IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හිටපු පළාත් මන්ත්‍රීට අත්හිටවූ සිර දඬුවම්

නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්සීයැයි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර වැරදිකරු කළ පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, හිටපු පළාත් මන්ත්‍රීට දෙවසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම කර එය වසර හතකට අත්හිටැවීය.

රුපියල් 50,000ක දඩද නියම විය.

අගතියට පත් සුසිලා හේරත් ගුරුවරියට රුපියල් තුන් ලක්ෂයක වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

 

 



අදහස් (0)

හිටපු පළාත් මන්ත්‍රීට අත්හිටවූ සිර දඬුවම්

විධුෂක Monday, 12 May 2014 02:11 PM

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 303 වගන්තියේ ප්‍රතිපාදන මෙයට අදාළ වන බවත්, ඒ පරිදි යම් චුදිතයකුට අවුරුද්දකට බරපතල වැඩ ඇතිව දඩුවමක් නියම කර එම දඩුවම අවුරුදු පහකට අත්හිටුවීම යනු එකී අවුරුදු පහ ඇතුලත කාලය තුල අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් නැවත කළවිට එම අත්හිටවීම අහෝසි කර මුල් දඩුවම එතැන් සිට ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් අධිකරණය විසින් ක්‍රියාත්මක කරවන බවද, පසුව කරන ලද අපරාධයට වෙනම නීති කෘත්‍යයක් ක්‍රියාත්මක වන බවත් අසා ඇත. (ස)

:       0       0

මොහාන් Monday, 12 May 2014 08:21 PM

දැන් කල්පනාවෙන් ඉන්න (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 12 May 2014 02:36 PM

සත්‍ය කවදා හෝ ජය ගනීවී. හොඳ තීන්දුවක්. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 12 May 2014 02:42 PM

ධර්මසේන මහත්තයෝ, ඔබතුමාගේ අදහස් ගැන මම පුදුම වෙනවා. ඔබගේ බුද්ධි මට්ටමෙන් දකින ඔහුගේ අවංකකම, පාසලේ පරිපාලනයට ඇඟිලි ගැසීම, මුළු සමාජයෙන්ම ගරු බුහුමන් ලබන ගුරු සේවයට අපහාස කිරීම වරදින් මිදෙන්ට හේතුවක් නෙමෙයි. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 13 May 2014 09:57 AM

අනුරාධ, ඒ කියන්නේ තාත්තා ඒ දුවට ආදරේ නිසා පාසලේ විනය පැත්තකට දාන්න කියලද. එහෙම කරන්න තිබුණා පාසලේ තවත් දරුවන් නොමැති නම්. නිකන් වැරැද්ද නිවැරදි කරන්න හදන්න එපා.දෙමාපියන් දරුවන්ට ආදරෙයි කියලා ඒ දරුවන්ට අවවාදයක් දෙන්න ගුරුවරුන්ට අයිතියක් නැද්ද??දැන් ඒ තාත්තා කළ අනුවණ ක්‍රියාවෙන් දරුවට යහපතක් වුණාද?? (ස)

:       0       0

කුසුම් Monday, 12 May 2014 03:07 PM

ධර්මසේනගේ, අවංක කතාව ඇසීමෙන් මුසපත් වූ මා කිසිවක් නොලියන්නෙමි. (ස)

:       0       0

සත්‍යපාල Tuesday, 13 May 2014 11:07 AM

දුන් දඬුවම සාධාරනයි . ගුරුතුමියට සදා ජය! (නි)

:       0       0

සැම්සන් පිලපිටිය Monday, 12 May 2014 03:56 PM

තීන්දුව සාධාරණයි . තවත් අයටත් මෙම නඩු තීන්දුවෙන් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. (ස)

:       0       0

සඳුනි Monday, 12 May 2014 04:01 PM

සේනක, ඔයාගේ කතාවට මම 100% එකඟ වෙනවා. (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 13 May 2014 11:25 AM

අනුරාද,ඔබ හරි. විනය තියෙන්නේ සුදු ගවුමේද? ගුරුවරු විනයගරුකද? ළමා මනසට ගැළපෙන දඬුවමක්ද මේ දීලා තියෙන්නේ? (නි)

:       0       0

කුමාරතුංග Tuesday, 13 May 2014 11:49 AM

හොඳ වැඩේ. මට නම් හරි සතුටුයි (නි)

:       0       0

සත්‍යප Monday, 12 May 2014 05:10 PM

වරදේ හැටියට තමයි දඩුවම දෙන්නේ.කර තියෙන වරද සමාජය ඉදිරියේ ලොකු වුණාට නීතිය ඉදිරියේ එය ලොකු වරදක් ලෙස සළකන්නේ නැහැ.චෝදනාව තර්ජනය කිරීම සහ දණගැස්සවීමයි (නි)

:       0       0

ශිරෝමි- පිළියන්දල Monday, 12 May 2014 05:14 PM

අයිය! මම හිතන්නේ ධර්මසේන ඔහොම කියලා ඇත්තේ උපහාසයට. මෙන්න ඒ පාර කට්ටියම ධර්මසේනට බනිනවා.දීලා තියෙන දඩුවම කොහෙත්ම මදි (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 12 May 2014 10:51 PM

තීන්දුව හොඳයි .අත් හිටවූ සිර දඬුවම දුන් එකනම් නියමයි.දැන් ඉතින් උලක් උඩ ඉන්නවා වගේ ඉන්නකෝ. (ස)

:       0       0

සංජීව Monday, 12 May 2014 05:59 PM

ශිරෝමි, මටත් හිතෙන්නේ එහෙමම තමයි. (නි)

:       0       0

නීලා Monday, 12 May 2014 06:07 PM

මට නම් මේ මදි (නි)

:       0       0

නාලක Monday, 12 May 2014 06:07 PM

මදි මදි හොඳටෝම මදි. පොඩි මිනිහෙක් කළා නම් බලන්න තිබුණා (නි)

:       0       0

සරණ Monday, 12 May 2014 11:28 AM

අත්හිටවූ සිරදඬුවමක්? නීතිය අතට ගන්නවට අත්හිටවූ සිරදඬුවමක් සහ දඩයක් විතරද? (නි)

:       0       0

චමල් Monday, 12 May 2014 11:30 AM

කාලෙකට පස්සේ හොඳ නඩු තීන්දුවක්. එහෙත් දඬුවම පැහැදිලි නැහැ. මෙයා හිරේ යනවද නැත්නම් තව අවුරුදු 5 ක් ඇතුළත ආපහු මෙහෙම දෙයක් කළොත් අවුරුදු 2 ට හිරේ යනවද? කවුරුහරි දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. (නි)

:       0       0

චමිල රාජකරුණා Monday, 12 May 2014 11:30 AM

හොඳ වැඩේ. (නි)

:       0       0

ප්‍රදීපා Tuesday, 13 May 2014 03:28 AM

ලංකා ඉතිහාසයේ ගුරුතුමියක් දණ ගස්වපු පළමු වතාව. මේ වැරැද්ද නැවත සිදුනොවීමට මහේස්ත්‍රාත් තුමා දියහැකි උපරිම දඬුවම දෙන්න ඇති.හිරේ ගියොත් නැවතත් මහජන මුදලින් මෙවැනි දුෂ්ටයින් නඩත්තු කල යුතුයි. වන්දියක් සහ දඩයක් උසාවියකදී ගෙවන්නට සිදුවීම කෙනෙකුට සිදුවන බරපතල කළු පැල්ලමක්. ඔහුගේ පොලිස් වාර්තාවල එය සඳහන් වෙන නිසා මෙය මැකිය නොහැකියි. ගුරුතුමියටත්, ගුරු වෘත්තියටත් කල නින්දාවට දඩුවම් ලැබී තිබෙනවා. (ස)

:       0       0

ලලිත් Monday, 12 May 2014 11:34 AM

අනේ මන්දා අපේ නීතිය නම් සාමාන්‍ය ජනයාට මොනම විදිහටවත් තේරුම් ගන්න බැහැ. (නි)

:       0       0

ජයන්ත Tuesday, 13 May 2014 04:01 AM

ධර්මසේන ,ඒ පුද්ගලයත් එක්ක කථා කරල පුළුවන් නම් ඒ දඬුවම ඔයා ඉල්ලගන්න​.එතකොට ඔයත් අවංකයි.(ස)

:       0       0

දිලූ Monday, 12 May 2014 11:37 AM

තව අවුරුදු පහක් ඇතුළත මෙවන් වරදක් කළොත් පමණයිහිර දඩුවම ක්‍රියාත්මක වන්නේ. (නි)

:       0       0

කාශ්‍යප Monday, 12 May 2014 11:42 AM

දඬුවම ලොකු වැඩියි. තව ලිහිල් කළා නම් හොඳයි. (නි)

:       0       0

ටීනා Monday, 12 May 2014 11:52 AM

එහෙනම් ඒකත් එහෙම වුණා?(නි)

:       0       0

නිලංක Monday, 12 May 2014 11:58 AM

මම ඕක මුලින්ම කිව්වනේ. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 12 May 2014 11:58 AM

අපි බලාපොරොත්තු වුණ විදියට දඬුවම නම් බොහොම මදියි. (ස)

:       0       0

චන්දන Monday, 12 May 2014 11:59 AM

ගුරුතුමියට මෙයට වඩා ලොකු වන්දියක් ගෙවිය යුතු වෙනවා නේද? (නි)

:       0       0

ධර්මසේන Monday, 12 May 2014 12:05 PM

කරුණාකරලා ඔය නඩු තීන්දුවවත් එයාට දීලා තියෙන දඩුවමවත් විවේචනය කරන්න එපා.ඔය දීලා තියෙන දඩුවම සෑහෙන්න ඇති. ඔහු ඉතාමත්ම අවංක පුද්ගලයෙක්.(නි)

:       0       0

සුගත් Monday, 12 May 2014 12:10 PM

අවුරුදු 2 කට හිරේ යවන්න තිබ්බේ (ස)

:       0       0

නිශාන්ත Monday, 12 May 2014 12:41 PM

අත් හිටවන්නෙ නැතුව මාස 3ක් වත් ඇතුලට දැම්මා නම් තමයි වඩාත් හොඳයි කියලා හිතෙනවා.(ස)

:       0       0

සිල්වා Monday, 12 May 2014 12:53 PM

මේ කට්ටිය කියන දේවල් කරන්න අමාරුයි. (ස)

:       0       0

තරංග Monday, 12 May 2014 12:55 PM

චමල්, ආයෙත් මේ වගේ වැරද්දක් අවුරුදු 07ක් ඇතුළත් කරොත් අවුරුදු 2 කට හිරේ යවන්න පුළුවන්. (ස)

:       0       0

සඳරුවන් Monday, 12 May 2014 12:56 PM

කවුරුහරි දන්න කෙනෙක් කියලා දෙනවද මොකක්ද මේ අත්හිටවූ සිර දඬුවම් කියන්නේ කියලා? (නි)

:       0       0

අනුරාධ Monday, 12 May 2014 07:25 PM

ඇත්තටම ගුරුවරු මෑත කාලයේ නීතිය අතට අරන් කටයුතු කළා. අපි ඉගෙනගන්න කාලේ එහෙම නැහැ,එහෙත් දැන් හරි වෙනස්. ගුරුවරුන්ට හැමදේටම ඉඩදෙන්න බැහැ.එයාලත් නීතිය අතට ගත් අවස්ථා නැතුව නෙමෙයි.ඒ තාත්තා කොච්චර තමන්ගේ දුවට ආදරේද? පොඩි දරුවන්ට ගහන්න බනින්න කියා කිසිම නීතියක් නැහැ (නි)

:       0       0

රියල් Monday, 12 May 2014 07:29 PM

කළ වරදට දඩුවම් නොකර පසුව කරන වරදට ඇයි දඩුවම්? (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 13 May 2014 08:16 AM

මෙම දඬුවම අත් හිටවන්න නොවෙයි තිබුනේ, වහාම ක්‍රියාත්මකවන ලෙස හිර ගෙදරටම යවන්නයි තිබුනේ. (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 12 May 2014 12:59 PM

අවවාද කර නිදහස් නොකර මේ වගේ දඬුවමක් දීම ගැන සියලු දෙනාට තුති පුදමු. (ස)

:       0       0

ඩෙන්සිල් Monday, 12 May 2014 01:00 PM

අපිත් බලාගෙන හිටියේ තීන්දුව දිහා. මෙයාගේ පරිවාස කාලය වසර 7ක්. එම කාලය තුල යම් වරදක් සිදු කළොත් සිර දඩුවම බලාත්මක වෙනවා. (ස)

:       0       0

ටෙනිසන් Tuesday, 13 May 2014 08:21 AM

අනුරාධ හරි, හැදූ වැඩූ දෙමාපියන්ටත් අම්මේ තාත්තේ කියන්න කොහේවත් නිතියක් නැහැ. (ස)

:       0       0

සදුනි Monday, 12 May 2014 01:04 PM

ධර්මසේන මහත්තයට ගොඩක් හිතට අමාරුයි වගේ..අපේ නම් අදහස මෙතුමා අවුරුද්දක්වත් හිරේ යවන්න ඕනේ කියලයි. (ස)

:       0       0

අශාන් Monday, 12 May 2014 01:04 PM

ධර්මසේන, ඔයාල වගේ අය නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. (ස)

:       0       0

නන්ද Monday, 12 May 2014 07:41 PM

අත්හිටවූ හිර දඬුවම් ලබාගෙන තව තව මොනවා කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

අසෝකා Monday, 12 May 2014 01:05 PM

මොනවා වෙතත් ගුරුවරියට පරිස්සම් වෙන්න වෙයි. මොකද දීල තියෙන්නේ අත් හිට වූ දඩුවමක් නිසා. (ස)

:       0       0

ප්‍රසාද් Monday, 12 May 2014 01:06 PM

අත්හිට වූ සිර දඬුවම් කියලා කියන්නේ අවුරුදු කීපයකට හිර දඩුවමක් දීල එක කාලයකට නවත්වනවා කියන එක. අත්හිට වූ සිර දඬුවම් ලබපු කෙනෙක් සිර ගත වෙන්නේ නැහැ. එයාට සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්. නමුත් එම අත්හිට වූ කාලය තුළ නැවත එවැනි වරදක් කළොත් මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ අර අත්හිට වූ සිර දඬුවම. (ස)

:       0       0

ශානිකා බුද්ධි Monday, 12 May 2014 01:13 PM

කවදද මේ ධර්මසේන, පන්දම් කාරයෙක් වුණේ? (ස)

:       0       0

මර්වින් Monday, 12 May 2014 01:14 PM

අත්හිට වූ සිර දඩුවම යනු, පරිවාස කාලයකි. එම කාලය තුළ ඔහු තව වරදක් කළහොත් වසර 2 හිරේ. මොහුගේ කල්ක්‍රියාව අනුව මෙම දඩුවම වසර කීපයකට පසු ලිහිල් විය හැකිය.මෙය මා දන්නා තරමින් පමණි. වැරදි නම් සමාවෙන්න. (ස)

:       0       0

හේරත් Monday, 12 May 2014 01:18 PM

මෙයට අත් හිටවපු දඩුවම් නෙවි අත් දෙකන් හිටවල තියන්න තිබ්බා. (ස)

:       0       0

ශානුක සෙනරත් Monday, 12 May 2014 01:23 PM

සිර දඩුවමක් අත්හිටු විට අදාළ වරදකරු සිරගෙට නොයයි. ඔහු යලි වරදක් කළොත් ( මෙහිදී ඉදිරි අවුරුදු 7 තුළ ) එම වරදට දඩුවම හා මෙම දඩුවම යන දෙකම ක්‍රියාත්මක වෙනු ඇත. අත්හිට වූ සිරදඩුවම යනු එයයි. (ස)

:       0       0

රොෂාන් Monday, 12 May 2014 01:24 PM

අසෝකා, කියපු දෙයට මමත් එකඟ වෙනවා. (ස)

:       0       0

අසෝකා Monday, 12 May 2014 01:28 PM

ධර්මසේන මහත්මයාගේ ගෙදර කවුරු හරි ඇවිත් ගේ ඉස්සරහ හරි දණ ගස්සවලා තිබ්බ නම් දඩුවම ඕනෑවටත් වඩා වැඩියි කියල හිතෙයිද මන්ද. (ස)

:       0       0

අභය Monday, 12 May 2014 01:39 PM

අත්හිට වූ සිර දඩුවම කියන්නේ, ගමේ භාෂාවෙන් කියනවා නම් හත් අවුරුද්දකට ඇග බැඳලා. (ස)

:       0       0

මනෝජ්-සාජා Monday, 12 May 2014 08:11 PM

දඩුවම ගැන නම් හිතට හරි මදි (නි)

:       0       0

සේනක Monday, 12 May 2014 01:54 PM

ධර්මසේන, ඔය දඬුවම දීල තියෙන්නේ එයා ඔයාට අවංක වුණාට නෙමෙයි. කරපු වැරදි වැඩේට. (ස)

:       0       0

ටෙනිසන් Monday, 12 May 2014 02:01 PM

අවංකකම වැඩි හින්ද වෙන්න ඇති අනාගත පරපුරේ ඇස් පාදන ගුරුවරියක්ව දණ ගැස්සුවේ?.ධර්මසේන නරකද නයි මිරිස් ටිකක් හැපුවොත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 631 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1314 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 390 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 886 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2205 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 322 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35618 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24093 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site