IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හිටපු ජනපති මෛත්‍රීගෙන් පුටින්ට ලිපියක්

(ඩයනා උදයංගනී)

රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම රජය විසින් ගත් තීරණයක් නොව, එය සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි.​  

ශ්‍රී ලංකාවට එරොෆ්ලොට් ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසත්, අතීතයේ මෙන්ම ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙසද හිටපු ජනාධිපතිවරයා එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන්ය.  

ඔබ සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනතාවට මුලින්ම මගේ ප්‍රශංසාව ඉදිරිපත් කිරීමට කරුණිකව අවසර ඉල්ලමි. අපේ ජාතීන් දෙකේ ජනතාව දශක ගණනාවක් පුරා දිවෙන මිත්‍රත්වයක් භුක්ති විඳිනවා. අපගේ මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගෞරවයක් මිස ගනුදෙනු ප්‍රතිලාභ මත පදනම් වූ එකක් නොවේ. 2009දී අවසන් වූ 30 වසරක සිවිල් යුද්ධයේදී රුසියාවෙන් කිසිදු අපේක්ෂාවක් සහ ලාභ ප්‍රයෝජනයක් නොමැතිව අප වෙත ලබාදුන් ශේෂ්ඨ රුසියානු ජාතියේ උපකාරය සහ සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව නිතර නිතර සිහිපත් කරනු ඇත. අදටත් ශ්‍රී ලාංකිකයන්  අතර අපි මෙම අතීතය  මතක තබා අගය කරමි.

2015 සිට 2019 දක්වා මගේ ජනාධිපති ධුර කාලය තුළ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ බැඳීම තවදුරටත් ශක්තිමත් වූ බව මට මෙන්ම ඔබතුමාටත් මතකයේ ඇතැයි මා විශ්වාස කරමි. ඔබගේ ගෞරවනීය ආරාධනයෙන් මොස්කව් වෙත මගේ නිල සංචාරය තුළදී ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික කරුණු රාශියක් සාකච්ඡා කරමින් මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කරගැනීමට හැකිවීම මා අගය කරන මතකයකි.

අවාසනාවකට මෙන්, කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු එරොෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම සම්බන්ධ මෑතකාලීන ඇතිවූ සිදුවීම අපගේ ජාතීන් දෙක සහ රජයන් අතර ඇති විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය තරමක් දුරට පළුදු කර ඇත.

එම වාරණ නියෝගයෙන් පසුව එම ගුවන් යානා කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණයෙන් මාහට එම තත්වය තේරුම් ගත හැකිය. අවාසනාවකට මෙන්, මෙම අත්හිටුවීම අප රටට සංචාරකයන් අවශ්‍යම මොහොතක  ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විනාශකාරී පහරක් වනු ඇත. එය පාස්කු දින ත්‍රස්ත  ප්‍රහාරයෙන් සහ කොවිඩ් -19 වසංගතයෙන් යළි රට යථා තත්ත්වයට පත්වීමට පටන්ගත්තාත් සමගම සිදු වු අවාසනාවන්ත තත්වයකි.

අතිගරු ජනාධිපතිතුමනි, මේ මොහොතේ මම තවදුරටත් බලයේ සිටින රජයේ සාමාජිකයෙකු නොවූවද, මෙම ගැටලුව කිසිසේත්ම රජය විසින් ගත් තීරණයක් ලෙස නොව, සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන ලෙස ඔබෙන් සහ රජයෙන් මා ආයාචනා කරමි. එය මෙරට අධිකරණය ඉදිරියේ ඇති ගැටලුවක්  බැවින්, මෙම අවාසනාවන්ත සිදුවීම දෙරට මිත්‍රත්වය පලුදු නොවන්න නීත්‍යනුකූලව සහ සාමකාමීව විසඳීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය සියලු පහසුකම් සොයමින් සිටින බව මට සහතිකයි. ඔබ දන්නා පරිදි, මගේ රට සහ ජනතාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ දන්නා පරිදි, අප මේ වන විට දරුනු ඉන්ධන හිඟයකට, විදුලි කප්පාදුවලට සහ ඉදිරි මාස කිහිපය තුළ ආසන්න වශයෙන් පෙනෙන ආහාර අර්බුදයකට මුහුණ දී සිටිමු. එබැවින්, අපගේ විශ්වාසවන්ත මිතුරන්ගේ සියලු උපකාර සහ සහාය අපට අවශ්‍ය වනු ඇත.

අපගේ පැරණිතම සහ සමීපතම මිතුරෙකු ලෙස රුසියාවේ උපකාරය අපට තීරණාත්මක වනු ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත එරොෆ්ලොට් ගුවන් ගමන් අත්හිටුවීම පිළිබඳව ඔබතුමා සහ ඔබේ රජය නැවත සලකා බලන ලෙසත්, අපගේ අඳුරුතම අවස්ථාවන්හිදී පවා ඔබට සහ රුසියාවට සැමදා මෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙසත් මම ආයාචනා කරමි. ඉතිහාසය පුරාවට අප වෙත කළ උදව් උපකාර වෙනුවෙන් ඔබට, ඔබේ රජයට සහ ජනතාවට මගේ ඉහළම ගෞරවය  ලබාදීමට මෙය අවස්ථාවක් කර ගනිමි.



අදහස් (11)

හිටපු ජනපති මෛත්‍රීගෙන් පුටින්ට ලිපියක්

fairoos Monday, 06 June 2022 07:18 PM

පුටින්ගෙන් හොඳ පිළිතුරක් ලැබේවි ලුණු ඇඹුල් ඇතිව...

:       24       47

NIMALMonday, 06 June 2022 08:01 PM

අතිගරු පුටීන් ජනාධිපතිතුමනි, ඔබ දන්නා පරිදි, මේවනවිට අප සියලුදෙනා සියල්ල " අනාගෙන" සිටිමු. එබැවින්, අපගේ විශ්වාසවන්ත මිතුරන්ගේ සියලු උපකාර සහ සහාය අපට අවශ්‍ය වනු ඇත.

:       0       1

Nalins Monday, 06 June 2022 07:25 PM

හොඳයි, අපිට ඔවුන්ගේ උපකාරය අවශ්‍යයි...!

:       0       55

සෑම් Monday, 06 June 2022 07:34 PM

දින 52 ආණ්ඩුව හැදුවේ ඔයා... පාස්කු ප්‍රහාරයත් වුණේ ඒ කාලේ තමයි. ඔයාලා තමයි රට වට්ටන්න පටන් ගත්තේ. ඒ වට්ටපු වැටිල්ල අද තාමත් වැටෙනවා. පතුලක් පෙනෙන්නේ නැහැ.

:       20       65

SaththayaTuesday, 07 June 2022 08:41 AM

අද මේ ජනතාව දුක් විදින්නේ අමාරුවෙන් ලබාගත්තු ජය, පුතානෝ සමග එකතු වෙලා සුනු විසුනු කල නිසා . දැන් පෙරලන්න උදව් කරලා (දෙන්නම ) බයිලා ගහනවා .

:       0       2

යෝගා Monday, 06 June 2022 07:35 PM

රටේ පාලකයින් ලියන්න ඕනෑ ලියුම මේ මනුස්සයා හරි ලියපු එක ගැන සතුටුයි. මාන්නේ බිම තියලා රුසියාවෙන් සමාව ගනිල්ලා...!

:       2       84

senaMonday, 06 June 2022 08:05 PM

හරියටම හරි කොහොම නමුත් සමාව ඉල්ලලා විතරක් මදිවෙයි. මෙවැනි සිදුවීම් තවදුරටත් නොවෙන්න වගබලාගත යුතුයි.

:       0       0

ලියනාඩෝ Monday, 06 June 2022 07:49 PM

මෙතුමා රුසියානු ඇස්බැස්ටෝස් තහනම් කරලා ලංකාවේ තේ රුසියාවෙන් තහනම් කරා කෘමියෝ ඉන්නවයි කියලා. ඒ වේදනාව තාම මෙතුමාට මතකයි වගෙයි.. හා..හා

:       2       45

බද්රානි Monday, 06 June 2022 07:58 PM

රුසියාවේ පුටින් මහත්තයා, යුක්රේනයට කළාට වඩා හොඳට, ලංකාවේ ලෝකල් පුටින් ලංකාවට හොඳටම කළා කියලා වරද්දන්නේ නැතිව එතුමාට කියන්න. රුසියාවේ පුටින් මහත්තයා යුක්රේනයට කළාට වඩා හොඳට, මෙහෙ ලෝකල් පුටින් ලංකාවට හොඳටම කළා කියලා වරද්දන්නේ නැතිව එතුමාට කියන්න. ඇත්ත කිව්වාම පුටින් මහත්තයට තරහ යන එකක් නැහැ මගෙ හිතේ...

:       48       19

nadeesha Tuesday, 07 June 2022 10:30 AM

හොඳ ලිපියක් යොමු කරලා තියෙන්නේ .හොඳ දෙයට හොඳයි කියන්න ඕනේ .මොකද දැන් බලයේ ඉන්න එකෙක් වත් පුටින්ට මෙහෙම ලිපියක් යවලා නැහැ තවම

:       0       0

Rata Perata Tuesday, 07 June 2022 11:53 AM

මෙක සින්හලෙන්ම යව්වොත් හොදයි. නැත්නම් මෙ අතිගරු කෑලි වලට පුටින් පස්ස පත්තෙනුත් හිා වෙයි. අභිමනවත් දේශයට ගිය කල.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 707 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 20 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 524 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 879 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1568 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 823 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21732 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 360 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site