සිය වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද නඩු පැවරීය.
2010 ජූලි නව වැනිදා කොළඹ කුරුඳුවත්තේ ධර්මපාල මාවතේ ජාතික සංවර්ධන බැංකුවේ ඇති ගිණුම් තුනක් සම්බන්ධයෙන් හිමිකම් ප්‍රකාශනයෙන් වත් කම් බැරකම් හෙළි නොකළැයි එම ගිණුම් තුනට අදාළව නඩු තුනක් පවරා ඇත.
හිටපු අගවිනිසුරුවරියට සැප්තැම්බර් 7 අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසී නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරිහාමි, ඔබ විහිලුවට නෙමෙයි නේද අරහෙම ලිව්වේ? ඒ මොකද අධිකරණ ක්‍රියාවලියේදී සම්ප්‍රදාය තමයි තමන් නියෝජනය කරන්න වෙනත් නීතිවේදියෙක් පත්කර ගැනීම. නීතියෙන් ඉඩ දීල තියෙනවා තමන්ට තමන් වෙනුවෙන් කතාකරන්න. නමුත්, ලෝකෙම දක්ෂම නීතිවේදියා වුනත් කරන්නේ තමන්ට එරෙහි නඩුවක් ඇත්නම් වෙන නීතිවේදියෙක් පත්කර ගැනීමයි. අග විනිසුරුතුමිය පාර්ලිමේන්තු කමිටුවේදී නියෝජනය වුනෙත් ඒ අනුවයි. අනික ශේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට විශ්‍රාම ගියාම නීතිවේදීන් හැටියට කටයුතු කිරීම තහනම් වෙනවා. (දී)
මේ රටේ ඉහල පදවියක් දැරූ එතුමියට උසාවිය ඉදිරියේ චෝදනාවක් තිබෙනවා. නිතිය දන්නා නීති පද්ධතියේම අධිපතිකම දැරූ එතුමිය තමන්ට තියෙන චෝදනා ගැනත් ඒ ගැන කටයුතු කළ යුතු ආකාරයත් වැරදිකරු වුනොත් සිදුවන දේ ගැනත් අවබෝදයක් තියෙනවා.එතුමිය ගැන මට ප්‍රශ්නයක් නැහැ.ප්‍රශ්නේ තියෙන්නේ මේ අදහස් වලින් ජන මතයක් හදන්න හදන වැඩි වශයෙන් ලංකාවේ නොවෙයි පිටරටවල් වල ඉදලා කෑගහන මේ අය ගැන. (නි)
බන්දුල, ඔබ ඉතා වැදගත් කරුණක් මතුකලේ. ඔබ කියන පරිදිම දේශපාලුවෙක් අල්ලස් මරුවෙක් කියල ඔප්පු වුනත් කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඔවුන් කවුද කියලා කවුරුත් දන්නවා. ඔච්චර දියුණු ජපන් රටේ අගමැතිවරුත් අහුවුනේ. නමුත් විනිසුරුවරයෙක් එහෙම කලොත්, චෝදනා ඔප්පුකිරීමට බැරිවුනත්, ඒක අධිකරණයට විශාල කැළලක්. නීතියේ පැවැත්මට බරපතල තර්ජනයක්. දැන් බලන්න හෝමාගම විනිසුරු නඩුව. අපි සසල වුනා නේද ඒකෙන්? ඉතින් අග විනිසුරුට චෝදනා එල්ලවීම කොයිතරම් බරපතලද? ඒ නිසා අග විනිසුරු විසින්ම හැකිනම් තම නිර්දෝෂීභාවය සනාත කිරීමයි විය යුතුම දේ. ඔබ කියන දේ සමහරුන්ට වැටහිලා නැහැ වගේ. (නි)
තමන් නිවැරදි නම් ඇයි බය වෙලා ඉන්නේ. ඇවිල්ල පෙන්නන එකනේ තියෙන්නේ. දේශපාලනය කරන අය හොරු කියන එක කව්රුත් දන්නවා. එහෙත්, අගවිනිසුරුට එහෙම වෙන්න පුලුවන්ද ? නීතිය රකින අය හොරකම් කරනකොට එක කාටද කියන්නේ ? (ස)
පිටරටවල ඉන්න ලාංකිකයන්ට ලංකාව ගැන ලොකු කැක්කුමක් තියෙනවා. (නි)
නඩු දාලා මිසක් වැරදිකාරි වෙලා නැහැ. නමුත් මේ නඩුව පැරදුනොත්, නඩුවට තමන්ම කතා නොකර වෙනත් පෙරකදෝරුවන් යෙදෙව්වොත් අපිට සාදාරන සැකයක් ඇති වෙනවා. මීට පෙර තිබුන පරීක්ෂණ වලදිත් ඇයට තනිවම මුහුණ දෙන්න හැකියාවක් තිබුනේ නැහැ. වෙනත් නීතිඥයන් තමා එයා වෙනුවෙන් කතා කලේ. (නි)
හොරකම් කරන ලොකු දේශපාලකයන් යහතින් වැජඹෙනවා. මෙවැනි දේ වලින් රට ජාත්‍යන්තරව හෑල්ලු වෙන අතර , ජනතාව ආණ්ඩුවට දුරස්වීම සිදු වේ (නි)
නැවතත් කරලියට ඇවිල්ලා (දී)
හොරකම් කලානම් මෙය විපක්ෂේ උනාට කමක් නෑ උල තියන්න ඕන (දී)
මෙතුමිය විරුද්ධ පක්ෂයෙන් ඡන්දෙට දාල බලන්න තියෙන්නේ. (ස)
මම දුන්න පැමිණිලි වලට අවුරුදු 4 මොක්කද්ද කරේ ? වෙලාවකට හිතෙන්නවා අල්ලස්ස් දීල වැඩේ කර ගතනම් මම ගොඩ කියල (දී)
අනේ මේ මනුස්සයට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න, (දී)
අනිත් මහා බලවතුන්ගේ වත්කමුත් සොයා බලුවොත් හොඳයිනේද? (ස)
වත්කම් හෙළි නොකරපු ලොකු ලොක්කෝ කොපමණ ඉන්නවද අපේ රටේ? ඒ ගොල්ලන්ට නඩු දානවා නම් වෙනම උසාවියක් පිහිටුවන්නත් වෙයි. (නි)
සුනාමි හොරුන්ටත් ඔය නීතියම බලපානවද? (නි)
හැමදාම නත්තල් නැහැනේ. (නි)
අපේ රටේ නීතිය දෙස ලෝකයම බලා සිටිනවා (නි)
සාධාරන නීතියක්..රටට ලොකු පීඩනයක්..හැමට එක නීතියක්.. මේක මේ රටේ හීනයක්.. (නි)
බන්දුල, කුලියට කරන්නේ කවුද කියල ඔයාගේ අදහස් දැක්කම පේනවා. (දී)
මේ අධිකරණයෙන් යුක්තිය ඉෂ්ඨ වෙයි කියල අපට ලොකු විශ්වාසයක් තියෙනවා. මෙහෙම වුන එක හොඳයි. (දී)
මේ නීතිය මන්ත්‍රී ඇමති සහ මෙකි නොකී සියලු දෙනාටම බලපානවද? (දී)
හොර වැඩ කරලා කෝටිපතියෝ වෙලා ඉන්න අනෙක් අය ගැනත් සොයා බැලිය යුතුයි (නි)
තමන් සාධාරණව උපයනවානම් ඒවා පෙන්න නත් පුළුවන් වෙන්න ඕනේ (දී)
අල්ලස් කොමිසම හිත මිත්‍ර හොරුන්ව ආරක්ශා කරනවා (දී)
අපුරු ජවනිකා සිනමා සංදර්ශනය දැන් තිරගත කර ඇත සියලන්ට නොමිලේ බලගත හැක ඉතා කෙටි කාලයකින් විශාල මාලිගා හදමින් ස්කොපබෝගී වහන කීපය බැගින් ළඟ තබාගනිමින් දැන් කලේ වැජබෙන දේශපාලකයන් ගැන හොයන්නේ නැත්තේ මන්ද.(දී)
තමා නිවැරදිනම් බය විය යුතු නැහැ. (දී)
සුරන්ජිත් මහත්තයෝ.. දේශපාලකයෝ වගේද අග විනිසුරු.. අග විනිසුරු හොරෙක් කියල කිව්වොත් එහෙම උනොත් තත්වේ භයානකයි .එ හින්ද හිටපු අග විනිසුරුවරියට තමන්ගේ නිදොස් කම ඔප්පු කරන්න දීල කුලියට කහින්නේ නැතුව ඉන්නවද කරුණාකරලා.. (දී)
මෙතුමිය නිවැරදි නම් මේ නඩු වලින් නිදහස් වෙයි. (නි)
උතුමන් හට නිගාකිරිමේ අපහාස කිරීමේ ,හිංසා කිරීමේ විපාකයට උතුම් ලෝක ධර්මය සාදාරනය ඉටුකරනු ඇත (නි)
සියලු චෝදනාවලට නිසි අයුරින් පිළිතුරු සැපයීමට මෙතුමියට සියලු දෙවි පිහිට , ආරක්ෂාව ලැබේවා. (නි)
කුලියට කෑගහන එක නම් ඉවසන්න පුලුවන් බන්දුල මහත්තයෝ, ඒත් ඔබතුමා කෑගහන විදිය කොහොම ඉවසන්නද? (නි)
සිසිර මහත්තයටත් කැස්ස බෝ වෙලා..බලාගෙන,ක්ෂය රෝගෙට යයි.ඔය දේශපාලඥයින් ගැන හොයන්න පැමිණිලි කරන එක, ඒවා ඔප්පු කරන්න සාදක හොයලා දෙන එක විපක්ෂයේ වගකීමක්..මොකද එයාලා ඒවා නොකරන්නේ.. අපි එළියේ ඉදලා කෑගැහුවාට අපිත් ඔතනට ගියානම් අපිත් ඔය බෝට්ටුවේම තමයි මහත්තයෝ. (නි)
බන්දුල ලියන්න දන්නා පලියට ලියන්න පුලුවන්කම පෙන්නුවත් නිරුවත් බව ප්‍රදර්ශනය කරන නුඹත් සමග මගේ සංවාදයක් හෝ නැත. (නි)
තමා නිවැරදි නම් බය විය යුතු නැහැ (නි)
අප්පු හාමි මහත්තයෝ ඕක ඉතින් වයසේ වැරැද්ද..ඔය නහින දෙහින කාලේ ඔය අනවශ්‍ය තැන් වල රිංගන්න යන්නේ නැතුව ඉන්නකෝ..එතකොට ඔබතුමාට කරදරයක් වෙන එකක් නැහැ..(ස)
සිසිර හා ගිරිගෝරිස් මහතුන්ට බොහොම ස්තුතියි සාදාරන මගේ ප්‍රකාශයේ සාධාරණත්වය වෙනුවෙන් කතාකිරීම ගැන. මම ලංකාවේ ජිවත් නුනත් මම තවමත් ලාංකික ගමන් බලපත්‍රය පාවිච්චි කරමි. බන්දුල වගේ ලිඳේ ඉන්න ගෙම්බෙක් ගැන මොන කතාද (නි)