තමාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ නීතීඥවරුනට බැංකු ගිණුම් දත්ත පිරික්සීමට පූර්ණ අවසර නොලැබීම නිසා තමාට එරෙහි චෝදනාවලට වරද හෝ නොවරද පිළි නොගන්නා බව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ප්‍රකාශ කළාය.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පැවසූයේ බණ්ඩාරනායක මහත්මියගේ නීතීඥයනට ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම් දෙකක තොරතුරු බැලීමට මුළුමනින්ම ඉඩ දී නැති බවයි.
රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කියා සිටියේ පැමිණිල්ලේ චෝදනා ඉදිරිපත් කිරීම අදට නියම වී ඇති බවයි.
උසාවියට කළ හැකි වෙනත් දෙයක් නැතිය ද ඔහු කීවේය.
බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ බැංකු පරිගණකවල ඇති සියලු දත්ත බැලීමට ඉඩ දිය නොහැකි බවයි.
මහේස්ත්‍රාත් පිලපිටිය මහතා ඉන් අනතුරුව බැංකුවට නියෝග කළේ බණ්ඩාරනායක මහත්මියගේ නීතීඥවරුනට බැලීමට ඉඩ දිය හැකි දත්ත මොනවාද යන්න මැයි 20 වැනි දාට වාර්තාවක් මගින් දන්වන ලෙසයි.
මේ නඩු විභාගය නිරීක්ෂණයට අන්ර්ජාතික නීතිවේදියා රැසක්ම පැමිණ සිටියහ. ලෝ ඒෂියා සංවිධානය වෙනුවෙන් ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිවේදී ප්‍රශාන්ත් කුමාර් ද ඒ අතර විය.
නිරීක්ෂකයන් වශයෙන් තමනට මේ නඩුවට මැදිහත් වීමට ඉඩ දීම ගැන ඔහු මහේස්ත්‍රාත් පිලපිටියට ස්තුති කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් නිවැරදි නම් ඒ බව නොබියව කියන්න පුලුවන් වෙන්න ඕනෑ නේද? බැංකුවේ වැරදි තොරතුරු බවට පසුව ඔප්පු කරන්න පුළුවන්. (නි)
මේ ගිණුමේ තියෙන්නේ බොහොම සුළු ගණනක්ලු නේද? (නි)
කන්න ඕනෑ වෙනකොට කබරයා තලගොයා වෙනවා. එපා වෙනකොට තලගොයා කබරයා වෙනවා . දිට්ඨ ධම්ම වේදනීය කර්ම ගැන දහම් පාසල් පොතක තිබුනා මතකයි. (නි)
එම බැංකු ගිණුම් වල ඇති මුදල් නීත්‍යානුකූලව ගිණුම් වලට බැරවූ මුදල් වෙන්න ඕනෑ කියලා මම හිතනවා. අහන්න දෙයක් නැහැ, හේතුව එකයි. අවනඩු වලටම ගිය රට මේක! සමහරු කතාවට කියනවනේ, "නීතිය අන්ධයි" කියලා. හැබැයි රටේ බහුතර බුද්ධිමත් ජනතාව නම් අන්ධ නැහැ. (නි)
බැංකු ගිණුම් බලන්නේ නැතුව කොහොමද නඩුවට ලෑස්ති වෙන්නේ(දිල්)
තමන්ගේ බැංකු ගිණුමවත් බලන්න දෙන්නේ නැතිවද මේගොල්ලෝ යුක්තිය ඉස්ට කරන්න යන්නේ. ජ්‍ාත්‍යන්තරය බලා හිටියා කියල මෙයාලට ගානක් නැහැ. ඊට පස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් රට බේරා ගන්න ඡන්දය ඉල්ලන්න පුළුවන්නේ.(නදී)
මොකද මෙහෙම වෙන්නේ.? ඇයි හංගන්නේ.? ඇයි හැඟෙන්නේ.? පටන් ගත්තු තැන ඉඳලම "විරෝදය" පානවා. බැහැ කියනවා. කැඳවීම වලට පෙනීසිටින්නේ නැහැ. මේ වගේ දේවල් ලොක්කියක් වෙලා හිටපු කෙනෙක් කරනකොට කොහොමද නීතියක් හරිහැටි ක්‍රියා කරවන්නේ.? විනිසුරු තුමා ඉතාම මධ්‍යස්ත ලෙසින් ප්‍රශ්නය දිහා බලල තියෙනවා. බලන්නට ඉඩ දෙන්නට පුළුවන් දත්ත ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බැංකුවට නියෝග කිරීමය. ඉන්පසුව මේ නඩුව දිගටම යයි. කොතනද වරද කියලත් හොයා ගනියි. (නදී)
මොනවද ඇත්තටම මේ කතා? මට නම් කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ (නි)
උත්තර නොදී ඉන්නකොට, ගිණුම් බලන්න නොදෙනකොට සැකයක් ඇතිවෙන්නෙ නැද්ද? (නි)
ඒ ගමන මේ මොකක්ද වෙන්න යන්නේ? (නි)
පිටරටිනුත් ඇවිල්ලා මේ නඩුව දිහා බලාගෙන ඉන්නේ.බොහොම සාධාරණව විසදන්න වෙන පාටයි. (නි)
අපේ රටේ නඩුවක කෙළවරක් දකින්න, පරම්පරාවක් ඉවර වෙන්න ඕන නේ. (ස)
ලංකාවේ නඩු ගැන මොනවා කියන්නද? (ස)
ඉහළින් බලපෑම් ඇතිවෙන්නේ නැහැ. අන්තර් ජාතික නීති අංශ වලිනුත් පැමිණ තිබියදී මේ නඩුව නිවැරදිව විනිශ්චය කරනු නො අනුමානය. (ස)
නීතියේ සමානත්මතාවය ගැන අපිට විශ්වාසයක් තබාගන්න පුළුවන්. (ස)
පුදුමාකාර නඩුවක්නේ මේක. (නි)
කෝටි ගණන් හොරකම් කරන දේශපාලකයන් ගැනත් සොයමුකෝ. (ස)
ඉහළින් බලපෑමක් නොවුනොත් සාධාරණ ය ඉටු වේවි. එකයි ඇත්ත. (ස)
නීතිය හා බැඳුනු උසාවිය මේ නඩුවේදීත් ඉතාම සාධාරණ තීන්දුවක් දෙයි. (නි)