නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්සීයැයි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර වැරදිකරු කළ පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, හිටපු පළාත් මන්ත්‍රීට දෙවසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම කර එය වසර හතකට අත්හිටැවීය.
රුපියල් 50,000ක දඩද නියම විය.
අගතියට පත් සුසිලා හේරත් ගුරුවරියට රුපියල් තුන් ලක්ෂයක වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ගුරුවරු මෑත කාලයේ නීතිය අතට අරන් කටයුතු කළා. අපි ඉගෙනගන්න කාලේ එහෙම නැහැ,එහෙත් දැන් හරි වෙනස්. ගුරුවරුන්ට හැමදේටම ඉඩදෙන්න බැහැ.එයාලත් නීතිය අතට ගත් අවස්ථා නැතුව නෙමෙයි.ඒ තාත්තා කොච්චර තමන්ගේ දුවට ආදරේද? පොඩි දරුවන්ට ගහන්න බනින්න කියා කිසිම නීතියක් නැහැ (නි)
ධර්මසේන, ඔය දඬුවම දීල තියෙන්නේ එයා ඔයාට අවංක වුණාට නෙමෙයි. කරපු වැරදි වැඩේට. (ස)
අවංකකම වැඩි හින්ද වෙන්න ඇති අනාගත පරපුරේ ඇස් පාදන ගුරුවරියක්ව දණ ගැස්සුවේ?.ධර්මසේන නරකද නයි මිරිස් ටිකක් හැපුවොත්. (ස)
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 303 වගන්තියේ ප්‍රතිපාදන මෙයට අදාළ වන බවත්, ඒ පරිදි යම් චුදිතයකුට අවුරුද්දකට බරපතල වැඩ ඇතිව දඩුවමක් නියම කර එම දඩුවම අවුරුදු පහකට අත්හිටුවීම යනු එකී අවුරුදු පහ ඇතුලත කාලය තුල අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් නැවත කළවිට එම අත්හිටවීම අහෝසි කර මුල් දඩුවම එතැන් සිට ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් අධිකරණය විසින් ක්‍රියාත්මක කරවන බවද, පසුව කරන ලද අපරාධයට වෙනම නීති කෘත්‍යයක් ක්‍රියාත්මක වන බවත් අසා ඇත. (ස)
සත්‍ය කවදා හෝ ජය ගනීවී. හොඳ තීන්දුවක්. (ස)
ධර්මසේන මහත්තයෝ, ඔබතුමාගේ අදහස් ගැන මම පුදුම වෙනවා. ඔබගේ බුද්ධි මට්ටමෙන් දකින ඔහුගේ අවංකකම, පාසලේ පරිපාලනයට ඇඟිලි ගැසීම, මුළු සමාජයෙන්ම ගරු බුහුමන් ලබන ගුරු සේවයට අපහාස කිරීම වරදින් මිදෙන්ට හේතුවක් නෙමෙයි. (ස)
ධර්මසේනගේ, අවංක කතාව ඇසීමෙන් මුසපත් වූ මා කිසිවක් නොලියන්නෙමි. (ස)
තීන්දුව සාධාරණයි . තවත් අයටත් මෙම නඩු තීන්දුවෙන් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. (ස)
සේනක, ඔයාගේ කතාවට මම 100% එකඟ වෙනවා. (ස)
වරදේ හැටියට තමයි දඩුවම දෙන්නේ.කර තියෙන වරද සමාජය ඉදිරියේ ලොකු වුණාට නීතිය ඉදිරියේ එය ලොකු වරදක් ලෙස සළකන්නේ නැහැ.චෝදනාව තර්ජනය කිරීම සහ දණගැස්සවීමයි (නි)
අයිය! මම හිතන්නේ ධර්මසේන ඔහොම කියලා ඇත්තේ උපහාසයට. මෙන්න ඒ පාර කට්ටියම ධර්මසේනට බනිනවා.දීලා තියෙන දඩුවම කොහෙත්ම මදි (නි)
ශිරෝමි, මටත් හිතෙන්නේ එහෙමම තමයි. (නි)
මට නම් මේ මදි (නි)
මදි මදි හොඳටෝම මදි. පොඩි මිනිහෙක් කළා නම් බලන්න තිබුණා (නි)
අත්හිට වූ සිර දඩුවම කියන්නේ, ගමේ භාෂාවෙන් කියනවා නම් හත් අවුරුද්දකට ඇග බැඳලා. (ස)
කළ වරදට දඩුවම් නොකර පසුව කරන වරදට ඇයි දඩුවම්? (නි)
අත්හිටවූ හිර දඬුවම් ලබාගෙන තව තව මොනවා කරයිද දන්නේ නැහැ. (නි)
දඩුවම ගැන නම් හිතට හරි මදි (නි)
දැන් කල්පනාවෙන් ඉන්න (නි)
තීන්දුව හොඳයි .අත් හිටවූ සිර දඬුවම දුන් එකනම් නියමයි.දැන් ඉතින් උලක් උඩ ඉන්නවා වගේ ඉන්නකෝ. (ස)
ලංකා ඉතිහාසයේ ගුරුතුමියක් දණ ගස්වපු පළමු වතාව. මේ වැරැද්ද නැවත සිදුනොවීමට මහේස්ත්‍රාත් තුමා දියහැකි උපරිම දඬුවම දෙන්න ඇති.හිරේ ගියොත් නැවතත් මහජන මුදලින් මෙවැනි දුෂ්ටයින් නඩත්තු කල යුතුයි. වන්දියක් සහ දඩයක් උසාවියකදී ගෙවන්නට සිදුවීම කෙනෙකුට සිදුවන බරපතල කළු පැල්ලමක්. ඔහුගේ පොලිස් වාර්තාවල එය සඳහන් වෙන නිසා මෙය මැකිය නොහැකියි. ගුරුතුමියටත්, ගුරු වෘත්තියටත් කල නින්දාවට දඩුවම් ලැබී තිබෙනවා. (ස)
ධර්මසේන ,ඒ පුද්ගලයත් එක්ක කථා කරල පුළුවන් නම් ඒ දඬුවම ඔයා ඉල්ලගන්න.එතකොට ඔයත් අවංකයි.(ස)
මෙම දඬුවම අත් හිටවන්න නොවෙයි තිබුනේ, වහාම ක්‍රියාත්මකවන ලෙස හිර ගෙදරටම යවන්නයි තිබුනේ. (ස)
අනුරාධ හරි, හැදූ වැඩූ දෙමාපියන්ටත් අම්මේ තාත්තේ කියන්න කොහේවත් නිතියක් නැහැ. (ස)
අනුරාධ, ඒ කියන්නේ තාත්තා ඒ දුවට ආදරේ නිසා පාසලේ විනය පැත්තකට දාන්න කියලද. එහෙම කරන්න තිබුණා පාසලේ තවත් දරුවන් නොමැති නම්. නිකන් වැරැද්ද නිවැරදි කරන්න හදන්න එපා.දෙමාපියන් දරුවන්ට ආදරෙයි කියලා ඒ දරුවන්ට අවවාදයක් දෙන්න ගුරුවරුන්ට අයිතියක් නැද්ද??දැන් ඒ තාත්තා කළ අනුවණ ක්‍රියාවෙන් දරුවට යහපතක් වුණාද?? (ස)
දුන් දඬුවම සාධාරනයි . ගුරුතුමියට සදා ජය! (නි)
අනුරාද,ඔබ හරි. විනය තියෙන්නේ සුදු ගවුමේද? ගුරුවරු විනයගරුකද? ළමා මනසට ගැළපෙන දඬුවමක්ද මේ දීලා තියෙන්නේ? (නි)
හොඳ වැඩේ. මට නම් හරි සතුටුයි (නි)
චමල්, ආයෙත් මේ වගේ වැරද්දක් අවුරුදු 07ක් ඇතුළත් කරොත් අවුරුදු 2 කට හිරේ යවන්න පුළුවන්. (ස)
කාලෙකට පස්සේ හොඳ නඩු තීන්දුවක්. එහෙත් දඬුවම පැහැදිලි නැහැ. මෙයා හිරේ යනවද නැත්නම් තව අවුරුදු 5 ක් ඇතුළත ආපහු මෙහෙම දෙයක් කළොත් අවුරුදු 2 ට හිරේ යනවද? කවුරුහරි දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. (නි)
හොඳ වැඩේ. (නි)
අනේ මන්දා අපේ නීතිය නම් සාමාන්‍ය ජනයාට මොනම විදිහටවත් තේරුම් ගන්න බැහැ. (නි)
තව අවුරුදු පහක් ඇතුළත මෙවන් වරදක් කළොත් පමණයිහිර දඩුවම ක්‍රියාත්මක වන්නේ. (නි)
දඬුවම ලොකු වැඩියි. තව ලිහිල් කළා නම් හොඳයි. (නි)
එහෙනම් ඒකත් එහෙම වුණා?(නි)
මම ඕක මුලින්ම කිව්වනේ. (ස)
අපි බලාපොරොත්තු වුණ විදියට දඬුවම නම් බොහොම මදියි. (ස)
ගුරුතුමියට මෙයට වඩා ලොකු වන්දියක් ගෙවිය යුතු වෙනවා නේද? (නි)
කරුණාකරලා ඔය නඩු තීන්දුවවත් එයාට දීලා තියෙන දඩුවමවත් විවේචනය කරන්න එපා.ඔය දීලා තියෙන දඩුවම සෑහෙන්න ඇති. ඔහු ඉතාමත්ම අවංක පුද්ගලයෙක්.(නි)
අවුරුදු 2 කට හිරේ යවන්න තිබ්බේ (ස)
අත් හිටවන්නෙ නැතුව මාස 3ක් වත් ඇතුලට දැම්මා නම් තමයි වඩාත් හොඳයි කියලා හිතෙනවා.(ස)
මේ කට්ටිය කියන දේවල් කරන්න අමාරුයි. (ස)
අත්හිටවූ සිරදඬුවමක්? නීතිය අතට ගන්නවට අත්හිටවූ සිරදඬුවමක් සහ දඩයක් විතරද? (නි)
කවුරුහරි දන්න කෙනෙක් කියලා දෙනවද මොකක්ද මේ අත්හිටවූ සිර දඬුවම් කියන්නේ කියලා? (නි)
අවවාද කර නිදහස් නොකර මේ වගේ දඬුවමක් දීම ගැන සියලු දෙනාට තුති පුදමු. (ස)
අපිත් බලාගෙන හිටියේ තීන්දුව දිහා. මෙයාගේ පරිවාස කාලය වසර 7ක්. එම කාලය තුල යම් වරදක් සිදු කළොත් සිර දඩුවම බලාත්මක වෙනවා. (ස)
ධර්මසේන මහත්තයට ගොඩක් හිතට අමාරුයි වගේ..අපේ නම් අදහස මෙතුමා අවුරුද්දක්වත් හිරේ යවන්න ඕනේ කියලයි. (ස)
ධර්මසේන, ඔයාල වගේ අය නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. (ස)
මොනවා වෙතත් ගුරුවරියට පරිස්සම් වෙන්න වෙයි. මොකද දීල තියෙන්නේ අත් හිට වූ දඩුවමක් නිසා. (ස)
අත්හිට වූ සිර දඬුවම් කියලා කියන්නේ අවුරුදු කීපයකට හිර දඩුවමක් දීල එක කාලයකට නවත්වනවා කියන එක. අත්හිට වූ සිර දඬුවම් ලබපු කෙනෙක් සිර ගත වෙන්නේ නැහැ. එයාට සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්. නමුත් එම අත්හිට වූ කාලය තුළ නැවත එවැනි වරදක් කළොත් මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ අර අත්හිට වූ සිර දඬුවම. (ස)
කවදද මේ ධර්මසේන, පන්දම් කාරයෙක් වුණේ? (ස)
අත්හිට වූ සිර දඩුවම යනු, පරිවාස කාලයකි. එම කාලය තුළ ඔහු තව වරදක් කළහොත් වසර 2 හිරේ. මොහුගේ කල්ක්‍රියාව අනුව මෙම දඩුවම වසර කීපයකට පසු ලිහිල් විය හැකිය.මෙය මා දන්නා තරමින් පමණි. වැරදි නම් සමාවෙන්න. (ස)
මෙයට අත් හිටවපු දඩුවම් නෙවි අත් දෙකන් හිටවල තියන්න තිබ්බා. (ස)
සිර දඩුවමක් අත්හිටු විට අදාළ වරදකරු සිරගෙට නොයයි. ඔහු යලි වරදක් කළොත් ( මෙහිදී ඉදිරි අවුරුදු 7 තුළ ) එම වරදට දඩුවම හා මෙම දඩුවම යන දෙකම ක්‍රියාත්මක වෙනු ඇත. අත්හිට වූ සිරදඩුවම යනු එයයි. (ස)
අසෝකා, කියපු දෙයට මමත් එකඟ වෙනවා. (ස)
ධර්මසේන මහත්මයාගේ ගෙදර කවුරු හරි ඇවිත් ගේ ඉස්සරහ හරි දණ ගස්සවලා තිබ්බ නම් දඩුවම ඕනෑවටත් වඩා වැඩියි කියල හිතෙයිද මන්ද. (ස)