට්ටිය නෙවේ කියල. දැන්වත් ඔය පස්සෙන් යන මෝඩ මිනිස්සු තේරුම් ගනිල්ලා වාසියට උබලව ඔය දෙසපලකයෝ පාවල දෙනවා කියල. ඕනෑම කෙනෙක්ට තේරුම්ගන්න පුළුවන් වීඩියෝ එක දැක්කම කවුද හූ කිවේ කියල. දැන් එයාලගේ බෙරුමට පෙළපාලි ගිය මිනිස්සුන්ව පාවල දෙනවා. දෙන උබල පස්සෙන් ගියාට එයාලගේ මිනිස්සු නෙවේ කියල කියන්නේ. අනේ හොදා (අ)
හු කිවූ නරි රැල සිටියේත් මෙම පාදයාත්‍රාව ඇතුලේ නිසා මෙවැනි බොළඳ අදහස් පෙන්වා මහජනයා රැවටීමට මේ පුද්ගලයා ගන්නා උත්සාහය රටවැසියා විසින් පිළිකුලෙන් හෙලා දකිනු ඇත .. (අ)
අනේ බොරු කියන්න එපා (අ)
මහත්තයෝ ඔයා කොහොමද හරියටම අච්චර සෙනගක් හිටපු තැනින් තෝරාගත්තේ ඔයාලගේ කට්ටිය කවුද පිටස්තර කට්ටිය කවුද කියලා. (අ)
දේසපාලකයාගේ ඇගේ නැත්තේ මනු සතා විතරයි අනිත් හැම සතාම ඉන්නවා මේවා මෝඩ මිනිසුන්ට උදාහරණ (අ)
ඇස පොට්ටවුණු මෙවුන්ට මොනවා කියන්න බැරිද. හිටගෙන බොරු ඇදබාන නැහැදිච්ච නඩේ. මහන්ද කිව්වේ එයාගේ කලේ නිදහසේ පෙළපාලි ගිය කියල. පෙළපාලි ගිය නමුත් වෙඩි තිබ්බ නැත්නම් ඔලු පාළුව. මහින්ද නැවත ඉපදිලනොව. ගහ දන්නා යට කොළ කඩ පනවා. මහින්දගේ බොරුවලට හූමිටිතියන්නත් තරම් අන්ද බල එවුනුත් මේ රටේ ඉන්නවා. (අ)
දැන් මොනවා කිව්වත් වරද නිවැරදි කරන්න බෑ. දැන් ප්‍රමාද වැඩියි. පාද යාත්‍රාවට ගොම කලයක් දිය කලා. (රේ)