IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිටපු මහ ඇමති රතුපස්වල බය අරී

මතභේදයට තුඩුදුන් රතුපස්වල කම්හල  එළඹෙන මැයි මාසයට පෙර අනිවාර්යෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන බවට තමන් සහතික වන බවත්ල අදාල කර්මාන්ත ශාලාව ඉවත් කිරීමෙන් පසුව එම ස්ථානයේ ඉදි කරන්නේ නිවාස යෝජනා ක්‍රමයක්ද නැතහොත්  වෙනත් පරිසර හිතවාදී කර්මාන්ත ශාළාවක්ද යන්න පිළිබඳව ඉදිරියේ සාකච්ඡා කරන බවත් බස්නාහිර පළාත්  හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  රතුපස්වලදී පැවසීය.

අදාල කර්මාන්ත ශාලාව ඉවත් කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව  විවිධ මති මතාන්තර දරණ බැවින් ඇත්ත ඇති සැටියෙන් ජනතාවට වගකීමෙන් යුතුව පැවසීම සඳහා තමන්  රතුපස්වලට පැමිණි බව ද ඒ මහතා කිවේය.

ගම්පහ නගරාධිපති එරංග  සේනානායක, වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ උපාලි මහත්වරුද, රතුපස්වල පරිසර කමිටු සාමාජිකයෝ සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ  ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක‍ෂ අමාත්‍ය වරයා මේ වන විටත් කර්මාන්ත ශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට එකග වී ඇති බවයි. මෙය මැතිවරණ පොරොන්දුවක් හෝ ඡන්ද ගුණ්ඩුවක් නොවන බවද රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

මීට අමතරව  රතුපස්වල අවට සියළුම ගම්මානවල ජනතාවට  පානීය ජල පහසුකම් සැලසීමේ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවේය.  එයට අදාල ජල  නල එළීමෙි කටයුතු ක්‍රියාත්මකව පවතින අතර කඩිනමින් එය ද අවසන් කරන බව රණතුංග මහතා කීවේය.

මීට පෙර අවස්ථාවකදී ස්ථාන දෙකකට තමන් මේ සම්බන්ධයෙන් සාකඡ්ඡා කිරීමට පැමිනියද ජනතාවගේ ගැටළු වලට සෘජුව පිළිතුරු දීමට තමන්ට නොහැකි වූ බව කී රණතුංග මහතා අනතුරුව ජනාධිපති වරයා සහ බැසිල් රාජපක‍ෂ අමාත්‍ය වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්චා කළ බව ද කීවේයග එහිදි ගත් තිරණය අනුව රතු පස්වල   කම්හල එම ප්‍රදේශයෙන් අනිවාර්යෙන්ම ඉවත් කරන බවට තමාට සහතික විය හැකියැයිද රණතුංග මහතා  අවධාරණය කලේය.

හිටපු ප්‍රධාන ඇමතිවරයා එම ප්‍රකාශය කරද්දී පැමිණ සිටි පිරිස ප්‍රීති ඝෝෂා කළහ.
 



අදහස් (0)

හිටපු මහ ඇමති රතුපස්වල බය අරී

සත්‍යපාල Monday, 03 March 2014 12:55 AM

කොන්ඩෙ බැදපු චීන්නුන්ට ඕව කියපං...කියුවලු. මට හැම පැත්තෙන්ම හිනා යනවා. (නදී)

:       0       0

කලණ Monday, 03 March 2014 09:02 AM

දැන්ද මතක් වෙලා තියෙන්නේ? (නදී)

:       0       0

සුබේ Monday, 03 March 2014 09:04 AM

මෙතන තනිකරම චන්ද ප්‍රචාරණ රැස්වීමක් තියල තියෙන්නේ. අත් පත්‍රිකාත් බෙදල තියෙන්නේ. අසරණ තරුණ ජීවිත වල කිසිම අගයක් මේ මිනිස්සුන්ට නැහැ. බඩගෝස්තර වාදී දේශපාලනය පමණයි. ඇයි හත් දෙයියනේ මේ මිනිස්සුන්ට මේවා නොතේරෙන්නේ. මේක මිනිස්සුන්ගේ අසරණ කම නෙමෙයි. දුපත්වාදී මානසිකත්වය. නිල්, කොළ, රතු පාට බලල චන්දය දෙන රටක්.(නදී)

:       0       0

පොඩි Monday, 03 March 2014 09:37 AM

මෙච්චර දවසක් නිදාගෙනද හිටියේ? (නදී)

:       0       0

තිවංක නාථ Monday, 03 March 2014 09:53 AM

ඉතාම සුක්ෂම විදිහට ජනතාව රවට්ටලා දේශපාලකයෝ මේ රට ගිලලය් තියෙන්නේ. මේ වගේ දේවල් වලට රැවටිලා, කතිර ගහල රට පරිහානියට පත කරන්න අපේ ජනතාවත් දායක වෙනවා. එක් එක් පුද්ගලයා රටක් හැටියට විදේශයට කොපමණ ණයද, රට ඇතුලේම කොපමණ ණයද කියා සීතා බලන්න. දියුණුව හැටියට පෙන්වන මේ අයිසින් තට්ටුව හරියට තේරුම් ගන්න. පාට වෙනස් කරමින් සැරෙන් සැරේ මතුවන, රටට වැඩ කරන බව පෙන්වමින් තමන්ට වැඩ කරගන්නා දේශපාලකයන්ට අපි තව කොපමණ කල් රැවටෙනවද කියලා සීතා බලන්න. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 March 2014 10:54 AM

මහත්තයෝ, ඔය කතා අහල මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ. අනික මේ ඡන්ද ඉලල්ගෙන යන වෙලාවේ කියන කතා. කාටද විශ්වාස කරන්න පුළුවන්.(නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 02 March 2014 01:08 PM

මේ වැඩේ කරන්ඩ තිබ්බේ අසරණ ජිවිත කීපයක් නැතිවෙන්ඩ ඉස්සරණේ. දැන් විතරක් මොකක්ද මේ පොරොන්දුව.(නදී)

:       0       0

පර්සාන් Sunday, 02 March 2014 01:10 PM

රතු පස්වල ප්‍රශ්නය අද ඊයේ ආපු එකක් නොව ගිය අවුරුද්දේ සිට ආපු ප්‍රශ්නයක්. දැන්ද මේ අයට රතු පස්වල ප්‍රශ්නයට මැදිහත් වෙන්න ලැබුනේ. හරියට උඩින් වැටිලා වගේ දැන් ඇවිත්. ඇයි කලින් නාවේ කාට හරි බයේ නේද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 03 March 2014 11:50 AM

සති අන්ත පත්තර වල දාල තිබුණු ජල භීතිකා දැන්වීම හොදින් බැලුවනම් කට්ටියට තේරේවි කම්හල ඉවත් කලාට පස්සේ එතනට හොද නිවාස යෝජනා ක්‍රමයක් නෙමෙයි කියලා. ඇත්තටම හොද තණ පිට්ටනියක්. ඔය ගමේ ඉන්න ගොන් රැලට ලැගල කකා වමාර වමාර ඉන්න රතු මල්ලිලාගේ ගැටේට අහු වෙලා ගමට තිබුණු වටිනා සම්පතක් අහිමි කර ගත්තට.(නදී)

:       0       0

ගාමිණී Sunday, 02 March 2014 02:30 PM

ඡන්දය එනකම්ම හිටියද රතුපස්වලට එන්න . (දිල්)

:       0       0

දුනගහ Sunday, 02 March 2014 03:03 PM

ඕක වේලාසනින් කලා නම් ඉවයිනේ ඡන්දේ ළඟයිනේ (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 02 March 2014 04:31 PM

අනේද කියන්නේ අපරාදේ අහිංසක ජිවිත තුනකුත් නැති උනාට පස්සේ තමයි ඔක්කොම සෙල්ලම්.(නදී)

:       0       0

පුබුදු Sunday, 02 March 2014 04:43 PM

පොරොන්දුවක් විතරක් වෙයිද? (නදී);

:       0       0

ගයන් Sunday, 02 March 2014 04:47 PM

මෙතුමා අවංකව සේවය කරන මහත්මයෙක්. මම ලංකාවේ දේශපාලුවෝ ගැනක් ගොඩක් කල කිරිලා හිටියත් මෙතුමාව අගය කරනවා. ඔබට ජය! (නදී)

:       0       0

ජාගුරු Sunday, 02 March 2014 05:08 PM

මැරනු සහ අබ්බගාත වුන කට්ටිය ගැන මොකද කීවේ? පවු අසරණ මිනිස්සු අප්පුඩි ගහනවා ඇත්තේ බයට.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 March 2014 12:23 PM

පිටබැද්දර ජයගෙන් මම අහන්නමයි හිටියේ. මීට අවුරුදු 30 - 35 කට ඉහත ඔය ගමේ කවියෙක් ළමා කවි සඟරාවක් එලි දැක්වුවා. එම සඟරාවේ නම " රාහුල " කවි සඟරාව. මමත්ළමා කාලේ එම සඟරාවට කවි ලියල යවල . පල කරලා තිබුනා. දැන් එම සඟරාව මුද්‍රණය කරන්නේ නැද්ද? එකල සිටි එම යුගයේ කවියෝ දැන් ජීවතුන් අතර නැද්ද? (නධී)

:       0       0

සුකිරි Monday, 03 March 2014 12:27 PM

අනේ ප්‍රසන්න මොකද ඔහොම බොරු කියන්නේ ? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 02 March 2014 06:17 PM

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.(නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 03 March 2014 12:41 PM

මොහු කියන දේ කරන අවංක දේශපාලකයෙක් නිසා විශ්වාසයක් තියන්න පුළුවනි. (නදී)

:       0       0

බංඩා Sunday, 02 March 2014 06:55 PM

අපරාදේ අර තරුණ ජීවිත 3.(නදී)

:       0       0

ධම්මික. Monday, 03 March 2014 12:52 PM

බන්දුල ඔය ගමේ ඔයා කියන හරක් නැහැ. ඔයා තමා හරකා.(නදී)

:       0       0

තරංග Sunday, 02 March 2014 07:16 PM

අනිවාර්යෙන් ඕක මාර්තු 30 වෙනිදා අයින් කරනවා.(නදී)

:       0       0

කසුන් Sunday, 02 March 2014 07:45 PM

අනේ අපේ මෝඩ ජනතාව ආයෙත් මේ ඇත්තන්ට ඡන්දෙ දෙනවා. ඒත් ඡන්දෙ ඉවර වුනාම මතක නැහැ.(නදී)

:       0       0

ගුණේ Sunday, 02 March 2014 10:26 PM

ඔය රැස්වීමට ඇවිත් ඉන්න අය කිරි හරක් ඇති කරන කට්ටිය. කම්හල ගලවාගෙන ගියාම ඒ හරියේ තණ පිට්ටනියක් හදල කිරි පට්ටියක් පවත්තගෙන යන්න ඉඩ සලසලා දෙන්න. නල එලලා වතුර දෙන ගමන් පුන්නක්කු සාහානාදාරයකුත් දෙන ලෙස ඉල්ලා සිටිනවා. (නදී)

:       0       0

නිර්මලා Sunday, 02 March 2014 10:33 PM

ආ ඔය ඡන්ද පත්‍රිකා ටිකකුත් බෙදලා දීලා තියෙන්නේ. දැන් ඉතින් ජනතාවට තියෙන්නේ කර්මාන්ත ශාලාව අයින් කරන්න කියලා ඡන්දේ දීලා තවත් අවුරුදු කීපයක් ඇසිඩ් බිබි ඉන්න.(නදී)

:       0       0

රෝයි Sunday, 02 March 2014 10:34 PM

ගයන් ඔබ හරි. මෙතුමා අවංක නායකයෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 883 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1830 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2294 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5696 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1706 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6266 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18156 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site