ලීසිං සමාගමක සීසර්ලා ලෙස ක්‍රියාකරමින් හලාවත දී රුපියල් තිස් ලක්ෂයක ට්‍රක් රියක් පැහැරගත් බව කියන හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන සිටිති. ඒ අතර හිටපු පොලිස් සැරයන් වරයකු ද පොලිස් කතකගේ සැමියෙක් ද සිටිතියි පොලීසිය කියයි.
ලීසිං සමාගමක සීසර්ලා ලෙස ක්‍රියාකරමින් හලාවත දී රුපියල් තිස් ලක්ෂයක ට්‍රක් රියක් පැහැරගත් බව කියන හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන සිටිති. ඒ අතර හිටපු පොලිස් සැරයන් වරයකු ද පොලිස් කතකගේ සැමියෙක් ද සිටිතියි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමේ කියන්නේ දැන් හැම අපරාදයකටම ආරක්ෂක අංශයේ අය සන්බන්ද වීමයි .ඇයි මෙහෙම වෙන්නේ.(නදී)
නිතිය අතට ගත් අය මේවගේ දේවල් කරනවා නම් අනිත් අය මොන වාගේ දේවල් කරන්න පෙළඹේද? (ස)
ලංකාවේ දැන් ජිවත් වෙන්න හොදටම අමාරුයි , ගෙදර ලයිට් පත්තු කරන කොට වතුර ටැප් එක අරිනකොට , පපුව පත්තුවෙනවා ළමයි ටියුසන් යන්න සල්ලි ඉල්ලනකොට ,සපත්තු දෙක කැඩෙනකොට සමාජය කෙරේ ද්වේෂය ඇතිවෙනවා , ගෙදර එකම අපායක් වෙනවා . (ස)
ශාන්ති ඔබට පිළිතුර රටේ විනය පිරිහීමයි .මහා කකුළුවන් හරහට ගිහින් පැටවුන්ට කෙලින් යන්න කිව්වට හරියන්නේ නැහැ .යුද්ධයකට මුහුණ දීපු ආරක්ෂක අංශයක් ඉන් පසුව සිවිල් පුරවැසියන් සමග රාජකාරි කිරීමේදී ඇතිවෙන නොසන්සුන් තත්වයත් මෙයට බලපානවා .මේ සදහා හොදම විසඳුම සහ ක්‍රියාමාර්ගය ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද්ධයේ නිමාවත් සමගම රජයට ඉදිරිපත් කළා. අපේ රටේම කරුමෙට එය ඉටුවුණේ නැහැ. (ස)
තිලක්. අපේ රටේ හැම පවුලක්ම ඔයාලගේ වගේ කියලා හිතන්න එපා. ගෙදර එකම අපායක් වගේ වෙනවා නම් පාලනයේ වරදක නොවෙයිද,? (අ)
තිලක් ඔයා ඔහොම කතා කරන්න එපා. දුප්පත් කම හැම දේටම හේතුව නෙමෙයි. ඔයිට වඩා අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සු ඉන්නවා. කෝ ඉතින් එයාලත් හොරු වෙන්න එපැයි. (ස)
ලෙස්ලි ලොවේ, ඔබ කියන දේ මේ සිදුවීමට අදාළ නැහැ නේද? මෙතන සිද්ධියේ හමුදා සාජන්ට් කෙනෙක් අසු වී නැහැ. තව දුරටත් සේවයේ නැති "හිටපු" පොලිස් සැරයන් වරයෙකු තමයි මේකට ඇතුල්වෙලා ඉන්නේ. ඔබ කියන විනය පිරිහීම අපේ හමුදාවල නැහැ. ඉතාලියේ කොහොමද දන්නේ නැහැ. අනික අපේ යුද්ධයට මුහුණ දුන් ආරක්ෂක අංශය සිවිල් පුරවැසියන් සමග රාජකාරි කිරීමක් අප රටේ සිදුවෙන්නෙත් නැහැ. මේ සිද්ධියේදී ද එවැන්නක් නැහැ. ඔබ කතා කරන්නේ 2 වැනි ලෝක යුද්ධ කාලෙන් පස්සේ දෙයක් වෙන්න ඇති. ඔයාල අපේ දැනගැනීමටත් එක්ක හොඳ බුද්ධමත් අදහස් දාන්න කියා මම ඉල්ලා සිටිනවා. (ස)
ලංකාවේ එදත් හොරු ඉන්න ඇති පරම්පරාව පවත්වාගෙන යනවා වෙන්න ඇති හොරු රටේ ඉහලම තලයේ සුදු රෙදි පොරවාගෙන ඉන්න අයගේ ඉඳන් ගමේ හොර පොල් කඩන කෙනා දක්වාම එකෝමත් එක කාලයේ ඉඳන් හිටිය වැඩිය ඒ දවස් වල ප්‍රසිද්දියට අවේ නෑ ජනමාද්‍ය දියුණුව නිසා අද හොරු ගැන වැඩි වැඩියෙන් අහන්න දකින්න ලැබෙනවා කොහොම නමුත් රටේ ඉන්න දුගී ජනය කන හාල් ටිකේ පරිප්පු ටිකේ ,කරවල ටිකේ විතරක් වත් බදු අය නොකරනවානම් මහා ලොකු පින්කමක් කරගන්නවා රට පාලනය කරන ඇත්තෝ සොසේජස කරල් වලට චීස් බටෙර් වලට බදු අය කරන්න හොරු අඩුවෙයි (දී)
ශාන්තිගේ ප්‍රශ්නය වුනේ හැම අපරාදයකටම ආරක්සක අංශය සම්බන්ද වීමයි .මම එයටයි පිළිතුරු දුන්නේ .ගිහාන් පටලව ගන්න එපා . (අ)
ලෙස්ලි ලොස් - කකුළුවාගේ ගමන හරහට බව තීරණය කළේ මිනිසා විසින් පමණි. නමුත් කකුළුවාට එය කෙළින් යාමකි. ඒකයි කකුළුවා පැටවුන්ට කෙළින් යන්නයි කියන්නේ. ඒ නිසා කකුළුවා යන්නේ කෙළින් බව මතක තබා ගන්න. ඔබ ඇදේට යන ගමන දැන්වත් නවත්වන්න. (අ)