(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
හුංගම පොලිස් වසමට අයත් කහදමෝදර ,නිදහස්ගම -නැගෙනහිර ,ගංවතුර ගම්මානයේදී අද (6) උදෑසන 10.45 ට පමණ හිසට වෙඩි තබා ධීවරයෙකු ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිදහස් ගම නැගෙනහිර ,ගංවතුර ගම්මානයේ පදිංචි එදිරිවීර ජයසූරිය පටබැදිගේ උපුල් ප්‍රියදර්ශන නමැති 42 හැවිරිදි තිදරු පියෙකි .
ඔහු බහුදින ධීවර යාත්‍රාවක ස්කිපර්වරයෙකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය කියයි
වෙඩි තැබු සැකකරු හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි .ඔහු බටඅත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
ජීවිතක්ෂයට පත් ධීවරයා මුහුදු රැකියාවට ගොස් සති දෙකක් පමණ ඈත දියඹේ මසුන් අල්ලා දින කිහිපයකට පෙර ගොඩට පැමිණ බිල් බේරා ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ දෙකක් රැගෙන උගසට තබාඇති රන්බඩු බේරාගැනීම සදහා රන්නට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි .
නිවස ආසන්නයේ අතුරු මාර්ගයේ දී රැකසිටි සැකකරු ධීවරයාට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීම සදහා ටී කටස් වර්ගයේ ගිණිඅවියක් යොදා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
වෙඩි පහරින් හිසට සිදුවූ බරපතල තුවාල සහිතව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටි තුවාල කරු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි . ජීවිතක්ෂයට පත් ධීවරයා සහ සැකකරු එකම කාන්තාවක් සමග අනියම් සබදතාවයක් පවත්වා ඇති අතර ඒ පිළිබඳව දෙදෙනා අතර ආරවුලක් පැවති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි .
ජීවිතක්ෂයට පත් අයගේ මෘතදේහය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත .
මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය .
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි එහි අපරාධ අංශය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හුංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට