ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සමයේ එහි අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය කිසිවකුටත් නොදන්වා විදේශ ගත වී ඇතැයි වාර්තා වේ.
වර්තමාන රජය යටතේ ඇය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටියාය.
ඇවන්ගාඩ් සමාගමයට රජයේ ආයුධ ලබා දීමට මුල් වූ බව කියන ඇය අත්අඩංගුවට ගන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු නිර්දේශ කර තිබිණි.
රක්නා ලංකා සමාගමේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ ඇය සාක්කි දුන්නාය.
ජයරත්න මහත්මිය ද්විත්ව පුරවැසි භාවය ලබා සිටියාය.
(ඡායාරූපය ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කර නැත්නම් නීතියේ ක්‍රමවේදයට සහ යුක්තියට බයේ පැනලා යන්න අවශ්‍ය නැහැ. (නි)
මේ පර්වතේ රටින් පනිනන්කම් අාගමන විගමන නිදාගෙන හිටියද ? (බ)
සමහරුන්ට දුකත් හිතිලා. ඔය තනතුර ගැන දන්නෙ නැති අය තමයි ඒ. (නි)
දක්ෂ කාන්තා චරිතයක්...! (හේ)
ඕවා මොනවද? අතිරේක ලේකම් තනතුරු වලට හොරෙන් රිංගලා ඉන්න අයත් ඉන්නේ. (නි)
මෙයාගේ මුහුණ දැක්කහම මට දුක හිතෙනවා. (නි)
එයත් ගියාද? (නි)
දැන් කණගාටුවෙලා වැඩක් නැහැ (නි)
එකත් එකටම මෙයා කියයි හොරෙන් පැනලා රට ගියේ නැහැ, එයා ගියේ එයාගේ පුද්ගලික දේකට කියලා. ඒ මොකද එයාටත් ද්විත්ව පුරවැසිභාවය තිබෙනවානේ. (නි)
මේවා ගැන හිතන්න තිබුණේ රටින් පනින්න කලිනුයි (නි)
ඇයි රටින් පැන්නේ කියලා හොයන්න.(හේ)
මුහුනෙන්ම පෙනවා මෙයා කොපමණ කලබල වෙලාද කියලා, පව් කියලත් හිතෙනවා කොච්චර උනත් අම්මෙක් නේද කියලත් හිතෙනවා .(රේ)
මේ දවස්වල ලොකු දෙකයි හතරේ පිරිත් නුල් බැදන් ඉන්න අයගෙන් සාමාන්‍ය ජනතාව පරිස්සම් වෙන්න .හරියට ගුණ ගරුක නම් පිරිත් නුල් පන්දු ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ .(රේ)
ඕවට අණදුන් අය යැවුවද ගියද කියල ලගසීම හෙළිවෙයි .හොරුන්ට මිනීමරුවන්ට උදවු නොකර හිටපු අග විනිසුරුවරිය වගේ කොන්ද කෙලින් තියාගන්න බැරි වහල්ලු හම්පුතලව බේරන්න හැංගෙන්න වෙලා .නමුත් සත්‍යය එළිවෙනවා කවද හරි .කරුමයත් පලදෙනව ජීවත් වෙලා ඉන්න කොට .(රේ)
වැඩ වැරදුනහම කලකට රටයනවා. කාලෙකින් මල්මාලා දාලා වැඩම කරවනවා. නඩුත් අපේ බඩුත් අපේ.(රේ)
මේ ඔක්කොම පනින්නේ ඇමෙරිකාවට, එංගලන්තෙට. (නි)
පසුගිය රජය සහ පවුලේ උදවිය නිසා මේ මිනිස්සු අමාරුවේ. ඕවට අණදුන් අය නව පක්ෂ පෙරමුණු ගහන්න සූදානම් වෙන්නේ රටේ නීති පන නැති නිසා. (නි)
මේ බවලතාගේ අවංකකමේ හැටි අපිට හිතාගන්න පුලුවන්. හිතේ විචිකිච්චාවක් නැත්නම් පෑල දොරෙන් පැනලා යන්න හේතුවක් තිබේද? (නි)
අයියෝ එයත් පැනලා ගියාද? (නි)
හෙට අනිද්දා අනිත් කට්ටියත් මෙයා ගිය තැනටම යයි....(හේ)