අනුරාධපුරයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී බී දිසානායකගේ ඉල්ලීම පිට මිනීමැරුම් නඩුවක බොරු සාක්කි දුන් නොච්චියාගම හැළඹවැව සරත් විජේසිංහට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කළේය.
1994 ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ ආධාරකරුවකු වූ නොච්චියාගම පහමුණේගම සුනිල් සේනාරත්න මහතා ඝාතනය කිරීමේ නඩුවේදී තමා මුල සිටම බොරු සාක්කි දුන් බව විජේසිංහ කීවේය.
ඔහු නඩුවේ පළමු සාක්කිකරු විය.
නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් විපක්ෂ නායක (එජාප) සමරකෝන් රත්නායක ඇතුළු හත් දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
සැකරකුවන් වසර 19ක් තිස්සේ දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි සත්‍යය, මිනිසුනේ තමන් හිතට එකඟව වැඩ කරන්න ඕන. නැතිනම් මුළු ජීවිත කාලෙම තමන්ගේ හිත ශාප කරනවා ...දැන්වත් තේරුනාද...බුදු ගුණ අනන්තයි ...!!!!දම් ගුණ අනන්තයි!!!! සඝ ගුණ අනන්තයි ..!!! (ස)
ඔන්න බලන්න දේශපාලුවන්ගේ කීමට අවනත උනාම වෙන වින්නැහිය.දැන් දේශපාලුවා අඹු දරුවන්ව බලයිද? (ස)
දේශපාළුවන් පස්සෙන් යන, ඒ අයගේ කුණු හෝදන අම්බරුවන්ට මේක හොද පාඩමක්, අනෙක් අයට මේකවත් ආදර්ශයක් අරගෙන හැදෙන්න පුලුවන්නම් හොදයි.(නදී)
එක එක්කෙනාගේ කතාවලට අහු උනාම වෙන්නේ අතරමන් වෙන්න. දැන් ඉතින් පවුලේ අය දුක් විදිනවා නේද පවු. ඒත් නීයට ගරුකරන්න ඕනේ.(නදී)
කාටත් ඕක තමා වෙන්නේ. මුළු ලෝකයටම සැගවුවත් තමන්ගේ හිතට හංගන්න බැහැ. (නි)
හිටපු මන්ත්‍රී උසාවියට කල මේ බල පෑමට විරුද්ධව මොකුත් කරන්නේ නැද්ද? (නදී)