මැදිරිගිරිය දිවුලංකඩවල විහාරගම නිධානයක් හාරමින් සිටි බව කියන හිමි නමක හා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු 15 දෙනකු අද අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරු පොලිසිය කියයි.
සැකකරුවන් මට්ටක්කුලිය, මහරගම, කඩුවෙල, පොල්ගස්ඕවිට, හෝකන්දර, ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, යාන්ත්‍රික ගල් විදිනයක්, උදලු, අලවංගු, පූජා භාණ්ඩ, පුස්කොල පොතක් හා වෑන් රියක් ද සොයා ගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම බුදු දහම අදහන දෙන්නෙක් . තණ්හාය ජායති සෝකෝ .... තණ්හාය ජායති භයං . මේවා නොදන්නා චීවරධාරීන් අද බොහෝ ඉන්නේ. (නි)
දැන් ජනප්‍රිය ගැලවීමේ නියාය. එනම් සුළු පිරිසක් කරන වැරදි වලට ඔක්කොම පාලි නැත. කන්නේ එක මකුනයි මැරෙන්නේ ඔක්කොම මකුණෝ වැනි ගැලවිජ්ජා කතා කියන්න.(නදී)
පාරවල් ගානේ හු තිය තියා හරක් මස් වලට ජල්ලි අල්ලන නඩය කෝ.(නදී)
මේකත් සුලු ජාතීන්ගේ කුමන්ත්‍රනයක්ද මන්දා. පරිස්සමන්.(නදී)
කොයිබටද අපි මේ යන්නේ ? (නි)
පළාත් සභා එපා කියල රැස්වීමට ගිය කෙනෙක් වෙන්න ඇති (නි)
චතුර , ඔය කියන දේ හරි. සුළු පිරිසක් කරන වැරදි වලට පොදුවේ හැමෝටම බනින එක වැරදියි.(නදී)
චතුර හෙළයෝ නිධන් හාරනවා දකින්න ඕනේ නැහැ නිධන් හාරන්නෙම හෙළයෝ තමයි. අන්තිමට ඔය අන්තවාදී සෙට් එක බර කරන්නේ අන්යාගමිකයන් නිධන් හාරනවා කියලා.(නදී)
මනුස්සයෙක්ගේ කරුමයක් පටිසන් දෙන්න තියෙනවානම් පලදෙනවාමයි
මුලින් ස්ත්‍රී දූෂන. දැන් හොරකම් ඔහොම යමු.(නදී)
චතුර, ඔබ හරි.( මුස්ලිම්, හින්දු , බෞද්ධ) සුළු පිරිසක් කරන වැරදි වලට හැම කෙනාම පලි නැහැ (නි)
කාමයට ඇලෙන්නො මාරයාගේ වසගයට පත්වූවෝය වැඩිපුර දැනගැනීමට කියවන්න මාරපක්සික ධම්ම http://sinhala.mahamevnawa.lk/sermons/audio/ සැමදෙනාටම තෙරුවන් සරණයි .(නදී)
ඉතාමත් කනගාටුදායකය් අපේ රටේ සිදුවන සමහර අපරාධවලට ආගමික නායකයන් අනුබල දීම, හා අපරාධ කරුවන් සමග එම ක්‍රියාවන් වලට සම්බන්ධවීම. ඊටත් වඩා පාඨකයින් මේ වැනි පුවත් තුලින් සමස්ත ධර්මයටම නිග්‍රහ කිරීම. දින කිහිපයකට පෙර එසැන පුවත් පලකලා පාතාලයේ කෙනෙක් මුස්ලිම් කාන්තාවගේ ඇඳුම් ඇඳගෙන (වෙස්වලාගෙන) සිටියදී අත්අඩංගුවට පත්වුණා කියලා. ඒක කියවපු අපේ අයියලා අපූරු දේවල් ලිව්වා. දැන් මේ පුවත කියවල ඔහුට ලියන්න පුලුවන්ද " සිවුරට හෝ සංඝයා වහන්සේලාට" මොනවද කරන්නේ කියලා? මේක මම ලියන්නේ බෞද්ධයන්ව රිදවන්න නොවේ මොකද මම සිංහල මාධ්‍ය තමා ඉගෙන ගත්තේ 5 වසර දක්වා පාසල් කාලයේදී පන්සිල් පද උදේට කියල තිබෙනවා. මට හොඳ බෞද්ධ සහෝදර / සහෝදරියන් / යහළුවන් ඉන්නේ ඒ නිසා. මම කියන්නේ හැම දෙයක්ම ජාතිවාදය කියන වපර ඇහෙන් බලන්න එපා. මේක හැමෝටම මම කියන්න කැමතියි. මුස්ලිම් වේවා බෞද්ධ වේවා. අනුන්ට අපහාස කරලා අපිට වින්දනයක් හෝ ආශ්වාදයක් ලබා ගන්න පුළුවන් කියල හිත්තනේ මානසික ලෙඩ්ඩු පමනයි.(නදී)
ඔසන් සලාම් - කටාර්, මම හිතන්නේ ඔයා සිංහල නෙමෙයි. නමුත් ඔබ සිංහල භාෂාව හසුරවන ආකාරය අගය කරමි. (නි)
කෝ අර නිතරම ලියන අය? දැන් කියවී මේවා මඩ ප්‍රචාර කියලා (නි)
දැන් ගොඩක් ඉන්නේ මුදලාලි හාමුදුරුවරු.තව සමහර අය ජනප්‍රිය වෙන්න දගලනවා දායකයෝ මුලා කරගෙන. (නි)
අනුන්ට කපාපු වලේ තමන්ම වැටෙනවා කියන්නේ මේවට තමයි (නි)
මේ අර 'පිච්චමල්' ට්‍රැෆික් ඒ එස් පී ද? (අ)
ෂෙරිෆ් පොඩ්ඩක් කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා හිතන්නේ. හෙළයෝ නිදන් හාරනවා ඔබතුමා දැක්කද? මම කලින් කියපු විදියට අද හාමුදුරුවරුන්ට අපහාස කරන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. සිවුරක් දාගෙන ඕනෑ කෙනෙකුට ජරා වැඩ කරන්න පුළුවන් හාමුදුරු කෙනෙක් විදියට බෞද්ධයන්ට අපහාස කරන්න (නි)
අසංග මොනවද අපාස කියන්නේ. ඔය සි‘හලද නැතිනම් වෙන භාෂාවක්ද (අ)
ගරු කර්තෘ තුමනි පැය 6 කට පමණ පෙර මා යවූ ප්‍රතිචාරය තවම පලවී නොමැත මෙය ඔබේ අවධානය සඳහා.(අ)
නිධන් හාරලා ධනවත් වුන අය මේ රටේ නැහැ.නිධන් කියලා දෙයක් නැහැ. ඕක මිත්‍යාවක්.නිදන් හාරන්න ගිහිල්ලා මැණික් ඉල්ලම් හා කිරි ඉබ්බෝ හම්බු වෙච්ච අය නම් ඉන්නවා. (නි)
අසංගගේ අදහසට මම පොඩි දෙයක් එකතු කරන්නම්. සමාවෙන්න අසංග මෙහෙම කියනවට. නියම පිරිමියෙක් වගේ ඇත්ත පිළිගන්න. හමුදුරුවන්ට අපහාස කරන්න මෙතන මේ චීවරධාරියා සිවුරක් දාගෙන නිදන් හාරන්න ගිහින් ඕනෑකමෙන් පොලිසියට අහු වුනේ නැහැ. ඒ වගේම සමහර හාමුදුරුවරු කියන චීවරධාරීන් කරන වැඩ නිකන් මේ වගේ මෝඩ විදියට බැහැර කරන්න එපා. බෞද්ධයන්ට අපහාස කරන්නේ අන්‍ය ආගමිකයෝ නෙමෙයි. ඇස් දෙක හොඳට ඇරලා බලන්න ඒ කවුද කියලා. අන්න එතකොට පෙනේවි අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්දට වඩා තමුන්ගේ ඇහේ තියන පොල් පරාලේ ලොකුයි කියලා. (නි)
අපේ ආගමේ ඒවා විතරක් මෙහෙම වෙද්දී මෙතන අදහස් පල කරන අන්‍යාගමිකයෝ හිතන්නේ ඒ අයගේ පුජකයෝ දේවත්වයට පත්වෙලා කියලා. (නි)
කෝ මේ රතනසාර උන්නාන්සේ (අ)
අනේ මන්දා ,හාමුදුරුවරුත් මෙවැනි දේවල් කරනකොට අන්‍ය ආගමිකයන් අපිට හිනාවෙනවා. (නි)
හොද වැඩේ. පන්සලට වෙලා ඉන්නෙ නැතුව යනවා නිදන් හාරන්න (නි)
අවදියෙන් ඉන්න හෙළයෝ නිධන් හාරති. (නි)
කාට කියන්නද මේ දුක (දී)
නිධන් පොලොව යට තියෙනවට වඩා හාරන එක හොඳයි කියලා කවුදෝ ප්‍රසිද්ධ කෙනෙක් කිව්වා වගේ මට මතකයි. (නි)
කෝ අර පොඩි දේටත් පෙළපාලි යන සෙට් එක. (නි)
උඩ බලාගෙන කෙල ගහ ගන්න ඕනේ නැහැනේ (දී)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව (නි)
අපේ පොලෝසිය සහ දේශපාලුවෝ පොදුවේ දූෂිතයි කියා කියනවා......නමුත් රටේ නිලනොවන පොලෝසිය තමන් යැයි කයිවාරු ගහන සමහර හිමිවරුත් පවා දැන් එම දූෂණයට අතගසා තිබීම ආශ්චර්‍ය කේක් ගෙඩියට අයිසිං තැබුවා වගේ ක්‍රියාවකි. (නි)
මෙන්න සිවුරු ඇදගෙන කරන වැඩ... (නි)
දැන් ඉතින් පොලිසියයි සාදුලයි සේරම හාරන වැඩ තම කරන්නේ. අහෝ ධර්ම රාජ්‍යට ගිය කලක් ! (නි)
අනේ දෙවියනේ මගේ රටකට වුන වියෝයා. (නි)
ධර්ම සංගායනාවක් ඉක්මනට කරන්ඩ . විනය නීති පමුණුවන්න , දුෂිත හමුදුරුවරුන්ව එලවන්න . මේ හැමදෙයක් කරන්නම අපේ ලොකු හාමුදුරුවරුන් නින්දෙන් හැරිලා පාට පක්ෂ වලින් ඇත් වෙන්න ඕනේ .(අ)
කෝ අර බල සේනාව ,, අනේ හාමුදුරුවනේ අනුන්ගේ ඇහේ තියන කුණු රොඩ්ඩ හොයන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පරාල ඉවත් කරගෙන හිටියොත් නේද හොඳ ...?(අ)
කෝ අර බල සේනාව? (ත)
දැන් නිතරම ස්වාමින්වහන්සේලාගේ ගෞරවය පලුදු වෙන දේවල්මයි අහන්න දකින්න ලැබෙන්නේ,, මොකද මේ හිමිවරුන්ට වෙන්නේ (අ),,
සමහර හාමුදුරුවරුන් කාර්යබහුල නැති නිසා හැමදෙයක්ම කරනවා. (නි)
අපේම උදවිය තමය් ගම කන්නේ, හැබැයි නම යන්නේ ජාත්‍යන්තර බලවේග නැත්නම් අන්‍ය ආගමික කුමන්ත්‍රණ කියලා. (නි)
ෂෙරිෆ් දැක්කද හෙළයෝ නිධන් හාරනවා? ඉන්න අයගෙන් සුළු පිරිසක් කරන වැරදි වලට හැම හෙළයම පලි නැහැ කියන එක ෂෙරිෆ් මතක තියාගන්න. මේක හෙලයන්ටත් හොද පාඩම. අන්‍ය අගමිකයන්ගෙන් සුළු පිරිසක් කරන වැරදි වලට පොදුවේ හැමෝටම බනින එක වැරදියි කියලා දැන්වත් තේරුම් ගන්න ඕනෑ. නිල නොවන හොරා පොලිස් කණ්ඩායමක් නටපු නැටිල්ල ගැන හිතනකොට මේ වගේ දේවල් වලට ඇයි නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ කියන සාදාරන සැකයක් මිනිස්සුන්ගේ හිත වල ඇති වෙනවා. මේවට ඔය කියන හොරා පොලිසියේ අය මොකද දන්නේ නැහැ කියන්නේ.... (නි)
රාවන සහ බොදු බාලයෝ අනුන්ගේ වැරදි හදන්න කලින් තමන්ගේ වැරදි හදන ඉන්න .මුලින්ම හාමුදුරුවන්ව හදාගෙන ඉන්න (දී)
ජරමර අස්සේ බරකරත්ත කිව්වලු. (ත)
බොදු බල සේනාව කරන දේ වලට දේව කෝපය තමා මේවා ජය වේවා !(නදී)
හොද පොලිසියයි, හොර පොලිසියයි කොහොමද හොයන්නේ. ඉදිරියටම යමු.(නදී)