යාපන කයිතඩියේ උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අසල කපුරු දල්වා මිය ගිය කොටි සාමාජිකයින් සැමැරීමට ගත් උත්සාහයක් පොලීසිය අද වැළැක්වීය.
හිටපු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා හා පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සශිදරන් මහත්මිය වසා තිබු මේ ගොඩනැගිල්ලේ දොරටුවේ කපුරු දැල්වීමට තැත් කළ බවත් පොලීසිට ඊට ඉඩ නොදුන්බවත් දැන ගන්නට ඇත.සශිදරන් මහත්මිය මිය ගිය කොටි නායකයකු වන එලීලන්ගේ බිරියයි.
උතුරු පළාත් සභාපති පැවසුයේ කපුරු දැල්වීම සඳහා තමන්ගෙන් අවසරයක් නොගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම් අදහස සිංහල දෙමල මුස්ලිම් කියල වෙනසක් නැතුව යුද්ධයෙන් විපතට පත් සහ මිය ගිය අය සැමරුම සඳහා දිනයක් තිබිය යුතු කියලයි. (ස)
පෙරේරා මහතාට පමණයි මෙතන වැදගත් වටිනා අදහසක් පවසා තියෙන්නේ . කොටින්ට පමණක් නොව ජේ වී පි ත්‍රස්තයන්ට පවා මිය ගිය ත්‍රස්තයන් සේමරිමට ඉඩ දෙන්න නරකයි .(අ)
අපේ සිංහල අයගේ ප්‍රතිචාර වලට පුදුම වන්නට දෙයක් නෑ . යුද්දය කාළෙත් කොටින්ට උදව් කරපු සිහලු සිටිය සල්ලි වලට . අදත් ඉන්නවා . යුද්දයෙන් මැරුන අයව සැමරීම එකක් . එල් ටි ටි ත්‍රස්තයන් සැමරීම තව දෙයක් . අපේ ගොඩක් අයට මෙය වැටහෙන්නේ නැතුවද ? නැතිනම් ඔව්නුත් කොටි හුරතල් කරනවාද ? (අ)
එක අතකට මෙයාලට බැනල වැඩක් නැහැ.අපේ කට්ටිය එළිපිටම කෝටි ගාණන් ගණන්කළ හැකි මහජන දේපල විනාශ කරපු තරුණ ජිවිත දෙවතාවකදී ලක්ෂයකට වඩා විනාශ කරපු මහ මග බල්ලෝ බළල්ලු වගේ මැරිලා යන්න ඉඩ සලසපු ජේ වී පි ත්‍රස්තවාදීන්ව සමරන්න ඉඩ දෙද්දී ඒඅයගේ ෆොටෝ අරගෙන පෙළෙපාළි යන්න ඉඩ දෙද්දී. මෙයාලට විතරක් නීති පනවල මක් කරන්නද..නිතිය නම් සැමට එක වෙන්න ඕන..ත්‍රස්තවාදියාට සිංහල දෙමල කියල භේදයක් තියෙන්න විදියක් නැහැ..(අ)
අපේ අයත් මරුන අය සිහිකරන්න එක එක දේවල් කරනව වගේ එයාලත් දෙමල මිනිස්සු සිහිකරන හදනවා (අ)
ලුම්බිණි ඔබ හරි. සිංහ ඔබත් වැරදි නැහැ. (ස)
ලුම්බිණි නෝනා . යුද්දයෙන් මිය ගිය අය සමරන්න දිනයක් යොදා ගත්තට කමක් නෙහැ . යුද්දයෙන් පසුගිය අවුරුදු 30 ක කාලයේ සෑමදා ම අහිංසකයන් මිය ගියා . එහෙත් කොටි සමරන්නට දිනයක් දෙනවා කියන්නේ . ගෙදරට ආපු හොරාට අම්මව දෙනවා වගේ පාවා දීමක් (ස)
උතුරු පළාත් සභාව වැඩි කල් පවතින්නේ නැහැ. සිංහලයන පදිංචිකොට ජනසන්යුතිය වෙනස් නොකොළොත් කොටියෝ ලේහෙසියෙන්ම උතුර වෙනස්කර ගන්නවා. (අ)
කොටි සංවිධානය හුස්ම අල්ලාගෙන ඉන්නේ ඇමරිකාව වගේ ලෝකයේ මහා බලගතු රටවල් නිසා. කොටි බලාසිටින්නේ කොයි වෙලාවේ හරි ඔලුව උස්සන්න. අපේ රට විනාශ කළ කොටින්ටත්,අහිංසක රටවල් වලට අකුල් හෙලන ඇමරිකාව, කැනඩාව වගේ රටවල් වලටත් කවදාවත් ඔලුව උස්සන්න නම් පුලුවන් වෙන්න එපා (නි)
එංගලන්තයේ කොටි කොඩිය යටතේ ස්වාධීන පක්ෂ වලින් ඡන්දය පවා ඉල්ලනවා. (නි)
එක අතකට මෙයාලට බැනලා වැඩක් නැහැ.මෙයාලට විතරක් නීතිපනවා කුමක් කරන්නද? නීතිය නම් සැමට එක වෙන්න ඕනෑ.ත්‍රස්තවාදියාට සිංහල දෙමල කියා බේදයක් තිබෙන්න විදියක් නැහැ (නි)
මේ රටට කළ විනාශයට කපුරු නෙමෙයි මිරිස් පුච්චන්නයි තියෙන්නේ (නි)
ඒ ගොල්ලො කොතන හිටියත් කොටින්ට පහන් දල්වන එක කරනවාමයි.කැළය මාරු වුණාට කොටියාගෙ පුල්ලි මාරුවෙන්නෙ නැහැ. (නි)
මට මේකේ තව පැත්තක් පේනවා, හැබැයි මම කියන දේට කට්ටියට තරහයි. මේකයි ඒ මනුස්සයාගේ මහත්තයානේ මැරිලා ඉන්නේ එකට පහනක් පත්තු කරාට කමක් නෑ වගේ නේද? මේක ගෙදර කරගත්ත නම් තමයි වඩා හොඳ. (ස)
බලෙන් මින්ස්සුන්ගේ මතවාදය වෙනස් කරන්න බැහැ .උතුරට යමක් කරලා තමයි මේවා නතර කරන්න පුලුවන් වෙන්නේ , (ස)
කොටින්ට නම් ඉඩක් නොදිය යුතුයි. පොඩි හෝ ඉඩක් දුන්නොත් එය මහා විනාශයක්.(මුදී)
අවිගත්තෝ අවියෙන්ම නසිති.මොවුන්ට නැවත හිස එසවීමට ඉඩ නොදීම අප ආරක්ෂක අංශය සතු වගකීමකි (නි)
මේ ක්‍රියාකලාප මේ රටේ සාමයට සමගියට බාධාවක්.ඔහු කොටින් බලවත්ව හිටි කාලෙත් වහසිබස් දෙඩෙව්වා මතකයි. (නි)
ඕක පත්තු කරගන්න තිබුනේ ගේ ඇතුළේනේ. එයාලටත් ඕනෑ ලෝකෙටම පෙන්වන්න එයාලගේ ලොකුකම් (නි)
මට එන තරහා කියා නිම කරන්න බැහැ (නි)
අපි හිතුවත් කොටි ඉවර කළා කියා, තාම එය ඉවරයක් නැහැ. තවම කොටි උතුරේත් දකුණේත් හොල්මන් කරනවා. (නි)
බය නැතිව මේවා කරන්න ගියේ කොහොමද? (දී)
මේවා නිය පොත්තෙන් කඩා ගන්න ඕනේ දේවල් (දී)
කපුරු නෙමෙයි දුම්මල ගහන්න ඕනේ (දී)
පොඩි දරුවො ඇතුළු පවුල් පිටින් මිනී මරලා විනාශවෙලා ගිහිල්ලත් තවම උත්සාහය සමරන්න. අපේ සමහරු විජයග්‍රහණ සැමරුමට දොස් කියනවා. යුද්දෙ වෙලාවෙත් අපහාස කරපු අපේ මිනිස්සු හිටියා. එයාල දැනුත් බනිනවා. (මුදී)
මේ අයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද? (මුදී)
කොටි සංවිධානය යලි හිස ඔසවන්නේ කොහොමද කියල බලාගෙන ඉන්නේ. මෙහිදී ආණ්ඩුව විසින් තද පියවරක් නොගත්තොත් අනාගතයේ දරුණු ඉරණමකට රට ගොදුරු වෙන්න පුළුවන්. (ස)
මෙච්චර මිනිස්සු මරල දාපු අය සමරන්නත් හදනවද?(දිල්)
ආයේ සැරයක් ගිනි පත්තු කරන්නයි උත්සාහය..??? (මුදී)
මෙයාලට ගහන්න ඕන දුවන්න. (ස)