IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිටපු ඩී.අයි.ජී වාස් ඇතුළු හයම පෝරකයට

බම්බලපිටියේ  ව්‍යාපාරික මොහමඩ් සියාම්   පැහැරගෙන ගොස් මරා දැමීයැයි වැරදිකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනා හට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද මරණ දඬුවම නියම කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඩුවම නියම කළ මුල්ම අවස්ථාව මෙයයි.

නඩුවේ තීන්දුව පිටු 802කි.

කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

වාස් ගුණවර්ධනට මරණ දඬුවමට අමතරව වසර 10ක වැඩ සහිත බරපතල සිර දඬුවමක්ද රුපියල් 10,000ක දඩයක්ද නියම කැරිණි. පුතා ඇතුළු සෙසු වරදකරුවන්ට අවුරුදු බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් දඩද නියම කැරිණි.

මෙය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් ජුරි සභාවකින් තොර මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස හිටපු නීතීපති පාලිත ප්‍රනාන්දු මහතා එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා පත් කළ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.             

2013 අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ  කොළඔදී මෙහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ  සමඟ එක්ව මොහොමඩ් සියාම් නමැත්තා මරා දැමීමට කුමන්ත්‍රණය කරන ලදැයි  සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ඒ අනුව මොහෙමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ දී ඝාතනය කළැයි  2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඔවුන්ට ආධාර හා අනුබල දුන්නැයි  වාස් ගුණවර්ධන මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.

හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන (51799) ගාමිණී  අතපත්තු සනත්චනද්‍ර,(68656) ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව,(61816) කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝ ය.

සියාම් ඝාතන පරීක්ෂණ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානී අබේසේකර,  ප්‍රධාන පොලිස් පරිකෂක රංජිත් මුණසිංහ,  උප පොලිස් පරිකෂක උපාලි බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සිදු කළහ.

2014 මාර්තු මස 31 වැනිදා සැකකරුවනට  අධි චෝදනා භාර දුන්නේය.

135 දෙනකු නඩුවේ සාක්කි දුන්හ.  

අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ලේ දේශනය දින දහක දී පැය 57ක් ඉදිරිපත් කළාය.

 vass_201511273 vass_201511274 vass_201511275 vass_201511276  vass_201511278 vass_2015112798 vass_201511279108 vass_2015112791011 vass_20151127910121

 



අදහස් (0)

හිටපු ඩී.අයි.ජී වාස් ඇතුළු හයම පෝරකයට

සෑම් Saturday, 28 November 2015 01:41 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

ශාන්ත උදයකුමාර Friday, 27 November 2015 11:06 AM

වැරදි නියෝග පිළිපැද වැරදි රාජකාරි කළාට නියම දඩුවම ඉන්න අයටත් හොද පාඩම්. (බ)

:       0       0

සමීර Friday, 27 November 2015 04:10 PM

සාධාරන සැකය කියන්නේ මොකක්ද? එ්කේ විෂය පථය මොකක්ද? දන්නා කෙනෙක් කියන්නකෝ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 773 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1702 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 811 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 786 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 774 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20095 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16792 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site