2008 දී අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ගෙන සේවයෙන් ඉවත් කැරුණු බව කියන කොස්තාපල්වරයකු පොලිස් සටහන් පොතක් ද අතැතිව කඩවලට ගොස් කප්පම් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කඩේකට යන මොහු සිගරට්ටුවක් ඉල්ලා සිගරට්ටුව දුන් විට ගින්දර ද ඉල්ලයි. ගින්දර දුන් පසු වරදක් කළ බව කියා පොලිස් සටහන් පොතේ ලියන බව කියයි. එසේ නොලියා ගොඩින් බේරා ගන්නට නම් කප්පමක් ඉල්ලයි. එයි රුපියල් දාහක්, දෙදහක් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩකාරයෙක් වගේ (දී)
පොලිසීයෙ අය තමයි හැම ජරා වැඩක්ම අපිට පුරුදු කරන්නේ. පොලිසීයේ හොද මනුස්සයොත් ඉන්නවා.(නදී)
හිටපු පී.සී කෙනෙක් රක්ෂන නියෝජිතයෙකු වෙලා. ඔහු යනවා කසිප්පු මුදලාලිගේ ගෙවල් වලට යන්නේ රක්ෂනය විකුනන්න. නමුත් ඒ අය මොහුට ගානත් අතමිට මොලවනවා. මොහු සද්ද නොකර ඊට පස්සේ මාරු වෙනවා.(නදී)
ස්වයං රැකියා වලට බාධක පනවන්න එපා.සොච්චම් වැටුපකින් කොහොමද ජීවත් වෙන්නේ? (නි)
ආදර්ශමත් ජනතා සේවකයෙක් (නි)
පොලිස් කොස්තාපල් විහින් පල්.... (අ)