මතභේදයට තුඩුදුන් රතුපස්වල කම්හල එළඹෙන මැයි මාසයට පෙර අනිවාර්යෙන්ම එම ස්ථානයෙන් ඉවත් කරන බවට තමන් සහතික වන බවත්ල අදාල කර්මාන්ත ශාලාව ඉවත් කිරීමෙන් පසුව එම ස්ථානයේ ඉදි කරන්නේ නිවාස යෝජනා ක්‍රමයක්ද නැතහොත් වෙනත් පරිසර හිතවාදී කර්මාන්ත ශාළාවක්ද යන්න පිළිබඳව ඉදිරියේ සාකච්ඡා කරන බවත් බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රතුපස්වලදී පැවසීය.
අදාල කර්මාන්ත ශාලාව ඉවත් කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ මති මතාන්තර දරණ බැවින් ඇත්ත ඇති සැටියෙන් ජනතාවට වගකීමෙන් යුතුව පැවසීම සඳහා තමන් රතුපස්වලට පැමිණි බව ද ඒ මහතා කිවේය.
ගම්පහ නගරාධිපති එරංග සේනානායක, වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ උපාලි මහත්වරුද, රතුපස්වල පරිසර කමිටු සාමාජිකයෝ සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපකෂ අමාත්‍ය වරයා මේ වන විටත් කර්මාන්ත ශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට එකග වී ඇති බවයි. මෙය මැතිවරණ පොරොන්දුවක් හෝ ඡන්ද ගුණ්ඩුවක් නොවන බවද රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
මීට අමතරව රතුපස්වල අවට සියළුම ගම්මානවල ජනතාවට පානීය ජල පහසුකම් සැලසීමේ වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවේය. එයට අදාල ජල නල එළීමෙි කටයුතු ක්‍රියාත්මකව පවතින අතර කඩිනමින් එය ද අවසන් කරන බව රණතුංග මහතා කීවේය.
මීට පෙර අවස්ථාවකදී ස්ථාන දෙකකට තමන් මේ සම්බන්ධයෙන් සාකඡ්ඡා කිරීමට පැමිනියද ජනතාවගේ ගැටළු වලට සෘජුව පිළිතුරු දීමට තමන්ට නොහැකි වූ බව කී රණතුංග මහතා අනතුරුව ජනාධිපති වරයා සහ බැසිල් රාජපකෂ අමාත්‍ය වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්චා කළ බව ද කීවේයග එහිදි ගත් තිරණය අනුව රතු පස්වල කම්හල එම ප්‍රදේශයෙන් අනිවාර්යෙන්ම ඉවත් කරන බවට තමාට සහතික විය හැකියැයිද රණතුංග මහතා අවධාරණය කලේය.
හිටපු ප්‍රධාන ඇමතිවරයා එම ප්‍රකාශය කරද්දී පැමිණ සිටි පිරිස ප්‍රීති ඝෝෂා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඔය ඡන්ද පත්‍රිකා ටිකකුත් බෙදලා දීලා තියෙන්නේ. දැන් ඉතින් ජනතාවට තියෙන්නේ කර්මාන්ත ශාලාව අයින් කරන්න කියලා ඡන්දේ දීලා තවත් අවුරුදු කීපයක් ඇසිඩ් බිබි ඉන්න.(නදී)
බන්දුල ඔය ගමේ ඔයා කියන හරක් නැහැ. ඔයා තමා හරකා.(නදී)
මොහු කියන දේ කරන අවංක දේශපාලකයෙක් නිසා විශ්වාසයක් තියන්න පුළුවනි. (නදී)
අනේ ප්‍රසන්න මොකද ඔහොම බොරු කියන්නේ ? (නදී)
පිටබැද්දර ජයගෙන් මම අහන්නමයි හිටියේ. මීට අවුරුදු 30 - 35 කට ඉහත ඔය ගමේ කවියෙක් ළමා කවි සඟරාවක් එලි දැක්වුවා. එම සඟරාවේ නම " රාහුල " කවි සඟරාව. මමත්ළමා කාලේ එම සඟරාවට කවි ලියල යවල . පල කරලා තිබුනා. දැන් එම සඟරාව මුද්‍රණය කරන්නේ නැද්ද? එකල සිටි එම යුගයේ කවියෝ දැන් ජීවතුන් අතර නැද්ද? (නධී)
සති අන්ත පත්තර වල දාල තිබුණු ජල භීතිකා දැන්වීම හොදින් බැලුවනම් කට්ටියට තේරේවි කම්හල ඉවත් කලාට පස්සේ එතනට හොද නිවාස යෝජනා ක්‍රමයක් නෙමෙයි කියලා. ඇත්තටම හොද තණ පිට්ටනියක්. ඔය ගමේ ඉන්න ගොන් රැලට ලැගල කකා වමාර වමාර ඉන්න රතු මල්ලිලාගේ ගැටේට අහු වෙලා ගමට තිබුණු වටිනා සම්පතක් අහිමි කර ගත්තට.(නදී)
මහත්තයෝ, ඔය කතා අහල මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නේ. අනික මේ ඡන්ද ඉලල්ගෙන යන වෙලාවේ කියන කතා. කාටද විශ්වාස කරන්න පුළුවන්.(නදී)
ඉතාම සුක්ෂම විදිහට ජනතාව රවට්ටලා දේශපාලකයෝ මේ රට ගිලලය් තියෙන්නේ. මේ වගේ දේවල් වලට රැවටිලා, කතිර ගහල රට පරිහානියට පත කරන්න අපේ ජනතාවත් දායක වෙනවා. එක් එක් පුද්ගලයා රටක් හැටියට විදේශයට කොපමණ ණයද, රට ඇතුලේම කොපමණ ණයද කියා සීතා බලන්න. දියුණුව හැටියට පෙන්වන මේ අයිසින් තට්ටුව හරියට තේරුම් ගන්න. පාට වෙනස් කරමින් සැරෙන් සැරේ මතුවන, රටට වැඩ කරන බව පෙන්වමින් තමන්ට වැඩ කරගන්නා දේශපාලකයන්ට අපි තව කොපමණ කල් රැවටෙනවද කියලා සීතා බලන්න. (නදී)
මෙච්චර දවසක් නිදාගෙනද හිටියේ? (නදී)
මෙතන තනිකරම චන්ද ප්‍රචාරණ රැස්වීමක් තියල තියෙන්නේ. අත් පත්‍රිකාත් බෙදල තියෙන්නේ. අසරණ තරුණ ජීවිත වල කිසිම අගයක් මේ මිනිස්සුන්ට නැහැ. බඩගෝස්තර වාදී දේශපාලනය පමණයි. ඇයි හත් දෙයියනේ මේ මිනිස්සුන්ට මේවා නොතේරෙන්නේ. මේක මිනිස්සුන්ගේ අසරණ කම නෙමෙයි. දුපත්වාදී මානසිකත්වය. නිල්, කොළ, රතු පාට බලල චන්දය දෙන රටක්.(නදී)
දැන්ද මතක් වෙලා තියෙන්නේ? (නදී)
කොන්ඩෙ බැදපු චීන්නුන්ට ඕව කියපං...කියුවලු. මට හැම පැත්තෙන්ම හිනා යනවා. (නදී)
ගයන් ඔබ හරි. මෙතුමා අවංක නායකයෙක්.(නදී)
මේ වැඩේ කරන්ඩ තිබ්බේ අසරණ ජිවිත කීපයක් නැතිවෙන්ඩ ඉස්සරණේ. දැන් විතරක් මොකක්ද මේ පොරොන්දුව.(නදී)
ඔය රැස්වීමට ඇවිත් ඉන්න අය කිරි හරක් ඇති කරන කට්ටිය. කම්හල ගලවාගෙන ගියාම ඒ හරියේ තණ පිට්ටනියක් හදල කිරි පට්ටියක් පවත්තගෙන යන්න ඉඩ සලසලා දෙන්න. නල එලලා වතුර දෙන ගමන් පුන්නක්කු සාහානාදාරයකුත් දෙන ලෙස ඉල්ලා සිටිනවා. (නදී)
අනේ අපේ මෝඩ ජනතාව ආයෙත් මේ ඇත්තන්ට ඡන්දෙ දෙනවා. ඒත් ඡන්දෙ ඉවර වුනාම මතක නැහැ.(නදී)
අනිවාර්යෙන් ඕක මාර්තු 30 වෙනිදා අයින් කරනවා.(නදී)
අපරාදේ අර තරුණ ජීවිත 3.(නදී)
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.(නදී)
මැරනු සහ අබ්බගාත වුන කට්ටිය ගැන මොකද කීවේ? පවු අසරණ මිනිස්සු අප්පුඩි ගහනවා ඇත්තේ බයට.(නදී)
මෙතුමා අවංකව සේවය කරන මහත්මයෙක්. මම ලංකාවේ දේශපාලුවෝ ගැනක් ගොඩක් කල කිරිලා හිටියත් මෙතුමාව අගය කරනවා. ඔබට ජය! (නදී)
පොරොන්දුවක් විතරක් වෙයිද? (නදී);
අනේද කියන්නේ අපරාදේ අහිංසක ජිවිත තුනකුත් නැති උනාට පස්සේ තමයි ඔක්කොම සෙල්ලම්.(නදී)
ඕක වේලාසනින් කලා නම් ඉවයිනේ ඡන්දේ ළඟයිනේ (දිල්)
ඡන්දය එනකම්ම හිටියද රතුපස්වලට එන්න . (දිල්)
රතු පස්වල ප්‍රශ්නය අද ඊයේ ආපු එකක් නොව ගිය අවුරුද්දේ සිට ආපු ප්‍රශ්නයක්. දැන්ද මේ අයට රතු පස්වල ප්‍රශ්නයට මැදිහත් වෙන්න ලැබුනේ. හරියට උඩින් වැටිලා වගේ දැන් ඇවිත්. ඇයි කලින් නාවේ කාට හරි බයේ නේද? (නදී)