
(චමිලා අල්විස්)
අඟුරුවාතොට උඩුවර ප්රදේශයේ නිවෙසකදී මිනිබිරියන් දෙදෙනා ඇතුළු පිරිසක් සමඟ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි බවට අධිකරණයට ඉදිරිපත් කළ 77 හැවිරිදි කාන්තාවකට සහ තවත් සැකකරුවන් තිදෙනකුට මාස තුනක අත්හිටවූ සිර දඬුවමක් නියම කළ හොරණ ප්රධාන මහේස්ත්රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය, ඔවුන්ට පැය 50 බැගින් ප්රජා සේවයේ යෙදෙන ලෙස ද නියෝග කළාය.
මෙම ප්රජා සේවය ඔවුන් පදිංචි නිවෙස ආසන්නයේ පිහිටි උඩුවර විහාරස්ථානයේ සිදුකරන ලෙසටද මහේස්ත්රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ 77 හැවිරිදි කාන්තාවක්, ඇගේ මිනිබිරියන් දෙදෙනා සහ ඔවුන්ගේ අසල්වැසි ප්රදේශයේ පදිංචි තවත් පුද්ගලයකුට බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණි.
පොලිසිය නිවෙස වටලා වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි බූරු ක්රීඩාවේ නිරතව සිටි තවත් පිරිසක් පලාගොස් ඇති අතර, එසේ පලායමින් සිටි එක් පුද්ගලයකු අනතුරකට ලක්ව හිසට මැහුම් හතරක් දැමීමට සිදුව ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආච්චිලාටත් ජොලියක් තියෙන්න ඕන, නැද්ද මං අහන්නේ!
අපට දැන් වැඩක් පලක් කරගන්න බෑ... දිනෙන් දින බඩු ගනං යනවා.. යට ඇදුමෙත් හිල්, බොඩියක් ගන්න ගියා අස්ප ගනං. දැන් ඉස්සරවගේ මෙකෙක්ගේ හරි එල්ලෙන්නත් බෑ.රූප සොබාව නෑනේ..... බූරුවා පාරක්වත් ගහලා කීයක් හරි හොයාගන්න දෙන්න සර්....
නිකං බොරු නොකිය ඉදින් සුමනෝ, උඹ ඉස්සරත් බූරු ගහපු එකයි, අයිස් විකුනපු එකයිනේ කෙරුවේ. කවදාවත් හරියට රස්සාවක් නොකර නිකං කකා ඉන්නනේ බැලුවේ, අර බූරු පුතාලා වගේ.