(ජේ.කේ .එල් චාමින්ද)
සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30කින් අඩුකිරිමට අනුමැතිය ලබාදිම හේතුවෙන් රජයට රුපියල් පන්කෝටි, හැටඑක්ලක්ෂ, හයදහස්තුන්සිය තිස්තුනක (56,106,333) පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඉන්දියාවේ සිට සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි මෙට්‍රික්ටොන් 607.55ක් මෙකි ආනයනකරු විසින් ආනයනය කොට තිබුණි.
රේගුව මේ පිළිබද කරණු ලැබු විමර්ශනය අවසානයේ දි ආනයනයකරුට එරෙහිව රුපියල් පන්ලක්ෂයක දඩයක් සහ රුපියල් 189,293,778ක දණ්ඩනයක් පනවා තිබුණි.
ආනයනකරු එකි දණ්ඩනය ගෙවිමට එකගවිම මත සිනි තොගය රාජසන්තක නොකර රුපියල් 190,000,000 ක බැංකු ඇපකරයක් මත සිනි තොගය රේගුවෙන් නිදහස්කරගෙන තිබුණි.
රජයට ලැබිය යුතු නියමිත බදු ආදායම අයකර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
ශ්‍රිලංකා රේගුව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ මුදල් ඇමතිවරයා විසින් දණ්ඩන මුදල රුපියල් මිලියන 30කින් ලිහිල් කිරිමට තින්දුකොට ඇත්තේ රේගු ආඥාපනතේ 165 වැනි වගන්තිය අනුව බවයි.
ප්‍රශ්නගත දුඹුරු සිනි තොගය නිත්‍යානුකුලව ආනයනය කළේ නම් ඒ සදහා ගෙවිය යුතු බදු මුදල රුපියල් පන්කෝටි,හැටහතරලක්ෂ,දසදහස්,අසුතුනකි (56,410,083) බවද රේගුව විසින් විගණනයට සදහන් කොට ඇත.
සුදු සිනි හා දුඹුරු සීනි යන වර්ග දෙකෙන්ම යුක්තවු මුළු සිනි තොගයේ බර මෙට්‍රික්ටොන් 1,214,90කි. ඒකි මුළු සිනි තොගයම සුදු සිනි ලෙස සදහන් කරමින් රුපියල් 303,750.00ක බදු මුදලක් ආනයනකරු රජයට ගෙවා ඇති බවද රේගුව විසින් විගණනයට සදහන් කොට ඇත.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු මුදල් ඇමැති නිසා රජයට කෝටි 5ක බදු අහිමි වෙලා
Namal Friday, 01 November 2024 11:54 AM
හිටපු ඇමතිගේ නම කියන්න පුලුවන්ද?
පිටරටවැසියා Friday, 01 November 2024 12:33 PM
දශක හතක් තිස්සේ බත්කන හරක්ට පුළුවන් දැන් මේ "රටකපු හොරුන්ට, තක්කඩින්ට" සුදුහුණු ගාල, අනෙක් කමෙන්ට්ස් වලට ඕසේට අන්ලයික් කරන්න.
බකල ජයා Friday, 01 November 2024 01:10 PM
ඒ බූරු මුදල් ඇමති කවුද?
sweneFriday, 01 November 2024 03:29 PM
හිටපු මුදල් ඇමති හිටපු ජනපතිම නේද? එයා නම් හිතෙන හිතෙන විදිහට තනි මතයට වැඩ කරනවා.
Sunil Friday, 01 November 2024 05:35 PM
මොට්ටයෝ මේක ගෝඨාභය ජනාධිපති කාලයේ සිදුවුණේ කියලා මතක නැද්ද? ගෝඨාභය මුදල් ඇමැතිවරයා හැටියට කටයුතු කළේ නැහැ... ප්‍රභාකරන් කියපුදේ swene වගේ මිනිස්සු නිසා සත්‍ය වෙනවා... ප්‍රභාකරන් කිව්වේ සිංහල මිනිස්සුන්ට යමක් මතකයේ තියෙන්නේ දින හතයි කියලා තමයි...!
de silva Friday, 01 November 2024 07:54 PM
අදාල මුදල් ඇමැතිට විරුද්ධව සාක්ෂි තිබෙනවා නම් ඔහුට විරුද්ධව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකොට, නඩු පැවරිම නේද කරන්න ඕනේ...?
sam Saturday, 02 November 2024 05:29 AM
ඔය මුදල් ඇමැතිලා තමයි මහ බැංකුව මහදවල් හොරාකෑවේත්...
Rohan Jayasinghe Saturday, 02 November 2024 11:27 AM
සාමාන්‍ය මිනිසුන් දවසේ වැඩ අවසන් කරල රෑට කන ගමන් ටෙලිනාට්‍යයක් බලල නිදාගන්නවා. ඒත් දේශපාලකයන් හා ව්‍යාපාරිකයෝ රාත්‍රී පුරාවට ඩීල් දානවා.. ජනතාවට හෙන ගැහුවත් කමක් නෑ. අපිම කරගත්තු මෝඩකම් ඒවා නැති කරන්න තමයි මාලිමාව තියෙන්නේ.