බණ්ඩාරගම නගරයේ අවන් හලක කෑම බහාලන වීදුරු අල්මාරිය මැස්සන් හා කූඹීන් ඇතුළු කෘමීන්ගෙන් මුදා ගැනීම සඳහා කෘමිනාශක ගැසු බව කියන සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
බේකරි නිෂ්පාදන එහි තබන්ට පෙර කෘමි නාශක ස්ප්‍රේ කිරීමෙන් පසු ගඳක් දැනුණු බවත් පසුව එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැන්වු බවත් දැන ගන්නට ඇත.
හෝටලයේ තිබු සියලුම කෑම ඉවත දමන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට මෙහෙම කරල මේ ගොල්ලො කොහේ යන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ. (ස)
මේවට නිසි දඩුවම් ලබා දීමට බලදාරීන් පියවර ගත යුතු නොවේද ? (නදී)
මොකක්ද මේ කඩේ? ඕකට යන්නේ නැතුව ඉන්න (නි)
"මගේ කටෙත් හරියට මැස්සෝ පිරිලා. " කට හෝදන්නේ දත් මදින්නේ නැතුව හිටියම ඔහොම තමයි. කෘමිනාශක ස්ප්‍රේ කරමු. එතකොට එම්බාම් කරන්න ඕනෑත් නැහැනේ (නි)
"මොහුට හිටුවා පස් ගැහුවත් මදි නොවැ කරපු වැඩේට" කාටද? මහජන සෞක්‍ය පරීක්ෂකටද? (නදී)
මොහුට හිටුවා පස් ගැහුවත් මදි නොවැ කරපු වැඩේට (දී)
කොහොමත් ඩුප්ලිකේට් ඒවා ඔහොම තමයි. මැස්සෝ පිරෙන එක නවත්තන්න බැහ (ස)
මෝඩ සේවකයො නිසා මුදලාලිත් අමාරුවේ.(ස)
මගේ කටෙත් හරියට මැස්සෝ පිරිලා. (ස)
දැන් මෙහෙම නම් තව ඉස්සරහට කොහොම සතුන්ව මරනවඩ දන්නේ නැහැ (දී)
මුදලාලිල බලන්නෙ මොනවා කරල හරි තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගන්න. මේකෙන් නැතිවෙන්නේ අහිංසක ජීවිත නේද කියල හිතන්නෙ නෑ. (ස)
මේව බලලවත් කඩවල් වලින් කන එක අදම නවත්වන්න. (ස)
සියලුම කුඩා සහ ලොකු හෝටල් වලට දිනපතා උදේ සියයට සීයක්ම පිරිසිදු කිරීමේ නිශ්චිත කාලයක් ලබාදිය යුතු බවයි මගේ හැඟීම,දැඩි සෞඛ්‍ය සම්පන්න නීති සමගින්. මසකට වරක් තම ප්‍රදේශයේ අදාල හෝටල් නියෝජිතයින් දැනුම්වත් කිරීම් සහ එය අඛණ්ඩව පවත්වා ගෙනයාමට මහජන සෞක්‍ය පරීක්ෂක නිලධාරින්ට හැකිනම් මෙවන් තත්වයන් අවම කරගත හැකි බවයි මගේ අදහස.(දිල්)
නුගත්කමක මහත.(දිල්)
නුගත් සේවකයෙක් හෝ අයිති කරු මෙය කරන්නට ඇති (දී)
බුදු දහමට අනුව මේවට උත්තර නැද්ද? (ස)
පලතුරු එළවලුවලටත් මේවා තමයි ගහන්නේ, අපි ඔහේ කනවා? (දී)
මහා පරිමාණ මුදලාලිගෙ ඉදලා පොඩි එකා වෙනකන් ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට දහ ජරාව විකුණන එක..... (දී)