IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හතරෙන් තුනක් විරුද්ධයි

මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සැකසීමේ පරීක්ෂණ මණ්ඩලයෙන් ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ආර්ථික විද්‍යාව ප්‍රධාන පරීක්ෂකවරුන් ලෙස මීට පෙර කටයුතු කළ ආචාර්ය මාහාචාර්යවරුන් 39 දෙනකු විභාග කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යවා ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.

ප්‍රධාන පාලක පරීක්ෂක විශ්‍රාම ගන්නා විට හෝ ඉවත් වන විට පරීක්ෂක මණ්ඩලයෙන් දෙවන, තුන්වන සාමාජිකයටන්ගෙන් අයකු ප්‍රධාන පාලක පරීක්ෂක ලෙස පත් කර එවිට ඇතිවන පුරප්පාඩුවට ඔවුන්ගේ නිර්දේශ මත නව පරීක්ෂකවරයකු පත් කර ගැනීම මෙතෙක් කල් පැවැති සම්ප්‍රදාය බවත්, මෙවර පරීක්ෂක මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනාම එකවර ඉවත් කර විභාග සම්ප්‍රදාය උල්ලංඝනය කර ඇති බවත් ආචාර්ය මාහාචාර්යවරුන් විසින් විභාග කොමසාරිස්ට යැවුණු ලිපියේ සඳහන්ය.

විෂය නිර්දේශ සකස් කිරීම, ගුරු අත්පොත් සැකසීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කළ වසර 20-25 අත්දැකීම් ඇති ආචාර්ය මහාචාර්යවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් සිටිය දී මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසීමේ පරීක්ෂක මණ්ඩලය පත් කිරීමේ දී ඔවුන් නොසලකා හැර ඇතැයි ද එම ආචාර්ය මහාචාර්යවරු කියති.

ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයක දී දේශපාලන මැදිහත්වීම් ආවත් ඒවා සියල්ල පෙර සිටි පරීක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බව ද ආචාර්යවරුන් විභාග කොමසාරිස්ට දැනුම් දී ඇත.

මෙවර පත් කර ඇති පරීක්ෂක මණ්ඩලයේ වෙනසක් සිදු නොවුනහොත් 2014 උසස් පෙළ විභාග ඇගැයීම් කටයුතු වලට ප්‍රධාන පරීක්ෂකවරුන් ලෙස සහභාගී වීම පිළිබඳ නැවත සලකා බැලීමට සිදු වන බව ද ආචාර්ය මහාචාර්යවරුන් විභාග කොමසාරිස්ට දන්වා ඇත.

මේ බව දැනුම් දීමේ අරමුණ උසස් පෙළ දරුවන්ට අහිතකර බලපෑමක් ඇති වන සේ විභාග කටුයුතු අඩපන කිරීම නොව දේශපාලකයන් විභාග කටුයුතුවලට අත්තනෝමතිකව මැදිහත්වීම හෙළා දැකීම හා විභාග දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද වරද නිවැරදි කිරීමීමට සහාය වීම බවත් එම ලිපියේ සඳහන්ය.

2013 වසර දක්වා ආර්ථික විද්‍යාව ප්‍රධාන පරීක්ෂකවරු ලෙස කටයුතු කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 50කට ආසන්න ප්‍රමාණයකින් 39 දෙනකු එම ලිපියේ අත්සන් තබා ඇත.

 



අදහස් (0)

හතරෙන් තුනක් විරුද්ධයි

හසිත් Monday, 26 May 2014 04:32 PM

දැන් පුළුවන් ඔය තැනට ටියුෂන් ගුරුතුමකු දාන්න. පන්තියේ හැමෝම ඒ සාමාර්ථ ගෙන පාස් වේවි. (නදී)

:       0       0

බාහනුක Monday, 26 May 2014 03:28 AM

ආයේ දෙකක් නැහැ. කාගේ හරි බලවතෙකුගේ ළමයෙක් ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට ඉදිරියේදී මුහුණ දෙන්න නියමිත ඇති. දැන් ඉතින් තමන්ට ඕන කෙනෙක් එතනට දමා ගත්තම වැඩේ හරිනේ. (අ)

:       0       0

බිමල් Monday, 26 May 2014 03:31 AM

සමහරවිට ලංකාවට ආර්ථික විද්‍යාව වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති. කොච්චර ඉගැන්නුවත් ප්‍රායෝගිකව භාවිතාවක් ඉහල මට්ටමේ නැතිනම් පහල මට්ටම ට මොකට උගන්නනවද නේද ? (අ)

:       0       0

ජෙහාන් Monday, 26 May 2014 06:11 AM

අනේ හොඳයි ලෙඩා මලත් බඩ සුද්දයි කිව්වලු. l (අ)

:       0       0

දර්ශන රොෂාන් Monday, 26 May 2014 08:29 AM

මේ වනවිට බැලු පිරිස 1156.අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ 4 දෙනෙක් පමණි .රටේ අනාගතයට වැදගත් මෙවැනි දේවලදී රටට ආදරය කරන පුරවැසියෝ පෙරමුණ ගන්න ඕන නේද ? (නදී)

:       0       0

සෙන්සා Monday, 26 May 2014 08:48 AM

ලංකා ආර්ථිකය විද්‍යාත්මක නොවන බව පසක් වී ඇත්තේ අද ඊයේ නෙවෙියි. එබැවින් මිල න්‍යාය හෝ සර්ව හෝ සාර්ව ආර්ථික විද්‍යාවද නැත. ඇත්තේ එකම එක බලල් අතකි. එය ප්‍රෝඩාකාරී දේශපාලූ හස්තයකි.(නදී)

:       0       0

ගුණසිරි Monday, 26 May 2014 09:09 AM

මේ පුරප්පාඩුවටත් යන්තම් අට පාස් භවතෙක් දැම්මොත් එහෙම ආර්ථික අවපාතයක් කරාම අනාගත පරපුර ගෙන යාවි. (නදී)

:       0       0

අශාන් Monday, 26 May 2014 10:01 AM

ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය ඩැනී අතපත්තු මහතා කියන්නේ ඉහළම ගනයේ මහාචාර්ය වරයෙක්. එතුමාගෙන් දවසක් පුද්ගලික පංති කාරයෙක් සල්ලි වලට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉල්ලුව.. එතුමා කියලා තිබුනා මගේ දරැවොයි බිරිදයි අරගෙන යන්න ඒ ප්‍රශ්න පත්‍රය නම් දෙන්න බැ..කියලා.. අනිවාර්යෙන්ම මෙතුමාගෙන ඇමැති කෙනෙක් හරි මොකෙක් හරි ප්‍රශ්න පත්‍රය ඉල්ලන්න ඇති. (අ)

:       0       0

ප්‍රදීප් Monday, 26 May 2014 10:25 AM

තව කලයකක් යනකොට දුම්රිය දෙපර්තම්නේතුව බඳවා ගන්නා ක්‍රමයට යාවි. සුබ අනාගතයක් (නදී)

:       0       0

සේන Monday, 26 May 2014 10:34 AM

මට තේරුම් ගන්න බැහැ මොකටද මේ මිනිස්සු අධ්‍යාපනයම කන්න බලාගෙන ඉන්නේ කියලා? (නදී)

:       0       0

පියල් Monday, 26 May 2014 09:45 PM

මහාචාර්ය ඩෑනි අතපත්තු යනු ආරථික විද්‍යා විෂය සංවර්ධනයට ශ්‍රී ලංකාව තුළ අතිවිසාල දායකත්වයක් සැපයු දෙස් විදේස පතල දැනට ආර්ථික විද්‍යාව පිළිබද ලංකාවේ සිටින ජ්‍යෙෂ්ටතම මහාචාර්ය වරයෙකි ඔහුගේ වටිනාකම දෙශපලයකන් විසින් තීරණය කිරීම අතිශය කණගාටුවට කරුණකි (අ)

:       0       0

ජගත් Monday, 26 May 2014 12:03 PM

මේ වගේ දෙවල් නිසා තමයි මම ලංකාවෙන් පිට වුනේ (අ)

:       0       0

ධනුෂ්ක හේරත් Monday, 26 May 2014 12:05 PM

සුභ අනාගතයක් , මේකට තමා මහත්වරුනි ආශ්චර්ය කියන්නේ.(අ)

:       0       0

සමන් රණවක Monday, 26 May 2014 12:31 PM

මහාචාර්ය අතපත්තු විදේශයන්ගෙන් පවා පිදුම් ලැබූ උගතෙක් .එසේම තම කාර්ය නිවැරිදිව ඉටු කරන වැදගත් මහත්මයෙක් .එවැනි අයට ඇයි මේ කෙනෙහිලි කම් ? වැදගත් උගතුන් රට හැර යාමේ පාඩුව අනාගත පරපුරටයි . (ස)

:       0       0

සෑම් Monday, 26 May 2014 12:44 PM

මම ටික දිනකට කලින් කියාපු කොමෙන්ට් එකම නැවත ලියනවා. මුළු අධ්‍යාපන කටයුතු සියල්ලටම එකම එක ඇමති කෙනක් හිටපු කන්නන්ගර යුගය අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයයි. දැන් ඩෙස් වලට එක්කෙනයි පුටු වලට තව කෙනෙකුයි කළු ලාල්ලට, ඩස්ටර් එකට හිටන් ඇමතිලා හිටියාට මේ ගෙවන්නේ ලංකාවේ අධ්‍යාපනයේ අඳුරුතම යුගයයි. (නදී)

:       0       0

සිරි Monday, 26 May 2014 12:45 PM

මහාචාර්‍ය වරුන්ගේ ඒකාධිකාරය කඩා දැමීමටත්, දේශපාපනය කරන්නා වූ ටියුශන් ගුරුවරුන්ගේ අත පෙවීම් අවම කිරීමටත් හැකිවනුයේ ස්වාධීන කොමසාරිස් වරයෙකු යටතේ පාලනයවන ප්‍රශ්න බැංකුවකට පමණී.(අ)

:       0       0

විමුක්ති Monday, 26 May 2014 12:52 PM

මේ ලංකාවේ බහුතරයගේ කැමැත්ත නේ ඔයාලට හොදනම් අපට මොකද ?ලංකාවේ නොසිටීම ගැන මම නැවත නැවතත් සතුටු වෙමි. කෝ අර විශ්වවිද්‍යල ළමයි දැකපු ගමන් කෑගහන මහත්වරු නෝනලා ටික ? (අ)

:       0       0

සංජීව Monday, 26 May 2014 12:57 PM

ඕකෙන් වෙන්නේ, තව තවත් ලංකාවෙන් බුද්දිමතුන් එලියට යන එකයි, හැබැයි අපේ පාලකයන්ටත් ඕනේ එකම තමයි, අපේ රටේ මිනිස්සු කවදා ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගනියිද මන්ද ? (අ)

:       0       0

මංජුල Monday, 26 May 2014 01:26 PM

මමත් අතපත්තු සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා. සර් පැහැදිළි ලෙසම ඍජු තීරණ ගන්න, නීති ගරුක මහාචාර්ය වරයෙක්. එනිසාම වෙන්න ඇති ඉවත් කරන්න හේතුවෙන්න ඇත්තේ. ළගදීම විශ්ව විද්‍යාලවලිනුත් ආචාර්ය මහාචාර්යවරු ඉවත් කරලා රූකඩ ටිකක් එවාවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

කැනඩා දිසා Tuesday, 27 May 2014 04:46 AM

මම මුලින්ම අදහස් දැක්වූ නිමල්ට එකග වෙමි. ඉදිරියට රට ගොඩ ගන්න එන දරුවන්ගේ අනාගතේ ඉවරයි නේද මෙහෙම ගියොත්.(නදී).

:       0       0

නිමල් Sunday, 25 May 2014 10:16 PM

සියල්ල ම දේශපලඥයො කරනව නම් අනික් මිනිස්සු මොන කෙහෙල් මලක් කරන්න ද ? මහාචාර්යතුමනි ඹය ප්‍රශ්න පත්‍ර හදන එකත් පාර්ළිමේන්තුවටම දීල අයින් වෙන්නකෝ. අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු. ඒ කියන්නේ අහේතු කාලයේ දී කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිමට වැටෙනවලු. (දී)

:       0       0

චම්පික Tuesday, 27 May 2014 07:54 AM

මමත් කියන්නේ කවුරු හරි බලවතෙකුගේ ළමයෙක් ඉදිරියේදී උසස් පෙළ ආර්ථික විද්‍යාව ට මුහුණ දෙනවා ඇති. මගේ මව විශ්ව විද්‍යාලයට ගියේ 196l වර්ෂයේ ඉන් පසු වර්ෂයේ ඒ කාලයේ එක්තරා ඉහලම දේශපාලන බලවතෙකුගේ පුත්‍රයෙකු නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු පහල දැම්මලු . (නදී)

:       0       0

විමුක්ති Sunday, 25 May 2014 10:47 PM

ඔහොම යන් ඔහොම යන්.මේ වැනසෙන්නේ රටේ අනාගතයයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 11007 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5428 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7704 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5117 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1290 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36537 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24211 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site