IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු  දෙනකු  රජයේ බංගලා තවමත්  බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.

මෙසේ තවමත් බාරදී නැත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාටත් හිටපු රාජ්‍ය අමාත්‍ය  මොහාන් පී ද සිල්වා මහතාටත් හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටත් හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාටත් දී තිබූ බංගලාවන්ය.

මොහාන් පී ද සිල්වා මහතා පාවිච්චි කළ බංගලාව හෙට (5) බාරදෙන බව ඔහු දැනුම් දී ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු රාජ්‍ය  අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාට රජය දුන් බංගලාවේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් පදිංචිව සිටින  අතර ඔවුන්ට අවස්ථා  ගණනාවකදීම  සිහිකැඳවීම් කර ඇතත්  ඉන් ඉවත් නොවී  තවමත් රැඳී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද  හෙතෙම සඳහන් කළේය.

රජය කොළඹ 7 ප්‍රදේශයෙන්  මෙම  බංගලා  ලබාදී අැත



අදහස් (1)

හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ

ලුම්බිණි Tuesday, 05 November 2024 08:58 AM

එලියට ඇදල දාන්න .

:       1       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 272 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 200 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 170 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 674 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 132 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 1073 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 514 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site