යුද හමුදාවට බාර වූ පසු මරා දැමුණු බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ පවුලේ උදවියට රුපියල් විසි ලක්ෂයක් ගෙවන ලෙස දුන් අධිකරණ නියෝග අනුව හිටපු ලුතිතන් විමල් වික්‍රම අද කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ඉදිරියේ එම වන්දි මුදල් පිරි නැමීය.
මිය ගිය හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ බිරියට ලක්ෂ 10ක් ද, පියාට ලක්ෂ 10ක් ද පිරි නැමිණි.
හිටපු ලුතිතන්ට නියම කළ දෙවසරකට සිර දඬුවම වසර දහයකට අත්හිටැවිණි.
මෙම මුදල ඔහුට සපයා දුන්නේ ඒකාබද්ධ විපක්ෂය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ සෙබළා රට බේරාගෙන වන්දිත් ගෙවනවා (හේ)
600ක් පොලිස් නිලධාරීන් ඇතුළුව මියගිය අහිංසක පුරවැසියන්ගේ ජීවිත මෙතරම් වටින්නේ නැද්ද? ඒවාට වන්දි නැද්ද? (නි)
යටත් වුණ කෙනකු මරා දමන එක ලජ්ජා සහගත ක්‍රියාවක්! එම සෙබලාට දඩුවම් කරලා තියෙන්නේ රට බේරගත්ත නිසා නොව රට බේරාගෙන ගෙදර යන ගමන් කරපු අමානුෂික අමන ක්‍රියා පටිපාටියට! මෙහෙම වැඩ කරපු කීප දෙනෙක් නිසා අපේ හමුදාවට ලොකු කැළලක් සිද්ද වෙනවා! ප්‍රබාකරන් කරපු අමානුෂික වැඩ වලට ඔහු වන්දි ගෙව්වා! (අ)
ක්‍රියාන්විතයක ඉදිරිපෙළ සාමාජිකයෙක් වෙන්න මොනතරම් මානසික ශක්තියක් තියෙන්න ඕනෙද කියල මෙහෙයුමකට සහභාගී උන සෙබළු දන්නවා, ඒ වගේ කෙනෙක් ගෙන් මෙහෙම දෙයක් වෙන්න තියෙන අවකාශ අඩුයි. (ර)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රණවිරුවෝ නැත්නම් තාමත් බෝම්බ වලට බයේ අපි ඉන්නේ.. (ර)
නාමල් රට රැකගන්න ලේ මස් ඇට නහර දන් දීපු රණවිරුවෝ නිසයි අද අපිට රටක් ඉතුරු වෙලා තියෙන්නේ. ඔවුන්ට මල් තියලා වැන්දත් මදි. (ර)
අධිකරණයෙන් තීන්දුවක් දෙන්නෙ දෙපාර්ෂවයේම සාක්කි අහලයි. වරදක් කළ බවට ඔප්පු වුනානම් බොරු දේශප්‍රේමය ඉස්සරහට දාලා දේශපාලන වාසි ගන්න එක නරකයි (හේ)
ඔහොම යමුකෝ.(හේ)
ඒකා බද්ද විපක්ෂය බලන් යද්දි හොදයිනේ.(හේ)
එතකොට අපේ සෙබළුන් සහ පොලිස් නිලධාරීන්ව යටත් වුණු පසු ඝාතනය කරාට අපේ අයටත් කොටින්ගෙන් වන්දි අරන් දෙනවාද? (හේ)
ඒකාබද්ධ විපක්ෂය මෙයට මුදල් ලබාදීමෙන් මෙම වරදට අනුබල දීමක් නොවන්නේද? අනුබලදිමත් වරදක් නේද? (ර)
තව කී දෙනෙක්ට මෙහෙම වන්දි ගෙවන්න වෙයිද?(හේ)
එ්කාබද්ද විපක්ෂයෙන් ඡන්දෙත් ඉල්ලුවා නම් හරි...(හේ)
හරි නම් මේ සල්ලි ගෙවන්න ඕනේ කවුද?(හේ)
ප්‍රබාකරන් විසින් මරාදමන ලද අහිංසක මිනිසුන් වෙනුවෙන් වන්දි ගෙවන්නේ කවරහුද.? (ර)
දුෂණයට ලක් වුනු ගැණු ළමයෙකුටත් ඔය වගේ වන්දියක් හම්බවෙයිද ? (ර)
හැමෝටම අමතක වෙලා අද නිදහසේ යන්නේ කව්රු නිසාද කියලා. (ර)
හොදයි... එතකොට බස් බෝම්බ ක්ලේමෝ බෝම්ඹ වලින් මැරුණු මිනිසුන්ට වන්දි දෙන්නේ කවුද...? (ර)
තහනම් සංවිදනයකට එකතු වීම නිසා එල්ටීටීඊ සාමාජිකය වෙත දඩුවම් හිමිවන්නේ නැද්ද. මොවුන්ගේ දේපල රජ සන්තක කරන්න ඕනේ. (ම)
රණවිරුවෝ එක්ක හැමදාමත් ඉන්නේ කව්ද කියලා අපි දන්නවා. (ර)
මේ නඩුව දැම්මේ කව්ද? (ර)