IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


හිටපු කොටියාට වස එන්නත් දුන්නාදැයි සොයන්න කමිටුවක්

පුනරුත්තාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇතිදැයි සෙවීම සදහා සිදුකිරීමට සැලසුමි කර සිටින  ජාත්‍යන්තර වෛද්‍ය පරීක‍ෂණයට උපදෙස් දීමට   පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් පත් කරනු ලැබීය.

මහ ඇමැතිවරයා එම කමිටුව පත් කර ඇත්තේ උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති පී සත්‍යලිංගම් මහතාගේ නිර්දේශ අනුවය.

මෙම පංචපුද්ගල වෛද්‍ය කණ්ඩායමේ  ප්‍රධානියා ලෙස යාපනය ශීක‍්ෂණ රෝහලේ   විශේෂඥ වෛද්‍ය සිවන් සුදන් මහතා පත්කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ පරිදි උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහ සඳහාම තවත් අනු කමිටු පමක් පත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර වෛද්‍ය පරීක‍ෂණයට ඇමරිකාව සහාය නොදක්වන බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් උතුරු මහ ඇමැතිට දන්වා තිබිණි.

 



අදහස් (0)

හිටපු කොටියාට වස එන්නත් දුන්නාදැයි සොයන්න කමිටුවක්

චන්න බුවනක Sunday, 21 August 2016 02:33 PM

විසක් ශරීරයට ඇතුළු වුනාම මිනිහෙක් හරි සතෙක් හරි එම අවස්ථාවේ හෝ දින දෙක තුනකින් විතර මැරෙනවා කියලනම් දන්නවා. විෂ ශරීරයේ තියාගෙන ජීවත් වෙනවා කියල නම් අහල නැහැ.(රේ)

:       0       0

ගයාන් Monday, 22 August 2016 06:21 AM

මෙයින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?(හේ)

:       0       0

ලක්සිරි Sunday, 21 August 2016 03:01 PM

දැන් ඉතින් විස ඒගොල්ලෝම ගහගෙන පරීක්ෂණයට යයි. කොහොමත් ස්වේච්චාවෙන්ම බෝම්බ බැඳගන්න ජාතියක්නේ.(රේ)

:       0       0

මහාදේව Sunday, 21 August 2016 03:25 PM

එතකොට ඔය සාමාජිකයෝ ඉස්සෙල්ල බෙල්ලේ එල්ලගෙන හිටිය සයනෛඩ් කරලේ තිබුන මාරාන්තික විසෙන් ටිකක් හෙම සරීරගතවෙලා තිබුනොත් ඒකත් ඔය පරීක්ෂණයට අහුවෙයිද? (රේ)

:       0       0

ලක්ෂි Monday, 22 August 2016 07:21 AM

මාර වැඩ තමයි වෙන්නේ.(හේ)

:       0       0

ජනහිත Sunday, 21 August 2016 06:48 PM

හරියට හරි. ශරීරයේ විෂ ඇතැයි සැක කෙරෙන සියලුම ශරීර අවයව වහාම විදේශයකට යවා හොදින් පරීක්ෂා කරවා ගත යුතුයි. ඔය යෝජනා කරන අයගේ මොළය පවා එහි යවා පරීක්ෂා කර ගත්තොත් වඩා හොදයි. මොකද ලෙඩක් තියනවානම් බෙහෙත් දෙන්න පුළුවන් එතකොට.(රේ)

:       0       0

රංග Sunday, 21 August 2016 07:34 AM

මේ විග්නේෂ්වරන් නම් මොනවා කරන්න හදනවද මන්දා? (නි)

:       0       0

සිසිල් Sunday, 21 August 2016 09:48 PM

මේ ප්‍රශ්න නිසා අවසානයේදී රට කලින් තිබුණු තත්ත්වයටම යයිද කියලයි අපිට බය (නි)

:       0       0

බෙනට් Sunday, 21 August 2016 10:57 PM

මේ සිද්ධවෙන දේවල් නිසා අපි සෑහෙන මානසික පීඩනයකින් ඉන්නේ (නි)

:       0       0

ජනහිත Monday, 22 August 2016 12:14 AM

මෙම පරීක්ෂාවන් ශ්‍රී ලංකාව තුළදී කිරීමේදී විශාල වියදමක් ඒ අයට දරන්න වේවි. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 21 August 2016 10:06 AM

සංහිදියාව ඇති කරනවා. (ර)

:       0       0

රූපවතී Monday, 22 August 2016 04:33 AM

මේ සෑම වියදමක්ම විග්නේශ්වරන්ගේ පුද්ගලික වියදමින් කිරීමට යෝජනා කළයුතුය. නැවත අපේ රටවැසියෝ කිසිමදේකට ඔවුන්ට සතයක්වත් වැයනොකළ යුතුය. මදැයි අහගත් දේ? කළගුණ සැළකීම තමා ඒ (නි)

:       0       0

ජනහිත Monday, 22 August 2016 05:45 AM

බෙනට්ට ඕනෑම නම් උතුරට ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දැන් පරීක්ෂාවන් පටන් අරන්. එයාගේ මිනිස්සු කරපු අපරාධ ගැන නොවෙයි හොයන්නේ, අපරාධ කරපු අයගේ ශරීර සෞඛ්‍යය කොහොමද කියලයි හොයන්න ඕනෑවෙලා තියෙන්නේ. අහිංසක ජිවිත දහස් ගණන් විනාශ කරලා තව නිරෝගිතාවය ගැනත් හොයනවා. ඕවට යන වියදම් රටේ මුළු මහත් ජනතාව ගෙවන බදුවලින් තමයි හොයන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1194 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2155 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1213 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 653 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 435 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site